Author Archives: චමෝදි ගුණවර්ධන

Freedom Youth Fiesta මනාලියන්

2014 ලෝක තරුණ සමුළුව කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අතරතුර මෙරට තරුණ පිරිස් වෙනුවෙන් සංවිධානය වූ තවත් ප්‍රදර්ශනයක් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. Freedom Youth Fiesta නම් වූ එහි ප්‍රථම දිනයේ නරඹන්නන් වෙනුවෙන් ඉදිරිපත්වුණු සුන්දර මනාලියන්  කිහිපදෙනෙක් මෙලෙස කැමරාවෙ සටහන් වුනා.










ඡායාරූප – ඒශාන් ප්‍රනාන්දු

ICT ශ්‍රම බලකායේ සියයට 50ක වර්ධනයක්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබදව සිදුකරන ලද නවතම සමීක්ෂණයකට අනුව, එම ක්ෂේත්‍රයේ නිරත පිරිස 50%කින් පමණ වර්ධනය වී ඇති බව පැවසෙයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිතායතනය (ICTA) විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයට අනුව එම ක්ෂේත්‍රයේ නිරත පිරිස 75,107ක් බවත්, 2010 වසරේදී එම ගණන 50,159ක් බවත් කියවෙයි.

මෙම සමීක්ෂණ වාර්තාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා විසින් විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත පිළිගැන්වීම නියෝජිතායතනයේදී පසුගියදා සිදුවිය.

 

තරුණ සමුළුවට රටවල් 103 ක් එයි

එළැඹෙන  මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරුණ සමුළුවට රටවල් 103 කින් පැමිණීම සනාථ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම පිරිස් අතර අමාත්‍යවරුන් 40 කට ආසන්න පිරිසක්, උසස් රාජ්‍ය නිලධාරීන්, රටවල් 103 ක ජාතික තරුණ සංගම් නියෝජිතයන් සහ වෙනත් සිවිල් සමාජ නියෝජනය කරන තරුණ නියෝජිතයන් 350 ක් පමණ පිරිසක් සිටින බවද සඳහන් වේ.

තවද එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති ජෝන් විලියම් ඈෂ්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු සඳහා වන විශේෂ නියෝජිත අහමඩ් අල් හෙන්දාවි යන අයද ඊට එක් වනු ඇත.

 

Smidex lk දියත් වේ

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් එළඹෙන මැයි මස ප්‍රථම වරට පැවැත්වීමට නියමිත Smidex 2014 සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල පිළිබඳ සියලු තොරතුරු අඩංගුවන Smidex.lk වෙබ් අඩවිය පසුගියදා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සුරතින් දියත් විය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති නවාස් රාජබිඩීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන, සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වී. ශිවඥානසෝති සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රියන්ත රත්නමලල යන මහත්වරු එක්වී සිටියහ.

ඡායාරූප – ශමීර රාජපක්ෂ

පෑලියගොඩ මාළු මිල පහළට

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල 35% කින් පමණ අඩුවී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සමගාමීවය.

ඒ අනුව ඒ ඒ මාළු මර්ග වල ‍කිලෝග්‍රෑම් 1ක මිල මෙලෙස වෙනස්වීම් වලට භාජනය වී ඇත.

මාළු වර්ගය   2013 අවුරුදු සමය 2014 අවුරුදු සමය
තෝරා                           රු. 1200.00  රු.600.00
පරව්                                  රු. 660.00 රු.450.00
බලයා                                  රු.550.00 රු.360.00
කෙලවල්ලා                           රු.660.00 රු.360.00
තලපත්                                රු.690.00 රු.540.00
මෝරා                               රු. 790.00  රු.480.00
ගල්මාළු                              රු. 490.00 රු.350.00
පිලාවා                                රු. 580.00 රු.360.00
අලගොඩුවා                           රු.340.00 රු.180.00
හුරුල්ලා                              රු.390.00 රු.220.00
සාලයා                                රු. 220.00 රු.90.00

                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

සියයට 7 ක ආර්ථික වර්ධනය මදි- ජනපති

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 වර්ෂය වෙනුවෙන් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය 7.3% ක් වුවත්, එය තවදුරටත් වැඩිදියුණු විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අද (08දා) මහ බැංකු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් 2013 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිගැනීම සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා සිටියේය.

එහිදී කතාකළ රාජපක්ෂ මහතා,

“2009 දී අපට කතා කිරීමට සිදු වූයේ ඍණ ආර්ථිකයක් ගැන. නමුත් 2013 දී එය 7.3% දක්වා ආර්ථික වර්ධනයක් ලබා තිබෙනවා. එය බෙහෙවින් යහපත් තත්ත්වයක් වුවත්, රජයක් ලෙස එය මදි යැයි අපි සිතනවා. එම ආර්ථික වර්ධන වේගය තවදුරටත් වැඩිදියුණු කළ යුතු වෙනවා. එයට සැමගේ සහයෝගය අවශ්‍යයි” යනුවෙන් පවසා සිටියේය.

