Monthly Archives: January 2018

බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමේ සැඟවුනු වාසිය

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හෙට (17දා) දිනයේදී පාර්ලිමේන්තුවට ලබාදීමට තීරණය කර ඇත්තේ අනිද්දා (18දා) දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික Shehan Semasingheපක්ෂයේ ප්‍රචාරක රැලි මාලාවට වාසි වන අන්දමින් යොදාගැනීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු බැඳුම්කර වංචාවට සම්බන්ධ නැති බවට ප්‍රචාරයක් ගෙනයෑමට එම වාර්තාව උපයෝගී කරගැනීමේ සූදානමක් තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

බැඳුම්කරය යනු කුම්ක්දැයි අවබෝධයක් නොතිබූ ජනතාව පවා මේ වනවිට හරි වැරැද්ද තේරුම්ගෙන තිබෙන බවත්,බැඳුම්කර වාර්තාව සිය වාසියට යොදාගනිමින් එක්සත් ජාතික පක්ෂය අසාර්ථක උත්සාහයක යෙදෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ජනපති ධුර කාලය සෙවූ හේතුව මෙන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ධුර කාලය පිළිබඳ විමසීමක් සිදුකර තිබෙන්නේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

අදාළ සැලසුම් සකස් කිරීමේදී ජනාධිපති නිල කාලය පිළිබඳව නිලධාරීන් අතර මත දෙකක් ඇතිවී තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ විමසීම කර තිබෙන බවද එම පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

1202391953maith3

මැතිවරණයේ වැඩි වාසි ගන්නට විශේෂ ජනපති සැලසුමක් – කෙහෙලිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණ  ව්‍යාපාරයේ අවසන් සතියේදී ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (16දා) පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ හෝ හයදෙනෙකුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට ප්‍රකාශ කරමින් මැතිවරණයේ  වාසිය ලබාගැනීමට ජනාධිපතිවරයාගේ සැලැස්මක් තිබෙන බවත්, මේ සම්බන්ධව ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් තොරතුරු ලැබුණු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා එවැනි පියවරක් අනුගමනය කළහොත් නීති මගින් ඊට මුහුණදීම සඳහා නීතිඥයන්ට උපදෙස් ලබාදුන් බවත්, එම අවස්ථාවේදී අධිකරණය ස්වාධීනව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පවසා සිටියේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම්  කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

Keheliya Rambukwella

මන්ත්‍රී වුවත් දූෂිත නම් නඩු පවරනවාලු

චෝදනාවන්ට ලක්වී සිටින අපේක්‍ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වී මහජන නියෝජිතයන් බවට පත්වූවත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ‘මාර්තු 12’ ව්‍යාපාරය සඳහන් කරයි.

විවිධ චෝදනාවන්ට ලක් වූ 50 දෙනෙකුට අධික ප්‍රමාණයක් අපේක්‍ෂකයන් ලෙස කටයුතු කරන බවට මේ වනවිට සිදුකළ සොයාබැලීම්වලදී තහවුරුවී තිබෙන බවද එම සංවිධානයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

540524-election-poll-vote-sudhir-shetty1

ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල භට පිරිස් තවදුරටත්

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.

සිකුරාදා (12) දින සන්ධ්‍යාවේ දී බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් ඇතිවු ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන සේවා කටයුතු වල නිරත විය.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ මඟපෙන්වීම යටතේ භට පිරිස් විසින් මාර්ග පිරිසිදු කිරීම්, බිඳවැටුණු විදුලිය නැවත ලබාදීම්, කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීම්, තාවකාලික නිවාස ඉදිකරදිම්, කසළ ප්‍රවාහන කටයුතු සහ අනෙකුත් සහන සේවා කටයුතු වල තවදුරටත් නිරතව සිටියි.

හදිසි‍යේ ඇතිවූ තද සුළි සුළං හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

14 වන සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සහ 141 වන බලසේනාවේ භට පිරිස් දික්ලන්ද, කටුකෙන්ද, සිරිගන්වත්ත, අලුගොල්ල, අඟලේගෙදර, මැල්ලවගෙදර, හීරළුගෙදර, පෙතිගොඩ, පොල්හේන, තම්මිට, කුඩගම්මාන, හේගවත්ත, වරඳාල, පහලමඩිතියවෙල, උල්ලපොල, තලමඩිතියවෙල, හුණුමුල්ල, කළුමඩ සහ දෙල්වඟුර යන ප්‍රදේශයන්හි හානියට ලක්වූ නිවාස 661 කට වැඩි ප්‍රමාණයක් නැවත යථා තත්ත්වයට පත් කරන ලදි.

හදිසි ආපදා තත්ත්වයට ලක්වූ අලුගොල්ල, මල්ලවගෙදර, දික්ලන්ද, කටුකෙන්ද, හීරළුගෙදර සහ ගිරිඋල්ල යන ප්‍රදේශන්හි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා නිරික්ෂණ සංචාරයක නිරතවෙමින් සහන සේවා කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් දිරිමත් කළහ.

1 (1) 8 (1) 15

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා  ඊයේ (15) දින සන්ධ්‍යාවේ දී  ශ්‍රී ලංකාවට පැමිණියහ.

දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.

මෙම සංචාරක දුත පිරිසට ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සහ එම මැතිණිය අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය සමගින් පකිස්තානු යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි, නෂීයා ඉෆ්තිකර් බේගම් මහත්මිය, පකිස්තානු හමුදාධිපති අධි සහායක ලුතිනන් කර්නල් අෂිෆ් හෂ්මාට්  සහ කපිතන් කශාන් සයීඩ් ද එක්ව සිටියහ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හි සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය විසින් ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සහ අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය  ඇතුළු සංචාරක හමුදා දුත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ දී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් අද(16) දින පිරිනැමීමට නියමිත අතර, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් ද හමුවීමට නියමිතය. මීට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ.

