Monthly Archives: February 2016

ICC තරග ජාතික නාලිකාවෙන් පමණයි

මාර්තු 08දා ආරම්භ කෙරෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර 4 පුරා පැවැත්වෙන සියලු ICC ක්‍රිකට් තරග විකාශන හිමිකම ජාතික රූපවාහිනියට සහ අයි නාලිකාව ලබාගෙන තිබේ.

මෙම තරග කාලසටහන ඇතුළත ICC චැම්පියන්ස් කුසලාන, ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන, 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලාන ඇතුළු තරගාවලි රැසක් අපි නාලිකාවෙන් විකාශය කෙරෙනු ඇත. 2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙයට ඇතුළත් වීම විශේෂත්වයකි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ රටවල් 10ක් ගැටෙන තරග 35ක් අයි නාලිකාවෙන් සජීවි ලෙස විකාශය කෙරෙනු ඇත. එම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට සහ පස්වරු 7.30 ට විකාශය කෙරෙන අතර, තරගවලට පූර්වගාමීව විශේෂඥ සාකච්ඡා සහ තරග සමාලෝචනද සජීවී ලෙස ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.

 

 

රිජ්වේ ආර්යා රෝහලට අඩු සැලකිලි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩිජිටල් විකිරණ ඡායාරූප යන්ත්‍ර දෙක අක්‍රිය වී මාස ගණනාවක් ගත වී ඇතත් මෙතෙක් එය යථාතත්ත්වයට පත් කර නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

සමස්ත රෝහලටම තිබෙන්නේ විකිරණ ඡායාරූප යන්ත්‍ර 03ක් පමණක් බවත්, ඉන් එක් යන්ත්‍රයක් ඉතා පැරණි එකක් බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.

ඩිජිටල් යන්ත්‍ර මගින් දිනකට විකිරණ පටල 350ක් නිකුත් කළ බවත්, එහෙත් පැරණි යන්ත්‍රය තුළින් නිකුත් කිරීමට හැකියාව තිබෙන්නේ ඉතාමත් සීමිත පිටපත් ප්‍රමාණයක් නිසා රෝගී දරුවන්ගේ සහ විද්‍යා තාක්ෂණවේදීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට යයි

වස විසි වලින් තොර කෘෂිකර්මාන්තයක් උදසාත් කාබනික පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙනුත් නව වැඩසටහනක් පැවැත්විමය රජය තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු මස 06, 07, 08 දිනයන්හි මෙම වැඩසටහන පැවැත්වෙන බවත් එහිදී නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ඉදිරිපත්කරන බවත්  පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

පොහොර සහනාධාරය ඇතුථ ගොවි ජනතාවගේ ගැටථ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලූ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේඅවස්ථාවට එක්ව සිටියහ.

 

ආණ්ඩුව සටන් බලවේග දඩයම් කිරනවා

ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව සටන් බලවේගයන් හා දේශපාලන ක්‍රියාකාරිකයන් දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයක නිරතවී ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය චෝදනාකරයි.

පසුගියදා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පැවැත්වු උද්ගෝෂණයට ජලප්‍රහාර එල්ලකිරීමට අදාළ නඩු විභාගය හෙට(01දා) යෙදී ඇති අතර ඒසදහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු යව සංජීව බණ්ඩාර කැදවා තිබෙන බව දක්වමින් ඔවුන් මෙසේ චොදනාකරයි.

අදාළ නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට පැවැත්වීමට නියමිතය

 

 

නොරොච්චෝලේ සම්පුර්ණ ධාරිතාවය මුදාහැරේ

 

නඩත්තු කටයුතු වලින් පසුව නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 900ක සම්පූර්ණ ධාරිතාවය අද(29) දිනයේ සිට නැවතත් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පැවසිය.  අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රීයවීමත් සමග එහි නඩත්තු කටයුතු සිදුකිරීම වෙනුවෙන් සම්පුර්ණ ධාරිතාව මුදාහැරීම තාවකාලිකව අත්හිටුවා තිබිණ.

මාධ්‍යවේදීන්ට යතුරුපැදි මාර්තුවේ

මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙන යතුරුපැදි මාර්තු මාසයේදී ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

යතුරුපැදි ලැබීමට සුදුසුකම් ලැබූවන් සඳහා මේවනවිටත් ලිපි යවා ඇති බවත්, එහි සඳහන් ආකාරයට ඉක්මනින් කටයුතු කළහොත් ඉතා ඉක්මනින් මාධ්‍යවේදීන්ට යතුරුපැදි ලබාදිය හැකි බවත් අම්‍යවරයා කීය.

මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් හැකිතරම් උපකාර කිරීමට අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන බවත්, මාධ්‍යවේදීන් වෙනුවෙන් දියගම ඉදිවන නිවාස සංකිර්ණයේ මූලික කටයුතු අවසන් කර ඉදිකිරීම් ඉතාම ඉක්මනින් ආරම්භකරන බවත් අමාත්‍යවරයා කීය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන්ද දිස්ත්‍රික්ක 25 ක නිවාස ගම්මාන 25 ක් ඇතිකරන බවත්, මාධ්‍යවේදීන් වෙනුවෙන් යතුරු පැදි  ලබාදීම එළඹෙනමාසය තුළ සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (29දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඡායා – ඉසුරු පෙරේරා

අධ්‍යාපන ඇමතිට එරෙහිවත් පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශ මත මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයේදී ජාතික පාසල්වලට බඳවාගත් අනධ්‍යයන සේවකයන් සියලු දෙනාගේ පත්වීම් ලිපියේ පත්වීම ලබාගත් දිනය ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසය සඳහන් වන බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

අයවැය යෝජනාවකට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශ්‍රාම වැටුප් අහිමි වී යන නිසා මෙම වංචාව සිදුකළ බවට වාර්තාවන බවත්, මේ නිසා මේ පිළිබඳව හෙට (01දා) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශ මත ඔහුගේ හිතවතුන් 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අනධ්‍යයන සේවකයන් ලෙස බඳවාගෙන සිටින බවද ඔහු පවසා සිටියේය.

අශේන් තාරුක ශ්‍රියාලතා ශූරතා දිනති

ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වැනි සංවත්සරයට සමගාමීව පැවැති 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ කේවල පිරිමි ශූරතාව ගුවන් හමුදාවේ අශේන් තාරුකද කේවල කාන්තා ශූරතාව යූ.ඩී. ශ්‍රියාලතාද හිමිකරගනිමින් පෙරේදා (27දා) ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාපිටියේදී නිමාවට පත්විය. 
තරගයේ කේවල අනුශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින්  යුද හමුදාවේ ලක්‍ෂ්මන් විජේරත්න හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ නිශාන්ත පෙරේරා දිනාගත්හ.

 පසුගිය 25දා සිට පුරා දින තුනක් පුරා අදිරය තුනකින් පැවැති පිරිමි ඉසව්වේ සමස්ත දුර කිලෝමීටර් 442ක් වූ අතර, කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා වූ පළමු අදියර කිලෝමීටර් 178කින් සමන්විත වූ අතර, එහි පළමු ස්ථානය අශේන් තාරුක විසින් හිමිකර ගන්නා ලදී. 

තරගයේ දෙවැනි අදියර 26දා ගුවන් හමුදා වීරවිල කඳවුරේ සිට  කොග්ගල කඳවුර දක්වා කි.මී. 131 ක දුරකින් යුක්ත විය. එම අදියරේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත හිමිකර ගත්තේය. තරගයේ අවසන් හා තෙවැනි අදියර 27දා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ සිට ගුවන් හමුදා මූලස්ථානය දක්වා  කි. මී. 133 ක දුරකින් යුක්ත වූ අතර, එහි ජයග්‍රහණය ගුවන් හමුදාවේම ජීවන් ජයසිංහ විසින් හිමිකර ගන්නා ලදී.

තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ඒ කණ්ඩායම සමත්වූ අතර  ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒ කණ්ඩායම එහි අනුශූරතාව හිමිකර ගන්නා ලදී. පිරිමි තරගය සඳහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම පාකිස්තානය, බංගලාදේශය ආදී විදෙස් ක්‍රීඩා සමාජ ඇතුළුව ක්‍රීඩා සමාජ 15ක් පමණ නියෝජනය කරමින් තරගකරුවන් 183 දෙනෙක් සහභාගි වූහ

කාන්තා පාපැදි තරගය 27දා ඒකල ගුවන් හමුදා කඳවුර අසල සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා කි.මී. 65.5 ක දුරකින් සමන්විතව පැවැත්විණ. තරගකාරියන් 50 දෙනෙකු ඒ සඳහා එක්වූහ.ගුවන් හමුදා පාපැදි සවාරියේ දක්ෂතම ස්ප්‍රින්ට් ශූරයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩක ජීවන් ජයසිංහත්, දක්ෂතම ස්ප්‍රින්ට් ශූරිය ලෙස රංජිත් අරුණ පාපැදි ක්‍රීඩා සමාජයේ යූ.ඩී. ශ්‍රීයාලතාත් සම්මාන හිමිකර ගත්හ. අබාන්ස් ආයතයේ ප්‍රධාන අනුග්‍රහයෙන් තරගාවලිය පැවැත්විණ.

 

ලියුම ගැන කිරිඇල්ල කියයි

කැළණිය විශ්වවිද්‍යාල සඳහා තාවකාලික පදනම මත කතිකාචාර්යයවරයෙකු බඳවා ගැනීම සඳහා එම විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයෙකුට ලිපියක් යොමුකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ලිපිය මතභේදයට තුඩුදුන් සිදුවීමක් විය.

ඒ පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට අද (29දා) කටයුතු කරනු ලැබීය. එසේම විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්වවිද්‍යාලන්ට නිර්දේශ ලබාදීමට අමාත්‍යාවරයාට බලයක් ඇති බවත් එම නිවේදනයේ වෙයි

 

අල – ලොකු ලූනු මිල ඉහළට

අර්තාපල් හා ලොකු ලූනු ආනයනය කිරිමේදී අයකරන බදු ඉහළ දමන ලසෙට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශයන්ට උපදෙස් දී ඇත. අද (29දා) රාත්‍රිෙය් සිට බලපාන පරිදි මෙම වැඩිකිරීම් ක්‍රියාත්මක කරන ලෙසද ජනපතිවරයා උපදෙස් දී ඇත.  ආනයනික බදු ඉහළ දැමීමත් සමගම වෙළදපොළේ අර්තාපල් හා ලොකු ලූණු මිලද ඉහළ යනු ඇත.