Monthly Archives: December 2016

වැඩක් කළ නොහැකිනම් ඇමතිකම වැඩක් නෑ

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් ඵලදායී නොවන බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

 ඔහු පෙන්වා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ඉක්මගොස් ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක‍්‍රමවත් වැඩපිළිවෙලක් දියත් වී නොමැති බවයි.

 මේ ගැටළුව විසඳීමට අදාලව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් පැවසූ පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව වසරේදීවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට  ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි වාතාවරණයක් උදාකර දීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි.

ක්‍රිස්තියානි මූලධර්මවාදයේ නැගිටීමක් වෙනවලු

යුරෝපයේ ඉස්ලාමීය මූලධර්මවාදය නැගීමට සාපේක්‍ෂව කතෝලික හා කි‍්‍රස්තියානි මූලධර්මවාදී ආගම්වල නැගිටීමක් 2017 වසර තුළදී බලාපොරොත්තුවිය හැකි බව බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.2017 වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම අන්තර්ජාතික සම්මුතීන් වෙනුවට ජාතික රාජ්‍යයන්ගේ අභිලාශ ඉදිරියට එන වසරක් ලෙස 2017  වසර හඳුනාගත හැකි බවත් ආරක්‍ෂකමය ආකායරට හා සමාජමය ආකාරයටත් නව පිපිරීම් රැසක් මධ්‍ය ධරණී කලාපයේ, අරාබි කලාපයේ ඇතිවෙමින් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

2017දී  ශ‍්‍රී ලංකාවට නව ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා දේශගුණික විපර්යාස යටතේ ලබන වසරේ  විශාල ජල ගැටලූවකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් පෙන්වා දෙයි.

මැදපෙරදිග මීදුම ගුවන් ගමන් ප්‍රමාද කරයි

මැද පෙරදිගට බලපා ඇති අධික මීදුම් තත්ත්වය නිසා අද (31දා) දිනයේදිත් සාජා හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා හතරක් පෙ.. 10.00 වන විටත් ශ්‍රී ලංකාවට නොපැමිණියේය. සාජා සිට ගුවන් යානා දෙකක් හා ඩුබායි සිට ගුවන් යානා දෙකක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි. අධික මීදුම් සහිත තත්ත්වය වැඩි වශයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බලපා ඇති බවද වාරතා වෙයි.

මෙම ගුවන් යානා පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් එම යානා භාවිත කරමින් මැද පෙරදිගට ගමන් කිරීමට සිටි මගීන්ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. එසේම ඩුබායි ගුවන්තොටුපොළ හරහා යුරෝපයට ගමන් කිරීමට නියමිතව සිටි මගීන් මෙහිදී දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

රත්නසිරි වික්‍රමනායක මහතා අද සමුගනියි

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31දා) හොරණදි සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ඔහු තෙවරක්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය දැරීය. යුද්ධය පැවැති කාලසිමාවේදීද ශ්‍රී ලංකාවේ අගමැතිධුරය හෙබවූයේ ඔහුයි. සෘජුව වැඩ කරන දේශපාලඥයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ වික්‍රමනායක මහතා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ පියානන්ද වෙයි.

අවමංග්‍ය උත්සවය හේතුවෙන් අද දිනයේදී හොරණ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බව පොලීසිය දන්වා සිටියි.

කොළඹ නත්තල් ගහ හෙටින් අවසන්

කොළඹ ගාලුමුවදොර ඉදිකළ, එසේම ලොව විශාලම නත්තල් ගස බව වරාය අමාත්‍යාංශය සඳහන් කරන කෘතීම නත්තල් ගස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබිම හෙට (01දා) අවසන් බව වරාය හා නාවික අමාත්‍යාංශය කියයි. අවසන් දිනයේදී එම නත්තල් ගස විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරිමට නියමිතය.  

නාවික හමුදාව ඉදිරිෙය් ෙපාලිසියට පරාජය

මෙවර ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් කණ්ඩායමට එරෙහිව පිට පිටම දෙවැනි ජයත් වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අද (30) වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයෙන් ලකුණු 41-28 ක් ලෙසිනි. තරගාවලිෙය් ෙදවැනි අදියෙර් තරගයක් ෙලස  ෙමය පැවැත්විණී.

තරගයේ පළමුවෙන් ලකුණු රැස් කරමින් පොලිස් ක්‍රීඩකයින් ඉදිරියට පැමීනි අතර පළමු අර්ධය අවසනදී ඔවුන් ලකුණු 11-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

කෙසේ වෙතත් දෙවැනි අර්ධය අවසන් වන විටදී නාවික හමුදා ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාශයක් පිළිඹිබු වූ අතර තරගය අවසන් වන විටදි සිය ලකුණු 41 රැස් කිරීම උදෙසා ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කළහ. එහිදී පොලිස් ක්‍රීඩකයින්ට ගෝල දිනුම් දෙකක් ,උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කළහ.

 

අඳුරු අතීතය පසෙක තබමු – විපක්ෂ නායක

ඉදිරි වසරේදී අඳුරු අතීතය පසෙක තබා එක් රටක් ලෙස එකට එකතුවී සෞභාග්‍ය උදාකර ගැනීමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. ගාලු මුවදොර නත්තල ගස සයවැනි දිනයට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරමින් විපක්ෂනායක වරයා මේ බව පැවසීය.

"අපේ ශ්‍රී ලාංකික ජනතාව තවමත් දිළිඳුකමින් පීඩා විඳිනවා. අපි එයට ඉඩදිය යුතු නැහැ. අපේ රට දියුණු  විය යුතුයි. අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමිය යුතුයි. එමගින් ඔවුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ හැකියි.  එම අරමුණ ඉටුකර ගැනීමට නම් අප සියලුදෙනාම අත්වැල් බැඳ ගත යුතු වෙනවා.

ශ්‍රී ලාංකිකයන් සාමාන්‍ය‘යෙන් සියලුම ආගමික උත්සව සමරනවා. වෙසක් උත්සවය, සිංහල හින්දු අලුත් අවුරුද්ද, මුස්ලිම්වරුන්ගේ උත්සව සියලුම ශ්‍රී ලාංකිකයන් සමරනවා. අපේ රටේ ජනතාව අතර තිබෙන බැඳීම එයින් පෙනෙනවා. අපේ ආගමික, සංස්කෘතික, භාෂාමය, ශිෂ්ටාචාරයේ අනන්‍යතාව තහවුරු කර ගනිමින් එක ජාතියක් ලෙස ජීවත්වීමට ඇති අවශ්‍යතාවත් එයින් නිරූපණය වෙනවා" යැයි ඔහු පැවසීය.

පළමු පාසල් වාරයේ අවසානය අප්‍රේල් 5 දා

අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 68 ක් හැර සෙසු සියලුම පාසල් 2017 ජනවාරි මස 02 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදාගනු ලබන පාසල් පළමු පාසල් වාරය සඳහා විවෘත වන්නේ 2017 ජනවාරි මස 16 වන සඳුදා ආරම්භවීමට නියමිතය.

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2017 ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 05 වන බදාදා දක්වා පැවැත්වෙන අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2017 ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 06 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වේ.

img496 img497 copy

 

 

වයස අවුරුදු 200 වට ප්‍රමාණය අඩි 27යි

ඇතමුන් ගස් කපා විනාශ කරද්දී පස්සර – දඹෙවෙල ගම්වැසියෝ ගස් ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කරති. වසර  සිය ගණන් පැරණි ගස් මෙම ගම්මානයේදී දැකිය හැකි වන අතර වසර දෙසීයකට වැඩි වයසක් ඇතැයි කියන කොස් ගසක්ද මෙම ගම්මානයේ ඇත. එහි වට ප්‍රමාණය අඩි 27 කි.

මෙම කොස් ගසේ හිමිකරු වන කපිල බන්දුල විජේරත්න මහතා පවසන්නේ තමන්ට පාරම්පරිකව උරුමවූ මෙම කොස් ගස කපාගෙන යාමට දැව ජාවාරම් කරුවන් අවස්ථා ගණනාවකදී උත්සාහ කළත් තමන් ඊට ඉඩ නුදුන් බවයි.

kosgaha 1 kosgaha 2 kosgaha 4 kosgaha 5 kosgaha

දෙසැම්බර් මහ බැංකු පොලී අනුපාත නොවෙනස්

2016 දෙසැම්බර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7% ක් සහ 8.5% ක් ලෙස නොවෙනස්ව පවතී.