Monthly Archives: February 2018

ශ්‍රීදේවි ආදාහනයෙන් පසුව ඥාතීන්ගෙන් නිවේදනයක්

බොලිවුඩ් නිළි ශ්‍රීදේවි අදාහන උත්සවයෙන් පසුව ඇගේ පවුලේ ඥාතීන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කපූර්, ආයප්පන් සහ මර්වාහ් යන පවුල්වල ඥාතීන් එකතුව නිකුත් කළ නිවේදනයක් ලෙස එය ඉදිරිපත් විය.

පසුගිය දින කිහිපය ඔවුන් පවුලක් ලෙස දුක බෙදාගත් ආකාරය මෙන්ම, බලාපොරොත්තු වූවාටත් කලින් නික්ම ගිය ඒ සොඳුරු ආත්මය ඔවුන් එක්ව අද දිනයේ මිහිදන් කළ බවත් එහි සටහන් විය.

රිදී තිරයේ ඇයගේ දස්කම්, ඇගේ සොඳුරුකම් ජනහදවත් වැළඳගත් ආකාරයෙන්ම ඇයට සිය පවුල සමග සොඳුරු බැඳීමක් පැවති බවද එහි සටහන් විය.

පසුගිය දින කිහිපයේ සැමගෙන් ලැබුණු ආදරයේ වැදගත්කමද එහි සටහන් විය.  ශ්‍රීදේවිට දැක්වූ ආදරය මෙන්ම, ඇගේ දියණියන්ටද ඒ ආදරය ලබාදෙමින් ඔවුන්ගේ හදවත්වල වූ වේදනාව තුනී කරන ලෙසට ඉල්ලීමක්ද එහි විය.

එමෙන්ම, මාධ්‍ය වෙත විශේෂ ඉල්ලීමක් වූයේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඔවුන්ට මේ දුක බෙදාගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසය.

ශ්‍රීදේවි සිය ජීවිතය බොහොම ගරුත්වයෙන් යුතුව ගතකළ බැවින්, ඇයට ඒ ආකාරයේම ගරුත්වයක් ලබාදෙන ලෙස ඇයද සිටින බවද මාධ්‍ය වෙත එම ලිපියෙන් කාරුණික ඉල්ලීමක් විය.

02

ලංකාවේ සෞඛ්‍ය සේවය WB අගය කරයි

අඩු වියදමක් යටතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලැබූ වර්ධනය ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබෙන බව විශ්වීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයද ඇගයීමට ලක් කරයි. අවම වශයෙන් වසර 50 ක කාලයක් තුළ මාතෘ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය, බෝනොවන රෝග පාලනය පිළිබඳව ශ්‍රී ලංකාව යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීම ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇත. සෞඛ්‍ය සේවාව විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම අනෙක් රටවලටද ආදර්ශයක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය 1930 සිට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදෙයි. ප්‍රතිශක්තීකරණය ලබාදීම අතින් 100% ක සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත. 2015 අග වනවිට දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් හා සැසඳීමේදී ළමා මරණ සංඛ්‍යාව අවම කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී ඇත.

thumbs_b_c_6a8c6ce4c2645a729c8ebc81c830b3be

 

 

වෙන්නපුව ASPගේ සේවය අත්හිටුවයි

ගණිකා මඩමක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් 30000ක අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අත්අඩංගුවට පත්වූ වෙන්නප්පු සහකාර පොලිස් අධිකාරීවරයාගේ සේවය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව ඊයේ (27දා) සිට බලපැවැත්වෙන පරිදි මෙසේ සේවය අත්හිටුවා ඇත. ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතියද ලැබී ඇත.

pujith jayasundara

 

දරුවන් නව දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය දේශපාලඥයා පොලීසියට භාරවෙයි

ඉන්දියාවේ උතුරු බිහාර් ප්‍රාන්තයේදී මෝටර් රථයකට දරුවන් 09 දෙනෙකු යටවීමේ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා පොලීසියට භාරවී තිබේ.

මනෝජ් බාතියා නැමති මෙම මන්ත්‍රීවරයා ගමන් කළ එස්.යූ.වී. රථය සිසුන් පිරිසක් වෙත කඩා වැදීමෙන් මෙම මරණ සිදුව ඇති අතර, පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම අනතුරින් පසුව අදාළ මන්ත්‍රීවරයා පළා යමින් සිට ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, අවසානයේදී ඔහු මෙසේ පොලීසියට භාරවී තිබේ.

මෙම අනතුරින් තවත් දරුවන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 7ත් – 13ත් අතර වයස්වල දරුවන් මෙම සිදුවීමට මුහුණදී ඇති අතර, ඔවුන් පාසල නිමවී යළි නිවස බලා එමින් සිට ඇති බව කියැවෙයි.

පාසල ආසන්නයේදී වයස අවුරුදු 65ක පමණ කාන්තාවක මෙම රථයේ ගැටීමත් සමග අදාළ මන්ත්‍රීවරයාට සිය වාහනය පාලනය කරගත නොහැකිව මෙම දරුවන් වෙතට කඩා වැදී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ඔහුගේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇත.

1_Indian

නවසීලන්තය කැලෑ හාවුන් මරන්න වෛරසයක් එවයි

නවසීලන්තයේ කැලෑ හාවුන් ගහණය වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් හාවුන් මරා දැමීමේ වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැරසෙයි.

මේ වනවිට එරට කැලෑ හාවුන් ගහණය ඇතැම් ප්‍රදේශවල පළිබෝධයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ හේතුවෙන් මෙම වෛරසය හඳුන්වා දීමට නවසීලන්තය සැරසෙයි.

