Monthly Archives: January 2017

පොලිස් නිල ඇඳුම වෙනස් වෙයි?

පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම පිළිබඳ පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.කාලයක පටන් පොලිස් නිලඇඳුම වෙනස් වියයුතු බවට කතාබහක් ඇති වී තිබෙන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කර පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රටපුරා සමීක්ෂණයක් සිදුකිරීමට හා විවිධ පාර්ශ්වවලින් අදහස් ලබාගැනීමටද සැලසුම් කර තිබේ.

ට්‍රම්ප්ගේ අණ නොතැකූ නිතිපති ධුරයෙන් ඉවතට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සරණාගතයන් සීමා කරමින් අත්සන් කරනු ලැබූ විධායක නියෝගයට පෙනී නොසිටි එරට වැඩබලන නීතිපතිවරිය ධුරයෙන් ඉවත්කර තිබේ.

ඒ වෙනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව වැඩබලන නීතිපතිවරයා ලෙස නැගෙනහිර වර්ජිනියා දිස්ත්‍රික් නීතිපති ධුරය හෙබවූ ඩානා බොයෙන්තේ පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට වැඩබලන නීතිපතිනිය ලෙස කටයුතු කළ සැලී යේට්ස් විසින් ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය වෙනුවෙන් පෙනී නොසිටින ලෙස රජයේ නීතීඥයන්ට උපදෙස් දීමත් සමග මෙම අර්බුදය හටගත් අතර, ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීය.  

පසුගිය සිකුරාදා දිනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් විධායක නියෝගයට අනුව එරට සරණාගත වැඩසටහන මාස 4ක කාලයක් නවතා දැමුණු අතර, ප්‍රමුඛ මුස්ලිම් රාජ්‍යයන් 7කින් සරණාගතයන් එරටට ඇතුළු වීම මාස තුනක කාලයක් සඳහා අත්හිටවනු ලැබීය.

මේ තත්ත්වය තුළ තම විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමට වැඩබලන නීතිපතිනිය අපොහොසත්ව ඇති බව ට්‍රම්ප් පවසා තිබේ. එමෙන්ම, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හිටපු නීතිපතිනිය එරට අධිකරණ දෙපාර්තමේන්තුවට ද්‍රෝහී වී ඇති බවයි.

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ මීට පෙර ජනපතිවරයෙකු විසින් නීතිපති ජනරාල්වරයෙකු ධුරයෙන් ඉවත්කරනු ලැබූවේ වර්ෂ 1973 දීය. ඒ හිටපු ඇමෙරිකානු ජනපති රිචර්ඩ් නික්සන් විසිනි.

සැලී යේට්ස්

ඩානා බොයෙන්තේ

වගන්ති 05ක් බේරුණ විගණන පනත

ජාතික විගණන පනතේ තිබෙන වගන්ති 54න් වගන්ති 49ක්ම වර්තමාන ආණ්ඩුව විසින් සංශෝධනය කර දමා ඇතැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සඳහන් කරයි.

ජාතික විගණන පනත 2004 වසරේදී කැබිනට් අනුමැතියට පවා ඉදිරිපත් කළ බවත්, එහෙත් එය සම්මත කිරීම සිදුනොවූ බවද එම සංගමයේ සභාපති බණ්ඩාර කුමාරසිංහ මහතා සඳහන් කළේය.

එහෙත් දින 100ක ආණ්ඩුව යටතේ ජාතික විගණන පනත සම්මත කරන බවට වර්තමාන ආණ්ඩුව පොරොන්දු ලබාදුන් බවත්, එහෙත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

එසේ තිබියදී පනතේ වගන්ති 49ක් ආණ්ඩුවට ඕන ආකාරයට වෙනස්කර තිබෙන බවද අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කුමාරසිංහ මහතා සඳහන් කළේය. 

ටොයෝටා පරදා වොක්ස්වැගන් අංක එකට

2016 වසරේදී ලෝකයේ වැඩිම මෝටර් රථ  ප්‍රමාණයක් අලෙවි කළ මෝටර් රථ නිෂ්පාදකයා බවට වොක්ස්වැගන් සමාගම පත්ව තිබේ.ජර්මනියේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙක් වන වොක්ස්වැගන් සමගම එම ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රථම අවස්ථාවට වෙයි.

පසුගිය වසර 4ක කාලය තුළ ලෝකයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් අලෙවි කළ සමාගම ලෙස ටොයෝටා සමාගම ඉදිරියෙන් පසුවිය. ටොයෝටා සමාගම පසුගිය වසරේදී මෝටර් රථ මිලයන 10.17ක් අලෙවි කර ඇති අතර වොකස්වැගන් සමාගම පසුගිය වසරේදී මෝටර් රථ මිලියන 10.31ක් අලෙවි කර තිබේ.

පසුගිය වසරේදි වොක්ස්වැගන් සමාගමට දුම් පරීක්ෂණය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැවැති අවස්ථාවකදි ඔවුන් මෙම ඉලක්කයට ළගා වි තිබිම සුවිශේෂි වෙයි.

Audi, Porsche and Skoda යන සන්නාම යටතේ මෝටර් රථ වෙළඳපොළට නිකුත් කරන වොක්ස්වැගන් සමාගමට චීනය තුළ ඇති ඉල්ලුම 3.8%කින් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබේ.

