Monthly Archives: May 2015

මහින්ද එනවට මර්වින් විරුද්ධයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට ගෙන ඒමට තමන් විරුද්ධ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය. වැලිගම්පිටියේ පැවැති දොස්තර ජයලත් ගුණවර්ධන ගුණ සැමරුමකට ඊයේ එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. 

"මම නම් ඒකට විරුද්ධයි බෙලිඅත්තේ කෙනෙක් විදියට. ඉහළම තත්ත්වයේ කෙනෙක් ඇයි මේ පහළම තනතුරක් දරන්නේ. ඒක මම හිතන්නේ පරාභව සූත්‍රය දන්නවානම් පිරිහීමෙන් එකක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් කැළණිය ආසනයට"  

මහානාම පාලමෙන් නිල්වලා ගඟට පනියි

(UPDATE) මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැනි සිය දිවි හානිකරගත් ගුරුවරයෙකුගේ හා තවත් පුද්ගලයෙකුගේ සිරුරු සොයා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත්විය.


මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන අතුරුදන් වූ බව කියන ගුරුවරයෙක් හා තවත් පුද්ගලයෙක් සොයා පොලීසිය හා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගුරුවරයා ඊයේ (30දා) රාත්‍රියේ ගඟට පැන තිබෙන අතර අනෙක් පුද්ගලයා අද පෙරවරුවේදී ගඟට පැන තිබේ.  

මහින්දලා නැවත එපා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට විරෝධය පළ කරමින් “ මහින්දලා නැවත එපා“ යන තේමාව යටතේ අපි පුරවැසියෝ හා වීදියේ විරෝධය යන සිවිල් සංවිධාන එකමුතුව අද (31දා) අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

යහපාලනය ක්‍රියාත්මක ව වටපිටාවක් තුළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පන්සල් හා කෝවිල් ගානේ ගොස් ජනතාව රවටමින් ජනතාවගේ ඔලු සේදිමක නිරත වන බව එහිදී අදහස් දැක් වූ අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

 

ඩිලී සචිත්‍ර දිනද්දී සංගා මහේල පරදිති

එංගලන්තයේ  පැවැත්වෙන (NatWest t20 Blast)  විස්සයි20 ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ පසුගිය සිකුරාදා (29දා) පැවැති තරගවලින් ජය හිමිකරගැනීමට තිලකරන්ත ඩිල්ශාන් නියෝජනය කරන ඩර්බිශයර් (Derbyshire) කණ්ඩායම හා සචිත්‍ර සේනානායක නියෝජනය කරන වොසෙස්ටර්ශයර් (Worcestershire)  කණ්ඩායම් සමත්විය. කෙසේ නමුත් කුමාර් සංගක්කර නියෝජනය කරන සරේ හා මහේල ජයවර්ධන නියෝජනය කරන සසෙක්ස් කණ්ඩායම්වලට පරාරාජයවීමට සිදුවිය.

ලැන්කශෙයර් (Lancashire) කණ්ඩායම පරාජය කර ඩර්බිහි (Derby) පැවැති තරගයකින් ඩිල්ශාන් නියෝජනය කරන ඩර්බිශයර් කණ්ඩායම කඩුලු 05 ක ජයක් ලැබීමට සමත්විය. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලැන්කශයර් කණ්ඩායම ලකුණු 127 /9 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බර්බිශයර් කණ්ඩායම ලකුණු 128/5 (17.4) රැස්කරමින් එම ඉලක්කය සම්පූර්ණ කරගත්තේය. මෙම තරගයේදී ඩිල්ෂාන් පන්දුයැවීමෙන් 1/26 (4) ලෙස දක්‍ෂතා දැක්වූ අතර, හයේ පහරක් හා හතරේ පහර 04 සමගින් ලකුණු 38 (33) ක් රැස්කරමින් පන්දුවට පහරදීමෙන් දක්‍ෂතා දැක්වීය.

සචිත්‍ර නියෝජනය කරන වෝසෙස්ටර්ශයර් කණ්ඩායම වෝසෙස්ටර්හි පැවැති තරගයෙන් ලීසෙස්ටශයර් (Leicestershire) කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කිරීමට සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ලීසෙස්ටශයර් කණ්ඩායම ලකුණු 147/6 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ වෝසෙස්ටර්ශයර් කණ්ඩායම ලකුණු 149/4 (17.4) රැස්කමින් එම ඉලක්කය පසුකර ගියේය. මෙහිදී සචිත්‍ර සේනානායක 1/18 (3) ලෙස කඩුලු දවාලමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වීය.

හෝව්හි (Hove) පැවැති තරගයකින් මහේල නියෝජනය කරන සසෙක්ස් කණ්ඩායමට මිඩ්ල්සෙක්ස් කණ්ඩායම හමුවේ ලකුණු 42 කින් පරාජයවීමට සිදුවිය. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මිඩ්ල්සෙක්ස් කණ්ඩායම ලකුණු 221/2 (20) රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සසෙක්ස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 179/9 (20) පමණි. එතරම් සාර්ථක නොවූ මහේලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5  ක් පමණි.

කෙන්ට් කණ්ඩායම සමග බැක්හැම්හි පැවැති තරගයෙන් ලකුණු 23ක පරාජයක් අත්විඳීමට සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායමට සිදුවිය. පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම ලකුණු 193/8 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සරේ කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170/8 (20) පමණි. කුමාර් සංගක්කාර සරේ වෙනුවෙන් පන්දු 19කදී හතරේ පහර 04 ක් හා හයේ පහර 02 ක් සමගින් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය.

