Monthly Archives: November 2017

පොහොට්ටුව දිස්ත්‍රික්ක 12කට ඇප බඳියි

image_1504433693-1020483d3cශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 12කට ඇප මුදල් තැන්පත් කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, මාතලේ, මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හැකියාව ලැබුණු බවද සභාපතිවරයා වැඩිදුරටත්  පවසා සිටි‍යේය.

 

ඔස්ට්‍රේලියා – නවසීලන්ත යන්න සිටි 31ක් අත්අඩංගුවට

බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා ගමන් කිරීමට රැඳී සිටි පුද්ගලයන් 31ක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ආරච්චිකට්ටුව නගුල්එළිය ප්‍රදේශයේ සැකකටයුතු අයුරින් පුද්ගලයන් පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරුවන් උඩප්පුව, මුලතිව් හා යාපනය පදිංචිකරුවෝ වෙති.

arrest

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අත්හිටුවයි

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.

srilanka_police

බස් – කාර් අනතුරින් දෙදෙනෙකු මරුට

දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ කුඩා මීගස්වැව ප්‍රදේශයේදී අද (30දා) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස්‍ ඇතැයි හබරණ පොලීසිය පවසයි.

මෙම අනතුරින් අනතුරට පත් වාහන දෙකෙහිම ගමන් කළ පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුහු රෝහල් ගත කර සිටිති.

මහනුවර සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.

අනතුරට පත් මෝටර් රථයේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර  එහි  රියදුරු සහ ඉදිරි අසුනේ ගමන්ගත් අනෙක් පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව සිටිති.

හබරණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

??????????????????????????????? ???????????????????????????????

මහවිරු සැමරුවාට අත්අඩංගුවට ගන්නේ නැතිවෙයි

මහවිරු සැමරුම් සිදු කළ පිරිස් අත්අඩංගුවට ගන්නා බවට රජය විසින් සිදු කළ ප්‍රකාශ ක්‍රියාත්මක නොවෙනු ඇති බවට විශ්වාශයෙන් පසු වන බවට උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.

යාපනයේදී ඊයේ (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ‍හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,

"මහවිරු වලට සම්බන්ධ පුදගලයන් අත්අඩංගුවට ගන්නවා කියලා ප්‍රකාශ කර තියනවා. නමුත් ඊට විරුද්ධව මොකුත් කරන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද මෙවැනි රැස්වීම් පැවත්වීමට රජය ඉඩ ලබාදී තියනවා.

නැතිනම් රජපක්ෂ ආණ්ඩු සමයේදී මෙවැනි රැස්වීම්වලට තහනම් පැනවූවා වගේ තහනමක් පනවන්න තිබුණා. එලෙස තහනමක් නිකුත් නොකොට ඒ අයට සමරන්න දීලා දැන් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා”  යැයි ද පවසා සිටියේය.

C.V.-Wigneswaran

 

බණ්ඩාරවෙල පුනාගලට 185MM වැස්සක්

අද (30දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළදී දිවයිනට මිලී මීටර් 185 ක වර්ෂාවක් බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳමන් කරයි.

මේ අතර ඊයේ දිනයේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0ක් ලෙස සුපුරුදු පරිදි නුව එළිය දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වූ බව එම නිවේදනයේ දැක්වෙයි. 

maxresdefault copy

හමුවූ සිරුර දළ පූට්ටුවාගේ බව තහවුරුයි

පොල්පිතිගම මොරගොල්ලාගම, සොරොව්වැව ආසන්න රක්‍ෂිතය තුළ තිබී ඊයේ ( 29දා) සොයාගත් ඇතාගේ මළ සිරුර අතුරුදහන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර බව දේහය පිළිබඳ පැවත් වූ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු කර ගැනීමට හැකිවූ බව වයඹ පළාත් සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ඒ.එච්.සුමනසේන මහතා ප‍්‍රකාශ කරයි.

මළ සිරුර සොයාගත් ස්ථානයේදී අද (30දා) කොළඹ වනජීවී ප‍්‍රධාන කාර්යාලයෙන් පැමිණි පශු වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විණි.

