Monthly Archives: November 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ව්‍යාපාර දිවියට තිත තැබීමට සූදානම්

ජනාධිපති ධුරයේ කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීම සඳහා තමන් සියලු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පසුගියදා පැවති මැතිවරණයෙන් තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ ව්‍යාපාරික දිවියේ හා රාජ්‍ය පාලනයේ ගැටුමක් ඇතිවීම වළක්වනු වස් මෙම තීරණයට පැමිණි බවයි.

ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කරමින් මේ පිළිබඳව තේරීපත් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අනාවරණය සිදුකරන අතර, එළැඹෙන මාසයේදී සිය දරුවන් සමග එක්ව පවත්වන මාධ්‍ය හමුවකදී තමාගේ ඉදිරි සැලසුම් පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීම් සිදුකරන බවද ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත්, තම ව්‍යාපාරික දිවිය හා ජනාධිපති ධුරය සමබරව පවත්වා ගැනීමක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබුණත්, එවැනි මතයක් නොමැති බව මේ හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් සපථ කර තිබේ.

ඔපෙක් තෙල් බැරල් මිලියන 1.2ක් කපා හරී – මිල ඉහළට

ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය විසින් තෙල් සැපයුම දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට තීරණය කිරීමත් සමග බොරතෙල් මිලෙහි ඉහළ යෑමක් වාර්තා වෙයි.

ඔපෙක් සංවිධානයට අයත් රටවල් තෙල් බැරල් මිලියන 33.64 ක් දිනකට සපයන අතර, ඔවුන් මෙම නව එකඟත්වයට අනුව දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට තීරණය කර තිබේ. ඒ අනුව, බොරතෙල් මිලෙහි 8% ක පමණ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව බ්ලූම්බර්ග් දත්ත පෙන්වයි.

දිනෙන් දිනම ලෝකයේ බොරතෙල් මිල පහළ යෑම මේ ආකාරයෙන් තෙල් සැපයුම කපාහැරීමේ තීරණයට හේතුව බව කියැවෙයි.

ඉන්දීය චිත්‍රපටයක් ප්‍රදර්ශනයට පෙර ජාතික ගීය අනිවාර්ය වේ

ඉන්දියාවේ සිනමා ශාලා තුළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙම තීරණය දින 10ක් තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹිය යුතු බවත්, එලෙස ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී චිත්‍රපට ශාලාවේ සිටි පිරිස් අසුන්වලින් නැගිට ඊට ආචාර කළ යුතු බවත් විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබේ.

1960 සහ 1970 දශකවලදී ඉන්දියාවේ සිනමා ශාලාවල මේ ආකාරයෙන් ජාතික ගීය වාදනය කිරීමක් සිදුවුවත්, මෙම සිරිත ක්‍රමයෙන් පිරිහී ගොස් තිබුණි.

මේ දක්වා, ජාතික ගීය වාදනය කිරීම සම්බන්ධයෙන් එරට ප්‍රාන්ත 29 තුළ විවිධ නීති පැවති අතර, එක් නිශ්චිත නීතියක් නොවූ බවද කියැවෙයි.

කෙසේ වෙතත්, විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සමන්විතව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (30දා) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ ඉදිරියේදී රටේ සියලු සිනමා ශාලා තුළ මෙය ක්‍රියාත්මක විය යුතු බවය. එමෙන්ම, ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී තිරයේ ඉන්දීය ධජය ප්‍රදර්ශනය කළ යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

වසරේ ජනතාවගේ ක්‍රීඩකයා ඩිල්ෂාන්

(LIVE) ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ආරම්භ විය. එහි පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය රුචිර පල්ලියගුරුගේ මහතාට හිමිවිය. වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස රසල් ආනල්ඩ් සම්මාන ලැබීය. 2015 වසරේදී ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව සම්මාන පිරිනමයි. වසීම් අක්‍රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබේ. 

