Monthly Archives: October 2015

රග්බි ලෝක කුසලානය නවසීලන්තයට

ලෝක කසලාන රග්බි ඉතිහාසයේ පිට පිට  ශූරතාවන් ද්විත්වයක්  හිිමි කරගත් පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්තය සමත් විය. ඒ මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබමිනි.  

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත  වුවද උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයකින් ඔස්ට්‍රේලියානුවන් මෙල්ල කරමින් ඉදිරියෙන් රැදී සිටීමට නවසීලන්තය සමත්වීම විශේෂත්වයකි.

නවසීලන්තය වෙනුවෙන් නෙහෙ මිල්නේ ස්කඩර්, මා නෝනු  හා බූඩන් බැරට් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙකක් , දඩුවම් පහර 4 ක් හා ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමට ඩෑන් කාටර් සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් පෝකොක් හා ටැවිටා කුරිඩ්‍රානි උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම ද්විත්වයම හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට බර්නාඩ් ෆොලී සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය නවසීලන්ත වෙනුවෙන් පාදයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩෑන් කාටර්ට  හිමි විය.

ඔස්ට්‍රේලියාවත් ප්‍රභල සටනක

ලෝක කුසලාන රග්බි තරගාවලිය් අවසන් මහා තරගයේ දෙවැනි අර්ධයේ මිනිත්තු 13 ක් ගත වන විටදී  සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ඔස්ට්‍රෛ්ලියාව සමත් විය. ඩේවිඩ් පෝකොක් විසින් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර බර්නාඩ් ෆොලී එය ගෝල දිනුමක් බවට පරිවර්තනය කිරීමට සමත් විය.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ මිනිත්තු 20 ක් අවසන් වන විටදී  ලකුණු 21-10 ක් ලෙස තවමත් නවසීලන්තය ඉදිිරියෙන් සිටියි.

 

දෙවැනි අර්ධයේදීත් නවසීලන්තයෙන් අක්‍රමණයක්

ලෝක කුසලාන රග්බි තරගාවලිය් අවසන් මහා තරගයේ දෙවැනි අර්ධයේ මිනිත්තු 10 ක් ගත වන විටදී නවසීලන්තය ලකුණු 21-03 ක් ලෙස මේ වන විටදී ඉදිිරියෙන් සිටීමට සමත්ව ඇත. ඒ 41 වැනි මිනිත්තුවේදී  සෙන්ටර් ක්‍රීඩක මා නෝනු විසි්න් වාර්තා කළ උත්සාහක දිනුමත් සමගිනි. කෙසේ නමුත් ඩෑන් කාටර් ප්‍රවර්තනය කිරීමට අසමත් විය. 

පළමු අර්ධයේදී නවසීලන්තය ප්‍රභල ක්‍රීඩා රටාවක

ලෝක කුසලාන රග්බි තරගාවලිය් අවසන් මහා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට  නවසීලන්තය සමත් විය. ඒ 38 වැනි මිනිත්තුවේදී  වින්ග් ක්‍රීඩක නෙහෙ මිල්නේ ස්කඩර් විසිනි. ඩෑන් කාටර්ගේ සාර්ථක ප්‍රවර්ථනයත් සමගින් පළමු අර්ධය ලකුණු 16-03 ක් ලෙසින් ඉදිරියෙන සිටිමින් අවසන් කිරීමට නවසීලන්තය සමත් විය.  ගෝල දිනුමක් හා දඩුවම් පහර තුනක් මගින් නවසීලන්තයද එක් දඩුවම් පහරක් මගින් ඔස්ට්‍රේලියාවද සිය ලකුණු රැස් කර ඇත. 

නවසීලන්තය පළමුවෙන්ම ලකුණු රැස් කිරීම අරඹයි

නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අත් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාලියේ අවසන් මහා තරගයේ පළමුවෙන්ම ලකුණු රැස් කීරීම ආරම්භ කිරීමට නවසීලන්තය සමත් විය. ඒ හත්වැනි මිනිත්තුවේදී  සාර්ථක කර ගන්නා ලද දඩුවම් පහරක් මගිනි. ඩෑන් කාටර් විසින් එය සාර්ථක කර ගන්නා ලදී. 

කෙසේ වෙතත් 13 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රෙිලියාව වෙනුවෙන් පළමු දඩුවම් පහර සාර්ථක කර ගත් බර්නාඩ් ෆොලී  ලකුණු තත්වය 3-3 ක් ලෙස මේ වන විටදී සම කිරීමට සමත්ව ඇත.

නගර මාසයේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

ලෝක නගර දින සැමරැම් උළෙල නිමිත්තෙන් පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිකළ නිවාස සංකීර්ණයන්හි වෙසෙන දරු දැරියන් අතර පැවත්වූ චිත්‍ර හා රචනා තරගයේ  ජයග්‍රාහි දැරුවන්ට තෑගි සහතික පත් ප්‍රදානය අද (31) පෙරවරුවේ බත්තරමුල්ල  අපේගම  පරිශ්‍රයේ පැවති ලෝක නගර දින සැමරුම් සමාප්ති උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි. 

