Author Archives: චමිල් රූපසිංහ

නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාඡා දළ ඇතු මෙවර පෙරහැර සඳහා සහභාගි නොවන බව නැදුන්ගමුවේ රාඡා ඇතුගේ හිමිකරු වන  හර්ෂ ධර්මවිඡය මහතා පැවැසීය.

නැදුන්ගමුවේ රාඡා දළඳා පෙරහරේ කරඬුව දස වතාවක් වැඩමවා ඇති අතර මෙවර දළඳා පෙරහරට සහභාගි නොවන්නේ තරමක අසනීප තත්වයෙන් සිටින නිසා බවද හර්ෂ ධර්ම විජය මහතා පැවැසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංගදෑල මහතා පැවැසුයේ නැදුන්ගමුවේ රාජා මෙන්ම කතරගම වාසනා ඇතුද පෙරහරට සහභාගි නොවන බවයි. වාසනා ඇතු කතරගම දේවාලයේ පෙරහැරට සහභාගි වන බැවින් මෙවර දළඳා මාළිගා පෙරහැර සඳහා  ඒ නොවෙයි.

නමුත් කරඬුව වැඩවීම සඳහා ඉන්දි රාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන්රාජා සමග මිල්ලන්ගොඩ පොඩි ඇතු මාළිගාවට සිටින බවත් ඔහු පැවැසීය. මේ අතර ලබන මස 5 දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් වයස 21 ක පමණ ඇත් පැටවෙකු මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පූජා කරන බවද ඔහු පැවැසීය.

වාසනා වමේ, නැඳුන්ගමුවේ රාජා දකුණේ


0 1 3 4

 

 

 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සුදුසු නෑ – නාපාන පේමසිරි මහානාහිමි

දුප්පත් මෙරට ළමයින්ට වැට බැඳ මුදල් ඇති අයට මාස 06න් වෛද්‍යවරයෙකු විය හැකි බවත්, මෙරට දුප්පත් අහිංසක ළමයින්ට එයින් අසාධාරණයක් වෙන බැවින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරටට නුසුදුසු බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමියෝ අද (24දා) පැවසූහ.

මහානායක හිමියන් මේ බව පැවසුවේ, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, උපසභාපති, ලේකම් ඇතුළු වෛද්‍යවරුන් පිරිස මහානායක හිමියන් බැහැ දැක රජය විසින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හඬනගන ශිෂ්‍යයන් ඇතුළු පිරිස් වෙත එල්ල කරන බලවේගයන් පිළිබඳව මහානායක හිමියන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ මහානායක හිමියෝ,

“මේක ජනාධිපතිතුමා, රජය ඇයි තදින් අල්ලගෙන ඉන්නෙ. දැන් වෛද්‍යවරුන් බිහිවෙන්නෙ නැත්තම් ඒක මහා භයානකයි. හාල් පොල් කොහෙන් හරි ගන්න පුළුවන්. ඒත් වෛද්‍යවරුන් ඒ විදිහට ගන්න බැහැ.

පුළුවන් අය හෝටල් අරිනව වගේ වෛද්‍ය විද්‍යාල ඇරල හරියන්නෙ නැහැ. නිකමටවත් ඒ වගේ වෛද්‍යවරුන් හදාගන්න ක්‍රමයක් නැහැ. ඒවාට හැකියාවක් බුද්ධියක් කාර්යශූරකමක් තියෙන්න ඕන. සල්ලිවලටම ඒවා කර ගන්න ක්‍රමයක් නැහැ. මේ තුළින් සිදුවන්නේ අන්තිමට රටේ සංස්කෘතියත්, සභ්‍යත්වයත් ඉවර වෙන එකයි* යනුවෙන් පැවසූහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමියන්ගේ ‍පෞද්ගලික ලේකම් හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන්, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ඒ.ආර්.කේ. අත්තනායක, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති මහනුවර දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය හංසක විජේමුනි යන නිලධාරීහු සහභාගි වූහ.