ඡායාරූප – ඉසුරු පෙරේරා


වසරේ එක්දින පන්දු යවන්නිය – ඉනෝකා රණවීර


වසරේ තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන

 


වසරේ එක්දින පිතිකරිණිය – චමරි අතපත්තු (අඛණ්ඩව පස්වැනිවරට)


වසරේ විස්සයි20 පන්දු යවන්නා – ලසිත් මාලිංග (මේ දේ මට නැතිව වෙන කෙනෙකුට ලැබුණානම් හොඳයි. පාදයේ ආබාධය නිසා වසරක් ක්‍රීඩා කළේ නෑ. ලබන වසරේ ජනවාරි මාසයේ විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි)

AID_3763


වසරේ විස්සයි20 පිතිකරු – තිලකරත්න ඩිල්ෂාන්


වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස් (කණ්ඩායම නැතිව කිසි දෙයක් ලබාගන්න බෑ. දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරිම බලාපොරොත්තුවයි)

AID_3788


එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග

AID_3782


වසරේ එක්දින පිතිකරු – කුමාර් සංගක්කාර


වසරේ තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

AID_3788


වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත් 

AID_3795


වසරේ ටෙස්ට් පිතිකරු – දිනේෂ් චන්දිමාල් (හැම කෙනෙක්ම අමතක කරලා අවුරුද්දක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට මහන්සි වෙනවා. ආබාධය හොඳයි. දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම බලාපොරොත්තුවයි)

AID_3804


වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – කුසල් මෙන්ඩිස් 

AID_3822


ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර –  ක්‍රීඩාවට මම අත ගහන්නේ නෑ. කවදාවටත් වඩා ක්‍රිකට් පරිපාලය හොඳට තිබෙනවා. කණ්ඩායම හොඳට හදලා තිබෙනවා. ආදරණීය ජනතාව වෙනුවෙන් කැපවෙන්න. 

AID_3835


AID_3841

වසීම් අක්‍රම් – මම ලංකාවට ආදරෙයි. අරවින්ද ලොකු ගමනක් යන බව දැනගෙන හිටියා. ගොඩක් වෙලාවට මම ලංකාවට එනවා. ලංකාවේ මිනිස්සු හරිම හිතවත්. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රිඩාවට බොහෝ දෙනෙක් දායාද කළා. මම ශ්‍රී ලංකාවේ ගොඩක් අය සමග ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සටන්කාමීයි. නමුත් ඔවුන් ක්‍රීඩාවෙ ජීව ගුණය ආරක්ෂා කරමින් ක්‍රීඩා කරනවා. අවසන් ලකුණ දක්වා ඔවුන් තරග කරනවා. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිගු මිතුදමක් තියෙනවා. ලංකාවට ආවම මට හිතෙන්නේ පාකිස්තානයේ ඉන්නවා වගේමයි. පාරේ ඇවිදින විට ඔවුන් මා සමග කතා කරනවා. ශ්‍රී ලංකාවට හොඳ පාසල් ක්‍රිකට් පද්ධතියක් තිබෙනවා. නමුත් පාකිස්තානයට එවැනි තත්ත්වයක් නෑ. මට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට උදව් කරන්න ඕනම අවස්ථාවක ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මගේ හදවතේ තිබෙනවා.

 


වසරේ ඩයලොග් ජනතාවගේ ක්‍රීඩකයා – තිලකරත්න ඩිල්ෂාන්

(සතුටුයි. බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් නෙමෙයි. සම්මානය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා දවසෙයි. මෙය මුළු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පිරිනැමෙන සම්මානයක්. තරුණ ක්‍රීඩකයන්ට කියනවා ජනතාවගේ ආශීර්වාදය තමයි ලොකුම ආශීර්වාදය. රට වෙනුවෙන් සියයට 200ක් දීලා රට ජයග්‍රහණය කරනවන්න.වසීම්ට මුහුණ දුන් පළමු බෝලයට මම හතරක් ගැහුවා. දෙවැනි පන්දුවේදී විකට් කණුව කීපර් ළගට ගියා. මට මුහුණ දෙන්න අමාරුම පන්දු යවන්නා වසීම් අක්‍රම්)

AID_3855 


වසරේ ඩයලොග් ක්‍රිඩකයා – ඇන්ජලෝ මැතිව්ස් (තුන්වැනි වතාවට)

