ජනපතිගේ පාකිස්තාන සංචාරය හෙට

පාකිස්තානු ජනාධිපති මම්නුන් හුසේන් මහතාගේ ඇරයුමෙන්පාකිස්තානයේ ජාතික දිනයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ‍හෙට (22දා) සිට 24 වැනිදා දක්වා පාකිස්තානයේ තෙදින නිල සංචාරයකට එක්වීමට නියමිතය.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාකිස්තානු ජනපාධිපති මම්නුන් හුසේන් සහඅග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගිවිසුම් හතරකටද අත්සන්තැබෙනු ඇත.

මෙම සංචාරය අතරතුර ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටා ඇති, ප්‍රතිසංස්කරණය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමටද නියමිතය.

1202391953maith3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>