1 2  

පේරාදෙණි සරසවිය දැනුමෙන් පුබුදු කළ මහ තෙරණුවෝ සමුගත්හ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අස්ගිරි මහා විහාරයීය පිරිවනේ ශිෂ්‍ය භාරකාර මණ්ඩලයේ ගරු ලේකඛාධිකාරී අපවත්වී වදාළ අති පූජ්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය හඟුරන්කෙත ධීරානන්නද හිමියන්ගේ ආදාහන උත්සවය පසුගිය (19දා) පිළිමතලාව මහා විද්‍යාල විදුහල් භුමියේදී සිදු කෙරුණි.

අතිපූජ්‍ය හඟුරන්කෙත ධීරානන්නද හිමියන් පසුගියදා බුදුදහම පිළිබඳව චීනයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වී සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුකොට ගෙන අපවත් වූහ. උන්වහන්සේගේ දේහය පසුගිය (14දා) මෙරටට වඩම්මා පොතුහැර විහාරස්ථනයේ මහජනතාවට ගරු බුහුමන් පුද කිරීමට තැන්පත් කිරීමෙන් අනතුරුව  (17දා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩම කොට එහි අවසන් ගෞරව දැක්වීමෙන් පසු උන්වහන්සේ වැඩ සිටි පිළිමතලාව මල්ගම්මන මැද්දෙගොඩ බෝළු  විහාරස්ථානයේ තැන්පත් කර තිබුණි.

1961 වර්ෂයේ අප්‍රේල් මස 29දා හඟුරන්කෙත පොරමඬුල්ල ප්‍රදේශයෙහි උපන් ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ වසර පනස් හයක කාලයක් තුළ සිදුකරන ලද අතිවිශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවය අතිවිශාලය. 1978 වර්ෂයේදී ධර්මාචාර්ය විභාගයටත්, 1980 වසරෙහිදී ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම විභාගයටත් පෙනී සිට එම වර්ෂයෙහිදීම අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට සහ 1982 වර්ෂයෙහිදී උසස් පෙළ විභාගයට පෙනී සිට එම සියලුම කඩයිම් විභාගවලින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ සමත් වූ සේක.

ඉන් පසුව 1982 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ 1983 වර්ෂයෙහි සිට ඉතිහාසය විශේෂවේදී උපාධිය හදාරා, 1986 වර්ෂයෙහිදී මෙම විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය දිනාගැනීමට සමත් වූ සේක.

එම විශිෂ්ට ප්‍රතිඵල මත එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය සඳහා වෙන් වී තිබූ කෝර්බර්ට්, අශෝක සහ මේබල් ජයසූරිය යන සියලුම ත්‍යාග දිනාගැනීමට සමත් වූ උන්වහන්සේ එතැන් සිට වසර තුනක පමණ කාලයක් අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි දුෂ්කර පාසලක් වූ නොච්චියාගම විදුහලේ ගුරුවරයෙකු ලෙසට සේවයෙහි නියැළී සිටියහ.

ඉන් පසුව 1990 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යවරයෙකු ලෙසට සේවයට බැඳුණු උන්වහන්සේ 1997 වර්ෂයෙහිදී එම විශ්වවිද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියත්, 2001 වර්ෂයේදී නවදිල්ලියේ පිහිටි ජවහර්ලාල් නේරු නම් කීර්තිමත් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධියත් දිනාගැනීමට සමත් වූ සේක.

මෙම කාලය තුළදී ඉන්දියානු රජයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් සහ ප්‍රංශ රජයෙන් ශිෂ්‍යත්වයක් දිනාගැනීමට සමත් වූ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ සහ නේපාලයෙහි සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් සහ ගවේෂණ සඳහාද සහභාගි වූ පඬිරුවනක් වූහ.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මහාචාර්ය යන තනතුරුවලට ඉතා කෙටි කලෙකින්ම පත් වූ උන්වහන්සේ අපවත් වන අවස්ථාව වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ඉතිහාස අධ්‍යයන අංශයෙහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයට උසස් කොට සිටියහ.

පිළිමතලාව මල්ගම්මන සහ කුරුණෑගල පොතුහැර පිහිටි උභය විහාරයන්හි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසට වැඩි විසූ උන්වහන්සේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත හිමිනමක් වූහ.

