Monthly Archives: January 2018

යාපනයේ කුඹුරක ළිඳකින් කොටි ආයුධ තොගයක් හමුවෙයි

යාපනය, අරාලි උතුරු ප්‍රදේශයේ කුඹුරක අත්හැර දමන ලද ළිඳක තිබූ යුද උපකරණ රැසක් ඊයේ (30දා) හමු වී ඇති බවට යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසිය කියා සිටියේය.

කුඹුරු හිමියා විසින් අදාළ ළිඳ පිරිසුදු කිරීමට යෑමේදී මෙම යුද උපකරණ තොගය දැක ඇති අතර, පසුව ඒ බව යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දී තිබේ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම්දීමෙන් පසු එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ යුද උපකරණ තොගය ආරක්ෂාකාරීව ගොඩට ගෙන ඇත.

අදාළ යුද උපකරණ තොගය අතර ටී56 ජීව උණ්ඩ 14972ක්, එම්.පී.එම්.ජී. ජීව උණ්ඩ 1160ක්, මෝටාර් ෆියුස් 10ක්, ග්‍රෙනේඩ් ලෝන්චර් 10ක්, මෝටාර් උණ්ඩ 22ක් සහ ආර්.පී.ජී.සෙල් 02ක් තිබූ බව සඳහන් වෙයි.

මෙම යුද උපකරණ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන්නට ඇති බවට සැක පළකරන අතර, යාපනය වඩ්ක්කොඩ්ඩෙයි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ගොඩගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයක් මගින් අද (31දා) දින විනාශ කරදැමීමට පියවර ගෙන තිබිණි.

625.0.560.320.310.730.053.800.670.160.90 13430-1-87269a94f4278f11750482f632893cba 13430-2-87269a94f4278f11750482f632893cba

මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවූ මාධ්‍යවේදීන් සැමරෙයි

මාධ්‍ය නිදහස හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් සටන් වැද පැහැරගැනීම්, අතුරුදහන් වූ හා ඝාතනයට ලක් වූ  මාධ්‍යවේදීන් සැමරීම ඊයේ (30) කොළඹ , විහාරමහදේවී උද්‍යානය ඉදිරිපිට දී සිදුවිය.

කළු ජනවාරි සැමරුම ලෙස නම්කළ මෙම සැමරුම අවස්ථාවේ දී විවිධ අඩන්තේට්ටම්වලට ගොඳුරු වූ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයට තබා තිබුණි අතර ඔවුන් සිහිකරමින් ඉටි පහන් දල්වා ආලෝක පූජාවක්ද පවත්වන ලදී.

පසුගිය පාලන සමයේ විවිධ අපරාධවලට ගොඳුරු වූ මාධ්‍යවේදීන් ඇතුළු වින්දිතයන් වෙනුවෙන් නීතිය හා සාධරණත්වය ඉටුකරන ලෙස සැමරුමට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් ඉල්ලා සිටියේ ය.

මාධ්‍යයේ සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂව තහවුරු කිරීම සඳහා බලපැම් කිරීමද මෙම සැමරුමේ තවත් අරමුණක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලය වැඩිවෙනවාද?

ඇෆ්ගනිස්ථානයේ 70%ක පමණ ප්‍රදේශයක් පුරා තලේබාන් ත්‍රස්තයන් නිදහසේ හැසිරෙන බව අනාවරණය වී තිබේ.

2014 වසරේදී විදෙස් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් පසුව තලේබාන් ත්‍රස්තයන් විසින් සිදුකරන ප්‍රහාර ක්‍රමයෙන් රට පුරා වාර්තා වෙමින් පවතී.

කෙසේ වෙතත්, මෙම අනාවරණය තරයේ ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් රජය පවසන්නේ ඔවුන් ඇෆ්ගනිස්තානයෙන් විශාල කොටසක බලය පතුරුවන වන නිසා ත්‍රස්තයන් සෑම තැනම සිටිනවා යැයි පැවසිය නොහැකි බවයි.

එරට කාබුල් අගනුවර සහ තවත් නගර ඉලක්ක කරමින් තලේබාන් ත්‍රස්තයන් මෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පසුගිය කාලය පුරා එල්ල කරනලද ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ඇතුළු ඇෆ්ගන් හමුදා සාමාජිකයන්ද ජීවිතක්ෂයට පත්වූහ.

