Monthly Archives: April 2017

මාරක රිය අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව කැබතිගොල්ලෑව පොලීසිය පැවසීය.

බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක්  රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ විතානගේ අජිත් ඉන්දික නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකු හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පද්මිණී දිසානායක නැමැති 59 හැවිරිදි කාන්තාවකි

මෙහිදී පදවිය දෙසට ගමන්කළ කුඩා ලොරි රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි හෙළිවී තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් කැබතිගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

තුර්කි රජයේ සේවකයන් 4000ක් යළිත් නෙරපලා

තුර්කිය තුළ පසුගිය ජූලි මාසයේදී සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකෙරෙන 4,000ක පිරිසක් සිය රැකියාවන්ගෙන් නෙරපීමට එරට රජය කටයුතු කර තිබේ.

මෙම පිරිස අතර, එරට අධිකරණ අමාත්‍යාංශයට අනුයුක්තව සිටි 1,000ක්, හමුදා සාමාජිකයන් 1,000ක්, ගුවන් හමුදා නියමුවන් 100ක් සිටින බව බලධාරීහු පවසති.

තුර්කි රජය පෙරලීම සඳහා පසුගිය ජූලි මාසයේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට රජයේ නිල ධාරීන් දහස් ගණනකට සිය ධුරයන් අහිමි විය.

මෙම නවතම සිදුවීමත් සමග එරට පොලිස් නිලධාරීන් 9,000ක් පමණ දෙනා ගැනද රජයේ උකුසු ඇස යොමුවී ඇති අතර, තවත් 1,000ක පමණ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

තුර්කියේ සිදුවූ අසාර්ථක කුමන්ත්‍රණයට ඇමෙරිකාවේ රැකවරණය ලබන ෆෙතුල්ලාහ් ගුලෙන් නමැති පූජක තැනකට අගමැති රිසෙප් තයීප් එර්ඩෝගාන් චෝදනා කළත්, ඔහු ඒ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

කැලණි ගඟට විසිකළ දරුවාගේ මළ සිරුර හමුවේ

වැලිවේරිය ප්‍රදේශයේ මවක් සිය  6 හැවිරිදි දරුවා සමග කඩුවෙල පාලමෙන් ගඟට පැනීමේ සිදුවීමේ අතුරුදහන්ව තිබූ කුඩා දරුවාගේ මෘත ශරීරය අද (30දා) පෙරවරුවේ සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

ඒ අනුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මව විසින් දරුවා ගඟට දැමීමට පෙර ඝාතනය කරනු ලැබ ඇති බව හෙළි වී තිබේ .

අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ඊයේ(29 දා) බේරා ගනු ලැබූ අතර, පසුව බියගම පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.

ජෙම් රූපවාහිනියේ සභාපති තුර්කියේදී වෙඩි තබා මරයි

තුර්කියේ පර්සියානු භාෂාවෙන් ප්‍රචාරය වන ජෙම් රූපවාහිනී ආයතනයේ නිර්මාතෘ හා සභාපතිවරයා ඉස්තාම්බුල් නුවරදී ඝාතනය කර තිබේ.

ඉරාන ජාතික රූපවාහිනී අධිරාජ්‍යයෙකු වූ සයීඩ් කරිමියන් නමැති ඔහු මස්ලක් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති ඇත්තේ, සිය කුවේට් ජාතික ව්‍යාපාර හවුල්කරුවා සමග සිටින අවස්ථාවේදීය.

මෙම ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය පසුව ගිනිගෙන විනාශ කර තිබියදී සොයාගැනීමට මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සමත්ව තිබේ.

ඉරානයට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් කිරීමේ චෝදනාව යටතේ මීට පෙර ඔහු ඉරානයේ ටෙහෙරාන් අධිකරණයකින් වසර හයක සිර දඬුවමකටද යටත් වූවෙකි.

සුනඛ රැළකට හසුවූ දරුවා රෝහලේ

අයාලේ යන සුනඛයන් රැලකට හසුවූ 06 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, ගම්පොළ, බෝතලාපිටිය, ෆාතිමා ගාඩ්න්හි පදිංචි මොහොමඩ් උස්මාන් නමැති දරුවෙකි.

සුනඛයන්ගේ සපාකෑම්වලට ලක්ව ඔහුගේ ශරීරයේ තුවාල 40ක් පමණ තිබූ බව එම දරුවාගේ දෙමව්පියෝ පවසති.

තුවාල ලැබූ දරුවා මාර්ගයේ තනිව එමින් සිටියදී සුනඛ රංචුවකට මැදිවී ඇති අතර, බරපතළ තුවාල සිදුවූ දරුවා ගුරුවරියක වන ජෙස්ටින් නමැති අය බේරාගෙන තිබේ.

