Monthly Archives: November 2017

උතුරු කොරියාව සමග සියලු සබඳතා අත්හරින්න -ඇමෙරිකාව

උතුරු කොරියාව සිය නවතම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ඔවුන් සමග සියලු රටවල් සිදුකරන රාජතාන්ත්‍රික හා වෙළෙඳ ගනුදෙනු නවතා දමන ලෙස ඇමෙරිකාව ඉල්ලීමක් සිදුකර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඇමෙරිකානු නියෝජිතවරිය වූ නිකී හේලි පවසා සිටියේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය චීන මිතුරාගෙන් විශේෂ ඉල්ලීමක් ලෙස උතුරු කොරියාවට සිදුකරන ඉන්ධන සැපයුම නවතන ලෙස ඉල්ලා ඇති බවයි.

එමෙන්ම, මේ අවස්ථාවේදී ඇමෙරිකාව ගැටුමක් අපේක්ෂා නොකරන බවත්, යම් ආකාරයකින් යුද්ධයක් ඇති වුවහොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වනු ඇති බවත් ඇය පවසා තිබේ.

මාස දෙකකින් පසුව උතුර කොරියාව සිය නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීමත් සමග ඇමෙරිකාව මෙම අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

1_missile 2

ෆොන්සේකා – ලොකුගේ ගැටෙති

‍ෙප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ගාමිණී ලොකුගේ අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් පාර්ලිමේන්තුවගාලගෝට්ටිටක් බවට පත්විය.

එමෙන්ම මෙහිදී ගාමිණී ලොකුගේ සහ සරත් ෆොන්සේකා මහත්වරුන් පාර්ලිමේන්තුවට නොගැළපෙන අසභ්‍ය වචන භාවිත කළ අතර, ඒ සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව එහිදී මූලාසනය සඳහන් කළේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳ ඊයේ(30දා) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී ගාමිණී ලොකුගේ මහතා අදහස් දක්වන අවස්ථාවේ මෙම බහින්බස්වීම ඇතිවිය.

1

මියගිය ධීවරයෙකුට ලක්ෂ 20 බැගින් වන්දි

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මියගිය එක් ධීවරයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි මුදල් ලබාදෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් ධීවරයන් තිදෙනෙකු මියගොස් පස්දෙනෙකු අතුරුදන්ව සිටින බවද අද (30දා) රාත්‍රියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

අතුරුදන් වූ ධීවරයන් සොයා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත්  පවසා සිටියේය.

 

ධීවර මරණ 2යි – අතුරුදන් 8යි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 8ක් අතුරුදන්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

මේ අතර අනතුරට පත්ව දැනට මුහුදේ  සිටින ධීවර යාත්‍රා කිහිපයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති බවත්  ඔවුන් බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ හා වෙරලාරක්ෂක බලකායේ සහාය ලබා ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වලට උපදෙස් දී ඇත.

2017.11.30 දින පස්වරු 02 වනවිට වාර්තා වී ඇති තත්ත්වය

01 – ගාල්ල දොඩන්දුව – මියගිය ධීවරයින් ගණන 02යි. අතුරුදන් ධීවරයින් ගණන- 03යි. විනාශ වු ධීවර වල්ලම් ගණන- 06යි.

02 ගාල්ල ධීවර වරාය- ධීවර වරායේ නැංගුරම් ලා තිබු බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අලාභහානි සිදු වී තිබේ.

04 ගාල්ල ධීවර යාත්‍රා 02ක් හා එහි සිටි පුද්ගලයින් 04ක් අතුරුදන් වී තිබේ.

05- දෙවිනුවර ප්‍රදේශයට අයත් බහුදින යාත්‍රාවක් කහදමෝදර ප්‍රදේශයේ දී අලාභහානි වි වෙරළට ගොඩ ගසා ඇත. එක් ධීවර කාර්මිකයෙක් අතුරුදන්ව සිටී. 

06 මීගමුව මරියගොරෙට්ටි නැමැති බහුදින ධීවර යාත්‍රාව මුහුදේ පෙරළි  ගොස් ඇති අතර අනතුරට පත් කාර්ය මණ්ඩලය වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇත. 

