Monthly Archives: December 2017

හිටපු නායකයාගේ ප්‍රතිචාර නිසා පළාත් පාලන ආයතන අගතියටම ගියා

පසුගිය ආණ්ඩුව ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ අගතිගාමී වැඩපිළිවෙළේ ආරම්භය පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හැසිරීම සහ කි‍්‍රයාකාරිත්වය බවත් ඊට එවකට නායකයාගෙන් හිමිවූ ප‍්‍රතිචාරය එම ආයතන අගතිය කරාම ගමන් කිරීමට ඉවහල් වූ බව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

එළැඹෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුව ද වංචා, දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය සඳහා ඔවුන්ට කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.

එලෙස හැසිරෙන සියලු දෙනා වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කර ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (31) පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

පළාත් පාලන ආයතනවලට පමණක් නොව ඉන් ඉහළ සියලු අංශවලට ඉදිරියේදී නීතියේ ආධිපත්‍ය තුළ කටයුතු කිරීමට සිදුවන බව ජනපති මෙහිදී අවධාරණය කළේය.

ජනතාවගේ මුදල් සොරා කමින් වංචාව, දුෂණය වැපිරූ යුගය තම පාලන කාලය තුළ නිමා කිරීම අපේක්ෂාව බවත්,  යහපත් චර්යාවකින් ජනතා යහපත උදෙසා කැපවන මහජන නියෝජිතයින් පිරිසක් රට තුළ ගොඩනගන බවද කියා සිටියේය.

 

පොහොර සඳහා මිලියන 2500ක් නිදහස් කෙරේ

Captureගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා රුපියල් කෝටි 250 ක මුදලක් නිදහස් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගොවි ජනතාවට පොහොර ලබා ගැනීම සඳහා බැංකු වෙත මුදල් ලැබී නොමැති බවට ඊ තමන් වෙත ලැබුණු තොරතුරක් අනුව තමා මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීමක් සිදු කොට එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමු කිරීමට උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (30දා) පස්වරුවේ පොළොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

ග‍්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් එම ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යාමේදී රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයින්ගේ ද අදහස් හා යෝජනා ඉතා වැදගත් බවත් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් අවශ්‍යව ඇත්තේ ගමේ සංවර්ධනයට කැපවන ජනතා නියෝජිතයින් පිරිසක් බවත් පැවැසිය.

 

 

පළාත් පාලන ආයතන රාශියක ආණ්ඩු පිහිටුවීම ගැටලුවක්

පළාත් පාලන ප්‍රතිඵලය කවරක් වුවත් පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි. එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ රාශියක ඉරණම තීරණය වන මැතිවරණයක් ලෙස පළාත් පාලන මැතිවරණය හැඳින්විය හැකි බවත් ඔහු පවසයි.

“2018 වර්ෂය කිසියම් ආකාරයකට ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සංක‍්‍රමණික වර්ෂයක්. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණවල ප‍්‍රතිඵල කවරක් උනත් පවතින ඡන්ද ක‍්‍රමය නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු ප‍්‍රමාණයක ආණ්ඩු පිහිටුවීම ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ අතර ඇතිවන එකඟතාවයෙන් යුතු පළාත් පාලන ආණ්ඩු ඇතිවන බව නම් දැන් තබාම කිව යුතුයි. ඒවගේම මේ කි‍්‍රයාවලියත් සමග ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයේම, එක්සත් ජාතික පක්ෂයේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වගේම එක්සත් පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයේ මේ සියළුම දෙනාගේ දේශපාලන ඉරණම මෙයින් තීන්දු වෙනවා.

බොහෝ දෙනෙක් තමන් බලගතුයි, තමන් හොල්ලන්න බැහැයි කියා සිතුවට මේ මැතිවරණයේදී ඔවුන්ට එක්තරා ආකාරයකට පොදු ජනතාවගේ තීන්දුව පෙන්න පටන් ගන්නවා. මහජන රැළිවලට ලක්‍ෂ ගණන් සෙනග සල්ලි දීලා, බස් දාලා අද්දවගෙන ආවට මොකද ජනතාවගේ තීන්දුව ඊට වඩා වෙනස් බව 2015 දී ඔප්පු උනා.

