Monthly Archives: August 2016

ජෙයරාජ් සභාව අමතයි

අතීතයේ පක්ෂයෙන් අකටයුතුකම් සිදුවු බව පැවසූ පුද්ගලයෝම එදා ඔවුන්ට කරදර කළ  පුද්ගලයෝ පස්සෙන් ගොස් අද අලුත් බලවේග හැදීමට යාම ගැන තමාට පුදුම හිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අට වැනි ගුණානුස්මරණ උළෙලට සහභාගීවෙමින් ජීවමාන ආකාරයෙන් නිමවූ පිළිරුව නිරාවරණය කිරීමින් ජනාධිපතිවරයා මේබව කීය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවේදී සභාව අමතන ආකාරයෙන් මෙම පිළිරුව නිමවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දරුවන් වන සමුර්ධි හා භානුක,

ආගමික නායකයන්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

ඡායාරූප – ඒෂාන් ප්‍රනාන්දු

 

AID_6416 AID_6426 AID_6435 AID_6442 AID_6449 AID_6481 AID_6499 AID_6507 AID_6516 AID_6517 AID_6538 AID_6567 AID_6576 AID_6579

නව අධ්‍යාපන ලේකම් හෙට්ටිආරච්චි

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන  සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එස්.එස්. හෙට්ටිආරච්චි මහතා පත්කරනු ලැබ ඇත. ඒ මහතා හෙට (01) පෙරවරු 9.30ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩභාර ගැනීමට නියමිතය.

කලක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කර ඇති හෙට්ටආච්චි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන්ද සේවය කළේය.

සීමා නිර්ණය වාර්තාව අද දෙන්න ඕනලු

රජය මීට පෙර ප්‍රකාශ කළ පරිදි පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව අද (31දා) සවස් වීමට පෙර මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගෝස්තු 31 වන විට එම වාර්තාව භාරදෙන බවට රජය මීට පෙර ප්‍රකාශ කළ බවත්, ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ඉදිරි සතියේදී පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තීරණය සම්බන්ධයෙන් මුළු රටම බලාසිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

පොලීසියේ නම වෙනස් වෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව  මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැඳින්වීම සඳහා නීතිය  සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය හැඳින්වීම සඳහා එක් එක් කාලවකවානුවලදී විවිධ නාමයන් යොදාගෙන තිබේ. 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත හා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග යටතේ එය 'ශ්‍රී ලංකා පොලිස් බලකාය' වශයෙන්ද, 1945 න් පසු 'ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව' වශයෙන්ද හඳුන්වා තිබේ.1972 වර්ෂයේ සිට මේ දක්වා පොලිස් දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා 'ශ්‍රී ලංකා පොලිස් සේවය' යන නාමය භාවිත කරයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, සිය 150 වැනි සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන අතර, ඒ අනුව එම දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් යොදා ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඒ සඳහා 'ශ්‍රී ලංකා පොලීසිය' යන නාමය මින් ඉදිරියට භාවිත කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

 

Miss World Sri Lanka 2016

ලෝක රූ රැජින තරගබිම නියෝජනය කරන රූමතිය තෝරා පත්කර ගැනීමේ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ ජය තමා සතුකර ගනිමින් කිරුළ දැරීමට අම්රිතා ද සිල්වා සමත් වූවාය. නාවල ප්‍ර‘දේශයේ පදිංචිකාරිනියක වන ඇය එංගලන්තයේ බකිංහැම් සරසවියේ උපාධිධාරිනියකි.

මෙම තරගයේ දෙවන ස්ථානය විත්මා කුමාරගේ විසින්ද, තෙවන ස්ථානය කෞෂි පතිරණ විසින්ද, සිව්වැනි ස්ථානය මන්දිරා සවේරිමුත්තු විසින්ද, පස්වැනි ස්ථානය දුෂේනි මියුරංගි විසින්ද දිනාගනු ලැබීය.

සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ 'අද' පුවත්පත විසිනි.

_DSC0129 _DSC0137 _DSC0159 _DSC0168 _DSC0175 _DSC0177 _DSC0187 _DSC0207 _DSC0230 _DSC0235 _DSC0246 _DSC1010 _DSC1017 _DSC1027 _KSR7448 _KSR7462 _KSR7535 _KSR7563 _KSR7573 _KSR7586 _KSR7589 _KSR7689 _KSR7704

_KSR7707 _KSR7734

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ 

රජයට කොටි 1140ක් පාඩු කරලා – ගොඨාට නඩු

ඇවන්ට්ගාඩ් සමාගමට අයුතු සහගත අනුග්‍රහයක් දැක්වීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා 19ක් යටතේ පවරන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (01දා) කැඳවීමට නියමිතය.

අල්ලස් කොමිසම විසින් අද (31දා)දින පවරන ලද මෙම නඩුව හෙට (01දා) දින කැඳවීමට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරි මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙම නඩුව අද දින කැඳවීමට නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ,  එස්.එම්. ෆ්‍රැන්සිස්, ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති, බී.ඒ. ගොඩකවෙල, පාලිත පියසිරි ප්‍රනාන්දු ඇතුළු අට දෙනකු නම් කොට ඇත.

 

 

බොරු ප්‍රචාර එපා – රණවිරු ස්මාරකය එම ස්ථානයේම තබනවා

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව ඉවත් කළ කුරුණෑගල නගරය ආසන්නයේ තිබූ රණවිරු ස්මාරකය පෙරට වඩා අලංකාරවත් සහ නිර්මාණශීලි ලෙස නැවත එම ස්ථානයේම ඉතා කඩිනමින් ඉදිකිරීමට තමා ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාව වෙත උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙන බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වැරදි තොරතුරු සමාජයට ලබාදෙමින් ජනතාව නොමග යැවීමට කරන උත්සාහයන් තමා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කරනලද්දේ, අද (31) කුරුණෑගල, හිරියාල මී ගහ ඇළ ක්‍රීඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

 

සුසිල් හා අනුර යාපා බේරෙති

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රැස්වීම් සඳහා සෙනඟ ගෙනයාමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදාගැනීම වෙනුවෙන් ලංගමයට ගෙවිය යුතු රුපියල් කෝටි 12 ක මුදල ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ නම් ඉවත් කරමින් සංශේධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කෙරිණි.

මෙම සංශෝධිත චෝදනා පත්‍රය බාරගත් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මෙම සංශෝධිත චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතා ලබන නොවැම්බර් 22 වැනිදා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පවරා තිබූ මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ගාමිණී සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම් කොට තිබිණි.

මෙම මුල් නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කළ පෙත්සම්කාර ලංකා ගමනාගමන මණ්ඩලය මෙම නඩුවේ නව වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ගාමිණී සෙනරත්, සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම් කොට ඇත.

 

ඒකාබද්ධයේ ප්‍රතිඵලය අනිද්දා

ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වනු ලබන ආසන බලමණ්ඩල රැස්වීම්වල සමස්ත ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 65ක් සපිරෙන සැප්තැම්බර් 02දා ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අද (31දා) දිනයේදී සහ හෙට (01දා) දිනයේදී බලමණ්ඩල රැස්වීම් පවත්වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

 

 

මැතිව්ස්ට බොලන්ඩ්ගෙන් ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදි ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් මැතිව්ස්ගේ හිස් ආවරණයේ වැඳුණ අතර එහිදී පසුපස ආරක්ෂිත ආවරණය මෙසේ ගැලවී ගියේය.

1 2 3