Monthly Archives: March 2016

විදෙස් රටවල් මෙරටින් අහන දේ

ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික තාක්ෂණික සන්නිවේදන ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම අත්සන් කරනතුරු බොහෝ විදෙස් රටවල් බලා සිටිනා බවත් එය අත්සන් කිරීමෙන් අනතුරඅව ආයෝජන සඳහා බොහෝ රටවල් මෙරටට පැමිණිමට කැමැත්ත පලකර ඇතිබවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

එට්කා ගිවිසුම පිළිබඳ ලංකාවේ ජතාව සමග සාකච්ඡාකොට සැකදුරුකර ගැනීමට ඉන්දියාව කාලය ලබාදී ඇතිබවත් සියලූ ගැටලු විසදීමෙන් අතුරුව එය අත්සන් කරන බව අමාත්‍යවරයා පැවසුයේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 

 

මෙගාවොට් 350 ජලවිදුලියක් අප්‍රේල් 15 පසු

යළ කන්නය සඳහා මහවැලි ජලය නිකුත් කිරීම අප්‍රේල් මස 15 දා සිදුකරන බවත් ඉන්පසු මෙගාවොට් 350 ජලවිදුලියක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බවත් විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

එතෙක් විදුලි නිෂ්පාදනයට වර්ෂාව නොලැබුණහොත් පෞද්ගලික අංශයෙන්  මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බවද එසේඋවත්   මේ නිසා විදුලි ගාස්තු වැඩි නොකරන බව ද අමාත්‍යවරයා කීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය.

 

අස්ගිරි නා හිමි පදවියට අනු නා හිමිවරු දෙදෙනාම ඉදිපත් වෙති

ගලගම ශ්‍රි අත්ථදස්සි නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු අස්ගිරි මහනායක පදවිය සඳහා ඉදිරිපත් විමට අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමම තිරණය කර තිබෙති.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවි මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඥානරතන හිමි හා පොලොන්නරුවේ සොලොස්මාථානාධිපති වෙඩේරුවේ උපාලි යන හිමි දරති.

උන්වහන්සේලා දෙනමම මහනායක පදවිය සදහා ඉදිරිපත් වන බව සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිලිගන්වමින් දැනුම් දි ඇත.

අභිනව අස්ගිරි මහ නාහිමි එළැඹෙන 22දා පත්වීමට නියමිතය.

 

වී ගත්තත් සල්ලි ගෙවා නෑ

රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලය මිලට ගත් වී තොග වෙනුවෙන් බොහෝ ගොවීන්ට මෙතෙක් මුදල් ලබා දී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

රජයේ සහතික මිල ගණන් යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 බැගින් ගොවීන්ගෙන් වී මිලදීගෙන තිබෙන අතර, වී මිලදී ගැනීම වෙනුවෙන් මණ්ඩලය ගොවීන්ට රිසිට් පතක් ලබාදී තිබෙන බවත් එම රිසිට් පත ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ඉදිරිපත් කර මුදල් ලබාගත යුතු බවත් එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සදහන් කලේය.

එම බැංකුවලට රිසිට්පත ඉදිරිපත් කළද බැංකු තමන්ට අදාළ මුදල් ලැබීනොමැති බව පවසමින් ගොවිජනතාව ආපසු හරවා එවන බවද ඔහු පවසා සිටියේය.

 

ශ්‍රී ලංකාව ස්වාධීනයි

ත්රතස්තවාදය පරාජය කළ රටක් ලෙස ශ්රී ලංකාව සංවර්ධන ඉලක්ක කරා මේ වන විට ගමන් කරන බවත්, දීර්ඝ කාලයක සිට ඉන්දීය රජය ලබාදෙන සහාය අගය කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

එසේම ශ්රීී ලංකාව කිසිදු ආකාරයක කිසිදු රටක අභිමතාර්ථ ඉටුකර ගැනීමට මධ්යසස්ථානයක් වීමට ඉඩ නොදෙන බවත් සැමවිටම ස්වාධීනව කටයුතු කරමින් මධ්යයස්ථ විදෙස් ප්රීතිපත්තියක් සමග රටවල් හා සහයෝගයෙන් ක්‍රියාකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී මනෝහාර් පරික්කාර් මහතා හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

                    

    

 

කොල්ලන්ට බැරි වූ දේ කෙල්ලන්ටත් බැරිවෙයි

පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත්විය. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමිනි.