AID_3883


AID_3687 AID_3692 AID_3695 AID_3699 AID_3701 AID_3702 AID_3707 AID_3709 AID_3713 AID_3715 AID_3720 AID_3722 AID_3728 AID_3731  AID_3742 AID_3746 AID_3751 AID_3754   AID_3780   AID_3794    AID_3825 AID_3831   AID_3847 AID_3853  AID_3863 AID_3875  AID_3889 AID_3890 (2) 

චීන භික්ෂූනීන් වහන්සේ දින 7ක් තිස්සේ කටුනායක ගුවන්තොටේ

දින 7 ක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත ලොබියේ චීන ජාතික භික්ෂුනී වහන්සේ නමක් රැඳී සිටිති.

මෙහෙණින් වහන්සේ කැලණිය ප්‍රදේශයේ බෞද්ධ විහාරයකට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන, මහායාන බෞද්ධ විශ්වවිද්‍යාලයක් වෙත යෑම සඳහා පැමිණි බව ප්‍රකාශ කර සිටිති.

ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ ව්‍යාපාරික කටයුතු කරන බැංකු,දුරකථන සමාගම්වල සේවකයන් තම පෞද්ගලික මුදල් යොදවා,ඇය එම කැලණියේ පිහිටි බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත යොමු කළද, ඔවුන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම භික්ෂුනීන් වහන්සේ ආපසු  එවා තිබුණි.

පසුව මේ පිළිබඳව ඇය සතුව ඇති කැලණිය බෞද්ධ විශ්වවිද්‍යාලයේ දුරකථන ඔස්සේ විමසූ විට ඔවුන් පවසා ඇත්තේ,තමන් තවමත් අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරමින් පවතින නිසා,ඇය නවතාගැනීමට අවශ්‍ය පහසුකම් තමන් සතුව  නොමැති බවයි.

පසුව මෙම බැංකු සහ දුරකථන සමාගම් සේවකයින්,චීනයේ සිට පැමිණෙන විවිධ පිරිස් වෙත ඇය යොමු කළ අතර,එහිදී ඔවුන් ඇය රැගෙන යෑමට උත්සාහ කළද, ඇය එම උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින් මෙසේ රැඳී සිටින්නීය.

ඇය චීන භාෂාව පමණක් හසුරුවන  නිසාම, ඇය  හා සාකච්ඡා  කිරීම දුෂ්කර වී පවතියි.

IMG_20161130_171001 IMG_20161130_171017 IMG_20161130_171025 IMG_20161130_171029 IMG_20161130_171031

 

ලාම්පු ඕනත් නෑ – අර්බුදයකුත් නෑ

2018 වසරේදී විදුලි අර්බුදයක් ඇතිවන බවට ඇතැම් මාධ්‍ය හරහා ගෙනයන ප‍්‍රචාර, වගකීමෙන් යුතුව බැහැර කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා අවධාරණය කරයි.

මේ වනවිට විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා රාජ්‍ය සහ අමාත්‍යාංශ මට්ටමෙන් ගතයුතු සියළු පියවරයන් ගෙන ඇති බවත් දැනට ස්ථාපිත විදුලි බලාගාර ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි බලගන්වා ඇති බවත් ඔහු පැවැසීය.

නැවතත් කුප්පි ලාම්පු සූදානම් කරගන්නා ලෙසට ඇතැම් පිරිස් කරන ප්‍රකාශයන්හි කිසිඳු සත්‍යයක් නොමැති බවද ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හදවත් රෝගී මරණවලට හේතුවන ඩයි වර්ගයක්

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම්වලට ලක්කෙරුණු රෝගීන් හතර දෙනෙකු මියයෑමට යෑමට හේතුව ඩයි වර්ගයක් බවත් එම ඩයි වර්ගය වර්ගය තාවකාලිකව ඉවත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අනුව රෝගීන් මිය යෑම සම්බන්ධයෙන් කළ  මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ 'Non Ionic contrast media for cardio angiography for adult – 100 ml' නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබේ.

