Monthly Archives: May 2018

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් ගංවතුර අවදානමක්

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමග මේ වනවට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව මීගමුව, ජා ඇළ , කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස  එම මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

download (1)

කොටුවේ පොඩි හාමුදුරුවන් මෙහෙයවන ධර්ම දේශනයක් දකුණු කොරියාවේදී…

ධර්ම දේශනා මාලාවක් සඳහා ලබන මස 01 වැනිදා අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් (කොටුවේ පොඩි හාමුදුරුවෝ) දකුණු කොරියාවට වැඩම කිරීමට නියමිතය.

දකුණු කොරියාවේ  ජීවත් වන  ශ්‍රී  ලාංකිකයන්ගේ ධර්ම අවබෝධය පිණිස මෙම සංචාරය සංවිධානය කර ඇති අතර, ඒ අනුව මේ සඳහා සභභාගි වන ලෙස උන්වහන්සේ දකුණු කොරියාවේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිති.

 

kkkkkkkkkk

සැඩ පහරකට හසු වූ තිදෙනෙකු බේරා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

සැඩ පහරකට හසු වූ තිදෙනෙකු බේරා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු අද (25දා) දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 29 හැවිරිදි මලගමුව ගිරිවුල්ලේ පදිංචි දසනායක පතිරැනැහැලාගේ ඩිලාන් සම්පත් නමැති පොලිස් කොසතාපල්වරයෙකි.

අතුරුදන්ව ඇති නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මාදම්පේ ප්‍රදේශයේ ගල්මුරුව දකුණ, ගල්වල ප්‍රදේශයේදී ගංවතුරේ සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි තිදෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇති අතර  එම අවස්ථාවේ මෙම පොලිස් නිලධාරියා සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

මේ වනවිට නාවික හමුදාව ඇතුළු පිරිස් අතුරුදන් වූ නිලධාරියා සොයා  මෙහෙයුම් දියත් කොට ඇත.

 

Media-on-2018

 

 

 

කොල්ලුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා

කොල්ලුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (25දා) දහවල් විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර කොල්ලුපිටිය ප්‍රාථමික විදුලි උපපොළෙන් විදුලිය සැපයෙන ප්‍රදේශවල විදුලි සැපයුමට මෙලෙස බාධා එල්ල වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.                             

කොලොන්නාව ග්‍රීඩ් උපපොළේ  සිට කොල්ලුපිටිය ප්‍රාථමික විදුලි උපපොළ දක්වා විදුලිය සැපයෙන රැහැන් මාර්ගයේ  අද (25) දහවල් මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇතිව අතර විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

wwww

නාය යෑමේ අවදානමක් නිසා හැටන් – කොළඹ මාර්ගයේ කොටසක් වැසෙයි

පස් කන්දක් නාය යෑමේ අවදානම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා තැබෙන බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ  දියගල මංසන්ධිය අසල  ප්‍රදේශයේ  පිහිටි පස් කන්දක් මෙසේ  නාය යෑමේ අවදානමකට ලක්ව ඇති අතර එය සක්‍රීය වෙමින් පැවතීම නිසා අද (25දා) පෙරවරුවේ සිට එම මාර්ගය තාවකාලිකව වසා තැබෙන  බව පොලීසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කෙරෙන රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද  පොලීසිය ඉල්ලා සිටියි.

 

DSC07579

 

