Monthly Archives: June 2017

පොලීසියේ 05කට මරණ දඬුවම

සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට අද(30දා) පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය මරණ දඬුවම් නියම කළේය.

කොල්ලකෑමේ චෝදනාවක් මත1990-6-1 වැනිදා පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව අදාල සැකකරුවන් වැරදිකරුවන් කෙරිණි.

ඒ අනුව නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරුවරිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණීය දණ්ඩනය නියම කළේය.

අඟල් 29ක් උස වයස 50 ලාල්ට හැමෝම කැමතිලු

බසෝරි ලාල් දෙස පිටුපසින් දකින අයෙකුට අනුව නම් ඔහු ඉතා කුඩා දරුවෙකි. නමුත්, ඔහු ඉදිරියෙන් දකින අයෙකුට ඔහු තුළ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. අඟල් 29ක් උසින් යුතු මේ ඉන්දීය ජාතිකයාගේ වයස අවුරුදු 50කි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කුඩා ගම්මානයක ජීවත් වන ලාල් මේ වනවිට එම පළාතේ සුපිරි තරුවක් යැයි පැවසීමේ වරදක් නැත.

කුඩා අවදියේදී බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට ලක් වුවත්, අද ලාල්ට ආදරය කරන්නෙකු නොමැති තරම්ය.

ඔහුගේ මුහණේ රැඳි සිනහවට ඒ ගම්මානයේ මිනිසුන් දක්වන්නේ පුදුම ඇල්මකි. ඔවුන් සැම පවසන්නේ ලාල් යනු නිතර මුහුණේ සිනහවක් රැඳුණු හොඳ මිනිසෙකු බවය.

තම සහෝදරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සෙවණේ වැඩෙන ලාල් කුඩා දරුවෙකු සේ බලා ගන්නේ ඔහුගේ නෑනාය.

ඔහු නෑවීම, කැවීම මේ සෑම දෙයකටම ඉදිරිපත් වන නෑනා, කුඩා දරුවෙකු මෙන් තම ස්වාමියාගේ අඟුටුමිටි සහෝදරයා උකුලේ තියාගෙන ඇවිදින ආකාරය ඒ ගම්මානයේ අයට පුදුමයට කරුණක් නොවේ.

55 හැවිරිදි වියේ පසුවන ලාල්ගේ සහෝදරයා පවසන්නේ ලාල් ඔවුන්ට දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවය. බොහෝ දුරබැහැර සිට මිනිසුන් ලාල් බැලීමට පැමිණන බව ඔහු කියයි.

"මගේ උස මට ප්‍රශ්නයක් නෙමෙයි. මම වැඩ කරනවා. ජීවත් වෙනවා. නිදියනවා. සාමාන්‍ය අයෙක් වගේ ආහාර ගන්නවා. මොනව වුණත් මම හොඳින්. මගේ උස හින්ද මට කිසිම ප්‍රශ්නයක් නෑ"

නමුත්, ඔහු උසින් ඉතා කුඩා වුවද ඔහුගේ වයසත් සමග මුහුණ වයසට යෑම නිසා අපූර්වත්වයක් ඒ ශරීරය තුළ සංකලනය වී ඇති ආකාරය දැකිය හැකිය.

ශරීරය නිසියාකාරව වර්ධනය නොවීමේ රෝගී තත්ත්වයකින් පසුවී ඇති ලාල්ට එවකට ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාරයක් ලබාගැනීමට නොහැකි වුවත්, අද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීමටද ස්වෙච්ඡාවෙන්ම වෛද්‍යවරු සහාය වීමද විශේෂත්වයකි.

"මට විවාහයක් කරගන්න උවමනාවක් නැහැ. මට ඕනෑ මම අද කරගෙන ඉන්න විදියටම වැඩ කරගෙන ඉන්න. ඒ වගේම මගේ සහෝදරයා සමග ජීවත් වෙන්න."

ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීමට ගන්නා කොළ 5510 හා සැකකරුවන් 3ක් අත්අඩංගුවට

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ තොරතුරක් මත දියතලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීමට ගන්නා කළු පැහැති මුදල් නොට්ටු ප්‍රමාණයේ කොළ 5510ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (30දා) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය සඳහන් කරයි.

අත්අඩගුවට පත් සැකකරුවන් 63,41,30 යන වයස්වල පසුවන හපුතලේ, නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මෙම ව්‍යාජ නෝට්ටු සැකසීමට ගන්නා කොළ අදාල සැකකරුවන්ගේ නිවෙස්වල තිබී සොයා ගෙන ඇති අතර ඒ අනුව මෙම සැකකරුවන් හෙට (01දා) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි

ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට භාර දී ඇතැයිද වාර්තාවේ.

රංජන් කස්තුරි

සිම්බ‍ාබ්වේ කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ඨ ජයක්

UPDATE සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවති එක්දින තරඟයේදී කඩුලු 06ක විශිෂඨ ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (30දා) සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05ක් බිද වැටී ලකුණු 317ක් ලබා ගත්තේ ය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කල සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 47 පන්දු 4ක් තුලදී ලකුණු 322ක් ලබා ගනිමින් තරඟය ජය ගැනීමට හැකිවිය.

 12


UPDATE පළමු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් බිඳවැටී ලකුණු 316ක් ලබා ගත්තේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබා ගත් අතර තරංග ලකුණු නොදැවී ලකුණු 79ක් හා ගුණතිලක ලකුණු 60ක් ලබාගත්තේය. 


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30දා) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ජර්මනියේ සමලිංගික විවාහ නීතිගත කිරීමට අවසර ලැබේ

ජර්මනිය තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා එරට පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන් අවසර ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මීට විරුද්ධ මතයේ සිටි අතර, ඇය පවසා සිටියේ සමලිංගික විවාහය ජර්මනියට අවශ්‍ය නොමැති බවයි.

කෙසේ වෙතත්, මේ සඳහා වූ පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ඡන්ද 393ක් හිමිව තිබූ අතර, ඊට විරුද්ධව හිමිවී තිබුණේ ඡන්ද 226 කි. එමෙන්ම, සභිකයන් හතර දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියහ.

මෙම නව නීතිය සම්මත වීමත් සමග එරට ජීවත්වන සමලිංගිකයන්ට පූර්ණ විවාහ අයිතිය හිමිවන අතර, ඔවුන්ට දරුවන් හදාවඩා ගැනීමේ අයිතියද හිමිවෙයි.

චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්ගේ විරුද්ධවාදීන් විසින් මෙය සම්මත කරගැනීම සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ, ජර්මනියේ විවාහක නීතිය වෙනස් වෙමින්, ජීවත්ව සිටින විරුද්ධ ලිංගිකයන් හෝ සමලිංගිකයන් දෙදෙනෙකු එක්වීම විවාහය ලෙස සලකනු ඇත.

ලොව පුරා මේ ආකාරයෙන් සමලිංගික විවාහ නීතිගත කිරීමේ රැල්ලක් මේ වනවිට උද්ගත වී ඇති අතර, මෙය ශිෂ්ඨාචාරයක් හිමි බොහෝ රාජ්‍යයන්වල ගර්හාවට ලක්ව ඇති තත්ත්වයකි.

විශේෂයෙන්ම, ලෝකයේ පරිහානිය විදහාපාන සිදුවීමක් ලෙස මෙම තත්ත්වය පෙන්වා දෙන විද්වතුන් පවසන්නේ, සුළුතරයක් වූ විවිධ පාර්ශ්ව හා රාජ්‍ය නොවන සංවිධාන මෙම කර්තව්‍යයේ කටයුතු කළත් ලෝකයේ බහුතරය මෙය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ගැටුමක් හේතුවෙන් කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයට පොලිස් ආරක්ෂාව

ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල කේම්බ්‍රිජ් දෙමළ විද්‍යාලයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

පාසලේ සිසුවියන් පිරිසකට එම පාසලේ ගුරුවරයෙකු යකඩ පොල්ලකින් පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

මෙම ගැටුමෙන් ගුරුවරයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබූ සිසුවෙකුගේ පියෙක් ද කොටගල ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර ඇත.

ට්‍රම්ප්ගේ සංචාරක තහනම බාධාවකින් තොරව වැඩලු

ට්‍රම්ප් පාලනය විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 06ක් සහ සරණාගතයන් ඉලක්ක කරමින් පැනවූ සංචාරක තහනම බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට සහ සරණාගතයන්ට ඇමෙරිකාව තුළ සමීප ඥාති සබඳතාවක් හෝ ව්‍යාපාරික සබඳතාවක් නොමැතිව එරටට ඇතුළු වීම පසුගිය 29 වැනිදා සිට අත්හිටුවා තිබේ.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් ලෙස හඳුන්වාදෙන ලැබූ විධිවිධාන සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදීමත් සමග මෙම සංචාරක තහනම ක්‍රියාවට නංවා තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ විධායක නියෝගයේ කොටසකට පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය.

