Monthly Archives: April 2015

ළමයින් සුරැකීමට ඇඟිලි සලකුණ එයි

ශ්‍රී ලංකාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන ළමා ලිංගික අපයෝජන සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් ‘ඇඟිලි සලකුණ’ ජාතික සන්නිවේදන ව්‍යාපෘතිය අද (30දා) ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ විය.

ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාලය, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, බාල දක්ෂ සේවා පූජ්‍ය පක්ෂය හා සිවිල් සමාජ කණ්ඩායම් එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ශ්‍රී ලංකා රජය හා යුනිසෙෆ් සංවිධානය එක්ව ක්‍රියාත්මක කරයි.

ළමා ලිංගික හිංසනයකදී පළමුව දරුවා ළඟම රෝහල වෙතටත්, දෙවනුව ළඟම පොලීසිය දැනුම්වත් කිරීමත්, තෙවනුව ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1929 ඇමතීමත් යන පියවර ක්‍රියාත්මක කරමින් ළමා අපයෝජනයට තිත තැබීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

හම්බන්තොට නරගාධිපති 13 දා දක්වා රිමාන්ඩ්

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා එළැඹෙන 13 දා තෙක් රක්ෂිත බන්නාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් රැගෙන යාමේ චෝදනා යටතේ ඔහු ඊයේ (29දා) අත්අඩංගුවට ගත්තේය.

19 අවසානයේ නයි ගැරඩි වුණා

ජනාධිතිධුරයේ සිටියදීම  ඡන්ද ලක්ෂ හතරකටක් වඩා වැඩි ඡන්යෙන් පරාජය වු මහින්ද රාජපක්ෂ මහතා 19 සම්මතකර ගත්තේ තමාව තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමට යැයි පැවසීම තරම් විහිලුවක් තවත් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකප මහතා පැවසීය

එමෙන්ම 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළවිට නයි මෙන් පෙනය පුප්පා සිටි ඇතැමුන් අවසානයේ ගැරඩින් සේ එයට පක්ෂව ඡන්දය ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසුයේ අද පැවති මධ්‍ය හමුවකදීය.

ජනාධිපතිධුරය පත්ව මාස තුනක් ඇතුලත තම බලතල අඩුකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියනදේ කරන කරනදේ කියන විශිෂ්ටයකු බවද අමාත්‍යවයරයා පැවසීය.

ශ්‍රී ලංකාවට නොඑන්නැයි ඉන්දීය ධීවරයින්ට කියයි

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලීමේ කාර්යයෙහි නිරත නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජය තමිල් නාඩු ධිවරයින්ට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුහුදුසීමාව උල්ලංඝණය කළ ඉන්දීය යාත්‍රා පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාගන් රේඩාර් දත්ත ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ (29දා) යොමුකිරීමට කටයුතු කර ඇති බවත් හින්දු පුවත් සේවය සඳහන් කරයි.

 

 

FHM හි සරාගී කිරුළේ හිමිකාරිනිය Michelle Keegan

ලොව සුප්‍රසිද්ධ FHM සඟරාව සිය වාර්ෂික සමීක්ෂණය මගින් ලොව සරාගීම කාන්තාව ලෙස හොලිවුඩ් නිළි මිචෙල් කීගන් නම් කර තිබේ. 100 දෙනෙකු අතරින් ඇය පළමු ස්ථානයට පත්ව ඇත. මේ සඳහා හොලිවුඩයේ ප්‍රසිද්ධිය උසුලන නිළියන්ද ඇතුළත්ව සිටියත් ඔවුන්ගේ ස්ථානවල යම් පසුබෑමක් දක්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙවර කිරුළට හිමිකම් කියූ මිචෙල් 2013 වර්ෂයේදී  සිවුවැනි ස්ථානයටත්, 2014 වර්ෂයේදී දෙවැනි ස්ථානයටත් පත්ව ඇත. 2010 වර්ෂයේදී ඇය FHM සඟරාවේ සරාගී ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, එම වර්ෂයේදී ඇය හිමිකරගත්තේ 30 වැනි ස්ථානයයි. ඇයට අනුග්‍රහය සපයන්නේ ලොව ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳ නාමයක් වන Lipsy ය.

FHM සඟරාවේ කර්තෘ ජෝ බාන්ස් පවසන්නේ මිචෙල්ට පසුගිය වසරට සාපේක්ෂව මෙවර හිමි වී ඇති ප්‍රතිචාර ඉහළ බවයි. මෙවර කිම් කාර්ඩේෂියන්ට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ඉතාම අඩු බවද සඳහන් වෙයි.  2014 වර්ෂයේදී 'Miss Universe' කිරුළ දිනූ ඇමී විලර්ටන්ට මෙවර හිමි වී ඇත්තේ 14 වැනි ස්ථානයයි.

මිචෙල් කීගන්ට මේ වනවිට වයස අවුරුදු 27 ක් වන අතර, BBC රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ ටෙලි 'Ordinary Lies' ටෙලි නාට්‍ය තුළින් ඇය ජනප්‍රිය විය. 2007 දී ඇය සංවිධානය කළ 'Coronation Street' යන සංකල්පය තුළ බිහි වූ නාට්‍ය කිහිපයක් ලොව ප්‍රසිද්ධියටද පත්විය.

චරිතයක් වශයෙන් ලොව ප්‍රසිද්ධියට පත්විය හැකි මාර්ගයක් ලෙස සලකන මෙම සරාගී කිරුළ සඳහා නිරූපන ශිල්පිනියන් මෙන්ම රංගන ශිල්පීන්ද දක්වන්නේ දැඩි උනන්දුවකි. මෙවර FHM සඟරාවේ සරාගීම කාන්තාවන් දසදෙනා වශයෙන් තේරී පත්ව සිටි පිරිස මෙසේය.

FHM'S TOP TEN SEXIEST WOMEN 

1. මිචