Monthly Archives: January 2018

බැඳුම්කර – වංචා දූෂණ විවාදය පෙබ. 06දා

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ  ජනාධිපති කොමිෂන්  සභා වාර්තාව සහ බරපතළ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණයකර තිබේ.

පක්‍ෂනායක රැස්වීමේ බහුතර තීරණය කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව පෙබරවාරි 06 වැනිදා කැඳවන ලෙස නිල වශයෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව පෙබරවාරි  මස 06 වැනිදා පෙ.ව. 10.30ට  පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් ලෙස බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා විවාදය පැවැත්වීමට නියමිතය.

පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් නිල වශයෙන් කළ ඉල්ලීම් ලැබුණු බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා %අද^ පුවත්පතට ප්‍රකාශ කළේය.

පෙබරවාරි08  වැනිදා පාර්ලිමේන්තුවකැඳවීම පිළිබඳඅග්‍රාමාත්‍යවරයා විසින්  පළකර  ඇති  අදහස්  සහ එහිදී  ඇති විය හැකි ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ මැතිවරණ  කොමිෂන්  සභාවපෙන්වා  දී ඇතිකරුණු  කෙරෙහි මෙහිදී මූලික අවධානයයොමුවඇත.

මැතිවරණ පැවැත්වීමේ  ක්‍රියාවලියට බාධා  නොවන ලෙස තීරණ ගැනීම සුදුසු වන  බැවින්, හැකියාවක් තිබේ නම්,  පෙබරවාරි08 වැනිදාට පෙර දිනයකපාර්ලිමේන්තුව  කැඳවීම සඳහා සලකා බැලීමසුදුසු බව මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. ‍

විවාදය 08 වැනිදා පැවැත්වුවොත් ඇතිවන තත්ත්වය පිළිබඳවද මෙහිදී මැතිවරණ කොමිසම විසින් කරුණු දක්වා තිබේ.ඒ අනුව මෙම විවාදය 08 වැනිදා පවත්වන්නේනම්, එය සජීවී විකාශයක් ලෙස පමණක් විකාශය කළ යුතුව පවතින අතර, ප්‍රවෘත්ති විකාශයන් තුළ සහ මුද්‍රිත මාධ්‍යයේ එය පළකළ නොහැකි බවද මැතිවරණ කොමිසම පෙන්වාදී ඇත. එබැවින් 08 වැනිදාට පෙර විවාද කරන්නේනම්,එය සියලු දෙනාට පහසුවන බවද මෙහිදී සාකච්ඡා වී ඇත.

පක්‍ෂ නායක රැස්වීමට එක්වූ  බහුතර පිරිසද එය  අනුමත කරමින් අදහස් දැක්වා ඇති අතර,අනතුරුව මෙම  කරුණු පිළිබඳඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද  මතය  විමසාතිබේ. එහිදී අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත්තේ පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුව  රැස්කිරීම  යෝග්‍යවනු  ඇති  බවයි. 

ඒ අනුව ස්ථාවර නියෝග 14 යටතේ, එදින පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලීම් කර තිබේ.

පාර්ලිමේන්තු  කටයුතු  පිළිබඳ  කාරක  සභාවහෙවත්පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීම ඊයේ (30දා)  දහවල් 12.00ට  කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙම  අවස්ථාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  කාරක සභාව නියෝජනය කරන  ඒ ඒ  පක්‍ෂ   නියෝජිතයන් වන සභානායක  අමාත්‍යලක්‍ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යමහින්ද  සමරසිංහ,පාර්ලිමේන්තුමන්ත්‍රී  දිනේෂ්  ගුණවර්ධන, පාර්ලිමේන්තුමන්ත්‍රී රවි කරුණානායක,පාර්ලිමේන්තු  මන්ත්‍රීවිජිත  හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් යන  මහත්වරු  සහභාගි වූහ.