6 5 1

ආබාධිත ඡන්ද හිමියන්ට ඡන්දය ලකුණු කිරීමට සහයකයෙක්

2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍ර‍ධාන ප්‍ර‍ඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පිරිද නීතිමය ප්‍ර‍තිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවෙකු විය යුතු අතර ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන අපේක්ෂකයකු නොවිය යුතුය. එමෙන්ම එම ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතුය. ඊට අමතරව කිසියම් අශක්නුතායකට පත් නොවූ අයෙකු ද විය යුතුය.

ඉහත සඳහන් පරිදි සහායකයකු කැටුව යාම සඳහා අදාළ පනතේ දසවන උපලේඛනය මඟින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම යෝග්‍යතා සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර‍ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගෙන් ලබාගත හැකිය. අදාළ යෝග්‍යතා සහතිකයේ ආකෘතියක් මැතිවරණ කොමිසන් සභා වෙබ් අඩවිය ( www.election.gov.lk) වෙත පිවිසීමෙන් ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. දෘෂ්‍යාබාධිත හෝ වෙනත් යම් ශාරිරික අශක්නුතාවට පත් පුද්ගලයා ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලුම් පත්‍ර‍යක්  ලබාගෙන් සම්පූර්ණ කර භාරදීම ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය ලබාගත යුතු අතර ඉන් අනතුරුව එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. වෛද්‍ය නිලධාරීන් විසින් ඡන්ද හිමියා පරීක්ෂා කර එම ආකෘතියෙහි ඡන්දදායකයාගේ යෝග්‍යතාව සටහන් කර සහතික කරනු ලැබේ.

Voting-415x260

අශක්නුතාවට පත් ඡන්දදායකයා විසින් තමාගේ නිල ඡන්ද දැන්වීම්පත, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙනත් යම් හැඳුනුම්පතක් සහ මෙම යෝග්‍යතා සහතිකය රැගෙන සහායකයා ද කැටුව ඡන්ද පොළ වෙත යා යුතුය. ඡන්ද පොළ කාර්ය මණ්ඩලය විසින් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඡන්ද පොළේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු ලබන අතර, එම ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයා සමඟ ඡන්දදායකයා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබේ. සහායකයා ද තමාගේ ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබනා යම් හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යාවශ්‍යය.

 

ඉහත සඳහන් යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහායකයකු කැටුව යා නොහැකි බව මැතිවරණ කොමිසම අවධාරණය කරනු ලැබේ. ඡන්දය ප්‍ර‍කාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත රඳවා ගනු ඇත.

කෙසේ වුවද සහායකයකු කැටුව ඒමට නොහැකි එවැනි ඡන්ද හිමියකු අවශ්‍ය වන්නේ නම් මීට පෙර ඡන්ද විමසීම්වලදී සිදු කළ ආකාරයටම තවත් නිලධාරීයෙක් ඉදිරියේදී ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලබා ස්වකීය ඡන්ද පත්‍රිකාව ලකුණු කරවා ගැනීමට අවකාශ ඇති බව ද මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

අපේ රටේ වියදම් අධික ප්‍රාථමික මැතිවරණ යාන්ත්‍රණය

මැතිවරණය යනු රාජ්‍යතන්ත්‍රය පාලනය සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා මහජනතාවට ලැබෙන පරම අයිතියයි. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජනයාට අනිවාර්යයෙන් හිමිවන්නකි. නමුත් මෙවැනි මැතිවරණ ලෝකයට සාපේක්ෂව ලාංකේය ජන සමාජය තුළ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වෙයි. එය නොයෙක් කාලවල පැවැත්වෙන අතර, මැතිවරණ යාන්ත්‍රණය තුළ අධික ශ්‍රමයක්, කාලයක්, මුදල් වැය වෙන දෙයකි. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් මෙවැනි මැතිවරණවලට රටකට ඔරොත්තු දිය හැකිද? එමෙන්ම මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රාථමික භාවයෙන් අප මිදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ මේ සම්බන්ධ විද්වත් පිරිසක් සම්බන්ධ කර ගතිමු.


f94d59eccf4de576076491419bbc15f3_XL

'මනාප ක්‍රමය අහෝසි වීමත් සමග තවත් වියදම් අඩු වේවි' ආචාර්ය චන්දන අලුත්ගේ ආර්ථික විද්‍යා අංශය කොළඹ විශ්වවිද්‍යාලය

