Monthly Archives: October 2017

රා මැදීමට බලපත්‍රය අනිවාර්යය කරයි

පොල් හා තල් ගස් වලින් රා මැදීම සඳහා මින් මතුවට බලපත්‍රයක් ලබාගත යුතු බවත් මේ සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනතේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, පොල් ගස් හා තල් ගස් වලින් රා මැදීමට හෝ රා බෑමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. එහෙත් කිතුල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවේ.

සුරාබදු ආඥා පනත යටතේ රා මැදීම සඳහා බලපත්‍ර ලබාගැනීම මීට පෙර අනිවාර්ය කර තිබූ නමුදු රා මැදීම සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොවන පරිදි 2013 වසරේදී මෙම පනත සංශෝධනය කරන ලදී.

මේ හේතුවෙන් මද්‍යසාර නිපදවීම සඳහා ස්කාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය පිළිබඳ ගණනය කර බැලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සතුව ක්‍රමවේදයක් නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පවත්නා ස්කාගාර හරහා ලැබිය යුතු සුරාබදු ආදායම පිළිබඳව නිශ්චිතව අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබූ හෙයින් රජයට ලැබිය යුතු සුරාබදු ආදායම නිසිලෙස තහවුරු කර ගැනීම අපහසු වූ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි

1-2-copy-copy

නාවික හමුදාපති – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හමුවක්

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (31දා) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපතිවරයා අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවත් වූ බවත් සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු  වූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

1

 

ෆෙස්බුක් සමාජජාලය තුළ රුසියාවේ හැසිරීම හෙළිවේ

රුසියාව කේන්ද්‍ර කරගත් පරිගණක පරිශීලකයන් විසින් පසුගිය වසර දෙකක කාලය තුළ ෆේස්බුක් වෙත අප්ලෝඩ් කරනලද තොරතුරු ඇමෙරිකානුවන් මිලියන 126ක් නරඹා ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.

මෙම සමාජ ජාලය පෙන්වා දෙන්නේ 2016 ජනාධිපතිවරණයට පෙර සහ පසුව රුසියාවෙන් අප්ලෝඩ් කරනලද පෝස්ට් 80,000ක් පමණ පැවති බවයි.

මෙම පෝස්ට්වලින් වැඩි ප්‍රමාණයක් සමාජ හා දේශපාලන බෙදීම පිළිබඳ කියවුණු පෝස්ට් බවද ඔවුහු පෙන්වා දෙති.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රුසියාව යම් මැදිහත් වීමක් සිදුකළ බවට සිදුකෙරෙන පරීක්ෂණ අතරතුර ෆේස්බුක් සමාජජාලය මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

1_FacebookTOPSHOT-RUSSIA-US-VOTE

GMOA කැමති වීම ගැන නෙවිල් ප්‍රනාන්දු සතුටින්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පිළිගැනීම පිළිබඳව තමා සතුටුවන බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේම සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුගේම සිහිනය වෛද්‍යවරයෙකු බවට පත්වීම බැවැන් රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

“ සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුගේම සිහිනය වන්නේ, වෛද්‍යවරයෙකු ලෙස මූලික සුදුසුකම් සපුරා, පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයෙකු වීම බැවින්, මා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමුකරන ලෙසයි.

සියලු මතභේද දුරලමින් රටේත්, සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මා නිහතමානීව සතුටු වෙමි” යැයි අද (31දා) නිකුත් කළ නිවේදනයේ වෙයි.

Dr.-Neville-Fernando

 

පොලිස් නිශ්කාෂන වාර්තා ගාස්තු වැඩි කරයි

පොලිස් නිශ්කාෂන වාර්තා ලබා ගැනීම සඳහා අයකරන ගාස්තු සංශෝධනය කිරීමට පොලීස් මූලස්ථානය තීරණය කර තිබේ. 

