Monthly Archives: April 2016

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට සීමා

අද රාත්‍රියේ සිට කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථ වාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව පොලීසිය පැවසීය. ඒ අනුව සංඝරාජ මාවත, මාලිගාවත්ත පාර, ජයන්ත වීරසේකර මාවත, පංචිකාවත්ත පාරේ සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම දක්වා රථ වාහන නතර කිරීමට ඉඩ නොදෙන අතර මරදාන පාරේ මරදාන පාලම හන්දියේ සිට බොරැල්ල දක්වා, ආනන්ද රාජකරුණා මාවතේ පුංචි බොරැල්ල හන්දියේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා, උද්‍යාන මාවතේ මරදාන පාරේ සිට බේස්ලයින් පාර දක්වා එලෙස රථ වාහන නැවැත්වීමට අවස්ථාව හිමි නොවේ.

එසේ ම ආමර් වීදිය, බේස්ලයින් පාර, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලමේ සිට ඩික්මන් පාර හන්දිය දක්වා, පාර්ක් පාර, කිරුළ පාර යන මාර්ගවල ද අද රාත්‍රියේ එලෙස රථ නැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව පොලීසිය සඳහන් කළේ ය.

කම්කරු දිනයට සුරාසැල් වැසෙයි

ලෝක කම්කරු දිනය වෙනුවෙන් සැමරුම් පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන  සියලුම ප‍්‍රදේශයන්හි  සුරාසැල් හෙට (01) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

මේයටතේ  කොළඹ දිස්ති‍්‍රක්කයේත්, ගාල්ල  සහ නුවරඑළිය නගර සභා බලප‍්‍රදේශය තුළ පිහිටි සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙයි.

ගෙල්ගේ වාර්තාව බිදවැටෙයි?

විස්සයි20 තරගයකදී පන්දු 21කින් ශතකයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්හි ට්‍රිනිඩෑඩ් හා ටුබැගෝ කණ්ඩායමෙ ඉරාක් තෝමස් සමත්ව තිබෙනවා. ට්‍රිනිඩැට් ක්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම තරගයේදී තෝමස් පන්දු 31කදි ලකුණු 131ක් රැස්කරගෙන තිබෙනවා.

ඔහුගෙ ඉනිමට හයේ පහර 15ක් වාර්තා වි තිබෙනවා. ඉන්දීය ප්‍රිමියර්ලිග තරගාවලියෙදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එවකට පූනේ වොරියසර් කණ්ඩායමර එරෙහිව ක්‍රිස ගෙල් පන්දු 30කින් ශතකයක් වාර්තා කිරීම විස්සයි20 පිටියේ වේගවත්ම ශතකය ලෙසින් වාර්තාපොතට ඇතුළත්ව තිබෙනවා.

කෙසේ වෙතත් තොමස්ගේ නව වාර්තාවෙන් ගේල්ගේ වාර්තාව බිද වැටෙනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.

වාරණ නියෝග ගත්තට අපි නවත්වන්න බෑ

පොලීසිය බියට පත්වී අධිකරණයට කරුණු වරද්දවා ඉදිරිපත්කොට ශාලිකා ක්‍රීඩාපිටියට ඒකාබද්ධ විපක්ෂය ඇතුළුවීම වළක්වමින් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණත් එකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ජනතාව පැමිණීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.

හෙට පැවැත්වෙන මැයි රැළිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ශාලිකා පිටියට පැමිණීමට සැලසුම්කර නොතිබුණ බවත් ඔහු පැවැසීය.

පොලීසිය හා සාකච්ඡා කර මාර්ග කිහිපයක් සිය මැයි රැළිය වෙනුවෙන් වෙන්කරගෙන තිබුණ බවද ඔහු පැවැසීය.

 

මානව හිමිකම් සුරැකීමෙහි ශ්‍රී ලංකාව ප්‍රගතියක -පවර්

ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම හා මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය මෙම අදහස් පළ කර ඇත්තේ පසුගිය අප්‍රේල් 28 වැනිදා ඇමෙරිකාවේ, වොෂිංටන් නගරයේදී පැවති ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර 12 වැනි වෙළෙඳ හා ආයෝජන වැඩසටහන පිළිබඳ රැස්වීම අතරතුරදීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියේජිත මයිකල් ෆ්‍රෝමන් සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග හා අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් මෙම රැස්වීම සඳහා සමන්ත පවර් මහත්මියද සහභාගී වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අගමැති CNBC තුළින් ව්‍යාපාරික ප්‍රජාව අමතයි

CNBC ප්‍රවෘත්ති ජාලය හරහා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව ඇමතීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කටයුතු කළේය.

රටේ වර්තමානයේ පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පෙන්වා දුන් ඒ මහතා එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අවධාරණය කළේය.

ඉන්දියානු සාගරයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම හා ආයෝජන අවස්ථා රැසක් උදාවී තිබීම නිසා ආසියානු කලාපය තුළ බෙහෙවින් අවධානයට ලක්වන රටක් බවට මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීම CNBC සේවයේ Global Opportunities – Sri Lanka වැඩසටහනට සමගාමීව විකාශය වීමට නියමිත අතර, එම වැඩසටහන 2016 ජූනි තෙක් විකාශය වෙයි.