'පාරදෘශ්‍යභාවයෙන් යුතු මෙන්ම විශ්වසනීයත්වයෙන් යුතු ක්‍රම මගින් ලෝකයේ බොහෝ රටවල මැතිවරණ ක්‍රියාවලිය දියුණු වෙලා තිබෙනවා. සෑම දෙනාටම සහාභාගි විය හැකි අඩු පිරිවැයක් සහිත මැතිවරණ ක්‍රම ලෝකේ ඕනෑ තරම් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ක්‍රම Chandana aluthgeක්‍රමයෙන් මෙය දියුණු වී ගියත් තාම භාවිතයට ගැනෙන්නේ ප්‍රාථමික ක්‍රමවේදයන්. එනිසා එතැන නිසැකයෙන්ම පිරිවැය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම විශාල වශයෙන් මිනිස් ශ්‍රමයද මේ සඳහා අවශ්‍යයි. පිරිවැය කෙසේ වුවත් සමාජයක මැතිවරණ කාලීන වශයෙන් අනිවාර්යයෙන් පැවතිය යුතුයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය, විශාලත්වය, භූමි ප්‍රමාණය, ජනගහනය අනුව යමින් කෙනෙකුට මේ පිළිබඳ තර්කයක් ගොඩනගාගන්න පුළුවන්. මේ අනුව ව්‍යුහයන් තුනක් ඔස්සේ අපේ රටේ මැතිවරණ ක්‍රියාවලිය ගොඩනැගිලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණයයි. වෙනත් රටවලත් මේ අයුරින් විවිධාකාරයේ මැතිවරණ පැවැත්වෙනවා. මෙවරත් මැතිවරණ මුළු රටේම තියන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් ඉතිරි වන කොටසට මැතිවරණය පැවැත්වීම සඳහා ඒ වියදම කරන්න සිදු වෙනවා. සාපේක්ෂව ගතහොත් මේ වියදම මහා නිෂ්ඵල දෙයක් වන්නේ එවිටයි. නගර සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය එකවර පැවැත්වීමේ වාසි සහගත තත්ත්වය වන්නේ එක් නගර සභාවක් හෝ එක් ප්‍රාදේශීය සභාවක් සඳහා යන වියදම ඉන් අවම කරගැනීමට හැකියාව ඇති නිසයි. ඒ නිසා අපට සිදු වෙනවා මේ යාන්ත්‍රණය නැවතත් ක්‍රියාත්මක කරවන්න. එකම දෙයකට දෙපාරක් වියදම් කරන නිසා මැතිවරණයට සාපේක්ෂව ඉතා ඉහළ වියදමක් යනවා. අපේ වගේ පහසුකම් අඩු, දියුණු වෙමින් පවතින රටකට එය එතරම්ම හොඳ දෙයක් නෙමෙයි. අනවශ්‍ය වියදමක්. වියදම අඩු, ඉලෙක්ට්‍රොනික් ක්‍රම ලෝකයේ දියුණු වී තිබෙනවා. අපි ඒවාට යොමු වීමට ඉදිරියේදී කටයුතු කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණවල මනාප ක්‍රමය අහෝසි වීමත් සමග තවත් වියදම් අඩු වේවි. 

විවිධ ප්‍රශ්න සෑම මැතිවරණයකදීම ඇති වෙනවා. මැතිවරණ සමයේ කූට උපක්‍රම ඇතැම් විට ක්‍රියාත්මක වෙනවා. මිනිසුන් බිය වැද්දීම, මිනිස්සුන්ට අහිතකර බලපෑමක් ඇති කරන ලෙස ප්‍රචාරක කටයුතු සිදු කිරීම වැනි දේවල් ඒ අතර සිදුවෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳ උනන්දුවෙන් ඕනෑකමින් ක්‍රියාත්මක වෙනවා. අපි ඒවා හැකි පමණින් අවම කරගත යුතුයි. අනෙක් කාරණය තමයි මැතිවරණයේදී රජය දරන වියදමට වඩා දේශපාලන පක්ෂ දරන වියදම් වුණත් විශාල ප්‍රමාණයක් වීම. එය පෞද්ගලික දෙයක් වුණත් මේ මුදල් අපට වෙනත් වැඩදායී දෙයක් සඳහා ආයෝජනය කළ හැකියි. පක්ෂයක් ලෙසින්, අපේක්ෂකයෙක් ලෙසින් මේ ගැන මීට වඩා අවබෝධයකින් යුතුව ඔවුන් කටයුතු කළ යුතුයි. ප්‍රචාරක කටයුතු සිදුකරන්න සමාජ ජාල, වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. මේවා මගින් අඩු වියදමකින් මිනිසුන් අතර ප්‍රචාරක කටයුතු සිදු කරන්න අපේක්ෂකයන්ට හැකියාව ලැබෙනවා. සම්ප්‍රදායානුකූලව ගෙයින් ගෙට යන එක පවා ඉතා වෙහෙසකර සිදුවීම් මිනිසුන්ට. අපි දීර්ඝ කාලයක සිට හුරු වී තිබෙන දෙයින් එක්වරම මිනිසුන් වෙනස් කරන්නත් බැහැ. 
මහජනතාව ස්ව ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පිරිසක් පත්කර යවා තිබෙනවා. ඒ නිසා ඔවුන්ටද මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ කටයුතු කරන්න වගකීමක් තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ විශ්ලේෂණය කොට රටට ගැළපෙන ලෙස මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න අවශ්‍යයි. හැමදාම මැතිවරණය තියෙන ලෙසින්ම පවත්වා අවසන් කිරීම කිසිසේත් අපේ සමාජයට ගැළපෙන දෙයක් නම් නෙමෙයි. 

'යටත්විජිත ක්‍රමයෙන් මිදුණු පසුත් අපේම වූ දේශපාලන ක්‍රමයක්, ආණ්ඩු ක්‍රමයක් සකස් කරගන්න අපි සමත් වුණේ නැහැ' මොහාන් සමරනායක ප්‍රවීණ දේශපාලන විචාරක