පාලි, සංස්කෘත සහ ප්‍රාකෘත වැනි ප්‍රාචීන භාෂා ගැන පමණක් නොව ඉංග්‍රීසී සහ ප්‍රංශ වැනි අපරදිග භාෂා පිළිබඳවද මනා පරිචයක් ලබා සිටි උන්වහන්සේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ලෙසට එහි සිටි ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව සාමාන්‍ය ජන සමාජයටද ඉතා විශාල සේවයක් ඉටු කරන ලද අතිවිශිෂ්ට හිමි නමක් වූහ.

ඉගෙනීම සහ ඉගැන්වීම සිය ජීවිතයම කොටගත් උන්වහන්සේ තම රාජකාරිය වෙනුවෙන් කැපවී සිටියහ. බහු විෂයයීක බහුශ්‍රැත පඬිවරයෙකු වූ උන්වහන්සේ නිතර සිය දැනුම අලුත්කර ගැනීමට උත්සාහ කළඅතර ඒ සඳහා සිය විෂය පථයට අදාළව පළ වී ඇති අලුත් පොත්පත් සියල්ල ඉතා උනන්දුවෙන් පරිශීලනය කිරීමට පෙලඹුණහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළදී උන්වහන්සේ ඉතිහාස විෂයට අදාළ පාඨමාලා පමණක් ස්වකීය ශිෂ්‍යයනට උගන්වන ලද නමුත් බුදුදහම,බෞද්ධ දර්ශනය,මනෝවිද්‍යාව සහ ජ්‍යොතිෂය වැනි තවත් බොහෝ විෂයයන් ගණනාවකම ප්‍රාමාණික උගතෙකු වූ උන්වහන්සේ පුරාඅක්ෂර විද්‍යාව ගැන දැන සිටි උගතුන් අතර ප්‍රමුඛයෙකු වූහ.

එබැවින් උන්වහන්සේගෙන් ඉගෙනීමට භාග්‍යයක් තිබුණු ගුරු ශිෂ්‍ය දෙපිරිසටම ඉතිහාස විෂයට අමතරව තවත් බොහෝ බාහිර විෂයන් පිළිබඳ විශාල පරිචයක් ලබාගැනීමට හැකියාව ලැබුණි. 

වසර විසිපහකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යලයෙහි ඉතිහාස අධ්‍යයන අංශයෙහි ආචාර්යවරයෙකු ලෙසට සේවය කරන ලද උන්වහන්සේ එම කාලය තුළදී තම ඉගැන්වීමේ කටයුතුවලට අමතරව ඉතිහාස අධ්‍යයන අංශයෙහි අංශාධිපතිවරයා ලෙස වසර තුනක කාලයක් සහ එම අධ්‍යයනාංශයට අනුබද්ධ ඉතිහාස සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ලෙසට ඉතා දීර්ඝතම කාලයක් සේවය කිරීමටද සමත් වූහ.

ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සියල්ලෙහි ප්‍රමුඛයා වූ උන්වහන්සේගෙන් ගුරු සිසු දෙපිරිසම ලබාගත් දැනුමේ ප්‍රමාණය කිසිවිටෙකත් මැනිය හැකි මට්ටමක නොපවතී. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කීර්තිමත් පඬිරුවනක වූ හඟුරන්කෙත ධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද ශාස්ත්‍රීය ලිපිලේඛන සංඛ්‍යාව සියයකට ආසන්නය. උන්වහන්සේ විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ ගණනාවක්ම දක්නට ඇති අතර මධ්‍යම පළාත් සභාව විසින් පළකිරීම සඳහා කටයුතු කරන ලද තවමත් වැඩ නොනිමි 'මැදරට වංශකථාව' නම් කාණ්ඩ තුනකින් සමන්විත මහා ග්‍රන්ථයට මේ අතුරින් ඉතා වැදගත් තැනක් හිමි වෙයි.

