Author Archives: පාලිත ආරියවංශ

අපි බෞද්ධ විදයට හිතනවා – නමුත් ප්‍රශ්නය ඉතාම උග්‍රයි

වන සතුන් ආහාර විනාශ නොකරනවා නම් පිට රටින් එළවළු හා පලතුරු ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් බෞද්ධ දර්ශනය අනුව සිතුවත් වන සතුන්ගෙන් ආහාර සඳහා විශාල හානියක් සිදුවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ග්‍රාම ශක්ති වැඩසටහනට බදුල්ලේදී එක්වෙමින් අද (21දා) ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.

“ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් හරියටම තුනෙන් එකක් රිලව්,වඳුරෝ, අලි, ඌරන් සහා මොනරුන්  විසින් විනාශ කරනවා .

මොනරට අත තියන්නේ නැහැ දෙවියන්ගේ වාහනය නිසා . අලි අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතු සම්පතක්. සතුන්ගෙන් ආහර ආරක්ෂා කරගන්න එක් ලොකු ප්‍රශ්නයක් .

කෘෂි විශේෂඥයෙක් ළඟදි මාත් එක්ක කිව්වා ලෝකයේ සතුන්ට අහාර දීලා මිනිසුන් බඩගින්නේ ඉන්න එකම රට අපේ රට කියලා .ඒක ඇත්ත .

මේ සතුන් කරන විනාශය නැතිනම් අපිට පිටරටින් එළවළු හා පලතුර ගෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ .

වනජීවී දෙපාර්තමේන්තුව හැමදාම කියනාදේ අපි හැමදාම අහල  තියෙනවා . අවරුදු 40න් 50න් දෙන විසඳුමක් ගැන තමයි එගොල්ල හැමදාම කතා කරන්නේ .

2012 හෝ  2013  වසරේදී මට මතකයි අපේ රජය හැම දිස්ත්‍රික්කයටම  දිසාපති හරහා රුපියල් ලක්ෂ 100 බැගින් මේ රිලවුන් ට හා වඳුරන්ට කරන දෙයක් කරන්න . අවුරුද්ද අවසානයේ ලක්ෂ 100ම ආපසු එවා  තිබුනා මොනවත් කරල තිබුනේ නැහැ .

අපි බෞද්ධ විදියට හිතනවා නමුත් ප්‍රශ්නය ඉතාම උග්‍රයි. ආහාරවලට සතුන් කරන හානිය පිළිබදව විසඳුම් දෙන්න ආණ්ඩුවට විදියට දැනටමත් ප්‍රමාද වැඩි නිසා ඒ කාරණය ගැන කතා කළ යුතුයි.”

mmmmmmmmmmmmmmm

 

පාසල් දැරියක අපයෝජනය කළැයි තරුණයෙක් අත්අඩංගුවට

බාලවයස්කාර (අවු.15) පාසල් දැරියක බරපතළ ලෙස අප‍යෝජනය කළ බව පැවසෙන 18 හැවිරිදි තරුණයෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ට පොලිසිය පවසයි.

අදාළ සිසුවිය ගිරාඳුරුකෝට්ට, ගිරාලගොල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර, ඇය පාසල් නොපැමිණි බවට ඇයගේ මිතුරියක විසින් දෙමවුපියන්ට දැන්වීමෙන් පසු අදාළ සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී සිද්ධිය අනාවරණය වී තිබේ.‍

සැකකරු තමන්ව ත්‍රිරෝද රථයකට නංවාගෙන නිවසට තරමක් දුරින් පිහිටි පාළු ස්ථානයකට ගෙනගොස් තමන්ව අපයෝජනය කළ බවට අදාළ සිසුවිය දෙමවුපියන්‍ට පැවසීමෙන් අනතුරව ‍පොලීසියට පැමිණිලි කර තිබිණි.

අගතියට පත් දැරියගේ පියා මිය‍ගොස් ඇති අතර, මව සහ සහෝදරයෙකු සමග ඇය ජීවත් වන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු විසින් අදාළ දැරිය නංවා ගෙන ගිය බව පැවසෙන ත්‍රිරෝද රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබිණි.

අදාළ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කරන බවත්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් අංගම්මන මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

arres

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල

මහියංගණය කුරුවීතැන්න" සාධාරණන මුදලාලි නමින් ප්‍රකට තිස්ස හේවාවසම් මහතා මෙවරද විදුලි බලය නොමැති ගම්මානවල ජනතාව වෙනුවෙන්  භූමිතෙල් වෙසක් දන්සලක් පැවැත්වීය.

මහියංගණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරාව   ගම්මානයේ අරාව මංසන්ධියේදී වෙසක් පෝයදා (29දා) 19 වැනි වරට  පැවැති මෙම  දන්සලෙන් භූමිතෙල් බෝතල් 272 ක් (භූමිතෙල් බැරලයක් ) පරිත්‍යාග කෙරිණ.

