Monthly Archives: May 2016

ඉරාකයේ IS ත්‍රස්තයන් ෆලූජා ප්‍රතිප්‍රහාර අරඹයි

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පවතින ඉරාකයේ ෆලූජා හි බලය තහවුරු කිරීමේ දැවැන්ත මෙහෙයුමක යෙදෙන එරට හමුදාව වෙත ඉස්ලාම් ත්‍රස්තයන් ප්‍රතිප්‍රහාර මාලාවක් අරඹා තිබේ.

විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි නගරයේ බලය අත්පත් කරගැනීම සඳහා දකුණුදිග නුඅයිමියා පෙදෙසින් ඇතුළු වූ භට කණ්ඩායම් වෙත ත්‍රස්තවාදීන් ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

එහිදී, මෙම ප්‍රහාරය මැඬපැවැත්වීමට ඉරාක හමුදා සමත් වුවත්, එහිදී, හමුදාවටද බරපතල හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, 50,000කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම සටන්වලට මැදිව සිටින බව සහන කණ්ඩායම් පවසයි.

මේ අතර, ඇතැම් සිවිල් වැසියන් බලහත්කාරයෙන් ත්‍රස්තයන් සමග සටනට කැඳවන බවත්, එසේ පැමිණීම ප්‍රතික්ෂේප කරන්නන් මරා දමන බවත් සහන කණ්ඩායම් වැඩිදුරටත් පවසයි.

GMOA නොහික්මුණු ප‍්‍රකාශ කරනවා

කිසිදු සාධාරණ හේතුවකින් තොරව දේශපාලන අරමුණු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළ යුතු බව පැවසුවද, වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය සේවාවේ සියලු දෙනා වෙනුවෙන් එක සේ පෙනී සිටින, සියලු දෙනාගේම ප්‍රශ්න විසඳන පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසීය.

පුංචි බොරැල්ලේ පිහිටි පරිපූරක වෛද්‍ය සේවා ශ‍්‍රවණාගාරයේදී අද (31දා)පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම කමිටුව මේබව ප්‍රකාශකළේය.

මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වූ බවත්, දැන් එම තත්ත්වය වෙනස්වීම නිසා ඔවුන් අමාත්‍යවරයා ඉවත්කිරීමට උත්සාහ කරන බවත් වෛද්‍ය පර්යේෂණ තාක්‍ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මහතා,

“‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් සෞඛ්‍ය ඇමතිවරයා ගෙදර යවන සටනකට අත ගසා තිබෙන බව පෙනෙනවා. ඔවුන් මේ දිනවල ඒ වෙනුවෙන් නොහික්මුණු ප‍්‍රකාශ කරමින් සිටිනවා. අපිත් ඉතිහාසය පුරා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අරගල කළා. නමුත් අපට දේශපාලන ප්‍රශ්න නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ අවස්ථාවේ කිව්වේ මාව මේ රටේ ජනාධිපති කළේ පොඩි මිනිසුන් නිසා ඔවුන් වෙනුවෙන් සේවය කරනවා කියලයි. නමුත් එතුමාට ඒ දේ කරන්න බැරිවුණා. සමහර වෘත්තීය සමිති එයට කැමති වුණේ නැහැ. පරිපූරක වෛද්‍ය සේවාවට, හෙද සේවයට උපාධියක් ඉල්ලද්දිත් මහින්ද රාජපක්‍ෂ මහතා හිතුවෙ අර අය කොහොම හිතයිද දන්නේ නැහැ කියන එක ගැනයි.

ඒ නිසා තමයි මේ ක‍්‍රමය වෙනස් කරන්න වුණේ. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ ක්‍රමය වෙනස් කරන්න හිතුවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබූ අසාධාරණය දුටු නිසා විය යුතුයි. අද වෛද්‍යවරුන්ගේ සංගමය අමාත්‍යවරයා ගෙදර යැවිය යුතු බව කියද්දි අපි එයට කැමති නැහැ. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට සාධාරණය ඉටුවුණේ එතුමාගේ කාලය තුළයි* යැයි පැවසීය.

 

මීතොටමුල්ල කුණු කන්ද නිසා ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක්

ගංවතුර හේතුවෙන් ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස හානියට පත්වූ ගෘහභාණ්ඩ ඇතුළු අපද්‍රව්‍ය මීතොටමුල්ල කුණු කන්ද වෙත බැහැර කරලීම අද (31දා) සිදුකිරීම හේතුවෙන් කුණු කන්දට ඇතුළුවන හා පිටවන මාර්ගවල සහ ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබුණි.

AID_9622 AID_9626 AID_9628 AID_9633 AID_9637 AID_9646 AID_9649 AID_9651 AID_9654 AID_9656 AID_9660 AID_9662 AID_9669 AID_9674 AID_9679

 

කොටිකාවත්තේ කුණු ටැක්ටර් ලෝඩ් 470ක්

ගංවතුරින් පසු බස්නාහිර පළාතේ එක්රැස් වූ සියලුම කැළිකසළ ඉතා ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් 0112423146 සහ 0714764514 දුරකථන ඔස්සේ දැනුවත් වියහැකි බවද පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

ගංවතුර හේතුවෙන් නිවෙස්තුළ වූ බොහෝ දෑ කැළිකසළ බවට පත්ව ඇති බවත්, කොටිකාවත්ත ප්‍රදේශයේ ටැක්ටර් ලෝඩ් 470 ක පමණ කුණු එකතු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසුයේ අද(31දා) පැවති මාධ්‍ය හමුවකදීය.