මේ අනුව ලංකාවේ සිට අයදුම්කර ලංකාවේ ලිපිනයකට තැපැල් කරන විට අයකරන ගාස්තුව රුපියල් 1000 දක්වා වැඩි කර තිබේ. (පෙර පැවැති ගාස්තුව පොලිස් මූලස්ථානයෙන් රුපියල් 500)

ලංකාවේ සිට අයදුම්කර විදේශ ලිපිනයකට තැපැල් කරන විට හා ලංකාවේ සිට හෝ විදේශයක සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කරන විට නව ගාස්තුව රුපියල් 1500කි. (පෙර පැවැති ගාස්තුව රුපියල් 1000කි)

මෙම ගාස්තු සංශෝධනය ලබන 05 දා සිට ක්‍රියාත්මක බවත් ඒ සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබී ඇති බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

srilanka_police

කසුනිගේ පදක්කම පාසලේදී හොරකම් කරලා

කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ ඉතිහාසය තුළ ප්‍රථම වරට සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියකදී පදක්කම් දිනූ කසුනි දේශානි දැරිය ජයග්‍රහණය කළ පදක්කම් පාසලේ ආරක්ෂිත කබඩ් තුළ තබා තිබියදිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබීම පිළිබඳපුත්තලම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

 2017 වසරේ දිවයිනේ පාසල් රැසක් අබිබවමින් සාහිත්‍ය තරගාවලියකින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය සමග රන් පදක්කම දිනාගැනීමට කසුනි දේශානි දැරිය සමත් වූයේ එම පාසල ඉතිහාසයේ මෙතෙක් ලබා තිබූ ඉහළම ජයග්‍රහණය ලබාදෙමිනි.

 එසේ ලබාගත් රන් පදක්කම සහතික සියල්ල පාසලේ කබඩි තුළ ආරක්ෂිතව තිබියදී ඉකුත්දා (29දා) රාත්‍රියේ පාසලේ වහලයේ උළු ඉවත් කරමින් ඉන්පසුව සිවිලිමද කඩා දමා පාසලේ කාර්යාලයට කඩා වැදී ඇති කිසියම් පිරිසක් එහි කබඩ්වල ඉබියතුරු කඩාදමා එහි ආරක්ෂිතව තිබු රන් පදක්කම් හා ලෝකඩ පදක්කම සමග එම කාමරය තුළම වූ මේසයක ඉබි යතුරු කඩා එහි තිබූ රුපියල් 4000කට ආසන්න මුදලක්ද සොරාගෙන ඇතැයිපුත්තලම මුලස්ථාන පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.

FormatFactory1 (10) copy FormatFactory1 (1) copy FormatFactory1 (3) copy FormatFactory1 (8) copy

 

 

 

දක්‍ෂතාවක් නැතුව ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ

සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. ක්‍රිකට් ආයතනයේ ඊයේ (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය. 


AID_2993 AID_3064 AID_3072 AID_3075

පාකිස්තානයේ ආරක්ෂාව දැකලා කලබල වුණා

පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැති තරගයට එක්වීම සඳහා තමා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරට පැමිණි විට එහි පැවැති ආරක්ෂක තත්ත්වය දැකීමෙන් තමා තරමක් කලබල වූ බව ලාහෝර් තරගයේදී කණ්ඩායම මෙහෙයවූ තිසර පෙරේරා පවසයි.

අද (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. “අපි හැමෝම ලාහොර් නුවරට ගොඩ බැස්සාම අපි තරමක් කලබල වුණා මොකද මේ තරම් ආරක්ෂාවක් කියලා. මම ක්‍රිකට් ගහපු අවුරුදු 9ට තමයි ඒ වගේ ආරක්ෂාවක් දැක්කේ. ඒ ආරක්ෂාව ගැන තෘප්තිමත්. එවැනි ආරක්ෂාවක් යටතේ සැබැවින්ම අපට ආයෙත් ක්‍රීඩා කරන්න පුළුවන් පාකිස්තානයේ”

ඡායාරූපය – ඉසුරු පෙරේරා

AID_3007

 

ජනපති – නාවික හමුදාපති හමුවක්

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඇත. ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිතුමා හමුවිය. එහිදී සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.

1

දක්‍ෂතාවත් ආශීර්වාදයත් අවශ්‍ය බව චන්දිමාල් කියයි

සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට ආශිර්වාද ලබාගත් මෑණියන් කෙනෙක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පළ වූ අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් දක්වා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල්, “ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා”.

ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවා යැයි දැයි මෙහිදී චන්දිමාල්ගෙන් විමසා සිටියේය.

“එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්ඩායමේ සියලු දෙනාට. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.

මෙම අශිර්වාද ලබාගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ බවටද කරුණු වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය.

“එහෙම මාව යොමු කළේ නැහැ. ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිබෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන්” යැයි පැවසීය. 

AID_3009