Monthly Archives: September 2017

පාකිස්තානය තවත් ලකුණු 153ක් පසුපසින්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රමා ගත් මිස්බා උල් හක්ගේ හා යුනිෂ් ඛාන්ගේ ස්ථානයන් වෙනුවෙන් ගැලපෙණ පිතිකරුවා ලෙස තමා බව පසක් කරමින් පාකිස්තානය බේරා ගැනීම සඳහා තවත් විශිෂ්ඨ ඉනිමක් අසාර් අලි සෙනසුරාදා (සැපැත්ම්බර් 30දා) දියත් කළේය.

සෙයිඩ් ශායෙඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වූ අසාර් ලකුණු 74ක් නොදැවී රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම 266/4 ලෙස හොඳ තත්ත්වයකට ගෙන ආවේ ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 419ට සාර්ථක පිළිතුරක් ලබාදෙමිනි.

හොඳින් පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම් තරගයේ අවසන් පන්දුවාරය යොමුකළ ණුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 28ක් රැස්කරගෙන සිටින විටදීය. පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 153ක් පසුපසින් සිටින්නේ කඩුලු හයක් අතැතිවය.

මේ වන විට අසාර් පාකිස්තානයේ ඕනෑම පිතිකරුවෙකුට වඩා ලකුණු රැස්කරගමින් සිටින අතර පසුගිය වසරේදී ඔහු ටෙස්ට්  තරග 11කදී ලකුණු 1198ක් රැස්කිරීමටත් සමත්විය. එමෙන්ම කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙද් ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත්විය.ඒ වගේම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න්හිදි සටන්කාමී ද්විත්ව ශතයක්ද ඔහු රැස්කිරිමටද සමත්විය. මේ ඉනිමට පෙරාතුව ටෙස්ට් තරග හතරකදි  ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 342ක් පමණි.

ඉනිමත් සමග ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා යෑමටත් සමත්විය. ඒ අනුව ඔහු එවැනි දක්ෂතාවක් දැක්වූ අට වැනි පාකිස්තාන පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්විය. ඒ වගේම ටෙස්ට් ලකුණු 5000 වේගයෙන්ම  රැස්කළ සිවුවැනි පිතිකරුවාද ඔහු විය. යුනිස් (10099), ජාවෙඩ් මියන්ඩාඩ් (8832), ඉන්සමාමුල් හක් (8826), මොහොමඩ් යූෂෆ් (8029), මොහොමඩ් යූෂෆ් (7530), සලීම් මලික් (5768), මිස්බා (5222), සහීර් අබ්බාස් (5062) ක්‍රීඩකයෝ වූහ.

පාකිස්තාන ආරම්භක පිතිකර වන් වූ ශාන් මසූඩ් (59), සාමි අස්ලාම් (51) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක සබඳතාක් පැවැත්වීය. නමුත් එම සමබඳතාව දිවා ආහාරයෙන් පසුව අවසන්විය.

රංගන හේරත්ගේ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් අසාඩ් ශාෆික් ලකුණු 39කට දැවී ගියේය. බ්‍රිස්බේන් හි රැස්කළ සටන්කාමී ලකුණු 127ට පසුව ශාෆික් ඉනිම 10කදී රැස්කළ ඇත්තේ එක් අර්ධ ශතකක් පමණි. ඒ පාකිස්තානය ඔහුගෙන් අපෙක්ෂා කරන මට්ටම නොවේ.

අසාර් පැමිණිමට මත්තෙන් මසූඩ් හා අස්ලාම් හොඳ පදනමක් දමාත තිබුණි. ඒ පාකිස්තාන පුහුණුකරු මිකී ආතර් ලබාදුන් විශ්වාසයත් සමගිනි. නායක සර්ෆාස් අහමඩ් සිය ක්‍රීඩකයන්ව අභිප්‍රේරණය කරයි. කෙසේ වෙතත් ඔවුන්ට සිය ලකුණු ශතකයක් කරා පරිවර්තනය කර ගැනීමට නොහැකිවිය. අස්ලාම් සිය 7 වැනි අර්ධ ශතකය රැස්කළ අතර මසූඩ් රැස්කළේ සිය තෙවැනි අර්ධ ශතකයයි.

පාකිස්තාන වේග පන්දු යවන්නනට වඩා හොඳින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යොමුකළේ. ණුවන් ප්‍රදිප් නිසියාකාරව පන්දුව රිවර් ස්වීන්ග් කළ අතර සුරංග ලක්මාල් ඉලක්කයට පන්දුව යොමු කළේය. නමුත් පාකිස්තානය මෙහිදී රැඳී පවතින්නේ අසාර් හා සෆ්රාස් හෙට දිනයේදී පාකිස්තානය ලබාගන්නා වැඩි ලකුණු සංඛ්‍යාව අනුවයි.

Azhar-Ali-1

අභියාචනය අවසන්වන තෙක් චාමරට ක්‍රීඩා කිරීමට අවස්ථාව?

