Monthly Archives: August 2016

විදේශීය ධනවතුන්ට ඉන්දියාවේ දොර ඇරේ

ඉන්දියාවේ පදිංචි වීමට කැමති විදේශීය ධනවතුන් වෙනුවෙන් සිය රටේ දොරටු විවෘත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දියාව වෙත වැඩි වශයෙන් විදේශීය ආයෝජන අද්දවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, යමෙකු ඇ.ඩො.මිලියන 1.5ක් මාස 18ක කාලයක් පුරා හෝ ඇ.ඩො.මිලියන 3.75ක්  වසර තුනක් පුරා ඉන්දියාව තුළ ආයෝජනය කළ යුතුය. එමෙන්ම, ඔවුන් සෑම මූල්‍ය වර්ෂයකදීම ඉන්දියානුවන් 20 දෙනෙකු වෙනුවෙන් රැකියා උත්පාදනයටද දායක විය යුතුය.

මේ සඳහා ප්‍රතිලාභ වශයෙන් එම විදේශිකයාට වසර 10ක් ඉන්දියාව තුළ පදිංචිව සිටීමට වීසා නිකුත් කෙරෙන අතර, ඔහුට හෝ ඇයට සිය භාර්යාව, ස්වාමියා හා දරුවන්ද ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙයි. එමෙන්ම, ඔවුන්ට ඉන්දියාවෙන් නිවසක් මිලදී ගැනීමටද අවස්ථාව හිමිවෙයි.

දැනට ඉන්දියාව තුළ පදිංචිව සිටින විදේශිකයන් සෑම වසරකම යළි ලියාපදිංචි කිරීමක් සිදුවන අතර, එය අතිශය පීඩාකාරී ලිපිගොනු පිරවීමක් මෙන්ම, සෑම විටම අනුග්‍රාහකයෙකු සොයා ගැනීමක්ද සිදුකළ යුතුය.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන චීන හෝ පාකිස්තාන ජාතිකයන්ට හිමි නොවන බවද වාර්තා වෙයි.

පාකිස්තාන ගොවීන් මිලියන පහකට ස්මාට් ජංගම දුරකථන

නූතන වගා තාක්ෂණයන් හඳුන්වාදීම සඳහා පාකිස්තානයේ ගොවීන් මිලියන පහක් සඳහා ස්මාට් ජංගම දුරකථන ප්‍රදානය කිරීමට සැරසෙයි.

එහි ආරම්භයක් ලෙස එළැඹෙන ඔක්තෝබර් මාසයේදී පාන්ජාබ් තොරතුරු තාක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා විසින් ගොවියෙකු වෙත ස්මාට් ජංගම දුරකතනයක් පිළිගැන්වීමට නියමිතය.

ඒ අනුව, මෙම ගොවීන්ට සිය ස්මාට් දුරකථන හරහා විශේෂඥ දැනුම නිරන්තරයෙන් ලබාගැනීමට අවස්ථාව සැලෙසන බවද කියයි.

ඒ අනුව, මූලික වශයෙන් ඔවුන්ගේ වගාවට අවශ්‍ය බෙහෙත් ආදිය යොදන ආකරය පිළිබඳ තොරතුරු නොමිලේ ඔවුන්ගේ දුරකථනය වෙත ලැබීමට සලස්වයි.

කෘෂිකර්මාන්තයට ප්‍රචලිත හා බොහෝ ගොවීන් සිටින ඉන්දියාව හා කෙන්යාව තුළ මෙම ස්මාට් තාක්ෂණය හරහා තොරතුරු සැපයීම දැනටමත් සිදුවෙයි.

දෝෂාභියෝගයෙන් ජනපති ඩිල්මාගේ තනතුර අහිමි වෙයි

බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුයුසෙෆ් තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳව විභාගය අවසානයේ සෙනේට් සභිකයන් 81කගෙන් 61 දෙනෙකුම ඇය වැරදිකාරිය බවට නිගමනය කිරීමත් සමග ඩිල්මාට ජනපති ධුරය අහිමි වී ඇත.