ඒ අනුව හෘද රෝග සැත්කම් සඳහා භාවිත කරන මෙම ඩයි වර්ගය පිළිබඳව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොනරාගල, යාපනය, කරාපිටිය, දකුණු කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙණිය යන රෝහල්වලට නිකුත් කර තිබිණි.

එම රෝහල් තුළ ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරයි.

 

 

ශ්‍රම බළකා සමීක්ෂණය ටැබ් පරිගණකයෙන්

2017 වසරේදී සිදුකරන ශ්‍රී ලංකා ශ්‍රම බළකා සමීක්ෂණය ටැබ් පරිගණක උපයෝගී කරගෙන සිදුකරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රැකියා නියුක්තිය, සේවා වියුක්තිය හා ශ්‍රම බළකාය පිළිබඳව විධිමත් ක්‍රමවේදයකට අනුව නිවාස 25,000ක නියැදියකින් මෙම සමීක්ෂණය සිදුකරයි.

පරිගණක ආශ්‍රිත සම්මුඛ පරීක්ෂණ ක්‍රමය (CAPI) ඔස්සේ දත්ත රැස්කරන මොහොතේම එම දත්ත පරිගණකගත කිරීමට හැකිවීම නිසා සංඛ්‍යාතිවල ගුණාත්මකභාවයත්, කාලීනභාවයත් ඉහළ නැංවිය හැකි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පැවසීය.  

ජනමාධ්‍ය ගැටලු ගැන ජනපති දන්නවලු

ලංකාවේ පත්තර කාරයෙක් ජනාධිපති වුවා නම් ඒ තමා බවත්, මේ නිසා ජනමාධ්‍යවේදීන්ට පවතින ගැටලු ගැන අමුතුවෙන් තමන්ට පැවසීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ තොරතුරු දැනගැනීමේ පනත රට තුළ ඇතිකර තිබෙන බවත්, මීට අමතරව නිදහසේ වාර්තාකරණය කිරීමට අවශ්‍ය පහසුකම සලසාදී තිබෙන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

මාධ්‍යවේදීන්ට හොඳ අනාගතයක් ඇතිකිරීම සඳහා වැඩකටයුතු රාශියක් සිදුකරමින් සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30දා) පැවැති මාධ්‍ය සේවක 06 වැනි සමුළුවේදී සඳහන් කළේය.

DSC_5829 DSC_5844 DSC_9642 DSC_9649 DSC_9679 DSC_9683

ඡායාරූප – ශමීර රාජපක්ෂ

ජයග්‍රහණයේ රහස උපුල් හෙළි කරයි

සිම්බාබ්වේ සංචාරයේදී ටෙස්ට් තරගාවලිය ජයගැනීමත් සමග ක්‍රීඩකයන් තුළ යහපත් මානසිකත්වයක් ගොඩනැගුණු බවත්, එම ආරම්භය තුන්කොන් එක්දින තරගාවලිය ජයගැනීමට ඉවහල් වූ බවත් සිම්බාබ්වේ සංචාරයේදී තුන්කොන් එක්දින තරගාවලියට නායකත්වය ලබාදුන් උපුල් තරංග පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (29දා) රාත්‍රි‘යේ ජයග්‍රාහී එම කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබු විශේෂ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර, ඊට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද එක්ව සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා නිත්‍ය උපනායක දිනේෂ් චන්දිමාල් එක්ව සිටි අතර, කණ්ඩායමේ පසුගිය කාලයේ පැවැති ආබාධ මේ වනවිට සුව තත්ත්වයට පත්ව ඇති බවත්, ධම්මික ප්‍රසාද් පමණක් සුවය ලබමින් සිටින බවත් ඇන්ජෙලෝ පවසා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී එක්දින හා ටෙස්ට් තරග සඳහා තුන්කොන් තරගාවලියේ නායකත්වය දැරූ උපුල් තරංගව කණ්ඩායමට එක් කරගැනීම පිළිබඳව තීරණය ගන්නේ තේරීම් කමිටුව බවත්, ඔවුන් උපුල් තරංග පිළිබඳවත් සිතා බලනු ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා නිත්‍ය නායකයා ප්‍රකාශ කළේය.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_3589 AID_3604 AID_3647