හිසෙන් කොටසක් හා පාදවලින් කොටස් කඩාගෙන ගොස් ඇති මෙම සුනඛ රංචුව දරුවාට සිහි නැතිවන තුරුම සපා කා ඇතැයි අනාවරණය වී තිබේ.

බෝතලාපිටිය ප්‍රදේශයේ සිටින මෙම සුනඛ රංචුව දඩයමට හුරුව ඇති බවත්, මේ වනවිට විශාල එළුවෙකු හා කුකුළන් ඇතුළු සතුන් දඩයම් කර ඇතැයි ගම්වාසීහු පවසති.

05 06

අම්බලන්තොට පාසල් භූමියක බඹර ප්‍රහාරයක්

අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසලේ ඇති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි පාසල් සිසුන් පිරිසක් ඊයේ ( 29දා) සවස 5.30 පමණ බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

එහි සිටි 10 දෙනෙකුට අධික පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබේ.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – 2017 නව තරගාවලි වාර්තා 21ක්

නව තරගාවලි වාර්තා 21ක් සමගින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය (26දා) නිමාවට පත්විය.

දින 4ක් පුරාවට පැවති මෙම තරගාවලියේදී තිබූ වාර්තා සම කිරීම් 2ක්ද වාර්තා වූ අතර  සිව්වැනි හා අවසන් දිනයේදී නව තරගාවලි වාර්තා 7ක් බිහිවිය.  

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට හිමි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන අභියෝගතා කුසලානයේ මෙවර හිමිකාරිණිය  බවට පත්වීමට තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.20ක දුරක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ වෙන්නප්පුව ශූ.පවුලේ කන්‍යාරාමයේ බී.එම්. හෂිනි ප්‍රබෝධා සමත් වූවාය.

මේ අතර මෙහි 18න් පහළ තරග ඉසව්ව කෙන්යාවේදී පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උලෙළ, තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළ හා තායිලන්තයේදී පැවැත්වෙන 2018 යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්විය.

මෙහිදී ස්ථිර වශයෙන්ම ක්‍රීඩකයන් තිදෙනෙක් කෙන්යාවේදී එළඹෙන ජූලි මසදී පැවැත්වෙන යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගත්හ.එනම් අෂ්මිකා හේරත්, නවෝද්‍ය සංකල්ප හා රෂ්මික ඉන්ද්‍රජිත් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනායි.   

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට වයස් කාණ්ඩ 4ක (16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ, 23 න් පහළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2800 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

තරගාවලියේ එක් එක් අංශයන් හි  දක්ෂතම ක්‍රීඩකයා  හා ක්‍රීඩිකාව

16 න් පහළ

ක්‍රීඩිකාව – එස්.එච්.සදිනි කවීෂා – දික්වැල්ල ම.ම.වි. (දුර පැනීම මී.5.48- නව තරග වාර්තාවකි)

ක්‍රීඩකයා – ශෙමාල් මිලින්ද පෙරේරා -ශා.මරියා විද්‍යාලය  හලාවත (මීටර් 200 – තත්පර 22.68)

18 න් පහළ

ක්‍රීඩිකාව- එච්.එම්. අෂ්මිකා හේරත් – කුලියාපිටිය ම.ම.වි.(මීටර් 2000 බාධක දිවීම – මිනිත්තු 6.59.96  නව තරග වාර්තාවකි.)

ක්‍රීඩකයා – ශෙහාන් කාරියවසම් – ශා. ජෝශප් විද්‍යාලය කොළඹ (මීටර් 110 කඩුළු මතින් දිවීම – තත්පර 14.41- නව තරග වාර්තාවකි.)

20 න් පහළ

ක්‍රීඩිකාව – හෂිනි ප්‍රබෝධා බාලසූරිය – ශු.පවුලේ කන්‍යාරාමය(වෙන්නප්පුව- තුන් පිම්ම – මීටර් 13.20 නව තරග වාර්තාවකි.)

ක්‍රීඩකයා – නිපුන් කාවින්ද කල්දේරා – ලොයෙලා විද්‍යාලය -කොච්චිකඩේ (දුර පැනීම – මීටර් 7.52 නව ශ්‍රී ලංකා වාර්තාවකි)

23 න් පහළ

ක්‍රීඩිකාව – පී.ජී. මධුෂිකා – ශ්‍රී ලංකා ගුවන් හමුදාව- මීටර් 400 – තත්පර 55.16 නව තරග වාර්තාවකි

ක්‍රීඩකයා- එල්.ජී. ධනංජය – දුර පැනීම – මීටර් 7.83 නව තරග වාර්තාවකි.