රටවැසියෙක් මෙන්ම මේ සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙක් වශයෙන් මටත් බරපතළ ගැටලුවක් තිබෙනවා මේ මැතිවරණ සඳහා කරන වියදම් පිළිබඳ. ඇත්තෙන්ම ඒවා නාස්තියක්. ඊළඟට මහජන Mohan samaranayake (නියෝජිතයන්ගේ සංඛ්‍යාව පිළිබඳ අපි සලකා බැලුවහොත්, පාර්ලිමේන්තුව තුළ සිටිනවා 225ක්. ඊළඟට පළාත් සභා 09ක් තිබෙනවා. එමෙන්ම පළාත් පාලන ආයතන දෙගුණයකින් පමණ වැඩි කරලා තිබෙනවා. මේ නිසා අඩු ආදායම් ලබන රටකට මෙවැනි විශාල නියෝජිතයන් පිරිසක් නඩත්තු කරන්න පුළුවන්ද? ඒ වගේම මැතිවරණ පැවැත්වීමේ සංකීර්ණ ක්‍රියාවලියක් මේ රටේ තිබෙන්නේ. එය සරල කරලා නැහැ. ඒ නිසා තමයි අපි නැවතත් පටන්ගත්ත තැනට එන්නේ. 
මේ නීති සම්පාදනය පුළුල් කතිකාවතකින්, සාකච්ඡාවකින් සිදුවිය යුත්තක් බවයි මම අදහස් කරන්නේ. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට දැවැන්ත වියදමක් යනවා. අපට පළාත් සභා ක්‍රමයක් තිබෙනවා නම් පළාත් පාලන ආයතන තුළත්, පාර්ලිමේන්තුවේත් නියෝජිතයන් පිරිස වැඩි කිරීමට උත්සාහ ගන්නේ ඇයිද යන්නත් මට තිබෙන ප්‍රධාන ගැටලුවක්. මා මුලින් සඳහන් කළ පරිදි මේ සම්බන්ධ දැනුවත් පුද්ගලයන්ට පවා මේ හා සම්බන්ධ ක්‍රියාදාමයන් හදිසියේ තමයි දැනගන්නට ලැබෙන්නේ. සියලු දේ රජයේ නිලධාරීන් සහ දේශපාලඥයන් එකතු වී සකස් කරනවා. ඉන්පසුව ජනතාවට කියනවා එය බාරගන්න කියලා. අපේ රටේ දේශපාලන ක්‍රමය තුළ පමණක් නොව ආර්ථිකයේද දකින්න තිබෙන්නෙ මෙන්න මේ කාරණාව. 
අපි ඇතැම් කරුණු කාරණාවලදී බටහිර රටවල් ආදර්ශයට ගන්නවා. නමුත් පිරිමැසුම්දායක ඡන්ද ක්‍රම භාවිතය වැනි දේ අපි ආදර්ශයට ගෙන නැහැ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් තිබෙනවා. ජනාධිපතිවරයා වැඩ බාරගන්නා නිශ්චිත දිනයක් තිබෙනවා.

මම අදහස් කරන්නේ නැහැ මැතිවරණ නොතිබිය යුතුයි කියා. මක්නිසාද ජනතාව පාලන තන්ත්‍රයට ටික කාලයක් හෝ සම්බන්ධ කරගත හැකි වෙන නිසා. ආර්ථික, සමාජ, දේශපාලන තන්ත්‍රය නිවැරදිව අධ්‍යයනය කරමින්, ඔවුන් නිවැරදි තීරණ ගන්නවා නම් එයයි ප්‍රජාතන්ත්‍රය සක්‍රීය වීමට අවශ්‍ය ප්‍රධාන පසුබිම වන්නේ. එවැනි වාතාවරණයක් නොතිබීම අපේ රට පෙළෙන ප්‍රශ්නයක්. එවැනි ක්‍රමවේදයක් තිබෙනවා නම් මේ ඡන්දය සඳහා යන වියදම් සකස් කරන ක්‍රමවේදයක්, නිකුත් කරන නිවේදන සහ මැතිවරණය සඳහා යොදාගන්නා නිලධාරීන්ගේ සංඛ්‍යාව, පොලීසියේ සමාජිකයන් සංඛ්‍යාව සීමා කරන්න පුළුවන්. හුදෙක් මැතිවරණය දෛනික ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත් කරන්න අප සියලු දෙනා ගමන් කළ යුතුයි. ඇතැම් රටවල මේ මැතිවරණ පැවැත්වීම නිශ්චිත කාලවකවානුවක සිදුවෙනවා. බලයේ සිටින ආණ්ඩුවට වාසි වෙලාවට පවත්වන්නත් අවාසි වේලාවට කල්දාන්නත් පරිසරයක් ඒ රටවල නැහැ. අපි මේ ඉන්නේ අපේ පළාත් පාලන මැතිවරණය පුළුවන් තරම් කල්දාලා බැරිම වූ අවස්ථාවක. ඒ දේම විකෘතියක්. ඒ කාලය තුළ කාලය, ශ්‍රමය රටට විශාල වශයෙන් නාස්ති වෙනවා. නමුත් මැතිවරණ නොපැවැත්වීම රටක් වශයෙන් කොහොමවත් සිදු නොකර සිටින්න බැහැ. මෙය අවශ්‍යයි. පහළ ආදායම් ලබන පිරිස්වලට පාලන තන්ත්‍රය සඳහා යම් හෝ බලපෑමක් සිදු කිරීමට හැකිවන්නේ මේ අවස්ථාවේදී තමයි. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණ පවත්වන්නේ එකම දිනයක. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී තමයි ඒ රටේ කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ යම් සංඛ්‍යාවක් සහ සෙනෙට් සභිකයන් සිය දෙනෙක් තෝරාගන්නේ. එවැනි ක්‍රමයකින් වියදම් අඩු කරන්න පුළුවන්. අපේ රටේ ගැටලුවක් පැමිණි වහාම රාජ්‍ය අංශය යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වෙනවා. ඔවුන්ගෙන් රටේ නිෂ්පාදනයට තිබෙන දායකත්වය පහත වැටෙනවා. ඒවා ගැන කතා කරන්න පටන්ගන්නවා. ඉතින් වර්ෂයක් පාසා මැතිවරණ තිබුණහොත් එයින් සිදුවන හානිය සිතාගන්නට හැකියි. පවත්නා ක්‍රමවේදයත් සමග මැතිවරණයේ පාරදෘශ්‍යභාවයක් නොමැතිකම අපි බලපාන්නා වූ බරපතළ නිධන්ගත ප්‍රශ්නයක්. යටත්විජිත ක්‍රමයෙන්  මිදුණු පසුත් අපට අපේ හැකියාව, විභවතාව සහ අනන්‍යතාව හඳුනාගෙන අපේම වූ දේශපාලන ක්‍රමයක්, ආණ්ඩු ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක් සකස් කරගන්න අපි සමත් වුණේ නැහැ. අපි එහෙන් මෙහෙන් කෑලි මූට්ටු කරලා යටත් විජිතවාදීන් හඳුන්වාදුන් ක්‍රමය තමයි ප්‍රමුඛත්වය ගත්තේ. නිදර්ශනයක් ලෙස ගතහොත් දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය ක්‍රියාත්මක වන්නේ අතීතයේ තිබූ ගම් සභා ක්‍රමය මට්ටමින් නොවෙයි. පැරණි රජවරුන් සිටි අවධියේ පවා සිටියා ගම් පාලනය කිරීම සඳහා වූ නිලධාරීන් හෝ සභා විශේෂයක්. අනුරාධපුර පැවතියේ එය වරිග සභාව නමින්. අපේ ඒවායේ යම් යහපත් ලක්ෂණයක් තිබුණා නම් අපි ඒවා ආදර්ශයට ගැනීමට යොමු වූයේ නැහැ. අපි අනුකාරක ආකාරයට තමයි අපේ දේශපාලනය ආදී සෑම දෙයක්ම සකස් කරගෙන තිබෙන්නේ. ඒ නිසයි ආකාර්යක්ෂ්ම, පිරිමැසුම්දායක නොවන මැතිවරණ පැවැත්වෙන්නේ. ඉතින් ඒ ගැටලුව මගහරවාගැනීමට සමස්ත සමාජයේම ආකල්පවල රැඩිකල් පරිවර්තනයක් සිදු කරන්නේ නැතිව, මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් පමණක් බැහැ. නිදර්ශනයක් ලෙස ගත්විට අපේ රටේ මැතිවරණ ඇයි ප්‍රචණ්ඩ වෙන්නේ? ඇයි වෙනත් රටවල එසේ නොවන්නේ. මෙයට හේතුව තමයි අපේ රටේ සම්පත් බෙදී යාම අනුව මැතිවරණයකදී බලය අතට ගැනීම ප්‍රධාන සාධකයක් වීම. දේශපාලකයා ඇත්ත වශයෙන්ම ධනය උපයන පුද්ගලයෙකු බවට පත්වෙනවා. කොන්ත්‍රාත්වල ටෙන්ඩර් නිකුත් කරන්නේ ඔහු, තැබෑරුම්වල බලපත්‍ර නිකුත් කරන්නේ ඔහු, පාසල්වලට ළමයින් ඇතුළත් කරන්නේ ඔහු. ඒ නිසා මෙය අද බලු පොරයක් බවට පත්ව තිබෙනවා. ඒවාට මුල වෙන්නේ අපි තෝරාගත් අපේ සමාජ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. වේදිකාවලට විත් වහසි බස් කිව්වට, පුරසාරම් දෙඩුවට යථාර්ථය හාත්පසින්ම වෙනස්. මම නම් දකින ආකාරයට පළාත් පාලන මැතිවරණයක් ආසන්න වනවිට බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමම පළාත් පාලන මැතිවරණයට අනිසි බලපෑමක්. එයින් පෙන්නුම් කරන්න හදනවා තමා හා තම කණ්ඩායම අතිශයින්ම පවිත්‍ර, පාරිශුද්ධ කණ්ඩායමක් හා එයට විරුද්ධ පිරිසක් යන අදහස. මම දකින අයුරින් එය කුමන ආණ්ඩුවක් කළත් එහෙමයි. පසුගිය කාලවල පැවැති ආණ්ඩු මැතිවරණවලට අනිසි බලපෑම් කරන ක්‍රියාවල යෙදිලා තිබෙනවා. නමුත් ඇතැම් සිදුවීමක් දෙකක් හැරුණු විට මැතිවරණ කොමසාරිස්ට හෝ එම අමාත්‍යාංශයට එය වළක්වන්න හැකියාවක්
 ලැබිලා නැහැ.