උන්වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතුරින් 'බුද්ධ චින්තාව සහ චරණය', 'රාජ්‍යත්වය රාජ්‍ය සහ ආගම', 'පුරාතන ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම' සහ 'බුදුදහමයි ජන දිවියයි' යන කෘතීන් සතර ඉතා ඉහළ ශාස්ත්‍රීය වටිනාකමකින් යුක්ත ග්‍රන්ථ ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

ඉතිහාස විෂය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ නමුත් එම විෂයට පමණක් සීමා නොවී උන්වහන්සේ විවිධ විෂයයන් අළලා ග්‍රන්ථකරණයෙහි යෙදුණු බහුශ්‍රැත පඬිරුවනක වූ බව මෙම ග්‍රන්ථ නාමවලින් පමණක් වුවත් කෙනෙකුට ඉතා පහසුවෙන් වටහාගත හැකිය.

දෙස්-විදෙස් සම්මන්ත්‍රණ රැසකදී ඉතා වටිනා ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කොට ඇති හඟුරන්කෙත ධීරානන්ද තෙරුන් වහන්සේ විවිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. තම ධර්මදේශනා මගින් වර්තමාන සමාජය සුමගට හැරවීමට උන්වහන්සේ දරන ලද උත්සාහය අතිශය ප්‍රශංසාර්හය.

දැනට ලංකාවේ තිබෙන රූපවාහිනි හා ගුවන්විදුලි නාළිකා ගණනාවකද නිත්‍ය ධර්මදේශකයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ විශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් ඉටු කළහ. මීට අමතරව විවිධ පුවත්වලට සපයන ලද ලිපි මගින්ද සමාජය යහමගට ගැනීමට උන්වහන්සේ විශේෂ උත්සාහයක් දැරූ යතිවරයෙකු බව පෙනේ. අවසානයෙහි මෙම සියල්ලෙන්ම මෙරට තරුණ පරපුර යහමගට ගැනීම උන්වහන්සේගේ එකම අරමුණ වූ බව පැහැදිලිය.

උන්වහන්සේ මාක්ස්වාදී දර්ශනය හොඳින් අවබෝධ කොට ගෙන සිටි යතිවරයෙකු වූ බැවින් ඉතා ප්‍රගතිශීලී භික්ෂූන් වහන්සේ නමක් ලෙසට පතල කීර්තියක් ලබාගැනීමටද සමත් වූ සේක. එහෙයින්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය වෙනුවෙන් සහ අධ්‍යාපනය සඳහා රාජ්‍ය මැදිහත්වීම වෙනුවෙන් පසුගිය කාලයෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අනුගමනය කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයෙහිත් උන්වහන්සේ පතාක යෝධයෙකුව සිටි සේක.

4 6 7 8 9 10 12

ආණ්ඩුවට ඉහළින් උත්තරීතර සභාවක් ඕනෑ

මහනායක හිමිවරුන් මැදිහත් වි ආණ්ඩුවට ඉහළින් සිටිය හැකි උත්තරීතර සභාවක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොකළහොත් රටට විශාල විනාශයක් සිදුවන බවත්  මේ වන විට රට ගමන් කරන මාර්ගය යහපත් නොවන බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (17දා) මහනුවරදී පැවැසිය.

මර්වින් සිල්වා මහතා මෙසේ පැවැසුයේ මහනුවරට පැමිණ අස්ගිරි හා මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

“දේශපාලකයන්ට ලැජ්ජා බයක් නෑ. රට මේ අතට යන එක සුබ දායක නෑ. ඉතාම ඉක්මනින් මහානායක හිමිවරුන් මැදිහත් වි  උත්තරීතර සභාවක් සෑදිය යුතුයි කියා මහානායක  හිමිවරුන්ගෙන් මා ඉල්ලා හිටියා. මහනායක හාමුදුරවන් ආණ්ඩුවට ඉහළින් ඉදල මේ රට හරි මගට ගන්න ඕන.

නිර්භිතව ජනමාධ්‍ය හා මහනායක හිමිවරු එක්ව කටයුතු කළහොත් මේ රට බේරා ගන්න පුලුවන්.  සංහිදියාව , බෞද්ධකම තියෙන්නෙ සිංහලය ගාව සිංහලය රැකුනොත් තමා අනිත් ආගම් ජාතීන් රැකෙන්නෙ.”

