Monthly Archives: October 2017

පුංචි ඡන්දය කල් දමන්නේ නැතිලු

පළාත් පාලන මැතිවරණය අහෝසි කිරීමට හෝ කල්දැමීමට කිසිදු අදහසක් නොමැති බවත්, එය ඉතා ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, අද (31දා) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපට ඉදිරි මැතිවරණයේදී කාගෙත් කෙරුවාවන් බලන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට නිල්පාට අත ලකුණෙන් අපි තරග වදිනවා. ඒ තරග වැදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම ගන්නවා. විශේෂයෙන් මැතිවරණය දිනුවත්, පැරදුණත් මේ පක්ෂය අනාගත පරපුරට දායාද කිරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතා අපට පවරා දී තිබෙනවා" යැයි පැවසීය. 

Sri Lanka Go To The Polls In The Civil War Ravaged North Province

හිටපු තායිලන්ත අගමැතිගේ විදෙස් බලපත්‍රය අත්හිටුවයි

තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ග්ලක් ෂිනවත්‍රාගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට තායිලන්ත වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ඇගේ පාලන සමයේ සිදුවූ සහල් සහනාධාරයක් සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතාවක් හේතුවෙන් හිටපු අගමැතිනිය වැරදිකාරිය ලෙස පසුගිය මාසයේදී අධිකරණය ඉදිරියේ සනාථ වුවත්, නඩු තීන්දුවට පෙර ඇය රටින් පළාගොස් තිබුණි.

මේ තත්ත්වය යටතේ ඇගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

ඇය සතුව තායිලන්ත රජය විසින් නිකුත් කළ විදෙස් ගමන් බලපත්‍ර හතරක් ඇති බව පැවසෙන අතර, මේ වනවිට එම සියලු විදෙස් ගමන් බලපත්‍ර සියල්ලම අත්හිටුවීම තුළ ඇයට විදේශයක නෛතික ලෙස රැඳී සිටීමට අවකාශය නොලැබෙයි.

1_y

බලයෙන් පහකළ කැටලෝනියා ජනපති බෙල්ජියමට පළා ගිහින්

ස්පාඤ්ඤ රජය විසින් බලයෙන් පහ කළ කැටලෝනියා ජනපති කාර්ල්ස් පුටිග්ඩෙමොන්ට් බෙල්ජියම වෙත පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කැටලෝනියාව වෙත ස්වයං පාලනයක් අත්පත් කරගැනීම සඳහා කටයුතු කළ ජනාධිපතිවරයා, එහි උච්චතම අවස්ථාවට පිවිසි අවස්ථාවේදී එම පළාත් ආණ්ඩුව විසුරුවා හැරීමට ස්පාඤ්ඤ මධ්‍යම රජය කටයුතු කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස එහි නායකයා ලෙස කටයුතු කළ කාර්ල්ස්ගේ ජනපති ධුරයට අහෝසි වී ගිය අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤය රජය කටයුතු කරන අතරවාරයේදී ඔහු බෙල්ජියම වෙත පළාගොස් තිබේ.

කෙසේ වෙතත්, තමන් බෙල්ජියමේ දේශපාලන රැකවරණය බලාපොරොත්තුවෙන් නොපැමිණි බව හෙතෙම මාධ්‍ය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤ නීතිපතිවරයා හිටපු කැටලෝනියා ජනපතිවරයාට එරෙහිව ගොනුකරමින් පැවති රජයට එරෙහි විප්ලවයක් සිදු කිරීම යටතේ වූ චෝදනා ඔප්පුවුවහොත් ඔහුට වසර 30ක කාලයක සිරදඬුවමක් හිමිවීමටද නියමිතව තිබුණි.

1_Catalonia

පාකිස්තානයේ සංචාරයට යන බෞද්ධ බැතිමතුන්ට ඉහළ පහසුකම්

පාකිස්තානයේ සංචාරය කරන ශ්‍රී ලංකා බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් පාකිස්තානයේදී ලබාදිය හැකි සෑම පහසුකමක්ම උපරිමයෙන් ලබා දෙන බව පාකිස්තාන ජනපති මම්නූන් හුසේන් මහතා පවසයි.