ඒ නිසා මේ මැතිවරණයත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂයට තීරණාත්මකයි. ඔවුන් මාධ්‍යවලින් ගෙනයන, රැස්වීම්වලින් ගෙනයන පුම්බාගත් ජනප‍්‍රසාධය ඇත්තටම මේ මැතිවරණයේ තිබෙනවාද නැද්ද කියන එක මෙයින් තීරණය වනවා ඇති.”

unnamed (3) copy copy

නේපාල කඳු තනිවම තරණයට වැට බැඳෙයි

නේපාලයේ, එවරස්ට් කන්ඳ ඇතුළු කඳු මුදුන් වෙත තනිව සිදුකරන කඳු තරණයන් නැවැත්වීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

එවරස්ට් කන්ද ඇතුළුව නේපාලයේ වූ කඳු තරණයේදී සිදුවන අනතුරු වැළැක්වීමත්, කඳු තරණයේදී සිදුවන ජීවිත හානි අඩුකර ගැනීම සඳහාත් මෙම පියවර ගත් බව නේපාල සංචාරක බලධාරීහු පවසති.

මෙම වසර තුළ වාර්තාගත පිරිසක් එවරස්ට් තරණය සඳහා උත්සාහ ගෙන තිබුණත්, ඊට සාපේක්ෂව විශාල අනතුරු සංඛ්‍යාවක්ද මෙම වසර තුළ වාර්තා වී තිබුණි.

මෙවර එවරස්ට් තරණයේදී මේ දක්වා මරණ 6ක් සිදුව ඇති අතර, එසේ ජීවිතක්ෂයට පත්වූවන් අතර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස එවරස්ට් තරණය කරමින් යළිත් වරක් තම වාර්තාව අලුත් කිරීමට ගිය 85 හැවිරිදි මින් බහ්දූර් සර්චෑන්ද වෙයි.

එමෙන්ම, ලොව ප්‍රකට කඳු තරණය කරන්නෙකු වූ ස්විට්සර්ලන්ත ජාතික උඒලි ස්ටෙක් තනිව එවරස්ට් තරණයට උත්සාහ කිරීමෙන් ජීවිතක්ෂයට පත්විය. 

1_Everest 2

මන්නාරමට නව රදගුරුවරයෙක්

‍ෙමන්නාරම දිසාව බාර නව රදගුරු පියතුමන් ලෙස ආචාර්ය ලයනල් ඉමානුවේල් ප‍්‍රනාන්දු පියතුමා ඊයේ (30දා) සවස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේදී වැඩ බාරගනු ලැබීය.

මන්නාරම දිසාව බාර රදගුරු පියතුමා ලෙස කටයුතු කළ රායප්පු ජෝශප් පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්නාරම දිසාව භාර රදගුරු පියතුමා ලෙස ලයනල් ඉමානුවේල් ප‍්‍රනාන්දු පියතුමා අද (31දා) දින සිට වැඩකටයුතු ආරම්භ කරනු ඇත

රායප්පු ජෝශප් රදගුරු පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව මන්නාරම දිසාව බාර වැඩබලන පාලක රදගුරු පියතුමන් ලෙස කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා පසුගිය වසර දෙකක පමණ කාලයක් කටයුතු කරනු ලැබීය.

 

625.0.560.320.500.400.197.800.1280.160.90

 

අරණායකින් සුදු ලේනෙක් හමුවෙයි

අරණායක සැලව පිල්ලෑව ප‍්‍රදේශයේ නිවසක ඇතුළත වැටී සිටි සුදු ලේන පැටියෙකු හමු තිබේ. එම ලේන පැටියා නිදැල්ලේ එම නිවසියන් විසින් නිවසේ සුරතලයට ඇති කරන අයුරු අද ( 31දා) පස්වරුවේ එහි ගිය අපට දැක ගැනිමට හැකි විය.  මීට  ඉහතදීත මෙම ප්‍රදේශයේදී සුදු ලේන පැටියෙක් හමුවී තිබේ.

01 copy 03 copy 04 copy 06 copy 07 copy

සමන් විජය බණ්ඩාර

ඔක්තෝබර් අපනයන අදායම්හි ඉහළ යෑමක්

අපනයන ආදායම වර්ධනය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් 2017 ඔක්තෝබර් මස අපනයන ආදායම ඉලක්කම් දෙකක වර්ධනයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා වෙළෙඳ පොළ වෙත සිදුකරන ලද ඇඟලුම් අපනයන ඉහළ යෑම පිළිබිඹු කරමින් කාර්මික අපනයන ආදායම ඉහළ යෑම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව මහ බැංකුව පවසයි.

