Monthly Archives: June 2018

ලෙබනන් ගිය කාන්තාවක ගැන තොරතුරු සොයයි

ලෙබනනයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් සිටින කාන්තාවක පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත්  ඇය පිළිබඳ තොරතුරක් වෙතොත්  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වන ලෙසත්  එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ රඹුක්කන කොටුවැල්ලේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිගේ රේණුකා වනසිංහ නමැති අය සම්බන්ධයෙනි.

මෙම කාන්තාව රැකියාවක් සඳහා 2005 වසරේ ජනවාරි මාසයේ 8 වැනිදා ලෙබනනය බලා පිටත්ව ගොස් ඇති බවත් එතැන් සිට වසරක් පමණ නිවැසියන් සමග සම්බන්ධතා පවත්වා ඇති අතර ඉන් පසුව ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් ලැබී නොමැති බවත් සඳහන් කරයි.

ඇය පිළිබඳ තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864100 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ada32

 

 

KDU පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක ව්ශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පත( විශේෂ විධිවිධාන)  සංශෝධන සහිතව අද (20දා) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

 

මහවැලි ගඟේ බෝට්ටුවක් පෙරළී විදේශිකයන් 07ක් අනතුරට

මහවැලි ගඟේ කටුගස්තොට ගුහාගොඩදී  බෝට්ටුවක්  පෙරළී එහි සිටි විදේශිකයන් 07දෙනෙකු අනතුරට පත්වූ අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අනතුරට පත් පුද්ගලයන් 7 දෙනා සෞදි ආරාබි ජාතිකයන් බවත් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 drowning

 

 

හම්බන්තොට වරාය ආයෝජන අවසන් අදියර රු.බිලියන 93 හිමිවෙයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම ලෙස රු.බිලියන 93ක (ඇ.ඩො.මිලියන 584.19) මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝලිඩිංග්ස් (CM Port) සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙස සැලකෙන හම්බන්තොට වරාය ආයෝජනයට අදාළ අවසන් අදියර සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත ලබාදුන් බව වරාය අධිකාරිය පවසයි. මෙම අවස්තාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන් මෙන්ම චයිනා මර්චන්ට් පෝර්ට් සමූහයේ උසස් නිලධාරීන්ද එක්ව තිබේ.

2

මානව හිමිකම් මණ්ඩලයෙන් එක්සත් ජනපදය ඉවත් වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් විමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.

මෙම ඉවත්වීම නිවේදනය කරමින් ඇමෙරිකාව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යනු 'දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්' බවයි.

එමෙන්ම, එම මණ්ඩලය 'කුහක සහ ආත්ම ලාභය' වෙනුවෙන් ක්‍රියාකරන 'මානව හිමිකම් සමච්චලයට ලක්කරන' ආයතනයක් බවද ඇමෙරිකානු නියෝජිත නිකී හේලී අවධාරණය කළාය.

ඇය මෙම නිවේදනය සිදුකරන අවස්ථාවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ ද සහභාගී වී සිටීම විශේෂත්වයකි. ඔහු කියා සිටියේ මෙම මණ්ඩලය මානව හිමිකම් සුරැකීමේ දුර්වලයෙක් බවයි.

වර්ෂ 2006 දී පිහිටුවා ගන්නාලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පිහිටා ඇති අතර, රාජ්‍යයන් 47ක් එහි සාමාජිකත්වය හොබවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් පවසා සිටියේ මානව හිමිකම් මණ්ඩලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් රැඳෙන්නේ නම් තමා වඩාත් කැමති බවය.

ඇමෙරිකානු දේශසීමාවට පැමිණෙන මෙක්සිකෝ සංක්‍රමණිකයන්ගේ දරුවන් ඔවුන්ගෙන් වෙන්කිරීම මානව හිමිකම් මණ්ඩලයේ දෝෂ දර්ශනයට ලක්වීමත්, ඊශ්‍රායලය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විරෝධාකල්පයත් මෙම තීරණයට හේතුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරු ට්‍රම්ප්ගේ එම තීරණය 'අයුක්තිසහගත කටයුත්තක්' ලෙස පවසා තිබුණි.