දිගින් දිගටම වැඩි වූ අයවැය පරතරය සැඟවීම සඳහා මීට වසර දෙකකට පෙර දත්ත විකෘති කරමින් අයවැය වාරතාවක් ඉදිරිපත් කිරීම ඇයට එරෙහිව පැන නැගී තිබූ චෝදනාවයි.

ඒ අනුව, බ්‍රසීල උප ජනාධිපති මිෂෙල් ටර්මර් එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර, ඔහු මෙතෙක් එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

තනතුරින් ඉවත්ව ගියත් ඩිල්මා රොයුසෙෆ් බ්‍රසීලයේ ජනාධිපති ධුරයකට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසගත වී අවසන්ය.

කෙසේ වෙතත්, තමා වෙත එල්ල වූ දෝෂාභියෝගය විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයක් බව ඇය කියයි.

ඔස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය දිනති

ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූ ඔස්ට්‍රේලියා කණ්ඩාම එම පරාජයේ වාඩුව ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (31දා) සමත්වූ හෙයිනි.

ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි එක්දින තරගය කඩුලු හයකන් ජයගනිමිනි. ඒ අනුව තරග 3-1ක් ලෙස ජයගැනීමටත් ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 217ක් දවා ගත් අතර ලකුණු 218ක ඉලක්කය කඩුලු හතරක් පමණයක් වැය කර පන්දුවාර 31කදී පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත්විය.

මෙම තරගයේදි ඔස්ට්‍රේලියාවේ ආරෙන් ෆින්ච් පන්දු 18කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර එය ඔස්ට්‍රේලියානුවෙකු රැස්කළ වේගවත්ව අර්ධ ශතකයට හිමි වාර්තාව සම කිරීමකි. ග්ලේන් මැක්ස්වෙල් හා සයිමන් ඕ, ඩොනෙල් පන්දු 18කින් අර්ධ ශතකය රැස්කර තිබුණි.

http://editorial.ada.lk/wp-content/uploads/file/251431_3.jpg

බැන් කී මූන් අගමැති හමුවේ

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අද (31දා) සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.

රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන් මහතා සහ බිරිඳ බැන් සූන් – ටායෙක් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියහ.

ලියාපදිංචි නොකළ යතුරු පැදි ලියාපදිංචියට සහනයක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ මෝටර් රථ මාස හතරක කාලයක් තුණ අධිභාරයකට යටත්ව ලියාපදිංචි කිරිම සඳහා අවසරය ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන බවත්අ රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඩලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා මෙසේ නීත්‍යානුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ යතුරු පැදි ලියාපදිංචි කිරිම සඳහා අවස්ථාව ලබාදීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

කල්පිටියේ සියලු දූපත්වලට විදුලිය කඩිනමින්

කල්පිටිය සංචාරක ප්‍රදේශයේ සියලුම දූපත් සඳහා ඉදිරියේදී කඩිනමින් විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනීනය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශකළේය.

කල්පිටිය මොහොත්තුවාරම දූපතට විදුලිය ලබාදීමේ අවස්ථාවට ඊයේ (30දා) එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශකළ අතර, මොහොත්තුවාරම දූපතට විදුලිය ලබාදීම හරහා ප්‍රදේශයේ සියලුම දූපත් වෙත විදුලිය ලබාදීම පහසුවන බවද අමාත්‍යවරයා කීය.

මොහොත්තුවාරම දූපතෙහි පවුල් 200 ක් සඳහා මෙහිදී නව විදුලි සම්බන්ධතා ලබාදුන් අතර, කලපුව හරහා කණු මගින් අධිබල විදුලි රැහැන් ඔස්සේ කිලෝමීටර 08 ක දුරක් දක්වා ජාතික පද්ධතියෙන් මෙලෙස විදුලිය ලබාදී ඇත.

මේසඳහා රුපියල් මිලියන 25 ක වියදමක් විදුලිබල මණ්ඩලය විසින් දරා ඇති අතර, මාස 08කින් මෙහි වැඩ අවසන්කර තිබේ.

