Author Archives: චතුරංග ආරියසේන

අයහපත් කාලගුණය නිසා විභාග 08ක් නොපැවෙත්වේ

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තබූ විභාග 08ක් කල්දැමීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයට අනුව 2018 මැයි මස 24, 25, 26, 27 යන දිනයන්හි සහ ජුනි මස 02 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ විභාග මේ අනුව කල්දමන බව විභාග කොසමසාරිස්වරයා සඳහන් කර සිටියි.

 

qqqqqqqqqqqqqqqqqqqqq

 

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට රු. මිලියන 27ක්

දින කිහිපයක සිට ඇදහැළෙන වර්ෂාව  හේතුවෙන් රට තුළ ආපදා තත්ත්වයක් හටගත් අතර විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 27ක් වෙන්කොට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා පවසයි.

එමෙන්ම වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයන් 5000ක් පමණ යොදවා ඇති අතර  පුද්ගලයන් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇතැයිද හෙතෙම පැවසීය.

ආපදා තත්ත්වයන් පිළිබඳ ගැටලු වෙතොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  ක්ෂණික දුරකථන අංක 117 හෝ හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 යන දුරකථන මාර්ගයන් වෙත ඉදිරිපත්  කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

apad

 

 

ගුරුවරුන් 31ක් සිසුන්ට උපකාරක පන්තිවලට එන්නැයි බලකරලා

තම උපකාරක පන්තිවලට සහභාගි වන ලෙසට හා සහභාගි කරවන ලෙසට සිසුන්ට සහ මවුපියන්ට විවිධ බලපෑම් සිදුකරන පාසල් ගුරුවරුන් 31 දෙනෙකු පිළිබඳ තොරතුරු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති බව  අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඇතැම් පාසල් ගුරුවරුන් තම  උපකාරක පන්තිවලට සහභාගි නොවන සිසු දරුවන්ට පාසලේදී  නොයෙක් ආකාරයේ හිරිහැර සිදුකරන බවට නිලධාරීන්ගෙන් සහ මවුපියන්ගෙන් පැමිණිලි ලැබී ඇත.

ඒ අතර ඇඹිලිපිටිය, හොරණ, කළුතර, හම්බන්තොට, මාතර, කැකිරාව, රත්නපුර, කිළිනොච්චි යන කලාපවල පළාත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් 25 දෙනෙකු සහ ජාතික පාසල්වල සේවයේ නියුතු ගුරුවරු 6 දෙනෙකු සිටින බවද වාර්තා වේ.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 1988  අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා ලබාදීමට හැකි බවත් ඒ සම්බන්ධව සොයාබලා අවශ්‍ය විනය පියවර ගන්නා ලෙසට  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ බලධාරීන්ට උපදෙස්දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

education_00a34

 

 

 

දකුණේ අධ්‍යාපන කොට්ඨාස 06ක පාසල් ප්‍රාථමික අංශ හෙට සහ අනිද්දා වසා දැමේ

මේ වනවිට දකුණු පළාතේ පැතිරි යන වෛරස් උණ  රෝගය හේතුවෙන් දකුණු පළාතේ අධ්‍යාපන කොට්ඨාස හයකට අයත් ප්‍රාථමික පාසල් හා ද්විතීයික පාසල්වල  ප්‍රාථමික අංශ හෙට (22) සහ  අනිද්දා (23) යන දෙදින තුළ වසා තැබිමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

ඒ අනුව ගාල්ල ,මාතර, මුලටියන අකුරැස්ස, තංගල්ල ,වලස්මුල්ල යන කලාප කාර්යාලවලට අයත් ප්‍රාථමික පාසල් හා ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශය වසා තබන අතර  එම කලාපයන්ට අයත් සියලුම පෙරපාසල් මෙම සතිය තුළ වසා තැබෙන බවද ලේකම්වරයා කීය.

 දරුවන්ගේ ජිවිත ගැන සලකා බලා දෙමවුපියන්ගේ හා  ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තිරණය ගත් බවත් සෞඛ්‍ය අංශවලින්  මෙකී වෛරස් උණ පිළිබද  නිර්දේශ ඉල්ලා ඇතත් තවමත් එය නොලැබුණු බැවින් එම  නිර්දේශ ලැබෙන තෙක් තාවකාලිකව  මෙම දින දෙක තුළ  පාසල් වසා දැමීමට තීරණය කළ බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.

ssssscccccccccccc

 

ඝාතනයක් සැලසුම් කළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

වරකාපොළ, අඹේපුස්ස ප්‍රදේශයේදී ඝාතනයක් සිදුකිරීම සඳහා සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු ගිනිඅවි සමග වරකාපොළ පොලීසියේ බුද්ධි අංශ වෙත ලැබුණ තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් රැඳවුම් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සැකකරුවන්  වෑන් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර වරකාපොළ ලෙනගල ප්‍රදේශයේ නිවසක් කොල්ලකා එහි හිමිකරු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කර පැමිණ ඇති බවට ආනාවරණය වී ඇත.

සැකකරුවන් අද (21දා) තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.    

pppppppppppppprrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

සබරගමුවේ අධ්‍යාපන කලාප 03ක පාසල් තාවකාලිකව වසාදැමේ

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවූ  ආපදා තත්ත්වය නිසා  සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් අද (21) සහ හෙට(22) යන දිනවල වසා තැබෙන බව සබුරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසයි.