1_020915207-1 _99816335_mediaitem99816334

එංගලන්තෙ වගේ ඡන්ද ක්‍රමයක් ලංකාවේ හදනවා – මහින්ද අමරවීර

ලබන වර ඇමරිකාව, එංගලන්තය මෙන් ලංකාවේමැතිවරණය පවත්වන බවත්,  ඒ තුළින් මැතිවරණ දිනවල සිදුවන විශාල පරිසර හානිය නතර කිරීමට කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අඟුණුකොළපැලැස්ස නගරයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

“වෙනදට ඡන්දයක් ආවම පොලිතින්වලින් පරිසරය හානි කරලා කටවුට් ගහලා තියෙනවා. මේ වගේ ඡන්දවලදි ඒක විශාල වශයෙන් සිදුවෙනවා අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි නිසා. අද ඒතත්ත්වය වෙනස් වෙලා. ඇමෙරිකාව, එංගලන්තෙ  රටවල මිනිස්සු දන්නෙ නෑ ඡන්දයක් තියෙනවද කියලවත්. මේ ප්‍රමාණයටවත් කාර්යාල එන එකක් නෑ. මේ තරමටවත් පෝස්ටර් එන එකක් නෑ. මිනිස්සු ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරන තත්ත්වෙට අපි අනාගතේ ඡන්ද ක්‍රමය පත්කරනවා.”

3

 

ලෝකයේ දූෂිතම රටවල් අතර හතරවැනි තැන ලංකාවට – සමන්ත

හිටපු පාලකයන් විසින් රටේ සියලු ක්ෂේත්‍ර‍යන් විනාශ කරමින් ලෝකයේ දූෂිතම රටවල් අතර සිවුවැනි තැනට රට පත්කර ඇති බවත්, මේ දූෂිත පාලකයන් සයිබීරියාවට පැටවිය යුතු බවත් ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙවර මැතිවරණයට අදාළව හාලිඇල පැවැති රැස්වීමකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

       “රට මේ තියෙන තත්වයට වගකිවයුතු, වසර හැත්තෑවක් මේ රට පාලනය කළ නායකයන් ආපහු මේ පුංචි ඡන්දයේදිත් බලය ඉල්ලනවා ගම හදන්න බලය දෙන්න කියලා.

පහුගිය කාලයේ දිගටම ගම හැදීමේ බලය තිබුණේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක අතේ. ඉතින් එහෙම නම් ඒ අය මෙතෙක් නොහැදූ ගම මේ ඡන්දෙන් පස්සෙ හදයිද? නෑ.

මෙතෙක් කල් බලය තිබුණු පාලකයන් හැදුවේ ගම-රට නොවේ. උන්ගේ ආර්ථිකය හැදුවා. උන්ගේ පවුල හැදුවා. උන්ගේ හවුල හැදුවා. කරනවා කියපු කිසි දෙයක් නොකළ මෛත්‍රීපාල සිරිසේනලා, රනිල් වික්‍ර‍මසිංහලා ආපහු රෙද්දක් ඇඳගෙන කොහොමද ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්නේ?

ඔය මහින්ද රාජපක්ෂ ආයෙ පාරම්බාන්නේ රටට කොරන්නද? නෑ. ගිලිහී ගිය බලය යළි ලබාගන්නයි. ඒ අය රට හදනවා නම්, ගම හදනවානම් කාලයක්ම ඒ අයට ඒකට අවස්ථාව දීල තිබුණා. ජනාධිපතිකම, අගමැතිකම, තුනෙන් දෙකක බලය තියෙන පාර්ලිමේන්තුව, පළාත් සභා නවයෙන් අටක්ම, පළාත් පාලන ආයතන සියයට අනූපහක්ම, මේ සියල්ල තිබිලත් කළේ නැතිනම් ආයෙත් කරයිද?

දැන් මොනවාද ලංකාවෙ එකට ඇවිත් තියෙන්නේ?.  කාලයක් අපි සියදිවි නසාගැනීම අතින් රන් පදක්කම ගත්තා. ලෝකයේ දූෂිතම රටවල් අතරේ අපි ලෝකඩ පදක්කමට ආසන්නව ඉන්නවා. අද ලෝකයේ දූෂිතම රටවල් අතරේ හතරවැනි ස්ථානය ලංකාව. මෙතෙක් හිටපු පාලකයෝ තවත් බලයේ තියාගත්තොත් ඒක පළමුවැනි ස්ථානය දක්වා ගෙන එන්න පුළුවන්. මේ තත්ත්වය තේරුම්ගෙන මේ අයට නිසි තැන ලබාදෙන්න කියා අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සමන්ත විද්_යාරත්න

හාලිඇල- විජේරත්න රත්නායක

 

බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දේ

සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉණිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 22ක් රුස් කරගෙන සිටිති.

කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. අබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ඇතුළත්ව නොමැත.

Bangladesh v Australia - 1st Test: Day 3

70 වැනි නිදහසට රු1000 සමරු මුදල් නෝට්ටුවක්

2018 පෙබරවාරි 04 වැනි දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.1000/-ක වටිනාකමින් යුතු සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ.

මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව බවද පැවසේ.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000/-ක වටිනාකමින් යුතු ව්‍යවහාර මුදල් නෝට්ටුවේ හා සමාන වන අතර, පහත සඳහන් වෙනස්කම් පමණක් සිදුකර ඇත.

01. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000 වටිනාකමින් යුතු ව්‍යවහාර මුද්ල නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය දිස්වන බව පවසයි.

02. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා තිබේ.

03. නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ.

නෝට්ටුවේ පටුපස දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු.1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ පවතින රූප එලෙසම පවතින බවද මහ බැංකුව පවසයි.

01-2

ජනපති ට්‍රම්ප් ස්ටේට් ඔෆ් ද යූනියන් දේශනය අරඹයි

ඇමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත්, කැපිටල් වෙත ඊයේ (30දා) සවස පැමිණි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපති ධුරයේ ප්‍රථම ස්ටේට් ඔෆ් ද යූනියන් දේශනය සිදුකිරීම ඇරඹීය.

ජනාධිපතිවරයා පැමිණීමට පෙර කැපිටල් වෙත මුලින්ම පැමිණියේ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ය.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි පිරිස පිළිගැනීම මෙලනියා අතින් සිදුවිය.

ඇමෙරිකාවේ පාලක පක්ෂය වන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන්ගෙන් සභාව පිරී ඉතිරී ගිය අතර, බොහෝ දෙනෙකු නොසිතූ ආකාරයෙන් ජනාධිපතිවරයා පිළිගැනීම වඩාත් උණුසුම් ආකාරයෙන් සිදුවිය.

1_Trump State of Union 3

2017දී රත්නපුර සහ කෑගල්ලේ එච්.අයි.වී. අසාදිතයන් ඉහළට

2017 වර්ෂයේදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක තුළ එච්.අයි.වී. අසාදිතයන් ප්‍රමාණය වැඩිවී ඇති අතර එයින් වැඩි පිරිස වයස අවුරුදු 24-36 වයස් කාණ්ඩයේ තරුණයන් වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව රත්නපුර මහා රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කංචන උපසේන මහතා පැවසීය.

පසුගිය වසරේ ඒඩ්ස් රෝගීන් 160ක් සිපිලිස් රෝගීන් 55ක් පමණ හඳුනා ගෙන ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වෙනත් වසරවල්වල සාමාන්‍යයෙන් වාර්තා වන ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව සියයට අඩුවන බවත්, සිපිලිස් රෝගීන් සංඛ්‍යාව 10කට 15ක වඩා වැඩි නොවන බවද පවසා සිටියේය.

අප කළ විමසීමකට පිළිතුරු ලබාදුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වීදි ගණිකාවන් රෝගය සම්බන්ධව තීරණාත්මක කණ්ඩායම ලෙසත් හැඳින්වීම සාධාරණ නැතත්, රෝග වාහකයක් වශයෙන් ඔවුන්ගේ දායකත්වයත් පවතින බවද බැහැර කළ නොහැකි බවය.

අනාරක්ෂිත ලිංගික සබඳතාවල යෙදෙන වතුකරයේ ඇතැම් පිරිස් මෑතක සිට විවිධ ව්‍යාපර සඳහා ඇතැම් අප්‍රිකානු රටවලට නිතර යන එන පුද්ගලයන් ආසාදිතයන් අතර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍ය උපසේන මහතා සම ලිංගික ඇසුර හේතුවෙන් සමහර අය මෙම රෝග තත්ත්වයට ගොදුරුවී ඇති බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා,

&මෙයට පෙර ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන් ලෙස හඳුනා ගැනුණු වැඩි පිරිස මැදි  වයසේ ස්ත්‍රී – පුරුෂයන් පමණයි. එහෙත් දැන් දැන් අවුරුදු 24-36 අතර වූ තරුණ කොටස් බහුලව දක්නට ලැබෙනවා. මෙය රටක් වශයෙන් කනගාටු විය යුතු තත්ත්වයක් %මවගෙන් දරුවාට^ සංකල්පයට අනුව බාල වයස්කාරයන් පවා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටිනු දක්නට ලැබෙනවා* යැයි පවසා සිටියේය.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම, ආර්.ආර් පියසේන