DSC07592

ගාමිණි බණ්ඩාර – හැටන්

පාසල් රග්බි තරගාවලිය එළඹෙන සදුදා සිට ඇරඹේ

ගැටුම් ඇති වීම නිසා කල් දැමුණු අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය එළඹෙන සඳුදා පටන් ආරම්භ කිරීමට අද (25) තීරණය විය. ඒ ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මූලිකත්වයෙන් අද (25) පැවති සාකච්ඡා වලදීය. මේ සඳහා පාසල් රග්බි සම්මේලනයේ නිළධාරීන්, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිළධාරීන්, අන්තර්පාසල් රග්බි තරගාවලියට සහභාගි වන පාසල් කණ්ඩායම් හා ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ සම්මේලනයේ නිළධාරීන්ද සහභාගි විය. තරගාවලියේ පසුගිය සතියේදී පැවති  ගැටුම් ඇතිවීම හා එම ගැටුම් ඉදිරියේදී වළක්වා ගැනීමට මෙම සාකච්ඡා පැවැත්විණි. මෙහිදී අදාළ ගැටුම් පිළිබඳ එම ගැටුම් වලට සම්බන්ධ පිරීම් වලට එරෙහිව පොලිසියේ පැමිණිලි සටහන් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම තරගය පැවැත්වෙන වේලාවේදී මත්පැන් අදාළ ක්‍රීඩාංගණ තුළ අලෙවි නොකිරීමටද වගබලා ගන්නා ලෙසින්ද සත්කාරක පාසල් වලින් අමාත්‍යවරයා ඉල්ලීමක් සිදු කලේය. එමෙන්ම තරගයන්හි ආරක්ෂාව පිළිබඳ අදාළ පාසල්සමගින් සාකච්ඡා කොට තිරණයක් ගැනීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෆීස් මාසෝ මහතාව පත් කිරීමට ද මෙහිදී තීරණය විය.

ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 16ක්, අයෙක් අතුරුදන්

නිරිදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග ඇදහැළුණු වර්ෂාවෙන්  දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක ආපදා තත්ත්වයක් ඇති වූ අතර ඒ  හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 127,913ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන්  පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම අද දිනයේදීද දිවයිනේ නිරතදිග කොටසේ, එනම්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Fotolia_33151126_Subscription_Monthly_M

 

නිධානයක් ගැනීමට ගිය ඉන්දීය ජාතිකයන් 03ක් ඇතුළු 07ක් අත්අඩංගුවට

නිධානයක් ගැනීමට උත්සාහ කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු හා ලාංකිකයන් සිවු දෙනෙකු කිළිනොච්චිය රාමනදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (25දා)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ධර්මපුරම් පොලීසිය පවසයි.

රාමනාදපුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වූ අදාළ ඉන්දීය ජාතිකයන් තිදෙනා සහ ලාංකිකයන් සිවු දෙනා රාමනාදපුරම් ප්‍රදේශයේ නිධානයක් වෙනුවෙන් පූජාවක් කිරීමට සැරසෙන අතරතුර පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිරිස ඊයේ (24දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටි ඉන්දීය ජාතිකයන් තිදෙදෙනාගේ වීසා නොමැතිව අනවසරයෙන් රැඳී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර අදාළ නිධානය ගැනීමට පෙර සිදු කළ පූජාවට යොදා ගත් පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (25දා) කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

aea

 

අනුර 20 වැනි සංශෝධනය කථානායකවරයාට බාරදෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන ඒමට යෝජිත  20 වැනි  ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (25දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා  වෙත ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බාරදී තිබේ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම්වරයාද එක්ව සිටියේය. 

මෙම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යොජනාවක්  ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  

33486866_10216228358530585_5257954282941972480_n

අවි ආයුධ නිෂ්පාදනාගාරයක් වටලා සැකකරු අත්අඩංගුවට

නිවසක් තුළ පවත්වාගෙන ගිය අවි ආයුධ නිෂ්පාදනාගාරයක් වටලා එහි ප‍්‍රධාන සැකකරු අවි ආයුධ තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සමග ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව අරණායක පොලීසිය පවසයිග 

මෙලෙස  අත්අඩංගුවට ගැනුණේ අරණායක වත්තේගෙදර මැරහේන ප‍්‍රදේශයේ පදිංචි  33 හැවිරිදි  සිවුදරු පියෙකි. 
තම නිවසේම ඉතා රහසිගත ලෙසින් මෙම කර්මාන්තය පවත්වාගෙන ගොස් තිබූ අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අවි නිෂ්පාදනයට යොදා ගන්නා කොටස් සහ උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය වැඩි දුරටත් පවසයි.  

aaaaa
අරණායක පොලීසිය වැඩිදුර විමර්ශන  සිදුකරයි. 

 

මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර