Monthly Archives: December 2017

අතුරු කමිටු වාර්තාවෙන් ෆෙඩර් ක්‍රමය ඉක්ම වූ ක්‍රමයක්

625.147.560.350.160.300.053.800.264.160.90යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්ථාව තුළින් ෆෙඩරල් ක්‍රමය ඉක්මවූ පාලන ක්‍රමයක් යෝජනා වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (30දා) සවස යාපනය නල්ලූර් ප්‍රදේශයේදී මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අතුරු කමිටු වාර්තාවේ පිටු 4 ක් ගැන හරියට කියවලා බැලුවොත් පළවෙනි හා දෙවැනි පිටුවල කියවිලා තියනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නෙ නැහැ කියලා.

 නමුත් දැන් තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකීයයි කියල තියනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩුවලට බලය ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා එකේ තියෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් ගේනවා කියලා අපි පොරොන්දු වුණා. අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලැබිල තියන බලය ආපසු ගන්න බැහැ. ඒ දීපු බලය අඩුකරන්න බැහැ. වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්නත් බැහැ.

මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවනම් කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියලත් අතුරු කමිටු වාර්තාවේ කියවිල තියෙනවා.

වෙනස් කරනවානම් ඒකට පළාත් සභාවල අනුමැතිය ඕන එක් පළාත් සභාවක් හරි ඒකට අකමැති වුණොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. ඉතිං මේක ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය දෙයක්.”

 

ඇපල් iPhone සිය පාරිභෝගික ජනතාව ගොනාට අන්දවනවාද?

ඇපල් සමාගම විසින් සිය පැරණි මාදිලිවල iPhone දුරකථනවල ක්‍රියාකාරීත්වය හිතාමතා අඩාල කරමින්, ඉහළ තත්ත්වයේ දුරකථනවලට යොමුවීම සඳහා පාරිභෝගිකයන් පොළඹවන ක්‍රියාවක නිරත වන බවට කාලය පටන් නැඟෙන චෝදනාව යළිත් කරළියට පැමිණ තිබේ.

ඒ අනුව, ඇතැම් පැරණි iPhone මාදිලිවල ක්‍රියාකාරීත්වය චේතනාත්මකව අඩුකර ඇති බවට නැඟෙන චෝදනාව අවසන් වශයෙන් පිළිගැනීමට ඇපල් සමාගමට සිදුව ඇති අතර, ඉන් නොනැවතී ඒ සම්බන්ධයෙන් සමාව ගැනීමටද සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මෙසේ ක්‍රියාකාරීත්වය අඩු දුරකථනවල බැටරි මාරු කරන බව පවසන ඇපල් සමාගම 2018 නව මෘදුකාංගය නිකුත් කරන බවත්, ඒ අනුව පාරිභෝගිකයන්ට සිය දුරකථනවල බැටරි තත්ත්වය පරීක්ෂා කිරිමට හැකියාව ලැබෙන බවත් පවසා සිටී.

එමෙන්ම, මේ ආකාරයෙන් පැරණි බැටරි සහිත ඇතැම් දුරකථනවල ක්‍රියාකාරීත්වය අඩු කිරීමට කටයුතු කළේ එම දුරකථනවල ජීව කාලය දිගු කිරීමට බවද ඇපල් සමාගම තමන් වෙත එල්ල වන චෝදනා සාධාරණීකරණය කරමින් පවසා තිබේ.

මේ තත්ත්වය තුළ iPhone 6 හෝ ඊට පසු දුරකතනයක් ඇති ඕනෑම කෙනෙකුට වගකීමකින් තොරව සිය බැටරි මාරු කිරීමක මිල ඇ.ඩො.79 සිට 29 දක්වා අඩු කරන බව ඇපල් සමාගමේ වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.

1_Apple

මැතිවරණ සඳහා මාධ්‍ය උපමානයන්ට අගමැති 02දා අත්සන් කරයි

සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා වන මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජනවාරි 02 වන දින අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2017 දෙසැම්බර් මස 04 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් මෙම මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කරනු ලැබිය.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලභාවය ලබන අතර, මෙම මාධ්‍ය උපමානවලින් බැඳී සිටීම සියලුම මාධ්‍යයන්හි යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

මේ හරහා ඉදිරියේ දී පැවැත්වෙන සියලුම මැතිවරණ සාධාරණ හා නිදහස්ව පැවැත්වීමේ එක් අංශයක් වන ජනමාධ්‍ය භාවිතාවේ අපක්‍ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු වනු ඇති බවත් මෙය යහපාලනයේ තවත් ජයග්‍රහණයක් බවත එම නිවේදනයේ වැඩිදුරත් දැක්වෙයි.

Ranil-From-his-twitter-

සාම්පුර් චෛත්‍ය පිහිටි භූමිය සංරක්ෂණයට පියවර

image_1496226675-eac1d43085කිසියම් පිරිසක් විසින් විනාශකර දමන ලද සාම්පූර් සූඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුළත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණයට ඉදිරියේදී පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පවසයි.

කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබු සාම්පූර් දාගැබට අදාළ නටඹුන් ද ඉකුත් දා පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුව මතුකරගෙන ඇත.

එය පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් ලෙස නම් කිරීමට ප්‍රථම කිසියම් කණ්ඩායමක් විසින් මෙම විනාශය කර සිදුකර ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කරන්නේ අදාල විනාශයට සම්බන්ධ වූවන්ට එරෙහිව පුරාවිද්‍යා අඥාපනතේ විධි විධානයන්ට යටත්ව උපරිම දඬුවම් හිමිවන බවයි.

ඉපැරණි බෞද්ධ උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අදාළ දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවස්තු අඥාපනතේ විධිවිධාන අදාළව ඉදිරියේදී පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව බාරයට  ගැනිමටත් එම ප්‍රදේශයේ ඉදිරි කැණීම් කටයුතු සහ සංරක්ෂණය කටයුතු සිදුකිරීමටත් බලාපොරොත්තු වන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

ඉරානය පුරා උද්ඝෝෂණ – ඉහළ ජීවන තත්ත්වයක් ඉල්ලයි

ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව ජනතාව මීට දින තුනකට පෙර ඇරඹූ විරෝධතා ව්‍යාපාරය මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරානය තුළ ජීවන තත්ත්වය පහළ වැටීම මූලි කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ වර්ෂ 2009 දී සිදුවූ ප්‍රතිසංස්කරණවාදී විරෝධතා ව්‍යාපාරයට පසුවය.

මේ අතර, නීතිවිරෝධී එක්රැස්වීම් සිදුව ඇති බවට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිදුකර ඇති නිවේදනය තුට්ටුවකට මායිම් නොකළ විරෝධතාකරුවන් පොලිස් වාහන ගිනිපත් කරමින්, රජයේ ගොඩනැගිලිවලට පහර දෙමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.

මේ අතර, සමාජජාල මාධ්‍ය වාර්තා කර තිබුණේ විරෝධතාකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉරානයේ මෂ්හාද් නගරයේදී පසුගිය බ්‍රහස්පතින්දා විරෝධතාවක් ආරම්භ වී තිබුණේ ජීවන තත්ත්වය පහළ වැටීම සහ වැඩිවන ජීවන වියදමට එරෙහිව යමිනි. කෙසේ වෙතත්, සිකුරාදා දිනය වනවිට මෙම විරෝධතා එරට ප්‍රධාන නගර කිහිපයකට වේගයෙන් පැතිර ගොස් තිබුණි.

මෙම ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ විදේශ ඒජන්තවරුන්ගේ හෙංචයියන් විසින් ඇති කරනලද මවා පෑමක් බවට ඉරාන රජය චෝදනා කරයි.

1_Iran 2 3

කුලියට ලබාගත් වාහන විකිණීමේ ජවාරමක්

කුලියට ලබාගත් වාහන ව්‍යාජ ලිපිලේඛණ සකස්කර විකිණීමේ ජාවාරමක් පොලීසිය විසින් අණාවරණය කරගෙනන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි කාර් රථ 4ක්, වෑන් රථ 4ක් මෙලෙස විකුණා ඇති බවට තොරතුරු සොයාගෙන ඇත.

අවුරුදු 40,40 හා 26 වැනි වයස්හි පසුවන දර්ගා නගරය, අලුත්ගම පදිංචි සැකකරුවන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

1(3375)

ඇමතිගේ ප්‍රකාශය වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි

සති කිහිපයක පුහුණුවකින් පසුව සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය පිරිනැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බවට උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි.

එම සභාව සඳහන් කරන්නේ තවමත් සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

සාකච්ඡාවක් පැවැත්වුවත් අවසන් තීරණයක් නොගත් බවත් එම සභාව සඳහන් කරයි.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කළේ වෛද්‍ය සභාව අතකොලුවක් බවට පත්කර ගැනීමට ආණ්ඩුව කටයුතු කිරිම වහා නවතා දැමිය යුතු බවයි.

SRI.LANKA_.MEDICAL.COUNCIL

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට

ශ්‍රී ලංකා බැඩ්මන්ටන් සංගමය වෙත ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන බවට ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ඊයේ (30දා) දින දන්වා ඇත. සැප්තැම්බර් 23 සිට පැවැති  තහනම ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු නියෝජිත පිරිසක් ඩුබායි හිදී ලෝක බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස මෙම තහනම ඉවත් කිරීම සිදුව ඇත.

ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා නොදී පසුගිය මාර්තු 24 වනදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වා තිබූණි. එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේය.

 ඩුබායිදී පැවැති සාකච්ඡාවලදි මෙරට ක්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබිණි.

 මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් එවන ලද ලිපියේ, නිලවරණය පැවැත්වෙනතුරු අතුරු කමිටුවක් පත්කිරීමටත් එම කමිටුව සඳහා නිශාන්ත ජයසිංහ, ක්ලැරන්ස් හෝමර්, මංගල ගමගේ, රොහාන් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නම්කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසටද යෝජනා කර ඇත.

 ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම හේතුවෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අහිමිවීමේ අවධානමක් තිබූ එම අවධානමද මින් ඉදිරියට පහව යනු ඇත.

IMG_2780

උ.කොරියාවට තෙල් සැපයූ හොංකොං නැව අත්අඩංගුවට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව වෙත ඛනිජ තෙල් සැපයූ බවට චෝදනා ලැබූ හොංකොං ලියාපදිංචියක් සහිත නෞකාවක් සිය භාරයට ගත්බව දකුණු කොරියාව කියයි.

නෞකාවකින් නෞකාවකට තෙල් ප්‍රවාහනයද උතුරු කොරියානු සම්බාධක යටතේ තහනම් ක්‍රියාවක් වුවත්, උතුරු කොරියාව වෙත මේ ආකාරයේ නීතිවිරෝධී තෙල් සැපයුමක් මුහුද මැදදී සිදුකෙරෙන බව පසුගියදා අනාවරණය කරගෙන තිබුණේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවා චන්ද්‍රිකාවක් විසිනි.

මෙසේ අත්අඩංගුවට පත් නෞකාවේ තිබූ ඛනිජතෙල් ටොන් 600ක් උතුරු කොරියානු නෞකාවකට පටවා ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

මේ ආකාරයෙන් උතුරු කොරියාවට තෙල් සැපයීම සම්බන්ධව ප්‍රධාන චෝදනාව එල්ල වී ඇත්තේ චීනයටයි. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද චීනය වෙත එම චෝදනාව කළේය. නමුත්, පසුගියදා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.

හොංකොං ලියාපදිංචිය සහිත ලයිට්හවුස් වින්මෝර් නෞකාව පිරිපහදු කළ ඛනිජතෙල් ලබාගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් 11 වැනිදා දකුණු කොරියාවේ යෙඕසු වරායට ඇතුළු වී ඇති අතර, ඉන් දින 4කට පසුව එය තායිවානය බලා ගමන් අරඹන බව පවසමින් පිටත්ව ගොස් තිබේ.

නමුත්, පසුව සිය ගමන් මාර්ගය වෙනස් කරමින් එහි පටවා තිබූ තෙල් තොගය උතුරු කොරියානු නෞකාවකට සහ තවත් යාත්‍රා තුනකට ජාත්‍යන්තර මුහුදේදී පටවා තිබුණේ ඔක්තෝබර් 19 වැනිදාය

1_Winemore

වීකෘති කරන ලද මුදල් බාර ගැනීමේ කාලය දිගු කරයි

හිතා මතා හානි කරන ලද හා විකෘති කරන ලද මුදල් බැංකුවට දී මාරු කර ගැනිමේ කාලය මාර්තු 31 දා දක්වා දීර්ඝ කර තිබේ. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ බැංකු අධිපතිට කරන ලද දැන්වීමක් අනුව මෙම කාලය දිගු කර තිබේ.

මුදල් මාරු කර ගැනීමේ අවස්ථාව අද (31දා) අවසන් කිරිමට නියමිතව තිබුණි. 

CBSL_11