Author Archives: අද කර්තෘ මණ්ඩලය

යාලට දිනකට ඇතුළු විය හැකි සෆාරි ජීප් ගණන 600 දක්වා ඉහළට

යාල ජාතික වනෝද්‍යානයට දිනකට ඇතුළු විය හැකි සෆාරි ජීප් රථ ගණන 600 දක්වා ඉහළ දැමීමට රජය එකඟ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක මහතා කියා සිටියේ මින් පෙර දිනකට වනෝද්‍යානයට ඇතුළු විය හැකි වාහන සංඛ්‍යාව 500ක් වූ අතර, එය උදය වරුවේ වාහන 250ක් සහ සවස් කාලයේ වාහන 250ක් ලෙසින් සීමා කර තිබූ බවයි.

මේ නිසා බොහෝ සංචාරකයන් හරවා යැවුණු අතර, මේ හේතුවෙන් ජනපති, අගමැති සහ වන සංරක්ෂණ ඇමතිවරයා වෙත ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම යෝජනාව කර තිබූ අතර, ඒ අනුව මෙම තීරණය ගෙන තිබිණි.

safari-14

ජනපති ප්‍රකාශය සවස 6ට

වත්මන් රජය යටතේ සිදුවූ මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්දධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශය අද සවස 6ට මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතය.

03 copy

 

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෝ 10ක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මගින් ඊයේ (15දා) රාත්‍රියේ  පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්, ට්‍රෝලර් යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට කටයුතු කෙරිණි.

20171116ධීවරයෝ-1 20171116ධීවරයෝ-3

ස්වර්ණාභරණ තොගයක් කටුනායකින් අල්ලයි

නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයකු රේගු නිලධාරීන් විසින් අද (16දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

‘අද’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අත්අඩංගුවට ගත් බෑගය තුළ ග්‍රෑම් 127.36ක් බර, රුපියල් 6,36,000ක් වටිනා ස්වර්ණාභරණ කට්ටල හයක් තිබූ බවයි.

arrest

ඔස්ට්‍රේලියාවෙන් Stabicraft මුර යාත‍්‍රා තුනක්

ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් Stabicraft වර්ගයේ මුර යාත‍්‍රා තුනක් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

මෙම යාත්‍රාවන්ට ඉතා වේගයෙන් ගමන් කළ හැකි බවත් එම යාත‍්‍රා ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතුවලට පිටුවහලක් සපයනු ඇති බවත් ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයා පවසයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

ශ‍්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යාලයක් පිහිටුවීමට සහ එහි පරිපාලන සහ විෂය නිර්දේශ සම්පාදනය කිරීමට වසර දෙකක කාලයක් සඳහා ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් මෙරටට එවීමට ඔස්ට්‍රේලියානු රජය සූදානමින් සිටින බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

ශ‍්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ජාවාරම් කේන්ද්‍රස්ථානයක් ලෙස භවිතා කිරීමට උත්සාහ දැරීම විශාල ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

1

ඉන්ධන හල් තුළ පෙට්‍රල් හිඟයක්

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන හල් හිමියන්ට ඉන්ධන (පෙට්‍රල්) ලබාගැනීමට අපහසුවීම හේතුවෙන් ඉන්ධන හල් බොහෝමයක ඉන්ධන (පෙට්‍රල්) හිඟයක් ඇතිව තිබෙන බව ඉන්ධන හල් හිමියෝ පවසති.

ඉන්ධන (පෙට්‍රල්) ලබාගැනීමට නොහැකි වීම නිසා ඉන්ධන හල් හිමියන්ගේ ගබඩා තුළ ඉන්ධන (පෙට්‍රල්) අවසන්වීම හේතුවෙන් මෙසේ ඉන්ධන (පෙට්‍රල්) හිඟයක් නිර්මාණය වී ඇතැයි ඉන්ධන හිමියෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසා සිටි විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කිසිදු ඉන්ධන (පෙට්‍රල්) හිඟයක් නොමැති බවයි.