 මේ අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල පාසල් වසා තැබෙන බව වාර්තා වෙයි.

එමෙන්ම ආපදා සහිත ප්‍රදේශවල පාසල් විවෘත කිරීම හෝ වසා තැබීමේ තීරණ විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම බලධාරීන්ට දැනුම් දී  ඇත.

ssssssssssssss

කළු සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග මිල්ලකන්ද , කළු සහ ගිං යන  ගංගාවල ජල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් එම ගංගා අවට පහත් ප්‍රදේශවල සිටින පිරිස් වෙත  අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රදේශවල මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම පිටාර මිටිටමට ආසන්න වීම හේතුවෙන් ගඟ අවට පහත්බිමිවල වෙසෙන  පිරිස් වෙත ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පිළිබඳ අවධානයන් සිටින ලෙසද  වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

 ඒ අනුව බද්දේගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ආශ්‍රිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල වෙසෙන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා  විමසිල්ලෙන් සිටින ලෙසත්  එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් උඩුගම – අකුරැස්ස, ඇල්පිටිය – තවලම, පිටිගල – තවලම සහ උනන්විටිය – මාපලගම යන මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල විය හැකි බවත්  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

aaaaaaaaaaaa

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ළමයින් 75ක් ජනප්‍රිය පාසල්වලට දලා

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ සිට විවිධ මට්ටම්වල නිලධාරීන්ගේ ළමයින් 75 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොළඹ ප්‍රධාන ජනප්‍රිය ජාතික පාසලවලට අවිධිමත්ව ඇතුළත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

කොළඹ විශාඛා විදුහලට අවිධිමත්ව  සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව පරීක්ෂණ මේ වන විට සිදුවන බවත් ඊට සමගාමීව  අනධ්‍යයන සේවකයන්ගේ ළමයින් දෙදෙනෙකු  ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර  එම  දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පමණක් නොව විශාඛා විදුහලට මෙන්ම අනෙකුත් පාසල්වලද මෙලෙස අවිධිමත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ බලය උපයෝගී කරගෙන ඇතුළත් කළ දරුවන් සිටීම සම්බන්ධයෙන් වහා විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවද ලේකම්වරයා අවධාරණය කර සිටියි. 

 එමෙන්ම පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝග අනුව  2016 වසරේ සිට පන්ති කාමරයක  සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35කට සීමා විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සහිත චක්‍රෙල්ඛයක්ද නිකුත් කර ඇති අතර එය උල්ලංඝනය කරමින් බොහහෝ  ජනප්‍රිය පාසල්වල පළමු වසරේ විධිමත් සීමාවෙන් ළමයින් ඇතුළත් කර ඉන් අනතුරුව 2 ශ්‍රේණියේ සිට මෙම සීමාව ඉක්මවා ළමයින්  ඇතුළත් කරගැනීම් සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

sss

රජයේ මුදල් පෞද්ගලික පාසල් සංවර්ධනයට යෙදවීම වැරදියි

පෞද්ගලික පාසල් 13ක් සංවර්ධනය සඳහා රජය ආධාර ලබාදීමට ඊයේ (16දා)  කැබිනටි මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති  තීරණය  බරපතළ අදූරදර්ශී, නිදහස් අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දැමීමට හේතු වන තීරණයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප ස්ටාලින් මහතා පවසයි.

මෙම අමාත්‍ය මණ්ඩල තීරණය කිසි ලෙසකින් දරුවන් ඇතුළත් කර ගැනීමේ ගැටලුවට විශ්වසනීය පිළියමක් නොවන අතර  සිදුවිය යුත්තේ රජයේ පාසල්වලට අවශ්‍ය සම්පත් හා ගුරුවරු ලබාදෙමින්  රජයේ පාසල් සංවර්ධනය පෙරට ගැනීම බව පැවසූ ලේකම්වරයා  එම කටයුත්ත පසෙක දමා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් රජයේ මුදලින් පෞද්ගලික පාසල් දියුණු කිරීමට කැබිනට් අනුමැතිය පැතීම නිදහස් අධ්‍යාපන වළපල්ලට යැවීමේ උත්සාහයක් වන  බව පෙන්වා දී ඇත.

එමෙන්ම  5/2015 චක්‍රලේඛය උපයෝගී කර ගනිමින් රජයේ පාසල්වල අවශ්‍යතා සඳහා දරුවන්ගෙන් මුදල් එකතු කරමින් මෙලෙස පෞද්ගලික පාසල් සංවර්ධනයට රජයේ මුදල් යෙදවීම ඉතා ඛේදනීය තත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශ්වයන් එම තීරණය වහා අත්හිටුවන ලෙස බලකරම්න් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

sss

 

 

 

අඩු පීඩනයක් නිසා හෙට බොහෝ පළාත්වලට වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගොලයේ  කැළඹිලි ස්වභාවයක් හේතු‍වෙන් හෙට (18දා) දිනයේදී  දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දිවයිනේ බස්නාහිර ,දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු පළාත්වලට සවස 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවකවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් අපේක්ෂා කරන බව සඳහන වේ.

විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්  එම පොර්තමේනතුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

DdY1G4vW4AAu93O