Weather-Warning-Red-Rain-Wind

ඒකාබද්ධ විපක්ෂයට ජාතික ප්‍රතිපත්තියක් නෑ

ඒකාබද්ධ විපක්ෂය ජාතික ප්‍රතිපත්ති ගැන කතා නොකරන බවත්, ඔවුන් මේ දක්වා ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කර නැති බවත් ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අද (30දා)  පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂය  එජාපයට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, මෙම පසුබිම තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවට විරුද්ධව ගෙනියන ජාතික විමුක්ති සටනක් කර ගතයුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම මැතිවරණයෙදී  ජාතික මතවාදය ඉදිරියට ගෙනයාමට  අඩිතාලමක් දැමිය යුතු බවත්, පක්ෂ පරාජය කිරීමට වඩා ජාතික මතවාදය ජයග්‍රහණය කිරීමට මහා සංඝරත්නය  ඇතුළු  ජාතික බලවේගය එය අතට ගත යුතු බවත්ය.

jointoppsition

අයහපත් කාලගුණය ඉදිරියටත්

ඉදිරි දින කිහිපය තුළත් අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි නිසා ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

ඇතිවූයේ සුළි කුණාටුවක් බවට විවිධ ප්‍රචාර දියත් කරන බවත්, එහෙත් සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවා ගොස් නොමැති බවත්, මේ නිසා මෙය තද සුළං හා තද වැසි තත්ත්වයක් පමණක් ඇතිව ඇති බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  සඳහන් කර සිටියේය.

පවතින තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දිගින් දිගටම දැනුවත් කරන බවද සඳහන් කළේය.

Weather-Warning-Red-Rain-Wind

ආවා කල්ලියේ 6ක් අත්අඩංගුවට

ආවා කල්ලියේ මහමොළකරුවන් බවට සැකකෙරෙන තිදෙනෙකු යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකයක් මගින් ඊයේ (29දා) කොළඹදී  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මන්නාරම් පාර වවුනියාව පදිංචි ආෆ්ඩීන් මෙහොඩ් ඉත්තම්, දුම්රියපොළ පාර යාපනයේ පදිංචි සිවකුමාර් කිලියොන්, ඔට්ටුමඩම් යාපනයේ පදිංචි රාසේන්ද්‍රන් සින්දුජන් නැමැත්තෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරුවන් 17,18 හා 22 යන වයස්හි පසුවන්නන් බව පොලීසිය කියයි.

arrest

ආපදා ගැන කියන්න තවත් අංක 02ක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම් දීමට හා අවශ්‍ය උපකාර ලබාගැනීම සඳහා තවත් දුරකථන අංක දෙකක් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අනුව සියලුම තොරතුරු හා උපකාර 117 දුරකථන අංකයට අමතරව 011-2670002 හෝ 011-2136136 දුරකථන අංක ඔස්සේ සලසා ගතහැකි බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

සියලුම දුරකථන අංක පැය 24 පුරාම ක්‍රියාත්මක බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකරන නිවේදනවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

DSC_8828

 

කොළඹ මාර්ග යථා තත්ත්වයට – ආපදා කියන්න අංක දෙකක්

කොළඹ නගරයට ඊයේ (29දා) සවස සිට ඇදහැළුණු අධික වර්ෂාපතනය හා දැඩි සුළං හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ කොළඹ නගර සීමාව තුළ විශලා ගස් 20ක් ඇතුළු ගස් 60ක් පමණ මාර්ගයට කඩා වැටීම් සිදුවූ බව කොළඹ මහ නගර සභාව පවසයි.

එමෙන්ම  ප්‍රචාරක පුවරු මාර්ග මතට වැටීම නිසා මාර්ග අවහිර වී තිබූ අතර, උදෑසන වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව එක්ව එම සියලු ගස් කපා මාර්ගවලින් ඉවත් කර කොළඹ නගරයේ සියලු මාර්ග රථවාහන ගමනාගමනය සඳහා යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කළ  බව කොළඹ නගර සභාව පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ මහනගර සභා සීමාව තුළ මාර්ග මතට ගස් කඩා වැටීම් හා වෙනත් මහජන පීඩාවන් 110 හා 011-2422222 දුරකථන අංක ඇමතීමෙන් කොළඹ මහනගර සභාව වෙත දැනුම් දිය හැකි බව කොළඹ මහනගර සභාව නිවේදනය කරයි. ‍

DSC_8835

පුද්ගලයන් 18781ක් පීඩාවට

දිස්ත්‍රික්ක 12කට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 4,886කට අයත් පුද්ගලයන් 18,781ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුද්ගල මරණ 07ක් සිදුවී පුද්ගලයන් 2 දෙනෙකු තුවාල ලබා 05 දෙනෙකු අතුරුදන්ව සිටින බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

නිවාස 3,450කට හානි සිදුව තිබෙන අතර, පවුල් 179ක පුද්ගලයන් 1036 දෙනෙක් ආරක්ෂිත කඳවුරු 09ක රඳවා සිටිති.

rain