පාකිස්තානය තුළ සෑම ආගමකටම සමාන නිදහසක් ඇති බවත් දෙරට අතර ආගමික සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් ඇතිකළ යුතු බවත් ඔහු පවසයි.

එසේම පාකිස්තානයේ සමීප මිතුරෙක් වන ශ්‍රී ලංකාව සමග තවදුරටත් වෙළඳ සබඳතා තර කර ගත යුතු බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ෂාහිඩ් හෂ්මට් මහතා හා පාකිස්තාන ජනපතිවරයා අතර පැවැති හමුවකදී ජනපති මෙම අදහස් දක්වා ඇත.

පාකිස්තානය ශ්‍රී ලංකාවේ කරන අයෝජන වරධනය කර ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ආයෝජකයන් පාකිස්තානයට ගෙන්ව් ගැනීමට කටයුතු කළ යතුතු බවත් ජනති පවසයි.

43e1fe3299509a58e70b5b15e2d98252_XL copy copy

www.app.com.pk

චීන වෙළෙඳ පොළ සඳහා SME ව්‍යවසායක අවස්ථා

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මහජන චීන සමූහාණ්ඩුවේ ගොඇන්ෂුහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ‍ජෙනරල් කාර්යාලයේ සහයෝගීත්වයෙන් පැවති 14 වැනි චීන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය සහභාගීත්වය 4 වැනි වරටත් සංවිධානය කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 10දා සිට 13දා දක්වා ගොඇන්ෂුහි පැවති මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා තායිලන්තය, මැලේසියාව, රුසියාව, ග්‍රීසිය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක් සහභාගී වී ඇති අතර, චීනය සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් 4,000කට අධික ප්‍රදර්ශනකරුවන් විවිධ නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කර ඇත.

අගය එකතු කළ තේ, පාවහන් සහ නිමි ඇඳුම්, කුළුබඩු, පොල්  සහ කොහු ආශ්‍රිත නිශ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, සැකසූ ආහාර සහ පාන වර්ග, අත්කම් නිෂ්පාදන ඇතුළුව, සුළු හා මධ්‍ය පරිමාණ අපනයන සමාගම් 21කට ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපයේදී සිය නිෂ්පාදන ප්‍රදර්ශනයට මෙමගින් අවස්ථාව උදාවී තිබේ. විශේෂයෙන්ම 2020දී අපනයනකරුවන් 2,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ උතුරු පළාත ඇතුළු අනෙකුත් පළාත් නියෝජනය කරමින් තෝරාගත් ව්‍යවසායකයන් 06දෙනකුද ඇතුළුව සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් 21 දෙනෙකු එම ප්‍රදර්ශනයට සහභාගී වූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලාංකේය ප්‍රදර්ශකයන්ට සඳහා ප්‍රතිලාභ රැසක් හිමිව ඇති අතර, ඇ.ඩො.13,100ක පමණ අලෙවියක් ප්‍රදර්ශනය තුළදීම ලැබී ඇති බවත්, කුරුඳු, ගම්මිරිස්, කොහු ආශ්‍රිත නිෂ්පාදන, කලාත්මක බිත්ති සැරසිලි සඳහා ඇනවුම් රැසක් ලැබුණු අතර, එහි වටිනාකම ඇ.ඩො.20,000ක් පමණ වන බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම, ශ්‍රී ලාංකේය ප්‍රදර්ශකයන්ට විවිධ රටවල ගැනුම්කරුවන් හමුවීමට අවස්ථාව හිමිවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ධීවර නිෂ්පාදන, ප්‍රතිචක්‍රීය කඩදාසි ආශ්‍රිත අත්කම් භාණ්ඩ නිෂ්පාදන, ඇඟලුම්, මැණික්, සැහැල්ලු ලී බඩු, තල්‍ කොළ ආශ්‍රිත නිෂ්පාදන, කෙසෙල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, අගය එකතුකළ තේ, පොල් ආශ්‍රිත වයින් කොහු සහ කොහු බත් ආශ්‍රිත නිෂ්පාදනවලට, චීනය, රුසියාව, නයිජීරියාව, තායිවානය, වැනි රටවලින් වෙළෙඳ විමසීම් ලැබී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව මෙම ප්‍රදර්ශනයට සහභාගීවීම තුළින් අනෙකුත් රටවල අපනයන නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබාගැන්මටත්, එම ප්‍රදර්ශකයන්ගේ නිෂ්පාදන හා තරග කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමෙන් භාවිත කරන ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමට හා ජාත්‍යන්තර වෙළෙඳ පොළට අවශ්‍ය ප්‍රමිතිකරණය, ඇසුරුම්කරණය හා ලේබල්කරණය පිළිබඳ දැනුවත්වීමටද ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට මෙමගින් අවස්ථාව හිමිවූ බවත් ඔවුහු පවසති.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් වෙළෙඳ කුටි දෙකක්ද, ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපය තුළ සංවිධානය කර තිබේ. මෙම ප්‍රදර්ශනය මහජන චීන සමුහාණ්ඩුවේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ ගොන්ඩොන් පළාතේ මහජන රජයේ අනුග්‍රහයෙන් පැවති බවත්, ප්‍රදර්ශනය සඳහා සම දායකත්වය ලබාදෙන ලද්දේ දකුණු අප්‍රිකානු රජය බවත් ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම, ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකේය සහභාගීත්වය ලබාදීමේදී ගොන්ෂුවාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල්වරියගෙන් ලැබුණු සහයෝගයද ඉතාමත් වැදගත් වූ බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 