මෙරට ක්ලෝරීන් අවශ්‍යතාව සපුරාගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව වාර්ෂිකව ක්ලෝරීන් ආනයනය සඳහා රු.මිලියන 130ක් වැය කරන බවත්, පරන්තන් කම්හල නැවත ආරම්භ කළහොත් මෙරට සමස්ත ක්ලෝරීන් අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරාගත හැකි බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කිලිනොච්චියේ, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

මෙම පරන්තන් රසායනික කම්හල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, පරන්තන් රසායනික සමාගමට අයත් වන අතර, එම සමාගම 2015 වසරේදී රු.මිලියන 150ක ලාභයක්ද ලබා ඇති බව අමාත්‍යාංශය කියයි.

ඇමෙරිකානු යානයකට රුසියානු යානයකින් බාධා

බෝල්ටික් මුහුද හරහා සිය දේශසීමාවට ඇතුළු වූ ඇමෙරිකානු ගුවන් යානයක් පිළිබඳ සොයා බැලීම සඳහා සිය ප්‍රහාරක යානයක් යෙදවූ බව රුසියාව කියයි.

රුසියාව පවසන්නේ ඇමෙරිකානු යානය සිය ගුවන් යානා සංඥා ක්‍රියා විරහිත කරමින් මෙම කලාපයට ඇතුළු වූ බවයි.

කෙසේ වෙතත්, ඇමෙරිකාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ආර්.සී.135 වර්ගයේ ගුවන් යානයක් ජාත්‍යන්තර ගුවන් මාර්ගයක සාමාන්‍යයෙන් නිතිපතා සිදුකරන සංචාරයක යෙදුණු බවයි.

මෙහිදී, රුසියාවට අයත් එස්.යූ.27 වර්ගයේ ප්‍රහාරක යානයක් අනාරක්ෂිත හා කිසිදු වෘත්තීය භාවයකින් තොරව තම යානයට බාධා කළ බව ඇමෙරිකාව කියයි.

සී.එන්.එන්. පුවත් සේවය පවසන පරිදි රුසියනු ගුවන් යානය ඇමෙරිකානු යානයට මීටර් 100ක් පමණ පසුපසින් ගමන් කර ඇති බවයි.

නමුත්, රුසියාව කියන්නේ තම යානා කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර ගුවන් නීති උල්ලංඝනය නොකරන බවයි. එහිදී, ඇමෙරිකාවට තෝරාගැනීමට අවස්ථා දෙකක් පැවති බවත්, එකක් රුසියානු දේශසීමා ආසන්නයෙන් ගමන් නොකිරීම හෝ යානය හඳුනාගැනීම සඳහා තම යානයේ සංඥා ක්‍රියාකරවමින් ධාවනය කිරීම බව රුසියාව කියයි.

ඉරාක ෂිට් කණ්ඩායම් පාර්ලිමේන්තුව වටලයි

ඉරාකයේ ෂිට් ඉස්ලාමීය නායක මොක්ටාඩා අල්-සදාර්ගේ ආධාරකරුවන් බැග්ඩෑඩ් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බව විදෙස් වාර්තා පවසයි.

ඉරාක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නීති සම්පාදකයන් අපොහොසත් වීමත් සමග මෙම ඉස්ලාමීය කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඇතුළු වී බියගුල්ලන් පළා යව්… ආදී වශයෙන් සටන් පාඨ කියමින්, පාර්ලිමේන්තුවේ ගෘහ භාණ්ඩ ආදියට අලාභානිකරමින් හැසිරුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා තිබේ.

මේ අතර, බැග්ඩෑඩ් තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කර ඇති අතර, ඒ සඳහා ඉරාක විශේෂ බලකා සෙබලුන් යොදවා ඇති බවත්, බොහෝ තානාපති කාර්යාල වසා දමා, සේවකයන් ඒවායින් ඉවත්කර ඇති බවත් කියැවෙයි.

මධ්‍යම ඇමෙරිකාවේ ගංවතුරින් ජීවිත හානි

මධ්‍යම ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී, ටෙක්සාස් ප්‍රාන්තයේ, පැලස්ටීන් හි කාන්තාවක් හා ඇගේ මුණුපුරු මිණිපිරියන් හතර දෙනෙකු මෙසේ ගංවතුරට බිලි වී ඇති බව ඇමෙරිකානු බලධාරීහු පවසති.

මෙම පළාතේ ඇතැම් ස්ථානවල නිවාසයන්හි වහළ මට්ටම දක්වා ජලයෙන් යට වී තිබූ බවත්, ශීඝ්‍රයෙන් ජල කඳ පැමිණීම හේතුවෙන් ඇතැම් දෙනා ජලයට කොටු වී ඇති බවත් කියැවෙයි.

පෙර කී මරණවලට මුහුණදුන් අයද තම නිවෙස්වලින් පිටතට පැමිණීමට සමත්ව තිබුණත්, ඔවුන් ජලයේ ගසාගෙන ගොස් තිබේ.

එම කාන්තාව 64 වැනි වියෙහි පසුවන බවත්, මියගිය දරුවන් වයස අවුරුදු හයේ සිට නවය දක්වා වයස්වල පසුවූවන් බවත් වැඩිදුරටත් කියයි.