Monthly Archives: October 2016

හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විදුහලට

කොළඹ, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය, හෙට සිට ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සඳහා ලබාදීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේදී අද (31චදා) පැවති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, ඉදිරියේදි මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර ඇතිකරගන්නා අවබෝධතා ගිවිසුමක් මඟින්, දෙපාර්ශවය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.

කෝප් සභාපතිට CID යන්න පුළුවන්

බැඳුම්කර සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව සොයා බලන ලෙසට කෝප් කමිටු සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි හැකි බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

හිටපු කෝප් කමිටු සභාපති ඩීව්. ගුණසේකර මහතා සභාපති තනතුර දරන කාලයේදි වංචාවක් සිදුව තිබෙන බවට හැඟී ගිය පසු ඒ පිළිබඳව සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ බවත්, එම ආදර්ශය මෙම සිද්ධියටත් ගත හැකි බවත් හෙතෙම පවසා සිටියේය.

තමන් සභාපතිවරයාට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවද අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වී තිබෙන බවත් එය ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා  වර්ධනය වී ඉදිරි දින කිහිපයේදී ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී, විශේෂයෙන් 2016 නොවැම්බර් මස 04 සිට 06 වන දින දක්වා, දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ  වැඩිවීමක් අපේක්ෂා කරන බවත් දිවයිනේ නිරිත දිග  සහ උතුරු කොටස් වලට තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයේ වෙයි.

වාද්දූවේ ඝාතනය කළේ කුඩු රොෂාන්ගේ ඥාතියෙක්ද?

වාද්දූව දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (31දා) අලුයමදී හමු වූ බව පොලීසිය කියයි. මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ, වාද්දූවේ පදිංචි ජයන්ත මාක් ද සිල්වා (අවු. 59) නම් කැලණිතිස්ස බලාගාරයේ සේවය කරන පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ වෙඩි තැබීමේ සිදුවීමේදී අත්අඩංගුවට පත් කුඩු රොෂාන් නැමැති පාතාල සාමාජිකයාගේ ඥාතියෙකු බවද වාර්තා වෙයි.

 

;

මේ කතාව ඔබ අභිප්‍රේරණය කරාවි

(VIDEO)එංගලන්ත පාදයක් අහිමි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දු රකින විට සිය කෘත්‍රීම පාදය ගැලවී ගිය විට පවා එය නොතකමින් පන්දු රැකීමේ කාර්යයෙහි නිරත වී සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමග ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ඩුබායි ඇකඩමි ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අතරතුරදී එංගලන්ත ක්‍රීඩක ලියම් තෝමස් මෙම සිදුවීමට මුහුණ දුන්නේය. තරගාවලියේ පාකිස්තානය හා පැවැති අවසන් විස්සයි20 තරගයේදී පාකස්තාන ක්‍රීඩකයෙකු එල්ල කළ පහරකට අදාළව පන්දු රැකගැනීමට යාමේදී ලියම්ගේ කෘත්‍රීම පාදය ගැලවී යයි.

කෙසේ වෙතත් එයින්  තත්ත්පරයක ප්‍රමාද නොවුණ ලියම් තනි කකුලෙන් පන්දුව දෙසට ගොස් එක රැකගෙන යොමු කිරීමට සමත්වෙයි. ඉන් අනතුරුව නැවතත් සිය කෘත්‍රීම පාදය සවි කරගන්නා ලියම් සුපුරුදු පරිදි ක්‍රීඩාවේ නිරත වෙයි. විනාඩියකටත් අඩු කාලයකදී සිදුවෙන මෙම සිදුවීමට මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව අවසන්ය. කෙසේ වෙතත් තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජයට පත්විය.

ඩේලිමේල් ඇසුරෙනි

30-PM-Modi-to-Address-Sri-Lankan-Parliament-4 39E15B8B00000578-3887420-Pakistan_won_the_game_by_three_wickets_with_four_balls_to_spare-a-30_1477858827285 39E15B8300000578-3887420-Thomas_is_down_on_one_knee_as_he_returns_the_ball_to_the_wicket-a-28_1477858827283 39E15B8700000578-3887420-Work_done_for_the_team_Thomas_returns_to_collect_his_artificial_-a-29_1477858827284 39E15BAF00000578-3887420-But_Thomas_shurgged_it_off_abandoning_the_limb_and_retrieving_th-a-25_1477858827280 39E15BB400000578-3887420-In_a_tight_chase_every_run_counts_so_Thomas_needed_to_get_the_ba-a-26_1477858827281 39E15BBB00000578-3887420-Showing_balance_he_picks_up_the_ball_and_throws_it_back_in_to_th-a-27_1477858827282 (1)

 

මන්ත්‍රී රවිරාජ් ඝානත නඩුව දිනපතා විභාගයට

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කළ බවට විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන 21දා සිට දිනපතා සිංහල කතා කරන ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) තීරණය කළේය.