 

 

 

 

ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ අත්අඩංගුවට

මහජනයා නොමග යවන ආකාරයෙන් අනාවැකි පළ කළැයි ජ්‍යෝතීර්වේදි විජිත රෝහණ විජේමුණි මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිදු වූ බව කියන සෙනසුරු මාරුවේදි ජනපතිවරයාට අපල බවත් ජනපතිවරයාගේ ආයු කාලය අවසන් වෙනු ඇති බවත් ඔහු අනාවැකියකින් ප්‍රකාශ කර තිබුණි.

 

 

 

සයිටම් තීන්දුව නිසා ඇමති SB සතුටින්

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සතුටෙන් පසුවන බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

එම ආයතනයේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතාට තමාගේ සුබපැතුම් එක්කර සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.

එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උපාධී ලබාදීමේ ආයතනයක් ලෙස සයිටම් ආයතනය ගැසට් කළේ තමන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ බවයි.

ඒ සඳහා රජයේසියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත් බවද ඒ මහතා කීය.

තමා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඉංජිනේරු උපාධි ලබාදීමේ ආයතන 07කට සහ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 11කට උපාධි ලබාදීම සඳහා අවසර දෙමින් ගැසට් නිවේදන නිකුත් කළ බවද ඒ මහතා කියා සිටියේය.

විදුලි තැනපතු සඳහා පොලී ගෙවන්න වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) මගින් විදුලි පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සඳහා පොලී ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 28 වැනි වගන්තියට අනුව විදුලි පාරිභෝගිකයන්ට හිමිවන වරප්‍රසාදයක් ක්‍රියාවට නැගීමට මෙම නිර්දේශය සකසා තිබේ. එම වගන්තියට අනුව පාරිභෝගික ආරක්ෂිත තැන්පතු සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන පොලී අනුපාතිකයක් යටතේ විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංවිම හා ලෙකො) මගින් පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතුවලට පොලී ගෙවිය යුතුය.

ඒ අනුව මේ වසර සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය 8.93ක් බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර, එය මාසික පදනම් මත ගණනය කරන විට 0.715ක ප්‍රතිශතයකි.

විදුලි පාරිභෝගිකයන්ගේ ආරක්ෂිත තැන්පතු සඳහා පොලී ගෙවීම පැහැර හැරීම ශ්‍රී ලංකා විදුලිබල පනතෙහි අදාළ වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි. 

එළවළු පළතුරු ගන්න රොබෝ අතක්

සිය ගබඩා තුළදී එළවළු හා පළතුරු එහා මෙහා කිරීමේදී ඒවාට හානි නොවන අයුරින් කටයුතු කිරීම සඳහා රොබෝ අතක් නිර්මාණය කිරීම පිළිබඳව එංගලන්ත සමාගමක අවධානය යොමුව තිබේ.

අන්තර්ජාලය හරහා සිය ව්‍යාපාර මෙහෙයවන ඔකාඩෝ සමාගම විසින් සිය ගබඩා තුළදි භාවිත කිරිම  සඳහා මෙම රොබෝ අත නිර්මාණය කිරිමට සැලසුම් කර තිබේ.

මේ වන විට සමාගම තුළ එම කාර්යය මිනිස් ශ්‍රමය යොදාගනිමින් සිදුකරන අතර අනාගතයේදී ඒ සඳහා රොබෝවරු යොදාගැනීමට සමාගම තිරණය කර තිබේ.

_93886546_secondhands_wideangleshot-1 _93886548_ocadosmartplatformrobothive _93886550_mediaitem93886549

ඩ්‍රෝන කැමරා 650ක් අනතුරට ලක්වෙලා

ඩ්‍රෝන කැමරා 650ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළ අනතුරට ලක්ව තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී.නිමල්සිරි මහතා පැවසීය.

2014 සිට 2016 වනවිට ඩ්‍රෝන කැමරා අනතුරුවල වැඩිවීමක් දැකිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පසුගිය වසරේදී ගුවන් අනතුරු 95ක් සිදුව තිබෙන බවත්, ඉන් මාරාන්තික අනතුරු පහක් සිදුව 179ක් මියගොස් ඇති බවත් පැවසූ ඒ මහතා ලංකාව තුළ පසුගිය වසර 10 ඇතුළතදී මගී ගුවන් යානා අනතුරක් හේතුවෙන් කිසිවෙකු මියගොස් නැති බවද  සඳහන් කළේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකය පුරා පසුගිය වසරේදී මගීන්  බිලියන 3.6ක් ගුවනින් ගමන් කර තිබෙන බවයි.

 

බෝගල සේවක මරණය ගැන පරීක්ෂණයක්

බෝගල පතුළේදී හදිසි අනතුරක් හේතුවෙන් එහි සේවකයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මියට උපදෙස් ලබාදී තිබේ.

ප්‍රදීප් කුමාර නැමැති පතල් සේවකයයෙකු බෝගල පතල ඇතුළත දෝනාවකින් යමින් සිටියදී හදිසි අනතුරකින් මියගොස් ඇත.

‍මේ අතර මියගිය සේවකයාගේ යැපෙන්නන්ට රුපියල් ලක්ෂ තිහක රක්ෂණාවරණ මුදලක් ලබාදීමට බෝගල පතලේ  පාලනාධිකාරිය තීරණය කර ඇත. එසේම ඔහුගේ මාසික වැටුප විශ්‍රාම වයස එළැඹෙන තෙක් බිරිඳට සහ දරුවන්ට ලබාදීමටත් සේවය සඳහා ලබාදී තිබූ පතල් නිල නිවාසය විශ්‍රාම වයස එළැඹෙන තෙක් යැපෙන්නන්ට ලබාදීමටත් පාලනාධිකාරිය තීරණය කර තිබේ.