තර්ජනය කළත් මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න අවස්ථාව දෙනවා

කොපමණ තර්ජනය කළද පාර්ලිමේන්තුව තුළ සෑම මන්ත්‍රීවරයෙකුටම අදහස් දැක්වීමට තමා අවස්ථාව ලබාදෙන බව කථානායක කරු ජයසූරිය මහතා අද (31දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරුන් අදහස් දක්වනවිට ඒ සඳහා කිසිම අයෙකුට විරුද්ධ විය නොහැකි බවත්, එම අදහස් අසා සිටීමට නොහැකි නම් ඉවතට යා හැකි බවත් කථානායකවරයා කීවේය.

ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයේ දෙවැනි දිනය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එහිදී විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා විසිනි.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජයම්පති මන්ත්‍රීවරයා අදහස්දැක්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල,  ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් බාධාකරන්නට වූ අතර, කථානායකවරයා එහිදී මේබව පැවසීය.

“සභාවේ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙනවා. ජයම්පති මන්ත්‍රීතුමාට එතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන්න. කතාකිරීමේ අයිතිය ලබාදීම මගේ යුතුකමක්. සැම මන්ත්‍රීවරයෙකුටම අවස්ථා ලබාදී තිබෙනවා. බාධාකරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළෙ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වීම.අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න*යනුවෙන්ද කථානායකවරයා කියා සිටියේය.

264e779313ec3104f909baa591578167_XL copy copy

අත්තනගලු ඔය අවධානම්

අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට ඉහළ යමින් පවතින අතර, අත්තනගලු ඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මිනුවන්ගොඩ, ගම්පහ, ජා-ඇල, කදාන හා ඒ අවට ප්‍රදේශවාසීන් වෙත ගංවතුර අවධානම පිළිබඳ විමසිලිවත්ව සිටින්නැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රදේශයන්හි ජනතාවට 0112136136 අංකය අමතන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

අත්තනගල්ල- සපුමල් හරිඳු

ssss-1

නාමල්ගේ නඩුව පෙබරවාරි 16 දා සිට විභාගයට

හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සමග චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සිවුදෙනාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 16 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීරණය කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට  අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙහි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටින බවත් නඩුවේ විභාග සඳහා වෙන් කළ දිනවල එම නීතිඥවරයාට පෙනී සිටීමට හැකියාවක් නොමැති හෙයින් නඩුවේ විභාග දින වෙනස් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට මෙම අවස්ථාවේදී ඉඩ ලබාදීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එම ඉල්ලීම ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන්නේය.

namal rajapaksa

 

 

බන්දුල ගුණවර්ධන තමන්ටම බෝම්බයක් ගහගත්තා

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් නොවන බැවින් රටට ජනතාවාදී නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී පැවැති ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයට එක්වෙමින් අද (31දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේබව පැවසීය.