මෙම  අවස්ථාවට මහ නගර  හා බස්නාහිර  සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය  සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

 

 

මහනුවර කතරගම දේවාලයට නව ‍‍ බස්නායක නිලමේවරයෙක්

මහනුවර ශ්‍රි මහ කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා වශයෙන්  ගැමුණු තිලක බණ්ඩාර වලිසුන්දර මහතා අද දින පැවැති  නිලවරණයෙන්  තේරි පත්විය. බස්නායක නිලමේ වරයා තෝරාපත් කරගැනීම සදහා පැවති නිලවරණයෙන් ඡන්ද 17ක් ලබාගනි‍මින් ගැමුණු තිලක බණ්ඩාර වලිසුන්දර මහතා ඉදිරි වසර පහ සදහා තේරී පත් වු අතර නිලවරණය සදහා ඉදිරිපත් වු හිටපු බස්නායක නිලමේ කුෂාන් වෑගොඩපොල  මහතා ඡන්ද 13ක්  ලබාගත්තේය. 

මෙම නිලවරණයේදි  ඡන්දය ලබාදිම  සදහා ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවල ගිහි භාරකරුවන් ද,  පිටිසර දේවාල බස්නායක නිලමේවරුන්ද , මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ද ඇතුළු 30 දෙනෙකු ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා තිබුණි.  ඡන්දය ලබාදිමට සුදුසු කම් ලැබු 30 දෙනාම සිය ඡන්දය පාවිච්චි කිරීමද  විශේෂත්වයකි. 

1931 අංක 19 දරණ බෞද්ධ විහාර හා දේවාලයගම් ආඥා පණතේ 8 වෙනි වගන්ති ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතාගේ උපදෙස් පරිදි  මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින්  අද දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  මෙම නිලවරණය  පවත්වන ලදි.

 

ජනපති පිළිගන්න තායිලන්තය සූදානම්

තායිලන්ත – ශ්‍රී ලංකා රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා වසර 60ක් පිරිම නිමෙත්තෙනුත්, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරිම අරමුණු කර ගනිමිනුත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (01දා) පෙරවරු 11.00ට පමණ තායිලන්තයට ළගාවීමට නියමිතය.

ජනපතිවරයාගේ පළමු නිල තායිලන්ත සංචාරයද මෙය වන අතර ඔහු පිළිගැනීම සඳහා තායිලන්ත රජය මේ වන විට සිය කටයුතු සම්පාදනය කරමින් සිටියි.

විදේශ අමාත්‍ය මංගල සමරවිම මහතා ඇතුළු පිරිසක් මේ වන විට තායිලන්තයට ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ මහියංගනයේ තැන්පත්කොට ඇති සර්වඥධාතූන් වහන්සේද තායිලන්තයට වැඩමවීම ජනපතිවරයාගේ තායිලන්ත සංචාරයට සමගාමිව සිදුවන අතර එම ධාතූතන් වහන්සේ වන්දනාමාන කිරිම සඳහා තායිලන්ත ජනතාවට අවශ්‍ය කටයුතුද මේ වන විට තායිලන්ත රජය සූදානම් කරමින් සිටියි.

තායිලන්ත රජය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජනපති ලේකම් කාර්යාලය මෙම කටයුතු සම්බන්ධීකරණය කරයි.

දුමින්ද සංජිව බාලසූරිය තායිලන්තයේ සිට

ගල්කිස්සේ කොල්ලය වරදියි

ඊයේ (30දා) සවස ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද දුරකතන ඇමතුමකට අනුව එම ප‍්‍රදේශයේ පිහිටි මුල්‍ය ආයතනයට අවි රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ නිලධාරින් බියගන්වා මුදල් කොල්ලකෑමට තැත් කිරිමේදි මුල්‍ය ආයතනයේ ආරක්‍ෂක විධිවිධාන කි‍්‍රයාත්මක කිරිමෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයේ .

සැකකරුවන් සන්තකයේ තිබී සෙල්ලම් පිස්තෝල 02 ක් සහ පිහියක් තිබී සොයාගත් බවත් ඔවුහු අවුරුදු 22,  23 වියේ පසුවන අනුරාධපුරය හා දෙනියාය ප‍්‍රදේශයෙ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

 

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 07

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන යොවුන් පාර්ලිමේන්තු නොවැම්බර් 07දා පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 කදී පැවැත්වේ.

මෙම යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අයිතිය දිවයින පුරා පිහිටි 2015/07/31 වනවිට ලියාපදිංචි යෞවන 12938 යෞවන සමාජ තරුණ තරුණියන් ලක්ෂ 05 කට ආසන්න සංඛ්‍යාවකට හිමිවන බව ශ්‍රී ලංකා යෞවන සම්මේලනයේ පරිපාලන ලේකම් මහේෂ් තිලකරත්න මහතා පැවසීය.

දිවයිනේ මැතිවරණ කොට්ඨාස 160 ක් සඳහා යොවුන් පාර්ලිමේන්තු තෝරාපත් කරගැනීම මෙම මැතිවරණයේදී සිදුවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාවේ සභාති, අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ සංකල්පයට අනුව නව මුහුණුවරකින් යුතුව මෙවර යොවුන් මැතිවරණයේදී සිදුවේ.

මෙවර මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සැදුම්ලත් යොවුන් පාර්ලිමේන්තුව සඳහා යෞවන සමාජ සාමාජික ඡන්දයෙන් 160 දෙනෙකුද, විශ්වවිද්‍යාල, නීති විද්‍යාලය, නීති පීඨ, පාසල් ශිෂ්‍ය නායක (දේශපාලන විද්‍යාව හදාරන) විශේෂ අවශ්‍යතා ඇති (බාධිත), යෞවන සමාජ නොවන වෙනත් තරුණ සංවිධානවල වයස අවුරුදු 18-28 අතර තරුණ තරුණියන්ගෙන් ලබාගන්නා ලද අයදුම්පත්වලට අනුව ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කරමින් 65 දෙනෙකු ද තෝරාගැනීම සිදුකරනු ලබයි.