දිගුපෝලිම්වල සිට ජනයා සඳහා තේ පැන් සංග්‍රහක්ද පැවැත්විණ.

තම වෙළඳ සැලෙහි සාධාරණ  මිලට බඩු අලෙවි කිරීමත් පාරිභෝගිකයන් තමන් විසින් භාණ්ඩ ලබාගෙන  මුදල් හොර බොරුවක් නැතිව ලාච්චුවට දමා යාමත් නිසා හේවා වසම් මහතාට සාධාරණ  මුදලාලි යන නමින්  ඇමතීමට ගම්මු පුරුදුවී සිටිති.

මෙම වෙසක් දන්සලට අමතරව සාධාරණ මුදලාලි මේ වනවිට දිවයිනෙ දිස්ත්‍රික් 20 ආදායමක්  නැති විහාරස්ථාන 110 ක විදුලි බිල්පත් ගෙවා ඇති අතර, එම බිල්වල බර කිලෝ 14යි ග්‍රෑම් 418 ක් බව සාධාරණ මුදලාලි පැවසීය.

DSC02723 DSC02737 DSC02778

 

 

නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කාමරය බිඳ දුරකථන සොරකම් කළ සිසුන් 5ක් අත්අඩංගුවට

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ  නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කාමරය බිඳ ජංගම දුරථන 10ක් සොරකම් කළ බවට සැකකරන සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි. 18 සහ 17 යන වයස් කාණ්ඩවල අයත් එම විද්‍යාලයේම සිසුන් හතර දෙනෙකු හා ඌව මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

එහි සිටි සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කල්ලියේ අනෙක් සැකකරුවන් 4දෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බවද පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබූ  සොකරම් කරන ලද ජංගම දුරකථන සොයා ගත් බවද පොලීසිය පවසයි.

මෙම විදුහලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර ඇති අතර  සිසුන් පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හමුවන  ජංගම දුරකථන ලබා ගෙන දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට බාරදීමට නියෝජ්‍ය විදුහල්පති කාමරයේ  තබා තිබියදී  මෙම සොරකම සිදුවී  ඇතැයි  නියෝජ්‍ය විදුහල්පතිවරයා බදුල්ල පොලීසියට කරන ලද ප්‍රකාශයේ සඳහන්ය.

බදුල්ල මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික් රෝහිත, උපපොලිස් පරීක්ෂකවරුන් වන මංගල ජයතිලක, එස්. වතුකාර ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වති.

DSC_1043

නිදහස් පක්ෂයේ දෙබිඩි පිළිවෙතට එරෙහිව පෙනී සිටිනවා

“ අපි අපේ සටන පක්ෂය ඇතුළේ කරගෙන යනවා. මේ වන විට අපි අපේ නායකයාට කරන්න ඕන ඉල්ලීම් ටික කරලයි තියෙන්නේ. එහිදී පක්ෂයට අලුත් නායකයෙකු පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා අපිට පොරොන්දු වෙලා තියෙනවා.ʼʼ යැයි විදේශ රැකියා , විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

බදුල්ලේදී පෙරේදා ( 28දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"එක පිඟානේ කාලා තමන්ගේ වාසියට අනෙක් පැත්ත හැරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපත් නයි වැඩපිළිවෙළට විරුද්ධව  අපි  අනිවාර්යයයෙන්ම නැගී සිටිනවා.  ඔවුන් කරන්නේ තමන්ගේ වාසියට තලගොයා  මොකාදෝ කරගෙන කනවා වගේ වැඩක්.  දේශපාලනය  තියෙන්නේ පුටුවල නොවෙයි. හදවත්වලයි. ඒවගේ ප්‍රතිපත්ති නැති දේශපාලඥයන් ඉන්න රටක, රට පැත්ත ගැන බලනකොට ලොකු කනගාටුවක්  අපේ හද‍වතේ තියෙනවා.

ඒ වගේම පැවසිය යුතු කරුණක් තමයි එක්සත් ජාතික පක්ෂය කිසි දවසක විනාශ කරන්න බැහැ කියන කාරණය. එසේ විනාශ කරන්න උත්සාහ කළොත්  කවදාවත්  ඒ සඳහා අපෙන් ඉඩක් ලැබෙන්නෙත් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ වෙනස ආරම්භ කරපු දිස්ත්‍රික්කය බදුල්ලයි. අපට ගහන්න ඇවිත් තමයි ඒ අය පොල්ල වරද්ද ගන්නේ කියන එක කියන්න ඕන.

