Monthly Archives: June 2016

පළාත් පාලන ආයතන 23ක් විසුරුවයි

අදි මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 23ක කාලය තවදුරටත් දිර්ඝ නොකරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 23ක බලය හෙට සිට කොමසාරිස්වරුන් යටතට පත්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

මෙම පළාත් පාලන ආයතන 23 හි නිල කාලය පසුගිය ජනවාරියේදී මාසයේදී අවසන් වු අතර ඒවායේ කාලය මාස 6කින් දිගු කිරීමට රජය කටයුතු කළේය. ඒවායේ නිල කාලය අදින් අවසන් වේ.

 

කර්මාන්ත ගැටලු විසඳීමට ජාතික කමිටුවක්

ලංකාවේ කර්මාන්තපුර වල සිටින ආයෝජකයින් හා කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික කමිටුවක් පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කෙට ඒ සඳහා විසඳුම් ලබා ගැනීමත්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී කර්මාන්තකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමත් අරමුණු කරගනිමින් මෙම ජාතික කමිටුව පිහිටුවා තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සියලුම කර්මාන්තපුරවල ආයෝජකයින්, කර්මාන්තකරුවන්, කර්මාන්තපුර සඳහා යටිතල පහසුකම් සපයන්නන්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙම ජාතික කමිටුව නියෝජනය කරයි.

 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ස.තො.ස. ශ්‍රවණාගාරයේදී මෙම කමිටුව පිහිටුවන ලද අවස්ථාවේදී  මූල්‍යමය , පාරිසරික , අමුද්‍රව්‍ය සපයාගැනීම, වෙළඳපල සපයාගැනීම, සේවක , බලශක්තිය , වරිපණම්, බදු ගෙවීම, විදුලි බිඳවැටීම්, අපද්‍රව්‍ය පිරිපහදුකිරීම  වැනි හඳුනාගත් පොදු ගැටලු රැසක්  සඳහා අවධානය යොමු කළ අතර එම ගැටලු සඳහා විසඳුම් ලබාදීම ද  සිදු විය.

 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ. බී.තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු,  ආයතන ප්‍රධානීන් , කර්මාන්තකරුවන්, ආයෝජකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නිල මෙහෙවර හෙට පොළොන්නරුවෙන්

ජනතාවගේ ගැටළු හා අවශ්‍යතාවයන් ජනතාව වෙතම ගොස් විසඳාලීමේ අරමුණින් රාජ්‍ය අංශයේ සේවා සපයන සියලු ආයතන එක්ව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන "නිල මෙහෙවර ජංගම සේවය 2016" ජුලි 01 හා  02 යන දෙදින  මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට නියමිතය. 

මෙම ජංගම සේවාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජුලි මස 01 වන දා සිට 23 වන දා දක්වා සති අන්තය ඇතුළුව සතියේ තෝරා ගත් දිනයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වේ.

 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටළු රැසක් තිබෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම ජංගම සේවා මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටළු නිරවුල් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වනු ඇත.

 එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන සේවාවන් එක් දිනකින් මෙහිදී ලබා ගත හැකිය.

 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම් ආදී විවිධ උපද්‍රවයන් සඳහා තිරසාර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශය හා එයට අනුබද්ධ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම ලබා ගැනීමට මෙම ජංගම සේවය තුළින් හැකිවේ.

 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණූ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආදි ආයතනයන්හි නිලධාරින් සහභාගි වීමට නියමිතය.

 

තුර්කි බෝම්බකරුවන් පැරණි සෝවියට් දේශයේ ත්‍රස්තයන්

තුර්කියේ, ඉස්තාම්බුල් ගුවන් තොටුපොළේ මරාගෙන මැරෙන ප්‍රහාරය දියත්කළ ත්‍රස්තවාදීන් තිදෙනා පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවලින් පැමිණි පිරිසක් බව අනාවරණය වී තිබේ.

එහිදී, එක් ත්‍රස්තවාදියෙකු රුසියාවේ උතුරුදිග කවුකාසූස් පළාතේන්ද, අනෙක් දෙදෙනා උස්බෙකිස්තානය හා කිරිගිස්තානය යන රටවල පුරවැසියන් දෙදෙනෙකු බවද හඳුනාගෙන ඇත.

තුර්කිය විශ්වාස කරන්නේ පුද්ගලයන් 43 දෙනෙකුට මරු කැඳවමින්, තවත් 230කට ආසන්න පිරිසකට තුවාල සිදුකළ මෙම ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙහෙයවන්නට ඇති බවයි.

මේ අතර, ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු ඉස්තාම්බුල් හා ඉස්මීර් යන නගරවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව බවද තුර්කි ආරක්ෂක අංශ කියයි.

මේ අතර, ඇතැම් මාධ්‍ය අනාවරණය කර තිබුණේ ප්‍රහාරයට පැමිණි තිදෙනාගෙන් අයෙකු සිරියාවේ රක්ඛා නගරයේ සිට තුර්කිය වෙත පැමිණි අයෙකු බවය.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් පසුගිය කාලය පුරා පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල මුස්ලිම් වැසියන් තම සංවිධානය වෙත බඳවා ගැනීමේ නිරතව සිටින අතර, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අනාවරණය කරන පරිදි පසුගිය ඔක්තෝබර් මාසය වනවිට එම රටවලින් 5,000 ත් 7,000ත් අතර පිරිසක් එම සංවිධානයට බඳවාගෙන තිබුණි.