අද (08දා) එළිදැක්වුණු 2013 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මහ බැංකුව ඉදිරිපත් කළ 64 වැනි වාර්ෂික වාර්තාව ලෙස සැලකෙන අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අඛණ්ඩව 8 වැනි වරටත් එය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

එම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු එක්වී සිටියහ.

 

ඡායාරූප උපුල් අබේසේකර

කිතුලේ වරුණ කියූ කිතුලක වරුණ

කිතුල් ගසින් ලබා ගන්නාවූ විවිධ ප්‍රයෝජන සහ එමගින් වෙළෙඳ පොළට තිළිණ කළ හැකි නිර්මාණ රැගත් 'කිතුලක වරුණ 2014' ප්‍රදර්ශනය සහ වෙළෙඳ සල්පිල අද (04දා) කොළඹ සුදර්ශි සංස්කෘතික ආයතන පරිශ්‍රයේදී ආරම්භ විය. එය හෙට (05දා) සහ අනිද්දා (06දා) යන දිනයන්හිදී ද නරඹන්නන් වෙනුවෙන් විවෘත වන අතර, එහිදී රසවත් කිතුල් මිශ්‍රිත ආහාරපාන රස විඳීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දී තිබේ.

ඡායාරූප චමෝදි ගුණවර්ධන

 

ජයිකා වෙතින් නව කැලණි පාලමක්

පෑලියගොඩ මංසන්ධියෙන් කැලණි ගඟ හරහා නව මංතීරු 6 කින් සමන්විත පාලමක් ඉදිකිරීම සඳහා විශේෂ ණයක් ලබාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතන (ජයිකා) ඉදිරිපත්ව සිටින අතර, ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුවිය.

එම ගිවිසුම සඳහා ජයිකා ශ්‍රී ලංකාහි ජ්‍යෙෂ්ඨ නියෝජිත කියෝෂි අමඩා අත්සන් යෙදූ අතර, මෙරට රජය නියෝජනය කරමින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඒ සඳහා අත්සන් තැබීය.

ජයිකා විසින් ශ්‍රී ලංකාව ලබාදෙන 44 වැනි ණය පැකේජය මෙය වන අතර, ඒ සඳහා බිලියන 45 ක මුදලක් වැයවන බව ඇස්තමේන්තු ගත කර ඇත.

ඡායාරූප- ශමීර රාජපක්ෂ

රාජ්‍ය සේවකයන්ට වට්ටම් පතක්

රාජ්‍ය සේවයේ යෙදී සිටින සියලු සේවකයන් ඉලක්ක කරගනිමින් 'රන්සළු ප්‍රණාම' නමින් විශේෂිත වට්ටම් කාඩ්පතක් හඳුන්වාදීමට චැනල් 17 ආයතනය පියවර ගෙන තිබේ.

එහි පළමු පියවර පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ආරම්භ වූ අතර, එහි සේවක සේවිකාවන් වෙත වට්ටම් කාඩ්පත් ලබාදීම සිදුවිය.

එමගින් DSI, ලාෆ් ගෑස්, ලංකා හොස්පිටල්ස්, තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්, සිංගර්, කාගිල්ස් ෆුඩ් සිටි, නෝ ලිමිට් සහ හමීඩියා යන ආයතනවලින් 05% සිට ඉහළට වට්ටම් ලබාගැනීමට හැකි බව පැවසෙයි.

ඇමෙරිකානු ජිනීවා යෝජනාව ලංකාවට එරෙහි නෑ – තානාපති මිචෙල්

ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ 25 වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකාවට විරුද්ධව සිදුකළ එකක් බවට පළවන මතය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, එය මෙරට පවතින්නා වූ ප්‍රජාතන්ත්‍රවාදය හා සශ්‍රීකත්වය ගොඩනංවන යෝජනාවක් පමණක් බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති මිචෙල් ජේ. සීසන් මහත්මිය කියා සිටියාය.

ඇය මේ බව සඳහන් කළේ අද (28දා) ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී කතා කළ ඇය,

“ජිනීවා මානව හිමිකම් කොමිසම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි වූවක් නොවේ. එය මෙතෙක් ලංකාව පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය හා සශ්‍රීකත්වය වැඩිදියුණු කිරීමට උපයෝගී වන්නක්.

අපි මෙහිදී මානව හිමිකම් මහ කොමසාරිස් වෙත ශ්‍රී ලංකාවේ යුද සමයේදී සිදු වූ හිංසා සහ දූෂණ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා රජය සේම ඊට සම්බන්ධ සෙසු පාර්ශ්ව ගැනත් අවධානය යොමුකරනවා. මොකද යුක්තිය හා වගවීම වෙනුවෙන් තවත් බලා සිටිය නොහැකියි” යනුවෙන් පවසා සිටියාය.