'මැතිවරණ මිල අධිකයි, මිල අධික නිසාම මැතිවරණයක් නොපවත්වනවානම් එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගැටලුවක්' ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්වවිද්‍යාලය

nirmal'සංවර්ධනය වෙමින් පවතිනවා කියන්නේ නිකම් වචනයක්. එතකොට කවුරුහරි දන්නවා සංවර්ධනය කියන්නේ මේකයි කියලා. අනෙක් කාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය පිළිබඳ අවසාන තීරණය තිබෙන්නේ මහජනයා අත බවයි. මොකද ආණ්ඩුකරණය සිදුවන්නේ මහජනයාගේ කැමැත්තට නිසා. ඒ අනුව එකී තමන්ගේ මතය නියෝජනය කරන්න තිබෙන ප්‍රධාන ක්‍රමය ලෙස මැතිවරණය හඳුනාගත හැකියි. එය වියදම් අධිකයි. ආර්ථික වියදම් නිසා මැතිවරණයක් නොපවත්වනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගැටලුවක්. ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික දෙයක් තමයි. එහෙමත් නැතිනම් මෙවැනි දේ මිල අධික නිසා කවුරුන් හෝ පිරිසකට රට පාලනය කරන්න දිය යුතුයි. නමුත් එය හොඳ තර්කයක් නොවේ. නමුත් මැතිවරණ පැවැත්වීමේ නිරන්තරභාවය නොවේ මෙහි ගැටලුව ඇත්තේ. දේශපාලන තන්ත්‍රයේ පිරිස අති විශාලයි. පළාත් පාලන මැතිවරණයේදී වුණත් නියෝජිතයන් විශාල පිරිසක් පත් කරගන්න කටයුතු කරනවා. ඒ වගේම පළාත් සභා, පාර්ලිමේන්තුවද තිබෙනවා. මේවායේ නියෝජනය අති විශාලයි. ඇතැම් අවස්ථාවල මැතිවරණ පවත්වන්නේ මහජනයා සහාභාගි කරගන්නවාට වඩා තමන්ගේ පාලනය යටතේ සුජාතභාවයක් ලබාගැනීම සඳහා විය හැකියි. මැතිවරණ පවත්වන්න යන මුදල් වියදම වැඩි අගයක් ගත්තත් එය අඩු කරගැනීමට ක්‍රම තිබෙනවා. මගේ මතයට අනුව ලංකාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලනය ආදිය වෙන ලෙසකින් සිදුකරන්න පුළුවන්. මෙවැනි දේවල් සිදු කරන්න ගියාම හරි භයානක දේ වන්නේ දේශපාලඥයන් ඒවා තමන්ගේ වාසියට හරවාගන්න නිසා. පැවැති අතුරු මැතිවරණ ක්‍රමයත් අහොසි වූ නිසා එක පැත්තකින් ගත්තාම මේ ආකාරයේ  මැතිවරණ නිරන්තරයෙන් රටට අවශ්‍යයි. මම කැමතියි ඕනෑම අවස්ථාවක කැඳවිය හැකි අයුරින් ප්‍රදේශීය සභා මැතිවරණ මගින්ම නියෝජිතයන්  පත් වෙනවා නම් පාර්ලිමේන්තුවට. මම පමණක් නොවේ කිහිපදෙනෙක්ම මීට සමගාමී නොයෙක් මැතිවරණ වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ අපි අලුත් ක්‍රම සිතන්න අවශ්‍යයි මහජනයාගේ දේශපාලන සහාභාගිත්වය වැඩි වන ආකාරයට. 

මේ මැතිවරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අපේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. නමුත් අපේ සමාජයේ මැතිවරණ සඳහා අලුත් ක්‍රම අත්හදා බැලීමේ එක් දුෂ්කරතාවක් තමයි කුමක් හො අලුත් ක්‍රමයක් යෝජනා වූ පමණින් දේශපාලඥයන් උත්සාහ කරනවා තමන්ගේ වාසියට ඒවා කපා කොටා භාවිතයට ගැනීමට. මෙය හරියට අධ්‍යාපනයට දළ දේශීය ආදායමෙන් 6෴ක් වෙන් කිරීමට යෝජනා කළ අවස්ථාවේ මතුවුණා වගේ තත්ත්වයක්. දේශපාලඥයන් පැනලා ඒක අරගෙන ඔවුන්ගේ වාසියට ඔවුන් එය භාවිත කරනවා. මේ නිසා මේවායේ යම් වෙනසක් සිදු කිරීමට නම් විචාරාත්මක මහජන සාකච්ඡාවකට අප යා යුතුයි. මෙවර කාන්තා නියෝජනය 25ක් කරවීම සම්බන්ධයෙන් කතා කළත් මෙහි දෙපැත්තක් තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල සිටින කාන්තා අපේක්ෂකයන්ට ක්‍රියාකාරීත්වය ගැන සැලකීමේදී ඇත්තෙන්ම එය සාධනීය දෙයක්. නමුත් අනෙක් පැත්තට තර්ක කරන්න පුළුවන් ස්ත්‍රීන් සහ පුරුෂයන් ලෙස වෙන් කිරීම මත වෙනත් ගැටලුවක් තිබෙන බවට. එය සිදුකළ යුත්තේ ස්ත්‍රීන් බලගැන්වීම සඳහා මිසක් සෑම ලැයිස්තුවටකම අනිවාර්ය කිරීම නොවේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම වෙනුවට අනිවාර්ය සහාභාගිත්වයන් ලබාදීම දැන් සිදුවෙලා තිබෙන්නේ. 

මතින් තොර රටක්?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී අපට මුහුණදීමට ප්‍රධාන වශයෙන් අභියෝග තුනක් තිබිණි. එකක් යුද්ධයයි. දෙවනුව සංවර්ධනයයි. තෙවනුව මතින් රට මුදවාගැනීමයි. එකින් එක නොව මෙම අභියෝග තුනම එක්වර ජයගැනීමට අපි කටයතු කළෙමු. යුද්ධය අවසන් කරන අතරතුරේදීම නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය ආදී ව්‍යාපෘති මගින් යුද්ධය තිබූ ප්‍රදේශද ඇතුළත්ව සමස්ත රටම සංවර්ධනය කිරීමට කටයුතු කළෙමු.

මේ අතර මතින් රට මුදවාගැනීම සඳහා %‘මතට තිත’  යනුවෙන් වෙනමම වැඩසටහනක්ද දියත් කළෙමු. එය සාර්ථකව අපි ඉදිරියට කරගෙන ආවෙමු. අපේ ආණ්ඩුව යටතේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීම සඳහා සියලු සැලසුම් කර තිබූ අතර එම කාලයේදීම ආණ්ඩු මාරු විය. කෙසේ වෙතත් සැලසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ අතර, අවසානයේ වෙලේ සුදා අත්අඩංගුවට පත් විය.
ආණ්ඩු මාරුවීමත් සමග වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට මතින් මුදවාගැනීම වෙනුවෙන් මතින් නිදහස් රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. ඒ සඳහා අවංකවම ඔහු ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තේය. නමුත් ආණ්ඩුවේම අනෙක් පාර්ශ්වයේ කකුලෙන් ඇදීම හේතුවෙන් ඔහුට සිය අරමුණ ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

ජනාධිපතිවරයා මතින් රට නිදහස් කර ගැනීමට විවිධ ව්‍යාපෘති ක්‍රියත්මක කරන අතරතුර මුදල් අමාත්‍යාංශය සිදුකරන්නේ මත්ද්‍රව්‍ය හා මත්පැන් ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමය. මෑත කාලයේදී මුලින්ම සිදු කළේ කාන්තාවන්ට මත්ද්‍රව්‍ය මිලට ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල් තුළ සේවය කිරීමට අවස්ථාව ලබාදීමට ආදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය.