ඒ අනුව තරගාවලිය පුරාම අපරාජිතව සිටීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට හැකිවුවත් තීරණාත්මක තරගයේදී ඔවුන් පරාජයට පත්විය.ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.

පිරිමි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ පැවැති අතර එහිදී නවසීලන්ත කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. තරගාවලියේදී ඔවුන් පළමු වටයේ අපරාජිතව සිටියේය.

කාන්තා තරගාවලියේ අවසන් තරගය සඳහා මේ වන ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් සුදුසුකම් ලබා ඇත. අවසන් මහ තරගය 03දා පැවැත්වීමට නියමිතය.

 

 

සංගා ඉන්දියාව ගැන බලාපොරොත්තුවෙන්

කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ව අද තරගයේදී නතර කිරීමට ඉන්දීය කණ්ඩායම අවස්ථා තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කා සඳහන් කරයි.

ඔහු පවසන්නේ ගේල්ව මෙල්ල කිරීමට ඉන්දීය නායකයා ජස්ප්‍රිට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් යොදාගනු ඇති බවයි. 

ගේල් සාමාන්‍යයෙන් වමත් පන්දු යවන්නන්ට එරෙහිව තරමක් අසීරුවෙන් ක්‍රීඩා කරන බව පෙන්වා දෙන සංගා වමතින් වේගපන්දු යවන ඉන්දියාවේ  අශිෂ් නෙහෙරා තරගාවලිය පුරා හොඳින් ක්‍රීඩා කර තිබෙන බවද සඳහන් කරයි.  

සංගාගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන ඉන්දීය හිටපු නායක සුනිල් ගවස්කාර් පවසන්නේ ගේල්ට ඇති අත්දැකීම් අනුව ඔහු බුම්රාට හා අශ්වින්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරනු ඇති බවයි. 

එසේම ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව කෙටි කාලීන සැලසුමකින් ඔහු පිටියට එනු ඇති බවත් ගවස්කාර් පවසයි.

 

අධ්‍යාපන පරිපාලනයට බඳවා ගැනීමේදී අමුතු වැඩක්

අධ්‍යාපන පරිපාලන සේවා තුන්වැනි ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අයදුම්පත් කැඳවා තිබියදී දේශපාලන හිතවත්කම මත 300 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම 300 බඳවා ගැනීමේදී එල්ලවන විරෝධතා සමනය කරගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියට වැඩබැලීමේ පදනමින් බඳවාගෙන සිටින 700 කට අධික පිරිසකුත් ස්ථිර සේවයට ඇතුළත් කිරීමට නියමිතය.

අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීමට පවතින විභාගය සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා තිබෙන අතර, අයදුම්පත් බාරගැනීම අප්‍රේල් 11 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ.

ඉන්දියාවෙන් වැවිලි ප්‍රජාවට නිවසක්

වැවිලි ප්‍රජාව සඳහා පර්චස් 07ක ඉඩමක් හා නිවසක් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ඉන්දීය රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 4000 ඉදිකිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම හෙට (01දා) අත්සන් කෙරේ.

ඌව සහ මධ්‍යම පළාත්වල ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා සහ ඉන්දීය රජය වෙනුවෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා විසින් සිදුකරනු ලබයි. 

 

ශ්‍රී ලංකාවේ මිලියන 9ක් ආර්ථික වශයෙන් ක්‍රියාශීලීයි

2015 හතර වැනි කාර්තුවට අනුව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 8.9ක් බවත්, ඉන් 64.5 ක ප්‍රතිශතයක් පිරිමි ජනගහනය වන අතර, 35.5 ක ප්‍රතිශතයක් ගැහැනු ජනගහනය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.