 1_US2

අවසන් ටෙස්ට් තරගයට හේරත් සහ සුරංග ගැන වැඩි බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස එළඹෙන සෙනසුරාදා (24දා) ආරම්භ වීමට නියමිත අතර එම තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට සහභාගි වීමට අවස්ථාව උදා නොවේ.

ඒ ඔහු දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි චෝදනාවට ලක් වූ හෙයිනි. ඒ අනුව  ICCය විසින් ඔහුට එක් තරග තහනමක් සහ ලැබීමට නියමිත තරගයේ ගාස්තුවෙන් සියයට සියයක්ම කපා දැමීමට තීරණය කෙරුණු අතර කළමනාකරු ගුරුසිංහට සහ පුණුකරු හතුරුසිංහට එරෙහිවද චෝදනා නැගීම සඳහා තීරණයකට එළඹීමටද සූදානම්ව සිටියි.

කෙසේ වෙතත් තෙවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණයකට නම් ශ්‍රී ලංකා කණ්ඩායම උපනායක සුරංග ලක්මාල් සහ රංගන හේරත් ගැන වැඩි බලාපොරෝත්තු තබා ඇති බව ක්‍රිකට් විචාරක මතයයි.

එමෙන්ම කොදෙව් සංචිතයේද වෙනසක් සිදුව ඇති අතර පිතිකරුවෙකු වන සිම්රෝන් හේමාර් වෙනුවට වේග පන්දු යවන තරුණ ක්‍රීඩක  කීමෝ පෝල් කණ්ඩායමට එක්වීමට නියමිතය.   

 

BX

 

  

කතරගම වෙඩි තැබීමේ සැකකරුවන් 07 යළි රිමාන්ඩ්

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 07 දෙනා අද (20දා)  ලබන මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

 අදාළ සැකකරුවන් 07 දෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

සිද්ධිය පිළිබද කතරගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

02

ඉල්ලීම් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

ජුලි 05 වැනිදා සිට විදුලිබල මණ්ඩල විධායක නොවන සේවකයන්ගේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

සකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැති අතර, අදාළ ගැටලුවලට විසඳුම් නොලැබුණොත් ජූලි 05 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද එම සංගමයේ කැඳවුම්කරු රංජිත් ජයලාල් මහතා සඳහන් කළේය.

වැටුප් කමිටු වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර එළි දැක්වීමට තිබූ බවත්, අසාධාරණ ලෙස වැඩ තහනම් කළ වෘත්තීය සමිති නායකයන් මේ වසරේ මාර්තු මාසයේදී සේවයේ පිහිටු වන බවට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු ලබා දී තිබූ බවත් විරෝධතාවේ නිරත සේවකයෝ සඳහන් කළහ.

AID_4195 AID_4197 AID_4200 AID_4201 AID_4208 AID_4210 AID_4213 AID_4216 AID_4221

 

 

ඡායාරූප – ඉසුරු පෙරේරා

 

පාර්ලිමේන්තුවේ සින්නක්කර ඔප්පුව කථානායකට බාරදෙයි

පාර්ලිමේන්තු‍වේ පිහිටි භූමිභාගය සඳහා විධිමත් සීමා මායිම් සඳහන් කරන ලද සින්නක්කර ඔප්පුව පිරිනැමීම අද (20දා)  පස්වරුවේ සිදුව තිබේ.

 ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අදහසක් අනුව පාර්ලිමේන්තුව පිහිටි භූමිභාගය සඳහා විධිමත් සින්නක්ර ඔප්පුවක අවශ්‍යතාව මීට පෙර පෙන්වා දී තිබුණු අතර අද එම සින්නක්කර ඔප්පුව  කථානායකවරයා වෙත  අමාත්‍යවරයා විසින් ප්‍රදානය කොට තිබේ.

BS8A5701

 

කෙරවලපිටිය LNG විදුලි බලාගාර ටෙන්ඩරයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කෙරවලපිටිය LNG විදුලි බලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයේ සිදුව ඇති අවභාවිතාව පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දූෂණ විරෝධී පෙරමුණ විසින්  අද (20දා)  පැමිණිල්ලක් බාරදී තිබේ.

මෙම පැමිණිල්ල බාරදීමේ අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ  සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ  මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය ඇතුළු පිරිසක් එක්ව ඇත.  

CV