ඉන් අනතුරුව තැබෑරුම් හල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කරමින් කාණ්ඩ අනුව උදෑසන 8.00 සිට අලුයම 2.00 දක්වා ඒවා විවෘතව තැබීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. මේ හරහා අවසානයේදී මහා විනාශයක් සිදුවීමට තිබිණි. එක් අතකට මෙය රාජ්‍ය නොවන සංවිධාන විසින් අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ පවත්නා බෞද්ධ සංස්කෘතිය, දර්ශනය විනාශ කිරීමට ගන්නා වූ පියවරවල ප්‍රතිඵලද යන්න පිළිබඳ වෙනමම පරීක්ෂා කළ යුතු වෙයි.
සුපුරුදු පරිදි රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රවෘත්තිය දැක තිබුණේද මාධ්‍ය මගිනි. ඒ අනුව රට පාලනය කරන්නේ කවුදැයි යන්න ජනතාවට ඇති ප්‍රශ්නය තවදුරටත් කුතුහලයක් ලෙස පවතිනු ඇත.  නැවතත් මාධ්‍ය තුළින් ප්‍රවෘත්තිය දුටු ජනාධිපතිවරයා සඳහන් කළේ එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

ජනපති ධුර කාලය

සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ ජනාධිපතිවරයගේ ධුර කාලය වසර පහකට සීමා වන බවයි. 19 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරයා එය වසර 5කට අඩුකර තිබියදී නැවත වරක් ඔහු සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූයේ ඇයිදැයි ගැටලුවකි.
නීතිය අනුව ජනාධිපතිවරයාට එසේ සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බාධාවක් නැත.  නමුත් මේ සියල්ල හරහා අපට පෙනී යන කරුණක් වන්නේ ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට සූදානම් වෙනවාදැයි යන්නයි.
අනෙක් අතින් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පහෙන් තුනක් දැනටමත් අවසන් වී ඇත. ඒ අනුව ඔහු ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු බහුතරයක් ඉටුකිරීමට ඇත්තේ තවත් වසර දෙකක පමණ කාලයකි. දින 100 පටන් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු දක්වා බහුතරයක් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ජනපතිවරයා කටයුතු කළ යුතුව ඇත.
 එසේ නොවුවහොත් ජනතාව ඔහු වෙනුවෙන් තවදුරටත් විරෝධය දක්වනු ඇත. අනෙක් අතට ජනතාවට ඉදිරියේදී ඉටුකිරීමට තවත් බොහෝ දෑ ඇති බව පවසමින් ජනාධිපතිවරයා ඉදිරියේදී අමාත්‍යාංශ කිහිපයක් හෝ තමා යටතට පවරාගැනීමට කටයුතු කරනු ඇත.

සහල් මාෆියාව

මේ වනවිට රටේ මාෆියා කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. පළමුව සහල් මාෆියාවයි. 2015 වසරේ ජනවාරි මස 08 වැනිදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාට රට බාරදෙන විට සහලින් රට ස්වයංපෝෂිතව තිබිණි. හොඳම උදාහරණය නම් ලැබුණු වී අස්වැන්න ගබඩා කිරීමට මත්තල ගුවන්තොටුපොළ පවා යොදාගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි.  කෙසේ වෙතත් මෙහිදී ගොවියාට වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබුණු අතරම පාරිභෝගිකයන්ටද අවම මිලක් යටතේ සහල් ලබාගැනීමට අවස්ථාව තිබිණි.
මෙසේ ලැබුණු වී අස්වැන්න ක්‍රමයෙන් අඩු වී ගියේය. ස්වාභාවික හේතුද ඒ සඳහා බලපෑ බව කිව යුතුය. නමුත් කෘෂිකර්මාන්තය භාර වත්මන් අමාත්‍යවරයා වරක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට වී අතිරික්තයක් ඇති හෙයින් විකල්ප වගාවන් වෙත වී ගොවීන් යොමුවිය යුතු බවය. මේ හරහා වී ගොවීහු වී නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අධෛර්යමත් වූහ.

අනෙක් අතින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. පොහොර නැව් එනතෙක් ගොවියන්ට බලා සිටීමට සිදු විය. ගතවූයේ වසර තුනකි. දැන් රටින් හාල් ගෙනෙන තත්ත්වයට පත්ව තිබේ. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද දක්වා මසකට සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් බැගින් ආනයනය කිරීමට තීරණය කර අවසන්ය. මේ හරහා ගැටලු රාශියක් උද්ගත වෙයි. පළමුවෙන්ම එය වෙළෙඳ ශේෂයට සෘණාත්මක ලෙස බලපායි. දිගින් දිගටම ආනයනය කිරීම හරහා අපගේ මුදල් විදේශයන්ට ඇදී යන අතර, ඒ හා සාපේක්ෂව අපනයන සිදු නොවීමෙන් ගෙවුම් ශේෂයේ ඍණ අගය වැඩිවනු ඇත. 
අනෙක් අතින් විදේශවල සිට ආනයනය කරන සහල් සාපේක්ෂ වශයෙන් අවම මිලක් යටතේ අලෙවි කරනු ලබයි. මෙහි ගුණාත්මකභාවය වෙනමම සලකා බැලිය යුතු තත්ත්වයකි. අවම මිලට විදේශීය සහල් අලෙවි කිරීම හරහා දේශීය සහල් අලෙවි වීම අඩු වශයෙන් සිදුවීමෙන් එහි අවසන් බලපෑමද සිදුවන්නේ ගොවියාටය. ඉදිරියේදී ඔවුන්ට නැවතත් කුණු කොල්ලයට වී මෝල් හිමියන්ට සිය වී අලෙවි කිරීමට සිදුවනු ඇත. මේ සහල් මාෆියාව පසුපස සිටින්නේ කවුදැයි යන්න අමුතුවෙන් ජනතාවට පැවසීමට අවශ්‍ය නොවන අතර ජනතාව එය හොඳාකාරවම දනිති. ලබන සතියේදී යළිත් හමුවෙමු ඔබට සුබ අනාගතයක්

 

මෙම දරුවාට ඔ‍ෙබි පිහිට අවැසිය

AID_9458

පුවත්පත් කාර්යාලයට අවුරුදු දහතුනක දරුවකු තම මවත් කුඩා මලණුවනුත් සමග පැමිණ සිටි අතර, ඔවුන් අප කෙරෙන් යම් උදවුවක් බලාපොරොත්තු විය. එය කිසිසේත්ම අපට ඉටු කරන්නට අපහසු උදවුවක් නොවුණු නිසාම මෙම සටහන ලියැවෙයි. අප සැවොම ජීවත් වන පොළොව මත ඉහළ නගින මිනිසුන් සේම ජීවිතයේ අතිශය දුක්ඛිත කාලයන් ගෙවා දමමින් සිටින මිනිසුන් අපට හමුවෙයි.  