හුස්මටත් බද්දක් ආ හැකි බව ගැටඹේ හිමි පවසති

හැකියාවක් සැලැස්මක් හා රටක් කරන්නට තරම් අවබෝධයක් නොමැති කමින් වත්මන් රජයේ  නායකයන් පිස්සු නටන බවත් මේ නිසා මැති ඇමැතිවරුන් දැන් අන්ද මන්ද වී ඇති බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

 පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා  සිරිවිමල හිමියන් බැහැදැකීමට  අද (17දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ එසේ පවසා සිටියහ.

වැඩි කාලයක් නොගොස් හුස්ම ගැනීමට පවා බද්දක් පැනවීමටද ඉඩ ඇති බවත් රටට හරි නායකත්වයක් නොමැති බවද සිරිවිමල හිමියෝ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

නාහිමියන් හමුවීමෙන් අනතුරුවව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ව සිටින කාලයේ දේශීය ආදයම් පනතෙන් පංසල්, පල්ලි, කෝවිල් වැනි පුණ්‍ය ආයතන වලටත් කෘෂිකර්මාන්තයේ ගොවීන්ටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට, අපනයනකරුවන්ට සහනාධාර ලබන අයට හා අර්ථ සාධක ලබන අයට ලබාදී තිබූ බදු සහන සියල්ල මේ රජය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන නව දේශීය ආදායම් පනතින් නැති කරන්න යනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනා පනතෙන් මේ රටේ ආගම, කලාව, සංසකෘතිය, ආර්ථිකයේ විවිධ ස්ථානවලට ලබාදී තිබූ විශේෂ සහන ඒ සියල්ල ඉවත් කර තමා මේ පනත ගේන්න හදන්නෙ.

අපි සියලු මහනායක හාමුදුරුවන්ට මේ බව දැන්වීමෙන් අනතුරුව කතිකාවතක් ඇති කරගන්න ‍ඕන අලුතින් දේවල් නෙමේ  පසුගිය පනතෙන් ආගම, කලාව, සංස්කෘතිය, ආර්ථිකයට ලබාදී තිබූ සහන සියල්ල තියල මේ පනත සම්මත කර ගත යුතු බවට යැයි මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ්ලිවු. රණසිංහ, එස්.බී. රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

1 3

හදවත දන්දුන් තරුණයාගේ දෙමාපියෝ ජනපති හමුවෙති

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදුකිරීමට හදවත ලබාදුන් තරුණයාගේ දෙමවුපියෝ අද (16දා) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

ඔවුන් වෙනුවන් දැනට පදිංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට තීරණය කර ඇති  බව මෙහිදී ජනපතිවරයා එම දෙපළට පවසා තිබේ.

දළදා මාලිගා පරිශ්‍රය හරිත කලාපයක් වෙයි

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14දා) මාලිගා පරිශ්‍රයේදි සිදු කෙරිණි00.

අද දින සිට මාලිගාවට ගෙන එන පලාස්ටික් මල් වට්ටි වෙනුවට මාලිගා පරිශ්‍රයට ඇතුළු  වීමේදි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල්වට්ටියක් ලබා දිම සිදු කෙරේ. දළදා මාලිගාව තුළ ඇති කසළ දමන බදුන් සියල්ලම දේශිය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබිම විශේෂයකි.

දිනකට අපද්‍රව්‍ය ටොන් 3 ක් පමණ දළදා මාලිගා වේ අපද්‍රව්‍ය එක්වෙන බවත් දළාදා මාලිගා පරිශ්‍රය තුළට අද සිට පොලිතීන් ප්ලාස්ටික ගෙන ඒම තහනම් බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසිය.

මෙම වැඩසටහනේ නිර්මාත්‍රෘ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වන අතර හරිත භුමි වැඩසටහන දිවයිනේ සියලුම සමස්ත ආගමික සිද්ධස්ථාන සියල්ල ආවරණය වන ආකාරයෙන් සිදු කිරිමට බලාපොරොත්තු වන බව පැවැසීය.

12 3

හදවත් බද්ධයට හදවත දුන් තරුණයාගේ දෙමාපියන්ට ජනපතිගෙන් නිවසක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සාර්ථක හදවත් බද්ධ කිරීමේ සැත්කමට තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

මෙම තීරණය අද (12දා) මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා එම දෙමාපියන්ට දැනුම්දී තිබේ.

