හිටගෙන ගී නොගැයුවා යැයි අටමස් ගැබිණියට වෙඩි තියලා

පවුලේ උත්සවයක් අතරතුර ගී ගයමින් සිටි පාකිස්තාන ජාතික ගැබිණි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමත් සමග එරට ගායක ගායිකාවන් දැඩි සංවේගයටත්, කෝපයටත් පත්ව තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ඉටුකරන ලෙස ඔවුන් උද්ඝෝෂණවල නිරත වෙමින් ඉල්ලා සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

සමීර් සින්දූ නැමති 28 හැවිරිදි තරුණ කාන්තාවක මේ ආකාරයෙන් වෙඩි තබා ඝාතනය කර තිබුණත්, මරණයට නිශ්චිතවම හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.

ගීත ගයන අතරතු නැගී නොසිටි නිසා ඇයට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට චොදනා එල්ල වුවත්, වෙඩි තැබූ පුද්ගලයා පවසා තිබුණේ තමන් අහසට තැබූ වෙඩිල්ලක් අහඹු ලෙස ඇයට වැදී ඇති බවයි.

මිය යනවිට මෙම කාන්තාව අටමස් ගැබිණියක බව කියයි.

පාකිස්තානයේ සින්ධාහ් ප්‍රාන්තයේ, ලාර්කනා නගරය ආශ්‍රිතව කාන්ගා ගම්මානයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසියට කට උත්තරයක් ලබාදී ඇති ඇගේ සැමියා පවසන්නේ උත්සවයේ සිටි මනුෂ්‍යයෙකු තම බිරිඳ වෙත තුවක්කුවක් එල්ල කර ඇයට නැගී සිට ගී ගයන ලෙස තර්ජනය කළ බවත්, තමන් ගැබිණියක නිසා සිට ගැනීම අපහසු යැයි කියූ විට ඔහු වෙඩි තැබීම සිදුකළ බවත් ඔහු පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>