එමෙන්ම මෙම  අවස්ථාවට කථානායකවරයාගේවිශේෂ ආරාධනයපරිදි  මැතිවරණ  කොමිසන්සභාවේ  සභාපති මහින්දදේශප්‍රියසහඑහිසෙසුසමාජිකයන් දෙදෙනා  වනජනාධිපතිනීතිඥනලින් ජයන්ත  අබේසේකර, මහාචාර්ය සැමුවෙල්රත්නජීවයන  මහත්වරුද,  අතිරේකමැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතාද එක්ව සිටියහ.

රට තුළ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් 214ක්

ලංකාවේ පවතින නීතිරීතිවලට අනුව වයස අවුරුදු 05 – 14 අතර ළමයින්ට පෞද්ගලික ආයතන හරහා අධ්‍යාපනය ලබාදිය නොහැකිව තිබියදීත්, රට තුළ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් 214ක් ඇතැයි තහවුරු වී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

මේ වනවිට නිකුත් කර තිබෙන විගණන විමසුමකින් මේ පිළිබඳ හෙළි කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

1961 අංක 08 දරණ (අතිවිශේෂ) විධිවිධාන පනතේ 25 වැනි වගන්තියට අනුව අවුරුදු 5 සිට 14 දක්වා වයස කාණ්ඩවලට පෞද්ගලික ආයතන මගින් අධ්‍යාපනය ලබාදිය නොහැකි යැයි දන්වා තිබෙන බවත්, එය මෙතෙක් සංශෝධනය කර නොමැති බවත් ඔහු පවසා සිටියේය.

එසේ තිබියදී එක වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ගෙවීගිය කාලය තුළ සිදුකළ විගණන විමසුම් 25කට අධ්‍යාපන අමාත්‍යාංශයපිළිතුරු ලබාදී නොමැති බවට මෙම විගණන විමසුමෙන් හෙළි කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

අදාළ විගණන විමසුම් 25 තුළ රුපියල් මිලියන 7413ක මූල්‍යමය වටිනාකමක් සහිත කරුණු ඇතුළත්වී තිබෙන බවද ලේකම්වරයා අවධාරණය කළේය.

 

දූෂණ විරෝධී මහාධිකරණය මාර්තු මාසයේ සිට

දූෂණ විරෝධී මහාධිකරණ පිහිටුවා එහි අධිකරණ කටයුතු මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට හැකි වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දූෂණ විරෝධී විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා මේ වන විට සියලු කටයුතු ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

&විශේෂ මහාධිකරණ පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස්කර තිබෙනවා. එයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මෙම අධිකරණ සඳහා ගොඩනැගිලි ලෑස්තියි. ඒ සඳහා වැඩිපුර විනිශ්චකාරවරුන් බඳවා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් සංඛ්‍යාව 118 සිට 218 දක්වා වැඩි කරන්න අනුමැතිය ලැබුණා. විනිශ්චකාරවරුන්ගේ වරප්‍රසාද සහ වැටුප් වැඩි කිරීමට තීරණය කළා. මේ නීතිය විධිමත් ලෙස සම්මත කරගැනීම අවශ්‍යයි. මොකද මෙය බරපතළ ක්‍රියාදාමයක් නිසා. අනිවාර්යයෙන්ම මාර්තු මාසය වන විට මෙම නීතය සම්මත කරගෙන මෙම ක්‍රියාදාමය අපි ආරම්භ කරනවා. මේවා ප්‍රමාද වූ බව ඇත්ත. නමුත් දැන් පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙනවා. වාර්තා ලැබී තිබෙනවා. අධිකරණ කටයුතු ඉක්මනින්ම ආරම්භ වේවි* යනුවෙනි.

 

ajith-p-perera copy

චාමරගේ ඉල්ලීම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ප්‍රතික්ෂේපයි

ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෙට(01දා) දිනයේදී පැමිණිය නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කළ දැනුම්දීම මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගණය නගරයට පැමිණෙනබවත්,එහි ප්‍රමුඛ කාර්යයන් රැසක් ඉටු කිරීමට පැවරී ඇති බවත් කියමින්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (30දා) දිනයේ මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය.