මේ අතර ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට ආනයනට කළ නැවක පවතින ඉන්ධන (පෙට්‍රල්) මෙට්‍රික් ටොන් 30000ක් නියමිත ප්‍රමිතියට නොමැතිවීම හේතුවෙන් එය රට තුළට ගැනීමට ඛණිජ සංස්ථාව ඉඩ නොදේ.

ඉන්දීය තෙල් සමාගම තවත් නැවකින් අද වන විට ශ්‍රී ලංකාවට නැවතත් ඉන්ධන (පෙට්‍රල්) මෙට්‍රික් ටොන් 30000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් එම ඉන්ධන තොගය අද ශ්‍රී ලංකාවට නොපැමිණීම හේතුවෙන් මෙම ඉන්ධන (පෙට්‍රල්) හිඟය ඇතිව තිබෙන බව දැනගන්නට තිබේ.

මේ අතර එළැඹෙන 7 වැනිදා ඉන්ධන (පෙට්‍රල්) තොගයක් රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. එම නැවද නොපැමිණියහොත් ඉන්ධන (පෙට්‍රල්) හිඟය තවදුරටත් උග්‍රවෙනු ඇතැයිද සඳහන්ය. 

1

දුලීප් විජේසේකර ඉවතට

Captureතැපැල් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.

 

තෙවැනි විස්සයි20 තරගයත් ශ්‍රී ලංකාව පරදියි

පාකිස්තාන කණ්ඩායම හා පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36 පරාජයක් ලැබීය.

ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 144ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාඵියා වූ දසුන් ශානක ලකුණු 54ක් රැස්කළේය. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් අමිර් කඩුලු 4ක් දවාගත්තේය. 

i (1)

 

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තරගාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම අතර පැවැති තරග සිවුදින ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.

තරග තුනකින් සමන්විත වූ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් ජයග්‍රහණය කළේය.

කොදෙව් ඒ පළමු ඉනිම 181/10

ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම 273/9

කොදෙව් ඒ දෙවැන ඉනිම 118/10

ශ්‍රී ලංකා ඒ දෙවැනි ඉනිම 27/0

326730-sri-lanka-cricket-board-log

අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනරය ජනවාරියේදී

මහරගම අපේක්ෂා රෝහල සඳහා මහජන ආධාර මුදලින් ලබාදීමට සැළසුම් කර ඇති පෙට් ස්කැනර් යන්ත්‍රය ලබන ජනවාරි මසයේ දී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරන්න මහතා ප්‍රකාශ කරයි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැති වැඩසටහනකට එක්වෙමින් අද (29දා) අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

“මහගරම අපේක්ෂා රෝහලට පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ආධාර එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නා. පෙට් ස්කෑනර් යන්ත්‍රය ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වුනා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09 -15 ත් අතර කාලයක් ගත වෙනවා.

එහිදී තවත් සමාගමක් අභියාචනයකුත් ඉදිරිපත් කර තිබුණා. එම නිසා පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම ප්‍රමාද වුවද මේ වන විට එය ඇණවුම් කර තිබෙනවා. ජර්මනියේ නිෂ්පාදිත පෙට් ස්කැනර් යන්ත්‍රය ජනවාරි මාසයේ දී මහරගම අපේක්ෂා රෝහලට ලබාදීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් රෝගියෙකු එක්වරම පරීක්ෂා කළ හැකි අතර අවයව මෙන්ම රුධිර සංසරණය ද පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවා සදහා රජයේ ආධාර මෙන්ම පෞද්ගලික අංශයේ ආධාර ද රෝහල්වලට ලැබෙනවා. එවැනි ක්‍රමවේදයක් තමයි පෙට් ස්කැනර් යන්ත්‍රයට ලැබී ඇත්තේ.”

Pet-scanner-765x510