අපේ ඇමතිකම් සියල්ල ගලවලා ගත්තට කමක් නැහැ. ඒකේ ආනිශංස නුදුරේදීම දැක ගන්න හැකි වෙයි. මොකද ඉස්සරත් එහෙම වෙලා  තියෙනවා.

අගමැතිවරයාට විරුද්ධව මේ වන විට විශ්වාසභංගයක්  ඉදිරිපත්ව තියෙනවා. එසේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවිධ අය ගේම් ගහනවා. ඒවා ඇතුළේ එක්සත් ජාතික පක්ෂය වට්ටන්න උත්සාහ කරනවා. තව කොච්චර දුරට කට වහගෙන ඉන්නද  කියන ප්‍රශ්නය අපි තුළ තියෙනවා. විශ්වාසභංගය අපි ජයග්‍රහණය කළොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකුටවත් ඇමතිකම් දරන්න බැහැ. ඇමතිකම් දැරිය යුතුත් නැහැ.” යැයි ද පවසා සිටියේය.

0R7A7664 copy

 

උඩරට දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර  දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු 9 පාලම අසලදී අද (22දා) උදේ 6.45ට පමණ පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මේ නිසා බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (22දා) උදෑසන ගමන් ඇරඹූ උඩරට මැණිකේ දුම්රිය එම ස්ථානයෙන් ආපසු බදුල්ල දක්වා ගමන් කරවීමට සැලැස් වූ බවත්, පීලි පැනීමට ලක්වූ දුම්රියේ මගීන්ද එම දුම්රියෙන් බදුල්ලට ප්‍රවාහනය කිරීමට කටයුතු යෙදූ බවත් දුම්රිය ප්‍රකාශකයෙක් පැවැසීය.

62c1732363e49a5ca4deadec3723e224_XL copy

ඌව කෝටි 89ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරයි

ගැටලුකාරි තත්වයක් පැන නැගි තිබු ඌව පළාත් සභාවේ  රුපියල් අසූනම කෝටි විසිඑක්ලක්ෂ විසිහතර දවස් පන්සිය හැටක් වු පරිපූරක ඇස්තමේන්තුවක් උණුසුම් වාද විවාද මැද අද ඌව පළාත් සභා මාසික රැස්වීමේදී  අනුමතවිය .

පෙබරවාරි මස 22 වැනිදා පැවැති  ඌව පළාත් සභා රැස්වීමේදි  මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ එය සම්මත කිරීම බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් ප්‍රතික්ෂේප කිරීම කළේය.

ජන්ද විමසිමේදි  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු  ඊට පක්ෂව ජන්දය දී පරිපූරක ඇස්තමේන්තුව අනුමත කළහ .

මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ ඔහු සමග සිටින එක්සත් ජනාතා නිදහස් සන්ධානය යටතේ තේරීපත්වු  මන්ත්‍රීවරු 6 දෙ‍නා  සහ ජනතා  විමුක්ති පෙරමුණේ ජයවර්ධන මන්ත්‍රීවරයා ජන්දය දීමෙන් වැලකී සිටියේය .

ජවිපෙ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙන් ඉවතට ගොස් සිට ජන්ද විමසීමෙන් පසු යළි සභාවට ආවේය .

Uva Provincial Council

දියතලාව පිපිරීමට යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පුද්ගලික මගී ප්‍රවාහන  බස්රථයක ඉකුත් 21 දා ‍ජීව අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම සිද්ධියෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින යුද හමුදා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ බලලත් නිලධාරි (11) ඒ.එම්.ජේ.එල්.කේ. චන්ද්‍රසේන සැකපිට අත්අඩංගුවටගත් බව ‍ දියතලාව පොලීසිය පවසයි.

පීඩාකාරී ආයුධ පනතට ගැනෙන ජීව අත්බෝම්බයක් අනාරක්ෂිත ලෙස මගීන් ගමන් කරන බස්රථයකින් රැගෙන විත් එය පිපිරවීමට සැලැස්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙකුට තුවාල සිදුකිරීම හා බස්රථයට රුපියල් ලක්ෂ 50 ක අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව යටතේ ඔහුට නඩු පවරන බවද පොලීසිය සඳහන් කළේය.

යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ප්‍රථම බසයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන හා බණ්ඩාරවෙල සිට මෙම මගින් මාරු කරනු ලදුව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා  ධාවනයවූ  බෝම්බය පිපිරුන බසයේ ගමන් කරද්දී තුවාල ලබා දියතලාව   රෝහලේම ප්‍රතිකාර ලබන දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායක භටයෙකුගේ සාක්කි අනුව සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී  ඔහු වරද පිළිගත් බවද පොලීසිය පැවසීය.