දින 100 ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මොහොත්තුවාරම වැසියන්ට දුන්පොරොන්දුවක් මත මෙම විදුලි සම්බන්ධතා ලබාදී ඇත.

කල්පිටිය සංචාරක කලාපයේ දූපත් සියල්ලටම විදුලිය ලබාදීම යටතේ බත්තලංගුණ්ඩුව දූපත දක්වා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, මෙහි ඊළඟ පියවර ලෙස උච්චමුණේ දූපතට විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

 

බැන් කී මූන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා මීට ටික වේලාවකට පෙර ලංකාවට පැමිණියේය. විදේශ කටයුතු  නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොලේදී ඔහු පිළිගත්තේය.

සංචාරක ක්‍ෂෙත‍්‍රයට පුහුණු මානව සම්පත අවශ්‍යයි

වේගයෙන් වර්ධනය වන සංචාරක ක්‍ෂෙත‍්‍රයේ අභියෝගයන්ට මුහුණ දීමට නම් ක්‍ෂෙත‍්‍රයේ විධිමත් පුහුණු මානව සම්පත කඩිනමින් අවශ්‍ය දැනුමින් සන්නද්ධ කළ යුතු යැයි  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද දින (31) වෝටර්ස් ඒජ් හෝටලය වෙතින් හෝටල් ක්‍ෂෙත‍්‍රයට පිවිසෙන්නන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ පුහුණු වැඩසටහනේ පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ,

අද රටේ විශාල වශයෙන් වේගයෙන් වර්ධනය වෙන ක්‍ෂෙත‍්‍රයක් තමයි සංචාරක කර්මාන්තය., පිටරටින් ලක්‍ෂ 22 ක් පමණ සංචාරකයෝ එනවා. මේ සංචාරක කි‍්‍රයාවලිය නිසා එක්තරා විදිහකට අපේ අපනයනටත් යම්කිසි සේවයක් වෙලා තිබෙනවා. චීන ජාතිකයෝ දෙලක්‍ෂ පනස් දාහක් පමණ වාර්ෂිකව ලංකාවට එනවා. ඒ එන අය අඩුම තරමින් තේකොල කිලෝ 4 ක 5 ක්, ඒ වගේම මැණික් ගල් කිහිපයක් අරගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් අපේ අපනයනට වඩා වැඩි ප‍්‍රමාණයක් රට ඇතුලේ යම් යම් භාණ්ඩ පිටරටට යන ක‍්‍රමවේදයක් දැන් ඒක තුළ ඇතිවෙලා තියෙනවා. අලූත් ආර්ථිකයක් ඒක තුළ ගොඩනැගිලි තියෙනවා.  ඉතින් ලෝකයේ අනෙක් රටවලූත් තර`ග කරන අවස්ථාවේදි අපිට මේ තරඟෙට බහින්න සිද්ධවෙලා තියෙනවා.  යැයි පැවසීය.

මෙම අවස්ථාවට වෝටර්ස් ඒජ් හෝටලයේ සභාපති චමත්  සිල්වා, මානව සම්පත් අධ්‍යක්‍ෂ තුෂාර හෙට්ටිහාමු, සාමාන්‍යධිකාරී රොහාන් ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් ඇතුළු අභ්‍යාසලාභීන් පිරිසක් සහභාගී වූහ.

අන්තරේට ජල ප්‍රහාර

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද (31දා) දහවල් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ විරෝධතා පාගමන  කොල්ලුපිටිය මංසන්ධියෙන් අරලියගහ මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. මෙම පා ගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කෙරුණු අතර, සිසුසිසුවියෝ විශාල පිරිසක්ඊට එක්ව සිටියහ.

ඡායාරූප – ශමීර රාජපක්ෂ

DSC_8191 DSC_8239 DSC_8242 DSC_8246 DSC_8248 DSC_8255 DSC_8268 DSC_8309 DSC_8334 DSC_8372 DSC_8407 DSC_8424 DSC_8468 DSC_8477 DSC_8485 DSC_8493 DSC_8497 DSC_8501