Monthly Archives: August 2017

ශ්‍රී ලංකාවට ලකුණු 168ක පරාජයක්

UPDATE 

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168ක පරාජයක් ලැබීය. ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණි.

මැතිව්ස් ලකුණු 70ක් රැස්කළ අතර සිරිවර්ධන ලකුණු 39ක් රැස් කළේය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී කුල්දීප්, පාණ්ඩ්‍යා හා භුම්රා කඩුලු දෙක බැගැන් දවාගත්හ.

ඉන්දියාව එක්දින තරගාවලියද 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.


ඉන්දියාවෙන් ලකුණු 375ක දැවැන්ත ඉලක්කයක්

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 නිමාවන විට කඩුලු 05ක් බිඳවැටී ලකුණු 375ක් ලබාගැනීමට සමත් විය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 131ක් ලබාගත් අතර, රෝහිත් ශර්මා ලකුණු 104ක් ලබා ගනිමින් ශතක රැස් කළේය.

පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 50ක් රැස්කර ගෙන සිටි අතර, දෝනි නොදැවී ලකුණු 49ක් රැස්කර ගනිමින් ඉන්දීය ඉනිම ලකුණු 375ක් දක්වා රැගෙන ගියේය.

ඉන්දීය ඉන්මේ කඩුලු බිඳ දැමීමේදී මැතිව්ස් කඩුලු 2ක් සහ මාලිංග, අකිල, ෆනැන්ඩෝ කඩුල්ල බැගින් බිඳදැමීමට සමත්වූහ.

1 2267656.3


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන් සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලී සමත්විය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම තීරණය කරන ලදී. 

හඳුන්නෙත්තිට මාර්ග සංවර්ධන අධිකාරියේන් අභිෙයා්ගයක්

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය සඳහා සුඛෝපභෝගී වාහන ලබාගෙන නොමැති අතර, එසේ  ලබාගත් බව කියන සුඛෝපබෝගි වාහනයක් යම් අමාත්‍යවරයකු පරිහරණය කරන්නේනම්, ඒ පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්ච් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට අභියෝග කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊෙය්  (30දා) මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සූරියආරච්චි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම අභියෝගය සිදුකර ඇත.

සුනිල් හඳුන්නෙන්ති මහතා ප්‍රකාශ කළ ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය තුළ දූෂණයක් හෝ වංචාවක් සිදුව නොමැති බවද සූරියආරච්චි මහතා සඳහන්කර ඇත.

එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇති පරිදි අදාළ ව්‍යාපෘතිය සඳහා සුඛෝපභෝගී වාහනයක් බදු රහිතව ගෙන්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිර්දේශ කිරීමක් සිදුකර නැතැයිද හෙතෙම නිවේදනයේ සඳහන් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැපයුම්වල යම් යම් වෙනස්කම් සිදුකිරීමට සිදු වූයේ භූගත හා පාරිසරික පරීක්ෂණවලින් හෙළි වූ කරුණු හේතුවෙන් බවත් හෙතෙම පෙන්වාදී ඇත.

LED බල්බ මිලියන 10කින් 220ක විදුලිබල ඉතිරියක්

එල්.ඊ.ඩී. (LED)විදුලි බුබුළු මිලියන 10ක් බෙදාහැරීමෙන් මෙගාවොට් 220ක විදුලිබලයඉතිරි කරගැනීමට හැකිවන බව ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය  අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

ජාතික ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති සංරක්ෂණ වැඩසටහන යටතේ මෙරට විදුලිපාරිභෝගිකයන් අතර එල්.ඊ.ඩී.(LED) විදුලි බුබුළු මිලියන 10ක් බෙදාහැරීමට අදාළක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡාවේදී මේ බව අනාවරණය වූ බවදඅමාත්‍යවරයා කීවේය.

ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුව රැස්වී මේපිළිබඳ සාකච්ඡා කළ බවද ඔහු කීය.

ශ්‍රීලනිප දෙකඩ කිරීම දවල් හීනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට සිතීම දහවල් හීනයක් බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.

පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කළ පිරිස් අද වගේම අතීතයේදීත් සිටිය බවත්, එසේ කළ අතිබහුතරයකට නැවත පක්ෂයේ පිහිට පැතීමට සිදුවූ බවත් හෙතෙම පවසා සිටියේය.