එරට ගොවි ප්‍රජාව මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වා සිටියත්, මේ හරහා සුරතල් සතුන් ලෙස ඇති කරන හාවුන්ද ජීවිතක්ෂයට පත්වනු ඇති බවට කතාබහක් ඇති වී තිබේ.

කෙසේ වෙතත්, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නේ මෙය වන සතුනට එරෙහි කෘරත්වය ප්‍රදර්ශනය කිරීමක් බවයි.

1_Rabbit

වසර 24කට පසුව මවුපියන් හමුවීමට පැමිණෙයි

මීට වසර 24කට පෙර නෙදර්ලන්ත මවක් දරුකමට හදාගැනීමට ලංකාවෙන් රැගෙන ගිය දැරියක ලොකු මහත්වීමෙන් පසු ඇයට සිය සැබෑ මවුපියන් මුණගැස්වීම සඳහා එම නෙදර්ලන්ත මව සිය දියණියද සමග පෙරේදා (26දා) ගාල්ල තවලම ගම්පියසට පැමිණියේය.

මෙහිදී හොරණ ගෝවින්න ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු වන ආර්.එම්.දේශප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් වසර 24කට පසු දියණියක තම සැබෑ මවුපියන් දැකගත්තාය.

නෙදර්ලන්තයේ කුඩා වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන නෙදර්ලන්ත ජාතික බැකර් ෆිම්කේ මහත්මිය තමන්ට දරුවන් නොමැති නිසා මීට වසර විසි හතරකට පෙර ලංකාවට පැමිණ දරුකමට හදා ගැනීම සඳහා කුඩා දැරියක් රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට දැරියගේ වයස යන්තම් මාස 07ක් වුවා පමණි.

එදා රත්නායක මුදියන්සේලාගේ නදීකා ලෙස හැඳින් වූ ඇගේ වර්තමාන නම නෙස්ටමාන් නදීකාය. දැන් ඇය විසිහතර වියැති සුරූපී යුවතියකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතුව සිටින ඇයට සිංහල බස හැසිරවීමට නොහැකි අතර, තමාගේම සංචාරක හෝටලයක් ආරම්භ කිරීම තම අභිලාශය බවද ඇය පැවසුවාය.

රවීන්ද්‍ර ශ්‍රීලාල්

1 copy 3 copy

 

 

එට්කා ගැන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්නවාලු

රටට ජාතික ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවක ඉන්දියාවට රට බිලිදීම සඳහා එට්කා ගිවිසුමට අදාළ කටයුතු සිදුකරන සෑම රාජ්‍ය නිලධාරියෙකුටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි.

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව මෙම ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවට නිකම්ම ඉන්දියාවට යටත් වීමට සිදුවන බවද එම සංගමයේ සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව සිපා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පරාජයට පත් කළ බවත්,  ඒ ආකාරයටම ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව අත්සන් කිරීමට යන එට්කා වැඩපිළිවෙළද පරාජයට පත් කරන බවත්  ඒ මහතා පවසා සිටියේය.

 

ඇතිමලේ ගොවීන්ගේ අක්කර 2500ක් සමාගම්වලට?

මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ ගොවීන්ට අයත් ඉඩම් අක්කර 2500ක් පමණ පෞද්ගලික සමාගම්වලට ලබාදීමට රජය කටයුතු කර ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (28දා) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ  ‘ගොවි අරගල ව්‍යාපාරය’  මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ ගොවීන්ට අයත් ඉඩම් නැවත ලබාදීමට මැදිහත් වීමක් කරන ලෙසයි.

ගොවීන්ට අයත් ඉඩම් අහිමි කරමින් සිදුවන බලහත්කාරී මැදිහත්වීම  සඳහා ඇතිමලේ පොලීසියද දායක වෙමින් සිටින බවද ‘ගොවි අරගල’ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු ජයන්ත රන්දෙනිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

කොළඹ නවම් මහා පෙරහර 40 වැනි වරටත්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කරන කොළඹ නවම් මහා පෙරහර 40 වැනි වරටත් සුබ මොහොතින් අද(28දා) ආරම්භ විය.

ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ නවම් පෙරහරහි සදාතුක කරඬුව හස්තියා මත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ඉන් අනතුරුව පෙරහර ආරම්භ විය.

විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව පෙරහර සංවිධානය කර තිබූ අතර, ඊයේ (28දා) රාත්‍රියේ ඇදහැළුණු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් පෙරහර වීථි සංචාරයට බාධා එල්ල විය.

නවම් මහා පෙරහරේ අවසන් පෙරහර අද (01දා) වීථි සංචාරය කිරීමට නියමිතය.

 AID_2440 AID_2449 AID_2455 AID_2464 AID_2468 AID_2471 AID_2481 AID_2492 AID_2500 AID_2521 AID_2554 AID_2564

ඡායාරූප – ඉසුරු පෙරේරා

දෙහිවලට විදෙස් සතුන් ගෙන ඒමට පියවර

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා විදේශීය සතුන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නිසි සත්ත්ව සුබසාධන විධිවිධාන අනුගමනය කරමින් නවිකරණය කෙරෙමින් පවතින අතර, එහි ප්‍රදර්ශනය සඳහා මෙම සතුන් ලබාගැනීමට නියමිතය.

ලොව පුරා ඇති අනෙකුත් සත්ත්වෝද්‍යාන සමග වන සත්ත්ව හුවමාරු වැඩසටහන් හරහා සහ විදේශ රටවල සත්ත්වෝද්‍යාව විසින් නොමිලේ ලබාදෙනු ලබන අතිරික්ත සතුන් ලබාගැනීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

Lion-Spirit-Animal-1