මිමි100 වඩා වැසි ඇතිවිය හැකියි

ඉදිරි පැය 36 තුළදී දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි.‍100 පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර තවද දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                       දිනය : 01/06/2016

නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

27

85

60

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

කොළඹ

31

27

90

80

විටින් විට වැසි

ගාල්ල

26

30

95

80

විටින් විට වැසි

යාපනය

32

29

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

23

95

80

විටින් විට වැසි

නුවරඑළිය

20

15

95

80

වැසි ස්වල්පයක්

රත්නපුරය

32

24

95

75

විටින් විට වැසි

ත්‍රීකුණාමළය

36

24

85

55

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

මන්නාරම

32

29

90

75

වැසි ස්වල්පයක්

 

 

වෙල්ගම FCID යට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර් වෙල්ගම මහතා අද (31දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

ජාතික ගමනා ගමන මණ්ඩලයට අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීමේදී නිවරදි ටෙන්ඩර් පටිපාටියක් අනුගමන නොකිරීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් පරීක්ෂණයක් පවත්වයි.

ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙසේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කඳවා තිබේ. 

අපි පවුල්වාදය ගේන්නේ නෑ

වෘත්තීය සමිතිවල ගැටලුවක් රැගෙන මිස තමා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය.

එම අමාත්‍යාංශයේ තනතුරු හෝ පත්කිරීම් සිදු කිරීමේදී තමා ඇඟිලි ගසන්නේ නැති බවද ඔහු කීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (31දා) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,

“අපි ජනවාරි 08 වැනිදා පවුල්වාදය පරාජය කළා. නැවත මේ ආණ්ඩුව යටතේ අපි පවුල්වාදය ගේන්නෙ නෑ. අපි පවුල්වාදයට ඉඩ තියන මිනිස්සු නොවෙයි. ඔය අමාත්‍යාංශයට යන්නෙ නැත්තෙ ඇයි කියලයි මිනිස්සු අපෙන් අහන්නේ. පුළුවන් නම් ඔය නිලධාරීන්ගෙන් හරි ඕනෑම පුද්ගලයෙකුගෙන් අහන්න වෘත්තීය සමිතිවල ගැටලුවක් අරගෙන මිසක් අපි ඒ අමාත්‍යාංශයටවත් අඩුම ගානෙ යනවද කියලා.

එහෙම නැතිව ඒ අමාත්‍යාංශය සමග අපටත් ගනුදෙනුවක් තිබෙනවා. ඒ අමාත්‍යාංශයේ ප්‍රජාතන්ත්‍රවාදී සේවක සංගමයේ සභාපතිවරයා මම. රට වටේ තියෙන වෘත්තීය සමිති ගැටලු අරගෙන අපිවෘත්තීය සමිතිවිදියට අමාත්‍යතුමා එක්ක ඉඳගත්තා.අවුරුදු 10-12 තිබුණ ගැටලු එහිදී විසඳගත්තා.

මම තනතුරු ලබාදීමේදී ඇඟිලි ගහලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු තනතුරු ලබාදෙන්නෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. මගේ මවට තනතුරු ලබා දුන්නෙත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්" යනුවෙන්ද හෙතෙම පවසා සිටියේය.

දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරනවාද කියා තීරණයක් නෑ

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තිලකරත්න ඩිල්ෂාන් එක්නොවන බව වාර්තා වෙනවා. පෞද්ගලික හේතු නිසාවෙන් තරගාවලියට එක්නොවන බව ඩිල්ෂාන් සඳහන් කරයි.

"ක්‍රිකට්වලින් දැන්ම සමුගැනීමට අදහසක් නැහැ. ක්‍රිකට්වලින් සමුගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන කතා අසත්‍යයි. නමුත් දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරනවාද කියලා තවම තීරණයක් අරගෙන නැහැ. මම ක්‍රිකට්වලින් සමුගැනීමට අදහස් කළ පසු මම ක්‍රිකට්වලින් සමුගන්නවා කියලා මාධ්‍යයට ස්ථිර වශයෙන් පවසනවා" යැයි ඩිල්ෂාන් වැඩිදුරටත් පවසා සිටියේය.

 

සිරියාවේ ඉඩ්ලිබ් ගුවන් ප්‍රහාරයෙන් ජීවිත හානි

වයඹදිග සිරියාවේ කැරලි හමුදා රැඳී සිටින ඉඩ්ලිබ් ප්‍රදේශය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

බටහිරින් යොදවා ඇති නිරීක්ෂණ කණ්ඩායම්වලට අනුව මෙම ප්‍රහාරය රුසියානු ගුවන් යානා විසින් එල්ල කර ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත්, රුසියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් කිසිදු ආකාරයකින් මෙවැනි ප්‍රහාරයක් දියත් නොකළ බව අවධාරණය කරයි.

ඉඩ්ලිබ් නගරය මෙන්ම, පළාතද අල්-කයිඩාව හා සම්බන්ධ නුස්රා පෙරමුණේ බල කඳවුරක් ලෙස පිළිගැනෙයි.