එහිදී, ඇමෙරිකා එක්සත් ජනපදයට සිදුකරන ලද ඇඟලුම් අපනයන 14.7%කින් ඉහළ ගොස් ඇති අතර, ජී.එස්.පී. ප්ලස් පහසුකමෙහි ප්‍රතිලාභ පෙන්නුම් කරමින් යුරෝපා වෙළෙඳ පොළ වෙත සිදුකළ ඇඟලුම් අපනයන 8%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 2017 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ප්‍රධාන වෙළෙඳ පොළ ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඉතාලිය සහ ජර්මනිය පැවති අතර, එම රටවල් වෙත සිදුකරන ලද අපනයන, මුළු අපනයන ආදායමෙන් 51%ක් පමණ වූ බවද මහ බැංකුව පවසයි. 

ඔස්ට්‍රේලියාවේ සීප්ලේන් අනතුරින් 6ක් ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයට කිලෝමීටර් 50ක් පමණ උතුරු දෙසින් වූ ගංගාවක් වෙත දියමත ගොඩබෑම සිදුකළ හැකි සීප්ලේන් යානයක් කඩා වැටීම නිසා එහි ගමන්ගත් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිව් සවුත්වේල්ස් පොලීසිය පවසා සිටියේ හෝක්ස්බරි ගංගාව වෙත යානය කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

පොලිස් කිමිදුම්කරුවන් යොදා ගනිමින් පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකිවූ බවත්, මීටර් 13ක් පමණ ගැඹුරු ගංගා පතුලේ යානය පවතින බවත් පොලීසිය කියයි.

මෙම අනතුරින් මියගිය අය කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති වුවත්, මියගිය අය අතර බාළ වයස්කාර දරුවෙකු සිටින බවද විශ්වාස කෙරෙයි.

මේ අතර, ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

1_Ausi 2

හොඳින් හෝ නරකින් 2018 ආණ්ඩුවේ බලය ගන්නවා

 “හොදින් හෝ නරකින් 2018 ආණ්ඩුවේ බලය අපි ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරලා  ඉවරයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (30)  බටපොලදී පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කිසිම ආකාරයකට ඡන්දයකට නොපැමිණෙන බවත ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

“බලයට,මුදලට කෑදරකමට අපිව අමාරුවේ දාලාගිය  ශ්‍රී ලංකාකාරයින්  ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙලා මේ පාර පළාත් පාලන  ඡන්දයට එන්න සාකච්ඡා කළා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. මම මහින්ද මහත්තයට කිව්වා අපි තනිවම ඡන්දය කරමු කියලා.

යම් විදිහකින් එකතුවෙලා ඡන්දය ඉල්ලනවා නම් මට තනිවම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න ඉඩ දෙන්න කියලා. අපිව හැරලා දාලා ගිය  ශ්‍රී ලංකාකාරයින් එක්ක එකතුවෙලා  ඡන්දය ඉල්ලනවට තදින්ම විරුද්ධවුණේ  මමයි නාමලුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවේ කවුද? සිරිසේන මහත්තයාමයි ඒක කළේ.”

කරන්දෙණියඑම්.සුසිල් ප්‍රියන්ත

prasanna ranathunga

 

 

කරවල කැලැන්ඩරයට සීවලී රහතන් වහන්සේගේ රුව යොදා අත්අඩංගුවට

ආගමකට අපහාස වන ආකාරයෙන් 2018 වසරේ  කැලැන්ඩර්  මුද්‍රණය කොට බෙදා හැරි බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන වසරේ ජනවාරි 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර  ඉලංගසිංහ මහතා නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ  කාත්තන්කුඩි පදිංචි දඹුල්ලේ කරවල වෙළඳ සැලක සේවකයකු වූ නෙයිනා මොහොමදු අස්තාර්  නැමැති අයෙකි.

සීවලී මහරහතන්වහන්සේගේ රුව සහිත මුද්‍රණය කරන ලද කැලැන්ඩරයේ පහත කොටසේ කරවල රූප ඇතුළත් කොට පාරිභෝගිකයන්ට බෙදා හැර තිබුණි.

දඹුල්ල පොලිසිය අධිකරණයට දැනුම් දී සිටියේ මෙසේ  ආගමකට අපහාස වන ආකාරයෙන් මුද්‍රණය කළ කඩවත ප්‍රදේශයේ මුද්‍රණ ආයතනයේ හිමිකරු හා කරවල තොග වෙළෙඳ සැලේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි අයකු විසින් පොලිසියට කරන ලද දැනුම් දීමක් මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පවත්වාගෙන ගිය කරවල තොග සහ සිල්ලර වෙළෙඳ පොළක් වටලා එම ස්ථානයේ බෙදා හරිමින් සිටි සීවලී රුව සහිත මෙම අපහාස වන ආකාරයේ කැලැන්ඩර්  තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

law-court_2900691b