එමෙන්ම, ප්‍රහාරයෙන් මියගිය පිරිස්වල තොරතුරු රැසක්ද මේ වනවිට අනාවරණය වෙමින් පවතින අතර, ඒ වැඩි දෙනා ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ පිරිස් බවද කියැවේ.

ITN Full ​ HD වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ අධිවිස්තෘත (Full HD) රූපවාහිනී මැදිරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අතින් අද උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්‍ර‘යේදී විවෘත කෙරිණි.

රුපියල් මිලියන 600ක මුදලක් මේ සඳහා වැය කර ඇති අතර එම සම්පූර්ණ මුදල ස්වාධීන රූපවාහිනිය විසින් උපයාගත් ආදායම් ලාභයෙන් කොටසක් බව සඳහන්ය.

එසේම, ආයතනයේ ඉංජිනේරුවන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම සියලු ඉදිකිරීම් සිදුව තිබේ.

DSC_6945 DSC_6948 DSC_6950 DSC_6952 DSC_6954 DSC_6956

ඡායාරූප – ඒෂාන් ප්‍රනාන්දු

ඩෙංගු වසංගතය දිස්ත්‍රික්ක 10 ක

දිස්ත්‍රික්ක 10ක් පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකක සඳහන් කරයි.එම දිස්ත්‍රික්ක 10න් කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර සහ මාතලේ දිස්ත්‍රික්කවල දැඩි අවදානම් තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, මේ වනවිට ඩෙංගු මරණ 35 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කරයි.

දිස්ත්‍රික්කය

රෝගීන්

මරණ

කොළඹ

6238

11

මාතර 

473

-

කෑගල්ල

705

-

රත්නපුර 

1255

-

පුත්තලම

616

03

කුරූණෑගල

1030

-

යාපනය

1301

-

මහනුවර 

1278

05

කලුතර 

1253

05

ගම්පහ

1983

04

 

ඩිලාන් පෙරේරා ජනපති වීමේ සිහිනයක

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමාට හැකි නමුත් ඒ සඳහා කල්ඇතිව දැනුම් දිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

හාලිඇළ මැතිවරණ කොට්ඨාසයේ අබලන්ව ඇති ඌව මහවෙල – සිවියවැල්ගොල්ල මාර්ගය අලුත්වැඩියා කිරීම ආරම්භ කිරීම වෙනුවෙන්  පැවති ජනහමුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා එසේ පැවසීය.

"මගේ මතය අනුව විධායක ජනාධිපතිවරයෙක් පත්විය යුත්තේ ඡන්දයෙනුයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් මහත්තයා ඉල්ලනකොට අපිට කෙනෙක් හොයන්න වෙනවා. නීතියට අනුව මහින්ද මහත්තයටත් බැහැ. චන්ද්‍රිකාටත් බැහැ. මට කිවුවොත් මට පුළුවන්. හැබැයි අද කියලා හෙට ඒක කරන්න මට බැහැ. බැසිල් රාජපක්ෂ වගේ පක්ෂය විනාශ කරන පක්ෂය  පැරදුණාම දාලා යන ඉතිහාසයේ පක්ෂ විනාශ කරපු ඩීල් කාරයො එක්කත් ඒක කරන්න බැහැ.

ඩිලාන් පෙරේරා ගැන දන්නවානේ. මේ ආණ්ඩුවේ මහමාර්ග ඇමතිකම කොච්චරකල් තියේද දන්නේ නැහැනේ. මම හිටපු ගමන් අගමැතිතුමාටත් අනම් මනම් කියනවානේ. ඉතින් මම බැසිල් මහත්යාට අනම් මනම් කිවුවාම ඒගොල්ලො කියනවා මේකා චන්ද්‍රිකාගේ එකෙක් කියලා. නැහැ. මම චන්ද්‍රිකාගෙත් නෙවෙයි මහින්දගෙත් නෙවෙයි. මගේ දැන් නායකයා මෛත්‍රීපාල සිරිසේන. හැබැයි මම ශ්‍රී ලංකා එකේ එකෙක්" යැයි පැවසීය.

හදිසි ගිලන්රථ සඳහා 1990 අමතන්න

පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවයට සම්බන්ධ කරගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.

මේ අනුව %1990^ කෙටි දුරකථන අංකය ගාස්තු රහිත දුරකථන අංකයක් ලෙස ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

අදළ ගිලන්රථ සේවාව සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉන්දියාවේVk.Emriආයතනය එක්ව සිදුකෙරේ. මෙම ගිලන්රථ සේවාව ආරම්භ කිරීමත් සමග ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා මෙම කෙටි දුරකථන අංකය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

අදාළ කෙටි දුරකථන අංකය ගාස්තු රහිතව ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

 

මහ බැංකු අධිපතිගේ නිල කාලයේ වෙනසක්

පත් කිරීමට නියමිත මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය වසර 06 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මුලින් සැලසුම් කර තිබුණේ වසරක කාලයකට මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට බවත්, එහෙත්  අලුතින් පත් කරන මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය වසර 06 ක් බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.