අප හැකි පමණින් මිනිසුන් ලෙසින් තම වර්ගයාට ඉටු කළ හැකි තරමේ උදවු කරමින් මේ ජීවිතයේ ඉදිරියට යන මුත් ඒ අතරේ අපට මගහැරෙන අපගේ උදවු අවැසි බොහෝ පිරිසක් වෙයි. මෙම දහතුන් හැවිරිදි දරුවා එසේ මග නොහැරෙනු පිණිස මෙම සටහන තැබෙයි. මේ ඔහුගේ මව විසින් අපට පැවසූ කතාව සංස්කරණයකින් පසුව තබන සටහනයි. මෙම සටහන හා බැඳෙන දත්තවල සක්ෂි අප සතුව ඇති අතර, මෙම කාරණාවට මනුසත් බවින් බැඳෙන පිරිසට අවැසි වන ලෙස ඒවාද මෙම සටහනට එක් වෙනු ඇත.
“පුතාගෙ නම සියුම් ඉඳුවර. වයස අවුරුදු  13 යි. පුතා ඉපදෙනකොට පුතාගෙ ඇස් දෙකේම කළු ඉඟිරියාව තිබුණෙ නැහැ. අත් දෙකේම එක අතක ඇඟිලි දහය ගානෙ විස්සක් තිබුණා. කකුල් දෙකෙත් ඒ විදියටමයි. ඒ ඇඟිලි සියල්ල එකිනෙක බැඳිලයි තිබුණෙ. ඉන්පසුව කුඩා කාලයේදි කොළඹ අක්ෂි රෝහලෙන් පුතාට ඇහැක් බද්ධ කළා. නමුත් සිංගප්පූරු ගිහිල්ලා පරීක්ෂණ කළාම ඒ ඇහැ පේනවා අඩුයි කියල කිව්වා. ඒ සැත්කම සාර්ථක මදියි කියා ඔවුන් පැවසුවා. ඉන්පස්සෙ කැලණියේ සිටින මහත්තයෙකුගේ වියදමින් සිංගප්පූරුවෙනුත් ඔපරේෂන් එකක් කළා. ඒ ඔපරේෂන් එකෙන් පස්සෙ පුතාට ඉස්සරට වැඩිය ටිකක් පේනවා. දැන් පුතා පාට කියනවා. සල්ලි කොළ අඳුන ගන්නවා.

AID_9465

දකුණු අතේ එක් ඇඟිල්ලක් මම ළමා රෝහලෙන් හැදෙවුවා. අනිත් ඇඟිලිවල සැත්කම් කළේ ඩර්ඩන්ස් රෝහලෙන්. ඒ සම්බන්ධ සැත්කම් පුතා පුංචි කාලෙ ඉඳන්ම කරනවා. ඒකෙ අන්තිම ඔපරේෂන් එක කළේ ගිය අවුරුද්දෙ මැයි මාසෙ. වම් අතටත් ඒ වගේම ඔපරේෂන් කරන්න තියෙනවා. දැනට ටිකක් කරලා තියෙන්නෙ. මේ වෙද්දි දරුවාගෙ අත්දෙකට විතරක් ප්ලාස්ටික් සැත්කම් දහයක් කරල තියෙනවා. ඒ කරලයි මේ තත්ත්වෙට ගෙනාවෙ.මෙයාගෙ කකුල පිහිටලා තියෙන විදියට කකුලෙ ඇඟිලි හදන්න අමාරුයි කියල දොස්තර මහත්තයා කිව්වා. ඒ නිසා සෙරෙප්පු දෙකක් දාන්න පුළුවන් වෙන විදියට ඇඟිලි කරු දෙකක් විතරක් හිටින්න හදල දෙන්නට පුළුවන් වග කිව්වා. ඊළඟට ආයෙත් අනිත් අතට කරන ඔපරේෂන් එක කරන්න තියෙනවා. ඒක කරන්නෙ ප්ලාස්ටික් සැත්කම් අංශයේ රොමේෂ් ගුණසේකර වෛද්‍යවරයායි. දැනට අතට කරන්න තියෙන ඔපරේෂන් එකට ලක්ෂ තුනක වියදමක් යනවා. ඒක කරන්න නියමිත වෙලා තියෙන්නෙ ලබන මාසෙ දහ තුන් වැනිදා ඩර්ඩන්ස් රෝහලේදියි. කකුල්වලට යන වියදම ගැන තවම දන්නෙ නැහැ. මේ අතේ ඔපරේෂන් එක ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න වෙන්නෙ”

එසේම දිවයින පුරා නොයෙකු වූ ප්‍රෝඩාකාරී පිරිස් විසින් මෙවැනි අසරණ පිරිස් හරහා මුදල් ගරමින් සිටින අතර එවන් වූ අයෙකු මෙම දරුවා තම කළු සල්ලි වෙනුවෙන් උපයෝගී නොකර ගන්නට තරම් කාරුණික වන්න.

රචින්ත ජයවර්ධන/ ඡායාරූප – ඉසුරු පෙරේරා