මේ අතර, ඇමෙරිකාව වෙත පැමිණෙන සංචාරකයන් සඳහා නොමිලේ නීති උපදෙස් ලබාදීම සඳහා එරට නීතීඥයන් පිරිසක් ගුවන් තොටුපොළ ආශ්‍රිතව කටයුතු කරමින් සිටින බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මේ වනවිට මෙම නීති හඳුන්වාදීම තුළ කිසිදු ආකාරයක ව්‍යාකූල තත්ත්වයක් ගුවන් තොටුපොළ ආශ්‍රිතව හෝ දැකගැනීමට නොතිබුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නමුත්, පසුගිය ජනවාරි මාසයේදී මෙම සංචාරක තහනම ජනපති වරයා මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේදී පැය කිහිපයක් ඇතුළත උද්ඝෝෂණ රැසක් ඇතිවූ අතර, පසුව එය ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටවනු ලැබීය. ඒ අනුව, ජනාධිපතිවරයා මෙම තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.

ඒ අනුව, මේ වනවිට පැනවී ඇති තහනම දැනට නීත්‍යනුකූල වීසා හෝ ග්‍රීන් කාඩ් හිමි සංක්‍රමණිකයන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකිරීමද මෙවැනි කලබලයක් ඇති නොවීමට හේතුවක් බව කියැවෙයි.

ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඇමෙරිකාවේ සියලු ගුවන් තොටුපොළවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මෙම නව තහනම යටතේ, වීසා බලපත් අයැදුම් කිරීම හා සම්බන්ධ නව නීතිවලට අනුව ඇමරිකාව තුළ දෙමවුපියන්, විවාහක සහකරු හෝ සහකාරිය, දරුවන්, බෑණා හෝ ලේලි, සහෝදර සහෝදරියන් වැනි සමීප සබඳතා නොමැති පුද්ගලයන්ට එහි පැමිණීමට නොහැකි වනු ඇත.

එමෙන්ම, සමීප සබඳතා නිර්වචනය කර ඇති ආකාරය අනුව සීයා-ආච්චි, නැන්දා-මාමා, සහෝදර සහෝදරියන්ගේ දරුවන්, මුනුබුරු මිනිබිරියන් සහ විවාහක සහකරු හෝ සහකාරියගේ ඥාතීන් ඊට ඇතුළත් නොවෙති.

මීට අමතරව, ඇමෙරිකාව සමග සමග ව්‍යාපාරික හෝ අධ්‍යාපනික සබඳතා ඇති පුද්ගලයන් නව නීතියෙන් නිදහස් කර ඇත.

විශේෂයෙන්ම, දැනට වීසා බලපත් හිමි පුද්ගලයන් සඳහා නව නීති මගින් බලපෑමක් එල්ල නොවූ අතර, 29 වැනිදා වොෂිංටන් වේලාවෙන් රාත්‍රී 8.00 සිට මෙය ක්‍රියාවට නංවා තිබුණි.

මෙම සංචාරක තහනම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව හා අන්තවාදී සංවිධාන කවර ප්‍රකාශයක් සිදුකළද, මෙය ඇමෙරිකාව වෙත ත්‍රස්තවාදීන් ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ජනපති ට්‍රම්ප් මුල සිටම අවධාරණය කර සිටියේය.

වෑන්රථ අනතුරින් 8 කට බපරතළයි

බදුල්ල – රිල්පොල මාර්ගයේ වැලිවත්ත 2 කණුව ප්‍රදේශයේදී අද (30දා) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් 17දෙනෙකු තුවාල ලබා ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.

ඇල්ල, නාවෙලගම ප්‍රදේශයේ  සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබූවෝ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අටදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි. වෑන්රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

හාලිඇල පොලීසිය අනතුර පිළිබඳ  වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

DSC_0479 DSC_0480 DSC_0483 DSC_0484 DSC_0485 DSC_0486 DSC_0487 DSC_0489 DSC_0490 DSC_0491

තවත් ශ‍්‍රමිකයෝ 26 ක් ඊශ‍්‍රායෙලය බලා පිටත් වෙති

ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පිටත්වන යෑමට නියමිත 26 දෙනෙකු  සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ  ප්‍රධානත්වයෙන් අද (30දා) ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී සිදු කෙරුණි.

2017 වසරේ ජනවාරි සිට මේ දක්වා ශ‍්‍රී ලංකිකයින් 265ක පිරිසක් ඊශ‍්‍රායෙල් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ

මෙහිදී අදහහ් දක්වූ අමාත්‍යවරිය පවසා සිටියේ  ඊශ‍්‍රායලයේ රැකියා සඳහා ගොස් තමන්ට නියමිත රැකියා ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු දිවයිනට පැමිණෙන ලෙසත්, ශ‍්‍රී ලාංකිකයන්ට ලැබෙන ඊශ‍්‍රායෙල් රැකියා රැකගැනීමේ වගකීම මෙරටින් රැකියා සඳහා යන පුද්ගලයන් සතු වන බවත්ය.

IMG_4007 IMG_4008 IMG_4040 IMG_4042 IMG_4043 IMG_4045