මුලතිව් යුද හමුදා  2015 වස‍රේ රාජකාරි කරද්දී ත්‍රස්තවාදීන්ට අයත් මෙම බෝම්බය හමුවූ බවත්, 2017 මුලතිව් කඳවුරේ සිට ස්ථාන මාරුවක් ලබා‍ එන විට එය රැගෙන විත් මාතලේ උඩිස්පත්තුව පිහිටි තම නිවස සහිත පර්චස් 13 ක වත්තේ ගසක් යට එය වළදා තිබූ බවත් සැකකරු පවසා තිබේ.

තමා රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදලක් ණයවී තිබීම නිසා සියදිවි නසාගැනීම තීරණය කළ බවත්, ගෙවත්තේ වළ දමා තිබූ මෙම ජීව අත්බෝම්බය එම අරමුණින් ගෙදර සිට රැගෙන ආ බවද සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

සිය දිවි නසාගත් විට විශ්‍රාම වැටුප් හා  අනෙකුත් දීමනා යැපෙන්නන්නට නොලැබෙන නිසා  රාජකාරි වේලාවේ අත්වැරදීමකින් පිපුරා ගිය බවට ඒත්තු ගැන්වීම සඳහා රාජකාරි වේලාවක පුපුරුවා ගැනීමට සිතා සිටි බවද සඳහන් කර තිබේ.

කෙසේ නමුත් බසයෙන් බසින්නට සූදානම්ව අත්බෝම්බය අතට ගන්නා විට ගමන්මල්ලේ තිබු  අත් බෝම්බය බිම වැටන්නට ගිය බවත් එය අල්ලා ගැනීම පහත්වූ විටම  දෙපාමුල වැටුන බෝම්බය පුපුරා ගිය බවත්  සැකකරු පැවසී යැයි පොලීසිය සඳහන් කළේය.

තමාගේ  උදරයට දෙපාවලට හා අතකටත්  බරපතළ තුවාල සිදුවු බවද සැකකරු පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර, ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ. හරිත් මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විමර්ශන සිදුකළහ.

arrest

 

අතරමං වූ සරසවි සිසුහු බේරා ගැනෙති

විනෝද හා අධ්‍යයන චාරිකාවකට පැමිණ හල්දුම්මුල්ල  බඹරකන්ද ඉසව්වේ පිහිටි  වංගෙඩි කන්දේ (වංගෙඩි ගලේ ) ඊයේ (27දා) සවස සිට අතරමංව සිටි කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් 9 දෙනෙක් හල්දුම්මුල්ල පොලිසිය  හා දියතලාව යුධ හමුදා කදවුරේ යුධ හමුදා කණ්ඩායමක් විසින්  අද (28දා) උදේ නිරුපද්‍රිතව බේරාගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා  පැවසීය.

ඊයේ (27) සවස මෙම සිසුන් වංගෙඩි කන්ද තරණය කර ඒ ආසන්නයේ කූඩාරමක රැදි සිටියදි පැවැති  සුළංවලට එහි වහල ගැලවී  ගොස් ඇති බවත් වැස්ස හා තද ශිතල නිසාඑක් සිසුවෙක් අසනීප වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

found

 

 

දියතලාව බෝම්බය ගෙනා හමුදා නිලධාරියාට නඩු?

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී පසුගියදා (21දා) අලුයම බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම අත්බෝම්බය රැගෙන එන්නට ඇතැයි සැකකරන යුද හමුදා නිලධාරියා (බලලත් නිලධාරි 11)ට විරුද්ධව  නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

කෙසේ නමුත් මෙම යුද හමුදා නිලධාරියා මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලේදී සැත්කමකට යොමුකර ආසධ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් කටඋත්තරයක් ලබාගැනීමට මේ දක්වා නොහැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සැකකරු ඉඳගෙන සිටි අසුනේ එක් පැත්තක සිටි යුද හමුදා නිලධාරියෙද බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැත්කමක් මගින් ඔහුගේ වම් පාදය දණහිස අසලින් කපා දමා ඇතැයිද පොලීසිය පවසයි.

මීට අමතරව අනෙක් පසින් ඉඳගෙන සිටි නාවික ගුවන් භටයෙකුගේ පාදයටද තුවාල සිදුව තිබේ.

සැකකරු අසුනින් නැගිට බැසීමට සූදානම් වන විටම සැකකරු සන්තකයේ තිබූ යමක් බිම වැටන ශබ්දයක් ඇසුණු බවත්, එසැණින් බසය තුළ පිපිරීමක් ඇතිවී ගිනි ගැනීමක් සිදුවූ බවත්  දියතලාව ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත මෙම නායක ගුවන් භටයා ප්‍රකාශ කර ඇතැයිද පොලීසිය පවසයි.

DSC_3689 copy