ඡායාරූප – ශමීර රාජපක්ෂ

DSC_1691 DSC_1716 DSC_1748 DSC_1767 DSC_1771 DSC_1802 DSC_1831 DSC_1845 DSC_1887 DSC_1902 DSC_1906 DSC_1908 DSC_1909 DSC_1912 DSC_1913 DSC_1917 DSC_1923 DSC_1928

ශ්‍රී ලංකාව සංවර්ධනයේ නව ගමනක් අරඹලා – රවි

තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත් වන ජනයා එහි සංවර්ධන වේගයට වැඩි වේගයකින් වයසට යමින් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සමාජ යටිතල පහසුකම් සැපයිය යුතුව ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තායිලන්තයේ බැංකොක් නුවර දී පසුගිය දා ආරම්භ වූ ආසියා පැසිෆික් රටවල සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය යන මැයෙන් ආසියා පැසිෆික් රටවල් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද 4 වැනි ඉහළ පෙළේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

මුල්ලිකුලම් සත්‍යග්‍රහයට නාවික හමුදාවෙන් පිළිතුරු

තම මුල් ඉඩම් යළි ලබාදෙන ලෙස ඉල්ලමින් දින 49ක් පුරා මන්නාරම් මුල්ලිකුලම් වැසියන් විසින් සිදුකළ සත්‍යග්‍රහය අද (30දා) අවසන් කර තිබේ.

නාවික හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරව මුල් ඉඩම් සියල්ලක්ම නිදහස් කරන බවට වූ පොරොන්දුව මත මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව නාවික හමුදාව භාරයේ පැවැති ඉඩම් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ඒවායේ මුල් අයිතිකරුවන්ට බාරදීමට නාවික හමුදාපතිවරයා තීරණය කළ අතර, දැනට නාවික හමුදාව රැඳී සිටින මුල් ඉඩම් හා නිවාස 22කින් ඉවත් වීමට මාස 06ක කාලයක් ඉල්ලා තිබේ. එම මාස 06ක කාලය ඇතුළත නාවික හමුදාව වෙනත් ස්ථානයක තම කඳවුරු ඉදිකිරීමෙන් පසුව එම ඉඩම් හා නිවාසද මුල් අයිතිකරුවන්ට ලබාදීමට තීරණය කර තිබේ.    

මේ අතර අද දිනයේදී පවුල් 80ක් පමණ තාවකාලික නිවාස ඉදිකර සිය මුල් ඉඩම්වල පදිංචි වීම සඳහා මුල්ලිකුලම් කතොලික පල්ලියේ පැවත්වෙන දේව මෙහෙයෙන් පසුව පැමිණීමට නියමිතවය.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed

මාර්ග 15ක වාහන නවතා තැබීම තහනම්

හෙට (01දා) දිනයේ පැවැත්වෙන මැයි දින සැමරුම වෙනුවෙන් කොළඹ  ප්‍රදේශයේ මාර්ග 15ක රැලි අවසන් වනතුරු අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන නවතා තැබීම තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම නීතිය උල්ලංඝනය කරන රථවාහන සියල්ල අදාළ පොලීසි වෙත රැගෙන ගොස් නඩු පවරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අනුව අද (30දා) මධ්‍යම රත්‍රියේ සිට හෙට දිනයේ මැයි දින රැලි අවසන් වන තුරු පහත සඳහන් මාර්ගවල වාහන නවතා තැබීම තහනම් වේ.

සංඝරාජ මාවත

මාලිගාවත්ත පාර (සමන්තා හෝල් සිට සංඝරාජ වටරවුම දක්වා)

ජයන්ත වීරසේකර මාවත

පංචිකාවත්ත පාර (සංඝරාජ වටරවුම සිට මරදාන පාලම් හන්දිය දක්වා)

ආනන්ද රාජකරුණා මාවත (පුංචි බොරැල්ල හන්දිය සිට වැලිකඩ බන්ධනාගාර හන්දිය දක්වා)

උද්‍යාන මාවත (මරදාන පාර සිට බේස්ලයින් පාර දක්වා)

ආමර් වීදිය (ආමර් විදුලි සංඥා සිට සංඝරාජ වටරවුම දක්වා)

බේස්ලයින් පාර (ඉංග්‍රම් හන්දිය සිට බොරැල්ල හන්දිය දක්වා)

ගාලු මැද පාර

මාකන් මාකර් මාවත

ජස්ටිස් අක්ඛාර් මාවත

යූනියන් පෙදෙස (ඉබ්බන්වල හන්දිය, කොම්පඤ්ඤවීදිය හන්දිය දක්වා)

ගාමිණී වටරවුම සිට මරදාන පාලම් හන්දිය දක්වා.