මෙම නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කරන ලෙස විත්තිකරුවන් අධිකරණයෙන් කළ ඉල්ලීමට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට තීරණය කලේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

වෙනසක් නැතිව වරායට බෝනස්

 

මේ වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලුම සේවකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබේ. අමාත්‍යාංශයේ ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමේදී එම තීරණයට එළැඹි බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.  ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය ප‍්‍රසාද දීමනාව ගෙවනුයේ අප්‍රේල් සහ දෙසැම්බර් ලෙස වාරික දෙකකිනි. එම පදනම මත පසුගිය වසරේදී (2015) එම අධිකාරිය එක් සේවකයකුට එක් වාරිකයක් සඳහා ගෙවූ මුදල රුපියල් 30, 088 ක් විය. කෙසේනමුත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මේ වසරේ ප‍්‍රසාද දීමනාවේ අපේ‍්‍රල් වාරිකයේදී එක් සේවකයකු සඳහා ගෙවණු ලැබුවේ රුපියල් 25, 943 කි. ඒ අනුව පසුගිය වසරේ අපේ‍්‍රල් වාරිකයට සාපේක්ෂව මේ වසරේ අපේ‍්‍රල් වාරිකයේදී අඩු වූ මුදල එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක් ලෙස පසුව සියලුම සේවකයින්ට ලබා දිණ. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අද පැවසුවේ, මේ වසරේ ප‍්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය එවැනි වෙනස්වීම්වලට ලක් නොකරන බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලබා දුන් රුපියල් 30, 088 ක මුදලම මේ වසරේ දෙසැම්බර් වාරිකය ලෙස ලබා දෙන බවද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.

හෙට අහස වලාකුළෙන් බරයි

දිවයින ආසන්න පහළ වායුගෝල‍යේ  ඇතිවී  ඇති කැලඹිලි තත්ත්වය  ‍‍හේතුවෙන්  අහස වලාකුළින් බරව පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි  බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කියයි.

ඒ අනුව සමහර ස්ථානවලට, විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, ඌව, සහ නැගෙනහිර පළාත්වලට (100mm ට වැඩි) තද වැසිද  බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව,වයඹ සහ උතුරු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වන බවත් අනෙකුත්  පළාත්වලද  විශේෂයෙන්ම සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

ගල්ගමුවේ අලි-ඇත් සටනක්

ගල්ගමුව – පාලුකඩවල ප්‍රදේශයේ පුරන් වෙල් යායකදී ඇතෙකු හා වන අලියකු අද (31දා) සටනක යෙදෙන අයුරු දැක ගත හැකි විය.

වන අලියකු  හා කුඩා දළ යුගලක් සහිත ඇතෙකු මෙලෙස පුරන් කුඹුර පොර පිටියක් කර ගනිමින් පැය කිහිපයක්ම සටන් කළහ.

දැනට ප්‍රදේශයේ අලි 30-40 ක් ගම්වදින බවත්, පසුගිය දින කිහිපයේ සිටම මෙම ඇතා හා වන අලියා අතර සටනක් පවතින බවත්, ඉන් වන අලියා ඇතාගේ දළ පහරින් තුවාල ලබා සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති.

DSC_0296 DSC_0297 DSC_0298 DSC_0299 DSC_0300 DSC_0301 DSC_0302 DSC_0303

ඡායාරූප – මංජුල නිශාන්ත/සටහන – තිසර සමල්

 

 

බියගමට ජලය කපයි

බියගම ප්‍රදේශයේ ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා කැලණිය මුදුන්ගොඩ මාර්ගයේ එලන ලද නව ජලනල මාර්ගයේ පවතින ජලනල පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් හෙට (01දා) දින පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12 ක කාලයක් දේවමිත්ත, බියගම, කොට්ටුන්න, බණ්ඩාරවත්ත, බොල්ලෑගල, පට්ටිවිල, මානෙල්වත්ත, තලවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.