එම දැනුම්දීම ඉවත දැමූ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ ප්‍රධාන අමාත්‍යවරයා  පෙරබරවාරි පළමු වැනිදා නියත වශයෙන්ම කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට පැමිණිය යුතු බවයි.
මානව හිමිකම් කොමිෂන් සභාව බාරදෙන ලද සිතාසියක් සඳහා නියමිත වේලාවේදී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැර හැරීම කොමිෂන් සභාවේ අධිකාරියට විරුද්ධව කටයුතු කරන ලද්දක් සේ සලකනු ලබන බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් බවත් කොමිසම ඌව මහ  ඇමැතිවරයාටලිඛිතවදැනුම්දීතිබේ.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ හෙට(01දා) දිනයේ පෙනී සිටින ලෙස එම කොමිසම පෙරේදා‍ (29දා) ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට සිතාසි නිකුත් කර තිබිණි.

රවී එජාප තනතුරින් ඉවත් කිරීමට සුදුසුයි – මාරපන වාර්තාව

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යැයි බැඳුම්කර ගනුදෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට පත් කළ තිලක් මාරපන කමිටු වාර්තාව පෙරේදා(29දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ.

කමිටු වාර්තාව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් බාරදීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේජ්‍යෙෂ්ඨ නායකයන් රවි කරුණානායක මහතා අරලියගහ මන්දිරයට ගෙන්වා සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්වී ඇති වාර්තාවේ.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊටසම්බන්ධදැයි සොයා බැලීම කමිටුව වෙත පැවරුණු වගකීම් වී තිබිණි.

කමිටුව පත් කළ විගස එහි කටයුතු ආරම්භ කළ අතර, සති දෙකක් තුළ එහි වාර්තාව සැකසීමට පියවර ගෙන තිබිණි.

ravi 315

 

 

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මැතිවරණ පැමිණිලිවලට ඒකකයක්

මැතිවරණ කටයුතු ආශ්‍රිතව සිදුවන හිමිකම් උල්ලංඝනය සහ කඩ කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ පැමිණිලි බාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මෙවර මැතිවරණයේදී අපේක්‍ෂිකාවන් ඉලක්ක කරගෙන සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරනු ලැබේ.

පැය 24 පුරා ක්‍රියාත්මක වන 077-3088135 හෝ 077-3762112 යන දුරකථන අංකවලින් මැතිවරණ පැමිණිලි බාර ගැනීමේ ඒකකය ඇමතිය හැකිය. මීට අමතරව 011-2505574 යන ෆැක්ස් අංකය සහ iihrcsrilanka@gmail.com යන විද්‍යුත් ලිපිනයද භාවිත කළ හැකිය. 

 

බංග්ලාදේශය පැරදුවත් ලංකාව තවමත් බංග්ලාදේශයට පහළින්

බංග්ලදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී බංග්ලාදේශය පරදමින් එහි ශූරතාව ලබාගත්තද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්ලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් අංක අට ස්ථානයේම රැඳී සිටියි. බංග්ලදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.

බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 90ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 84ක් හිමිකරගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ස්ථානයට දකුණු අප්‍රිකාවට පත්ව ඇති අතර, දෙවැනි ස්ථානය ඉන්දියාවට ලැබී තිබේ.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

01 දකුණු අප්‍රිකාව, 02 ඉන්දියාව, 03 එංගලන්තය, 04 නවසීලන්තය, 05 ඔස්ට්‍රේලියාව, 06 පාකිස්තාන, 07 බංග්ලාදේශය, 08 ශ්‍රී ලංකාව, 09 කොදෙව්, 10 සිම්බාබ්වේ

මෙහි ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පිතිකරුවන් අතර අංක එක ස්ථානය විරාත් කෝලිට හිමිව තිබෙන අතර, මෙහි මුල් ස්ථාන 10 තුළ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු නොමැත. පන්දු යවන්නන් අතර මුල් ස්ථානය ඉම්රාන් තාහීර්ට හිමිව තිබෙන අතර, එහිද මුල් ස්ථාන 10 අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙක් නොමැත. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ.