නව ව්‍යවස්ථා සම්පාදන අතුරු කමිටු අතුරින් මුදල් කමිටුවේ සභාපතිත්වය බන්දුල ගුණවර්ධන මහතා විසින් හෙබවුවද, ඒ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් පාර්ලිමේන්තුවට නොපැවසීම පිළිබඳ කනගාටුවන බවද ඒ මහතා කියා සිටියේය.

“රටක ජනතාවට ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ මානවවාදී ප්‍රශ්න විසඳාගැනීම පහසු කරගන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී ලියවිල්ලක් හැටියටයි ව්‍යවස්ථාවක් තිබිය යුත්තේ. මේ තිබෙන ව්‍යවස්ථාව හොඳ නම් අපට මෙවැනි ලෙස සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාව තිබුණු ව්‍යවස්ථාවෙන් වද වේදනාවට ලක්වූ නිසයි නව ව්‍යවස්ථාවක්අවශ්‍ය වෙන්නේ. එම ව්‍යවස්ථාව නිසා තමයි තිස් අවුරුදු යුද්ධයක් ඇති වුණේ. 

මෙම ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් නොවෙයි. එමනිසයි තමයි නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව අපට හා ජනතාවට ඇතිවෙලා තිබෙන්නේ. අද මේ සාකච්ඡා වෙන්නේ අතුරු වාර්තාවක් පිළිබඳවයි. අතුරු වාර්තාවක් නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියා කියනවා. ජාතිවාදී මානසිකත්වයන් කුලප්පු කරලා සමහරු බලයට එන්න උත්සාහ කරනවා. මේ වාර්තාව පිළිබඳ එකඟ නොවන කරුණු අපටත් තිබෙනවා. නමුත් ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව ජාතිවාදයත් එක්ක පටළවාගත්තොත් අනාගතයට දෙන්නේ නරක පණිවුඩයක්.

බන්දුල ගුණවර්ධන මහතා මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියත් මේ වාර්තාව ගැන කතා කරද්දි ඒ කමිටුවෙන් සිදුවූ දේවල් පිළිබඳ විවාදයේදී කතා කළේ නැහැ. එතුමාට ඒකාබද්ධ විපක්ෂයෙන් කතා කරන්න ඉඩක් ලබාදුන්‍නේ නැහැ. ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවා නම් බන්දුල ගුණවර්ධන මහත්තයා එතුමාට බෝම්බයක් ගහගත්තා වගෙයි" යැයි කියා සිටියේය.

Sunil-Handunnetti copy copy

 

ඌරාකැට ළිඳක් කෑගල්ලෙන් හමුවෙයි

පානීය ජලයෙහි කිවුල් සහගත ස්වභාවය බැහැර කරමින් එහි ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය තාක්ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ල – රඹුක්කන මාර්ගයේ බතමුරේ නවගමුව පුරාණ දේවාලය අසලින් හමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

වට අඩි 5කට ආසන්න ප්‍රමාණයකින් යුත් මෙය කැට 04 ක් පොළොවට බස්සවා ඒ මත කළුගල් කිහිපයක් තබා ළිඳෙහි මුහුණත අඩක් ආවරණය වන පරිදි ගල් පතුරකින් එය තුළට අපද්‍රව්‍ය එකතු වීම ද වළක්වා ඇත.

මෙවැනි ළිං  ඌරාකැට ළිං ලෙස හඳුන්වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීමෙන් ජලයේ ගුණාත්මක ප්‍රමිතිය හා සිසිලස ආරක්ෂා කර ගැනීමට මෙම ළිඳ භාවිත කර තිබේ.

නවගමුව පුරාණ දේවාලයට පැමිණි බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් මෙය භාවිත කර ඇති බවටද මතයක් පවතී.

nawagamuwa uura keta linda -2 copy