පානදුර ක්‍රිඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය අතර මතභේදයට තුඩු දුන් තරගය හේතුවෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක් ලක්වූ චාමර සිල්වා, මනෝජ් දේශප්‍රිය හා අනෙකුත් ක්‍රීඩකයන්ට එරෙහිව පැනවූ වසරක තහනම තාවකාලිකව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ එම ක්‍රීඩකයන් ගොනු කළ අභියාචනා සලකා බලමිනි. ඔවුන්ගේ අභියාචනා විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ක්‍රිකට් ආයතනය විසින් පත්කළ අතර එම කමිටුව විසින් ක්‍රිකට් විධායක කමිටුවෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව විධායක කමිටුව ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවෙයි.

අභියාචනා විමර්ශනය කර අවසන්වන තෙක් ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමටත් ඉන් පසුව අභියාචනා කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිත බව වාර්තා වෙයි.

ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම් පමණක් මෙසේ තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

i copy

 

 

 

ඝාතනයකට වරද කරු වූ තිදෙනෙක් පෝරකයට

2006 වසරේදී පානදුර මහබෙල්ලන ප්‍රදෙශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකුට මරණ දඩුවම නියමක් කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ඊයේ (29දා) තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවන් තිදෙනෙකුට මෙසේ මරණ දඩුවම නියම කර ඇත.

law-court_2900691b

මාසික ආදායම රු 30000 ගෙවන බදු රු 11000යි

එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රැපියල් 30000 ක් වන අතර එයින් මසකට රජයට ගෙවන බදු මුදල රැපියල් 11000 කට ආසන්න බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

ජාතික ආහාර මණ්ඩලයේ උත්සවයක් වෙනුවෙන් උදෑසන ආහාර වේලක් සඳහා රැපියල් ලකෂ 15ක් වැය කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරයි.

එම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගිවී ඇත. එම උත්සවය සදහා සහභාගීවූ පිරිස පන්දහසක් ලෙස ජාතික ආහාර  ප්‍රවර්ධන මණ්ඩලය සදහන් කර ඇතත්  එපමණ ප්‍රමාණයක් සහභාගීවූවාද යන්න පවා සැක සහිත බව එම සංවිධානය සඳහන් කරයි.

පන්දහසක් එක්වූයේ නම් එක් පුදගලයෙකුට වැය කර ඇති මුදල රැපියල් 300 ක් බවත් වසවිස නැති දේශීය ආහාර වේලක් එවැනි මිලක් ගන්නේ කෙසේද යන්නත් ඔවුන් ප්‍රශන් කරයි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වියදම් පිළිබදව වහාම විගණනාධිපතිවරයාගේ වාර්තාවක් කැදවන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු පවසති.

Income-Tax-Return

 

 

මුම්බායි දුම්රිය ස්ථානයක තෙරපීමකින් 22ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයක වූ මගී ගුවන් පාලමක සිදුවූ තෙපරීමකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් යා කරන මෙම මගී ගුවන් පාලමේ තෙරපීම සිදුව ඇත්තේ එල්ෆින්ස්ටන් දුම්රිය ස්ථානයේදීය.

මේ දිනවල ඉන්දියාවට බලපාන මෝසම් වැසි හේතුවෙන් මෙම ගුවන් පාලම තුළ ආවරණය වීමට වැඩි පිරිසක් උත්සාහ දැරීමත් සමග මෙම තෙරපීම සිදුව තිබේ.

තුවාල ලැබූවන් වාහාම රෝහල් කරා ගෙනගොස් ඇති බව දුම්රිය බලධාරීහු පවසති.

මගී ගුවන් පාලම මත වැඩි පිරිසක් රඳී සිටියදී පසුපසින් සිදුවූ තෙරපීමත් සමග ඉදිරිපස සිටි පිරිස තල්ලු වී ඉදිරියට ගොස් ඇති බවත්, පසුව සියලු දෙනා ඔවුන් මතට වැටීමෙන් මෙම තෙරපීම සිදුව ඇති බවත් කියැවෙයි.

මියගිය පිරිස අතර පිරිමින් 14 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටිති. ඉන්දියාවේ දුම්රිය ආශ්‍රිතව විවිධ අනතුරු වරින්වර වාර්තා වෙයි.

1_India2

විග්නෙෂ්වරන් කිව්වට උතුරෙන් හමුදාව ඉවත් කරන්නේ නෑ – ඇමති රුවන්

උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා උතුරේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක හමුදාව පිළිබඳව කුමන මතයක් ප්‍රකාශ කළද , ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම හා තීරණ ගනු ලබන්නේ ජනාධිපති ප්‍රමුඛ රජය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

බියගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට ඊයේ (29දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරනු බවත් ඔහුගේ ඇතැම් අදහස් අන්තවාදී බවද අමාත්‍යවරයා සඳහන් කළේයය.

උතුරු ප්‍රදේශයේ රඳවා ඇති භටපිරිස් පිළිබඳව මහඇමතිවරයා සාවද්‍ය ලේඛණ  ඉදිරිපත් කරමින් දිගින් දිගටම කුමන ප්‍රකාශ කළද, දශක කිහිපයක් පුරා යුද්ධයක් පැවති ප්‍රදේශයන්හි ආරක්ෂාව පිළිබඳව රජය වඩාත්ම සැළකිලිමත් වන බව අමාත්‍යවරයා පැවසීය.

උතුරේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පොලීසිය කටයුතු යොදා ඇති බැවින් උතුරේ මහ ඇමතිවරයා ආරක්ෂක හමුදාවන් සම්බන්ධව වැරදි ප්‍රකාශ කිරීම කණගාටුවන බවයි. ආරක්ෂක අංශයන්ගෙන් ජනතාවට සිදුවන අවහිරතා අවම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔහු ඉල්ලා සිටින අයුරින් උතුරින් හමුදාව හෝ කඳවුරු නොකරන බව අමාත්‍යවාරයා වැඩිදුරටත් පැවසීය.

03 copy copy

ඉසිපතන විදුහල 16 න් පහළ රග්බි ශූරතාව දිනයි

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වයස 16 න් පහළ සමස්ථ ලංකා අන්තර්පාසල් පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ අවසන් තරගයේදී ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 22-05 ක් ලෙස පරාජයට පත් කරමිනි.

කොළඹ තුරග තරග පිටියේදී පැවති අවසන් තරගයේ පළමු අර්ධය නිමා වුයේ ද ලකුණු 17-05 ක් ලෙස ඉසිපතන විදුහල  ඉදිරියෙන් සිටිමිනි.

මෙහි පලඟ ශූරතාව හිමි වුයේ ලුම්බිණි විදුහල ලකුණු 24-00 ක් ලෙස පැරදූ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලයි.

මේ අතර බඳුන හා පළිහ ශූරතාවන් පිළිවෙලින් හිමි වුයේ බොරැල්ල වෙස්ලි හා කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම් වලටයි.

මේ අතර තරගාවලියේ පළමු වතාවට පීරිසිය (Saucer) නමින්ද ශූරතාවක් පිරිනමන ලද අතර එය හිමි වූයේ මරදාන සහිරා විදුහල් කණ්ඩායමයි.

IMG_6628-champs-isipathana

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශූරතාව දිනා ගත් ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ

ගල්කිස්ස සිදුවීමට කාන්තාවක් අත්අඩංගුවට

ගල්සික්ස රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සිද්ධියට අදාළව තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඊයේ(29දා) ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය. ගල්කිස්ස පොලීසිය මගින් සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය අද (30දා) පැවැසීය.

ගල්සිකිස්සේ පදිංචි 42 හැවැරිදි කල්‍යානි පොඩි මැණිකේ නම් කාන්තාවක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

arrest

බූස්සේ සිටින රොහින්ග්‍යා සරණාගතයන්ට විරෝධතා දැක්වීමට යන පිරිසට තහනමක්

මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුර අවට අද (230දා) විරෝධතාවක් පැවැත්වීමට පැමිණිමට නියමිත පිරිසට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රේස්කෝස් පාර, පිංතාලිය පාර, බූස්ස පන්සල පාර හා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට අනෙකුත් අතුරු මාර්ගවලද, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පාලමේ සිට පන්සල හංදිය දක්වා  වූ ප්‍රදේශවලට බලහත්කාරයෙන් ඇතුළුවීම අධිකරණය විසින් තහනම් කර ඇත.

රත්ගම පොලීසිය විසින් කළ කරුණු දැක්වීමක් මත මෙම නියෝගය නිකුතුකර ඇත්තේ අක්මීමන දයාරතන හිමි, සිංහල ජාතික බලමුළුමව සංවිධානයේ භික්ෂූන් වහන්සේලා හා එම සංවිධානයට අයත් නොවන අනෙකුත් භික්ෂූන් වහන්සේලා ඇතුළු පැමිණෙන වාහන හා පුද්ගලයන්ට එරෙහිවය. 

law-court_2900691b

ඔක් 01 දා සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට එන දරුවන්ට මුදල් අයකිරීමක් නෑ

ලෝක ළමා හා වැඩිහිටි දිනය (ඔක්තෝම්බර් 01දා) වෙනුවෙන් සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට අවුරුදු 12ට අඩු දරුවන්, පාසැල් දරුවන් හා වැඩිහිටියන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලිඅනාථාගාරය නැරඹීමට පැමිණෙන අවුරුදු 12ට අඩු දරුවන්, වයස අවුරුදු 60ට වැඩි  වැඩිහිටියන් සහ පාසැල් නිල ඇඳුමින් පැමිණෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇත.

ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ පැවැත්වීමට නියමිත විශේෂ ළමා වැඩසටහන ඔක්තෝම්බර් 01 වැනිදා දහවල් 1.30ට ආරම්භ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

මීට අමතරව ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ද අවුරුදු 18ට අඩු සියළුම දෙනාට එදිනට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව සලසා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යනය, හක්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට එදිනට අවුරුදු 18ට අඩු අයට නොමිලේ ඇතුළුවීමට අවස්තාව හිමිවේ.

ලෝක ළමා දිනය වෙනුවෙන්  ඔක්තෝම්බර් 01 වැනිදා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ පෙ.ව 9.00 සිට විවිධ ළමා වැඩසටහන් සංවිධානය කර ඇත.

raju-kele-kella copy copy