එසේ පිහිට පැතූ සෑම කෙනෙකුටම ඉදිරිපස පුටු අහිමි වී ගිය බවත්, වර්තමානයේදී පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන සියලු දෙනාට අවසානය සිදුවන්නේ ඉදිරිපස පුටු අහිමි වීම පමණක් බවත් අද (31) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හෙට සිට අලුත් තැනක

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය හෙට (01දා) කොළඹ 04, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 14 ස්ථානයේදී ස්ථාපිත කෙරේ.

මෙම කාර්යාලය දැනට කොළඹ 08 කිංසි පාරේ අංක 165 දරණ ස්ථානයේ පවත්වා ගෙන යනු ලැබේ. සියලුම පාර්ශ්වවල පහසුව පිණිස එම කාර්යාලය මෙම ස්ථානයට රැගෙන ගොස් තිබේ.

තෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම මදුරු මර්දන වැඩසටහනක්

ඩෙංගු මදුරුවන්ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වාගෙන යෑම සඳහා තෙවැනි පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම දීප ව්‍යාප්ත පාසල් පරිශ්‍රයන් පිරිසුදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් මස 03,04 සහ 05 යන තෙදින පුරා දිවයිනේ සEම පාසලකම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

2017.09.06 දින තෙවැනි පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ඩෙංගු මදුරු කීටයන් හා මදුරුවන්ගෙන් තොර පාසල් පරිශ්‍රයක් ගොඩනගා ගැනීම සඳහා පාසල් සිසුන්ගේ, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් හා ආදි ශිෂ්‍ය සංගම්ව, නියෝජිතයන්, පාසල් සංවර්ධන සමිති සාමාජිකයන්ගේ සහයෝගය ලබාගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසුදු කිරීමට පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකායේ දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍යය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යසාධන බළකාය සම්බන්ධීකරණයෙන් මෙම දීප ව්‍යාප්ත වැඩසටහන සිදු කිරීමට නියමිතය.

මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී ජීවිත 21ක් බිලි

ඉන්දියාවේ, මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියවේ මූල්‍ය අගනගරය ලෙස සැලකෙන මුම්බායි නුවර මහල් 6කින් යුතු මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසුව සිදුවන සෝදිසි මෙහෙයුම් අද (31දා) රාත්‍රිය පුරා සිදුවන බවද ඉන්දීය බලධාරීහු පවසති.

අධික ජනගහනයක් ජීවත්වන බෙන්ඩි බසාර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, කඩා වැටුණු ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් ලෙස විශ්වාස කෙරෙයි.

ගිලන් රථ, ගිනි නිවන රථ මෙන්ම ගිනි නිවන භටයන් හා මුදාගැනීම් කණ්ඩායම් රැසක් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් සිදුකරන බවත්, අධික ගංවතුර තත්ත්වය පහව යමින් පැවති වටපිටාවක මෙම අනතුර සිදුව තිබීමද කැපී පෙනෙයි.

නව බුද්ධ ශාසන අමාත්‍යවරයා අද වැඩ භාර ගනී

බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (31දා) කොළඹ 07, පිහිටි බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර සෙත්පිරිත් සජ්ඣායනාවක් මහ සංඝරත්නය විසින් සිදුකරන ලදී.

එම අවස්ථාවට වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් සහභාගිවූහ.

ඡායාරූප – ඉසුරු පෙරේරා

AID_6638 AID_6642 AID_6647 AID_6650 AID_6656 AID_6657  AID_6669 AID_6672 AID_6675 AID_6678   AID_6684 AID_6686 AID_6693 AID_6695

ඉන්දීය විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (31දා) පස්වරු 04.30ට ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපළ පවසයි.

මෙරට පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඇය දිවයිනට පැමිණි අතර, පස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද ඇය සමග දිවයිනට පැමිණ ඇත.

රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකුට ඇප

රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී යුධ හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුධ හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන මහත්වරුන්ට ඇප නියම කිරීමට අද (31දා) ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

ඒ අනුව යුධ හමුදා බ්‍රිගේඩියර්වරයාට රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැඟින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණ අතර, යුධ හමුදා සැරයන්වරයාට රුපියල් පනස්දහසක ඇපයක් සහ රුපියල් මිලියන 2ක බැඟින් වූ ශරීර ඇප දෙකක්ද නියම කරන ලදී.

මීට අමතරව විදේශ ගමන් තහනමක් ද, මෙරට දී පදිංචි ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස සහ සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00 සිට පස්වරු 05.00 කාලය තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙසද නියම කෙරිණි.