 

විපක්ෂ නායකගෙන් අගමැතිට අභියෝගයක්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ හා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව ජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට එජාපය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සහයෝගය දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්ෂය සහාය දුන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය පොරොන්දු වූ නිසා බවද විපක්ෂ නායකවරයා පවසයි.

ජාතික ආණ්ඩුවකට විරුද්ධයි – සුසිල්

තමන් ජාතික ආණ්ඩුවකට විරුද්ධ බවත්, මෛත්‍රී – මහින්ද යන මහත්වරු එක්කොට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම බලාපොරොත්තුව බවත් සන්ධාන මහලේකම් මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

ඊයේ (30දා) වරකාපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.

"මම අනිත් අය වගේ පක්ෂය පාවාදෙමින් එක්සත් ජාතික පක්ෂය යටතේ තනතුරු ලබාගන්න යන්නේ නෑ. කැමති අය ගිහින් ගන්න. අපි එදා ඉදන් රැකගෙන ආපු පක්ෂය අතැර යන්නේ නෑ. " යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවැසීය.

 

සෝමලතා සුබසිංහයන් අද දැයෙන් සමුගනියි

ප්‍රවීණ නාට්‍යවේදිනියක, රූපණ ශිල්පිනියක මෙන්ම රංගකලා ආචාර්යවරියක වන සෝමලතා සුබසිංහයන් අද (31දා) අප අතරින් වෙන්ව යාමට නියමිතය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'රත්තරන්' සහ 'එලොව ගිහින් මෙලොව ආවා' යන වේදිකා නාට්‍යවල රංගනය තුළින්ම කරළියේ දොරගුලු විවර කරගත් ඇය, ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ නාට්‍යවේදිනියකි. 

ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට 79 වැනි වියෝ පසුවූවාය. සෝමලතා සුබසිංහයන්ගේ දේහහ පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

 

 

 

චීන සහාය අඛණ්ඩ ශ්‍රී ලංකාවට

සිංගප්පූරුවේ පැවති උපාය මාර්ගික අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර ආයතනය (International Institute for Strategic Studies –IISS) මගින් සංවිධානය කරන වාර්ෂික ෂැන්ග්‍රී ලා සම්මන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාට ප්‍රතිලාභ රැසක් හිමිවූ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.   සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.

මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, මහජන චීන විමුක්ති හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුන් ජිඈන්ගුඕ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර සුහද පිළිසඳරක් පැවැත්විය.

එහිදී චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයේ වැදගත්කම අවධාරණය කල රුවන් විජයවර්ධන අමාත්‍යවරයා, චීන රජය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත නොකඩවා ලබාදෙන  පුහුණුවීම් , පාඨමාළා සහ වෙනත්  ආධාර වෙනුවෙන් සිය ප්‍රශංසාව පුද කළේය.

මේ වසරේ අග භාගයේ මෙරට පැවැත්වෙන චීන ශ්‍රී ලංකා ආරක්‍ෂක සාකච්ඡාවේ (Sri Lanka – China Defence Dialogue)  දෙවන ආරක්‍ෂක සංවාදය සඳහා චීන දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිදුකරණ ලදී.

 මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මහජන චීන විමුක්ති හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුන් ජිඈන්ගුඕ මහතා , ශ්‍රී ලංකාව ඉතාම මිත්‍රශීලි රටක් බවත් , ශ්‍රී ලංකාව සහ චීනය අතර ඉතා උණුසුම් මිත්‍ර සබඳතාවයක් පවතින බවත් , ආරක්‍ෂක කරුණු ඇතුළු ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය තවදුරටත් ඉදිරියට ලබාදෙන බවත් ප්‍රකාශකර සිටියේය. මෙම සමුළුව මැයි  පසුගිය 29දා ආරම්භවිය.

 

OIC හයකට මාරු

සේවා අවශ්‍යතාවය මත පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස්පති එන්.කේ. ඉංලගකෝන් මහතා විසින් මෙම මාරු වීම් ක්‍රියාත්මක කළ බවද එම නිවේදනයේ දැක්වෙයි.  

මධුසමයට ගිය මනාලයා අතුරුදන්

විවාහ මංගල්‍යයෙන් පසුව මධුසමය ගත කිරීමට දෙල්තොට හෝටලයකට ගිය යුවළක මනාලයා රාත්‍රී දොලහට  (12) පමණ අතුරුදන්ව ඇතැයි ගලහ පොලීසිය කියයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ යුධ හමුදාවේ වසර දහයක් පමණ සේවය කරන දෙල්තොට රැලිමංගොඩ පදිංචි වයස අවුරුදු තිස් තුනක් වන ජී. ධර්මසේන නැමති පුද්ගලයෙකි. ඔහු මුල්ගම පදිංචි වයස අවුරුදු 23 ක් වන ආර්.ජී. ප්‍රියංකා නැමති කාන්තාව සමග පසුගිය 29දා විවාහ වී තිබේ.  

මංගල උත්සවයෙන් පසු මධුසමය ගත කිරීමට දෙල්තොට විලේජ් නැමති හෝටලයට ගොස් ඇත.

රාත්‍රී දොලහට පමණ මනාලයා කාමරයෙන් එළියට ගොස් ඇති අතර නැවත කාමරයට පැමිණ නැත. එළිවනතුරුත් ඔහු නොපැමිණි නිසා මනමාලිය ගලහ පොලීසියට  පැමිණිලි කොට ඇත. පොලිසිය මගින් නිල සුනඛයින් යොදාගෙන අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට උත්සාහ කළත් ඔහු පිළිබඳ කිසිම තොරතුරක් තවමත් නැතියි පොලීසිය කියයි.

තලාතුඔය අසේල වික්‍රම