 

ආණ්ඩු බලය තියෙන්නෙ කාටද කියන එක ජනතාවට ගැටළුවක් – ලාල්කාන්ත

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතිපාදන වෙන් කිරීමට ආණ්ඩු බලය තිබෙන අයට ජන්දය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ලංකා නිදහස් පක්ෂය පැවසුවද ආණ්ඩු බලය ඇත්තේ මොන පක්ෂයටද යන්න ජනතාවට ගැටලුවක් වී ඇති බව ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේය.

ලාල්කාන්ත මහතා ඒ බව පැවසූයේ අඹගමුව ප‍්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (30දා) ගිනිගත්හේන කළුගල ප්‍රදේශයේ පැවැති රැස්වීමකදීය.

මෙහිදී අදහස් දැක් වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූයේ අද රටේ ඇත්තේ හවුල් ආණ්ඩුවක් බවත්, එය තමන්ගේ ආණ්ඩුවක් බව ප්‍රකාශ කිරීමට රටේ ජනාධිපතිවරයාට හෝ අග‍්‍රාමාත්‍යවරයාට නොහැකි බවත්ය.

කොට්ඨාස ජන්ද ක්‍රමයේදී තේරී පත්වන මන්ත්‍රීවරයාට පළාතේ සංවර්ධනය වෙනුවෙන් සෘජුවම එම ප්‍රතිපාදන ඔහු වෙත ලැබෙන බවත්, ලාල්කාන්ත මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ති‍්‍රක් සංවිධායක මංජුල සූරියආරච්චි මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගිව සිටියහ.

01 (1)

 

දිල්ලියේ මාස 8ක දැරියකට බරපතළ දූෂණයක් සිදුවෙලා

ඉන්දියාවේ දිල්ලි අගනුවරදී වයස අවුරුදු 8ක දැරියක ඔහුගේ ඥාති සොහොයුරෙකු විසින් අමානුෂික ලෙස දූෂණයට ලක්කිරීමේ සිදුවීමකින් ඉන්දියාව යළිත් කැළඹී තිබේ.

පොලීසිය පවසා සිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි බිළිඳු දැරිය රෝහල්ගත කළ බවයි. එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සැකකාර 28 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

දැරියගේ සුවදුක් විමසීමට ගොස් සිටි දිල්ලි කාන්තා පොලීසියේ ප්‍රධානී ස්වාතී මල්වාල් පවසා සිටියේ තමන් එම දරුවා දැකීමෙන් දැඩි කම්පනයකට පත්වූ බවයි. ඇයට සිදුව ඇති හානිය වචනයෙන් විස්තර කළ නොහැකි බවද ඇය කියයි.

පසුගිය සඳුදා සිදුව ඇති මෙම අපරාධයට මුහුණදුන් බිළිඳු දැරිය පැය තුනක පමණ ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත්, ඇයගේ අභය්‍යන්තර අවයවවලට සිදුව ඇති බරපතළ හානි නිසා ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කාන්තා පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසයි.

2012 වසරේදී ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ අමානුෂික ලෙස සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීමෙන් පසුව ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණය හා කාන්තා හිංසනය සම්බන්ධයෙන් දැඩි නීති පැනවිය යුතු බවට රට පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

කෙසේ වෙතත්, බලධාරීන් ඊට දැඩි පියවර ගනු ලැබීමෙන් පසුවද සමූහ දූෂණ සිදුවීම් මෙන්ම බරපතල ලිංගික අපරාධ රැසක් ඉන්දියාවෙන් වාර්තා විය.

1_Aisa

හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුව මාර්තු 13දා කැඳවයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ලිත් නඩුව මාර්තු මස 13 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30දා) නියම කළේය.

ජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කරමින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් පනවා ඇති අතුරුනියෝගය ලබන පෙබරවාරි මස 02 වැනිදා දක්වා අභියාචනාධිකරණය විසින් දීර්ඝ කර ඇති බව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

Basil-Rajapaksa