මෙම හස්තියාගේ පිටුපස වමි පාදයේ තුවාලයක් තිබී ඇති බවත් මීට මාස කිහිපයකට පෙර වනජීවී නිලධාරීන් විසින් ඊට ප‍්‍රතිකාර කර ඇති අතර එම තුවාලය මළ සිරුරේ එලෙසින්ම පැවතී නිසා සිරුර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බව නිශ්චිත ලෙසම තහවුරු කර ගැනීමට හැකිවූ බව වයඹ පළාත් වනජීවී අධ්‍යක්‍ෂවරයා මෙන්ම වනජීවී නියාමක අසේල වික‍්‍රමසේකර මහතාද ප‍්‍රකාශ කරයි.

මෙම හස්තියා මීට සති දෙකක හෝ සති හතරක කාලය ඇතුළත ඝාතනය කරන්නට ඇති බවද පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ පශු වෛද්‍යවරු ප‍්‍රකාශ කර ඇත.

මෙම හස්තියා අත්තුවක්කුකින් වෙඩි තබා ඝාතනය කර ඇති බවටද පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු ව තිබේ. ඇතාගේ හිස තුළ ඊයම් බෝල දහයක් තිබී සොයාගත් බව හේරත්ගම අඩවි වන කාර්යාලායේ වනජීවී නියාමක අසේල වික‍්‍රමසේකර මහතා ප‍්‍රකාශ කරයි. වෙඩි පහරින් ඇතාගේ මොලයට සිදුවූ හානියෙන් මරණය සිදුව ඇති බවට වෛද්‍ය පරීක්‍ෂණයේදී නිගමනය කර ඇත.

Galgamuwa-Tusker

යාපහුව සුනිල් කහගල්ල

 

 

දරු සුරතල් බැලීමට සවුති ක්‍රිකට් මගහරියි

ටිම් සවුති

බ.ඉ.කොදෙව් කණ්ඩායම සමගින් හෙට (01) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ඉවත් වී ඇත. ඔහුගේ බිරිඳගේ දරු ප්‍රසූතිය නිසා සවුති මෙලෙස පළමු තරගයෙන්  විවේක ගන්වා ඇත. සවුතිගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානයට තවත් වේග පන්දු යවන්නෙකු වන මැට් හෙන්රි පත් කොට ඇත.

හෙන්රි අවසන් වරට නවසීලන්ත ටෙස්ට් සංචිතය නියෙජෙනය කලේ පසුගිය මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගාවලියෙදීය.

කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ටෙස්ට් තරග දෙකක්,එක්දින තරග 3 ක් හා පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත වේ.

 

තරගයට නම් කළ නවසීලන්ත සංචිතය

 

කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, ටොම් බ්ලන්ඩෙල්, මිචෙල් සැන්ට්නර්, කොලින් ඩි ග්‍රෑන්ඩ්ඩෝම්, මැට් හෙන්රි, නීල් වැග්නර්, ට්‍රෙන්ට් බෝල්ට්

 

 

  

දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ CIDයට

දළ ඇතුන් මරාදැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති  හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන)  සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග දුන් බව නීතිය හා සාමය පළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසසයි.

ඒ පිළිබඳ අදහස් දක්වන අමාත්‍යවරයා,

“ මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒසඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාලයක් තිබේද? එසේ තිබේ නම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදු කළ යුතු නිසා මේ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න කටයුතු කළේ.” යන්න එම නිවේදනය මගින් පවසා සිටියි.

sagala

 

ජනපතිට සෝල් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය

දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.

සෝල් මෙට්‍රොපොලිටන් හි නගරාධිපති පාක් වොන් සූන් මහතාගේ නිල කාර්යාලයේ දී අද (30දා) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී ජනාධිපතිට තුමා වෙත එම ගරු පුරවැසිභාවය පිරිනා ඇත.

පුරවැසිභාවය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ සහතිකය පිරිනැමීමෙන් අනතුරුව පුරවැසිභාවයේ පදක්කම් ද ජනාධිපතිවරයා වෙත පැළදවීය.

ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සෝල් මෙට්‍රොපොලිටන් නගරය මෙහෙයවන ආකාරය පාලන මැදිරිය තුළින් දැක බලාගැනීම සඳහා ද එක්වූ ජනාධිපතිවරයා මෙහාදී පවසා ඇත්තේ කොළඹ නගර සැලැස්මේදී එය උපයෝගි කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

0 01 copy 04 copy 11 copy 13 copy 15 copy 16 copy