රිය අනතුරිකින් මියගිය උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ පදිංචි 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත්ට වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරියක් සිටින අතර පවුලේ සිටි එකම පිරිමි දරුවා ඔහු විය.

මියගිය සම්පත්ගේ පියා වන අයි.ජී. නන්දසේන මහතා පවසා සිටියේ,  "දරුවාගේ ජීවිතය නැති වුණායින් පසු පුතාගේ අවයව වලින් කාට හරි ජීවත් වෙන්න පුළුවන් කියන දේ පමණයි අපි හිතුවෙ. වෙනත් කිසිම දෙයක් අපිට අවශ්‍ය නෑ. මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂතුමා අපිට ‍රෝහලට එන්න කියලා රජයෙන් යමක් කරන්න සූදානම් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුව. අපි ඉන්නේ පුංචි ගේකග පුළුවන් නම් ගේ හදලා දෙන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා අපිට ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණා කියලා අධ්‍යක්ෂ තුමා පැවසුවා”

දළදා වහන්සේගේ දෛනික තේවාව මල්වතු පාර්ශ්වයට

අස්ගිරි පාර්ශ්වය මගින් පසුගිය වසර තුළ  ශ්‍රී දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කෙරෙන්නාවූ තේවා කටයුතු සිදුකිරීමේ වගකීම ඉදිරි වර්ෂය සඳහා මල්වතු පාර්ශ්වයට පැවරීම පෞරාණික චාරිත්‍රානුකූලව ඊයේ (09දා) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරණි.

මෙම තේවා මාරුව පෞරාණික චාරිත්‍රානුකූලව සිදුකරනු ලබන අතර වර්ෂයක් පාසා මල්වතු අස්ගිරි උභය මහ විහාර අතර මාරුවීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කරනු ලබයි. මේ අනුව  ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා නායක හිමිනමක් සමග හිමිවරු සිව් නමක් මල්වතු මහනාහිමියන් විසින් පත්කරනු ලබන අතර උන්වහන්සේලා දළදා මාලිගාවේ වැඩවාසය කරමින් වසරක කාලයක් පුරා තේවා කටයුතු සිදුකරති.

 

විසඳුම් ඉල්ලා පේරාදෙණිය වෛද්‍යපීඨ ආචාර්යවරුන් ගැටඹේ විහාරයට

වෛද්‍ය පීඨවල සිසුන්ට වන අසාධාරණය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සන්දේශයක් බාරදීම සඳහා පේරාදෙණිය වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් අද (06දා) සවස ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් හමුවූහ.

එහිදී විශ්වවිද්‍යාල සිසුන්ට වන අසාධාරණය සම්බන්ධව නාහිමියන්ට එම පිරිස කරුණු දැක්වූහ. එහිදී කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසා සිටියේ, මේ සම්බන්ධව තෛනිකායික මහනාහිමිවරුන් සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පේරාදෙණිය වෛද්‍යපීඨ ආචාර්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රත්නායක එම්. මුදියන්සේ මහතා,

''මේ වනවිට වෛද්‍ය පීඨ දේශන සඳහා ළමුන් 7000කට අධික පිරිසක් සහභාගි වෙන්නේ නැහැ. මේ සම්බන්ධව විසඳුමක් හෝ විසඳුමකට යන බවක් පෙනෙන්නටවත් නැහැ.

දවසින් දවස පෙනෙන්නෙ තම අයිතීන් හා නිදහස් අධ්‍යාපනයට වන විනාශය පිළිබඳව සටන් වැදිලා වීථි බැහැල ඉන්න දරුවන් වැඩි වැඩියෙන්ම අවුස්සන සුලු ඒ සිසුන්ගේ මතය ගණන් නොගෙන ඒ මතය සමච්චලයට ලක්කරන ආකාරයක්.

රජය විසින් මේ අපේ දරුවන් කියා සිතා නොබලා සංවාද සාකච්ඡාවකට ඒ සිසුන් කැඳවා නොගෙන ඒ දරුවන්ගේ හඬට ඇහුන්කන් දීමෙන් තොරව මේ ගැටලුව විසඳීමට කිසිදා නොහැකියි.'' යැයි පැවසීය. 

 IMG_5689  IMG_5692 IMG_5693