75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ

75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ පසුගිය 07 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවේ The Beverly Hiltonහිදී නිමාවට පත් විය. Three Billboards Outside Ebbing, Missouri සහ Big Little Lies යන චිත්‍රපට ද්විත්වයට වැඩි සම්මාන ප්‍රමාණයක් බෙදී ගිය මෙම සම්මාන උලෙළ ඉදිරිපත් කළේ ජනප්‍රිය හාස්‍ය නළු සහ දේශපාලන විචාරක සෙත් මෙයර්ස්ය. සෙත් මෙයර්ස් මෙම සම්මාන උලෙළ ඉදිරිපත් කළ පළමු වතාව වීමද සුවිශේෂි විශේෂත්වයකි. එසේම ඔහු එදින මෙම සම්මාන උලෙළේ සිනමා තරු පිළිගනිමින් %දයාබර කාන්තාවන් සහ ඉතිරි වී සිටින පිරිමින් සාදරයෙන් පිළිගනිමි^ යැයි හාස්‍ය මුසු ස්වරයෙන් පැවසීමද බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ එදා හොලිවුඩයේ සිදුවන ලිංගික හිරිහැර හෙළා දකිනු වස් පළමු වතාවට ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උලෙළකදී කළු පැහැති ඇඳුමින් සැරසී සිනමා තරු පැමිණීම හේතුවෙනි. ඒ අනුව මෙම සම්මාන රාත්‍රිය නිමාව දුටුවේ ලිංගික හිරිහැර පිළිබඳ මාධ්‍යයට සන්නිවේදනය කළ ප්‍රබල වාග් මාලාවක් ලොවට මුදාහරිමිනි.   

හොලිවුඩ් විදෙස් මාධ්‍ය සංවිධානය සමග ඩික් ක්ලාස් සමාගම එකතුව නිපැයූ මෙම චිත්‍රපට උලෙළේදී ජීවිත කාලයටම එක් වතාවක් පිරිනැමෙන සිසිල් බී. ඩිමිලේ අනුස්මරණ ගෞරව සම්මානය හිමි වූයේ 63 හැවිරිදි ඔප්රා වින්ෆ්‍රේටය.   ඇය මෙම සම්මානය ලබාගනිමින් එදින පැවසුවේ නව දිනයක් පවතින්නේ ක්ෂිතිජයේ බවකි. කෙසේ වෙතත් එදින සෙත් මෙයර්ස් ඇයට හාස්‍යයෙන් ආරාධනා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග කරන ලෙසත්, තමන් සහ හිටපු ජනාධිපති බරැක් ඔබාමා 2011 වසරේදී ධවල මන්දිර රාත්‍රිය භෝජන සංග්‍රහයකදී ට්‍රම්ප් ජනාධිපති වන බවට සමච්චල් කළ විහිළු සහගත ප්‍රකාශය අද වනවිට සත්‍යයක් වී ඇති බවත්ය.  සම්මාන හතකට නිර්දේශ වෙමින් වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ The Shape of Water මෙම චිත්‍රපට උලෙළේදී ගැරී ඕල්ඩ්මන් සම්මානයක් දිනාගැනීමද සුවිශේෂත්වයකි. ඒ වසර හතළිහක සිනමා දිවිය තුළ ඔහු දිනාගත් පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයයි. ඒ නාට්‍යමය අංශයෙන් වර්ගීකරණය කළ Darkest Hour චිත්‍රපටයේ රඟපෑ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය වෙනුවෙන් ලැබූ හොඳම නළුවා සම්මානයයි.        කෙසේ වෙතත් නාට්‍යමය අංශයෙන් හොඳම  චිත්‍රපටය බවට Three Billboards Outside Ebbing, Missouri පත් විය.
සංගීතමය හෝ හාස්‍යමය අංශයෙන් හොඳම චිත්‍රපටය බවට Lady Bird පත් විණි.

නාට්‍යමය අංශයෙන් මෙවර හොඳම නිළියට හිමි සම්මානය ෆ්‍රැන්සස් මැක්ඩෝර්මැන්ඩ් දිනාගත් අතර, ඒ මිඩ්රෙඩ් හයේස් ලෙසින් Three Billboards Outside Ebbing චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙනි.  සංගීතමය හෝ හාස්‍ය අංශයෙන් හොඳම නළුවා සම්මානය The Disaster චිත්‍රපටයේ රඟපෑ ජේම්ස් ෆ්‍රැන්කෝට හිමි වූ අතර, ඒ ටොමී විසේයු ලෙසින් රඟපෑ චරිතය වෙනුවෙනි.  
මෙම අංශයේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ සාඕර්සේ රොනන්ය. ඒ Lady Bird චිත්‍රපටයේ ලේඩි බර්ඩ් හෙවත් ක්‍රිස්ටින් මැක්පියර්සන් ලෙසින් පෑ රංගනය වෙනුවෙනි.  
මෙවර හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ගුලෙයර්මෝ ඩෙල් ටෝරෝ දිනාගත් අතර, ඒ The Shape of Water චිත්‍රපටය වෙනුවෙනි. මේ ජයග්‍රහණය ප්‍රබල සිනමාකරුවන් වන ස්ටීවන් ස්පීල්බර්ග් (The Post), ක්‍රිස්ටෝපර් නෝලන් (Dunkirk) සහ රිඩ්ලේ ස්කොට් (All the Money in the World) පරයමින් ඩෙල් ටොරෝ දිනාගැනීම කැපී පෙනේ.
කෙසේ වෙතත් මෙවර හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට Coco පත් විය.

මෙවර හොඳම විදෙස් සිනමා කෘතිය වූයේ ජර්මානු-ප්‍රංශ සිනමා කෘතියක් වන In the Fade ය. ජර්මානු ජාතික ෆටි අකින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය කෑන්ස් චිත්‍රපට උලෙළේ ප්‍රධාන තරගකාරී අංශයෙන් තරග වැදීමටද තේරී පත් වූ, හොඳම නිළියට හිමි සම්මානය පසුගිය කෑන්ස් සම්මාන උලෙළේදී ඩයන් කෘගර් දිනාගත් සිනමා කෘතියක් වීම සුවිශේෂී විශේෂත්වයකි.
රූපවාහිනී අංශයෙන් මෙවර හොඳම කතා මාලාවට හිමි සම්මානය නාට්‍යමය අංශයෙන් The Handmaid’s Tale දිනාගත් අතර The Marvelous Mrs. Maisel දිනා ගත්තේ සංගීතමය හෝ හාස්‍ය අංශයේ සම්මානයයි. හොඳම කෙටි මාලා නාටක හෝ රූපවාහිනී චිත්‍රපටයට හිමි සම්මානය Big Little Lies දිනාගත් අතර, 
එය ඔවුන් හැඳින්වූයේ කාන්තාවන්ගේ ශක්තිය ලත් ජයග්‍රහණයක් ලෙසිනි.

_99503543_billboards3_afp _99503706_meyers1_reuters _99503709_dern1_reuters (1) _99503712_portman1_getty 08globes-list-kidman-master768 DS-1iweVMAApj1l dunkirk-watching-master495-v2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>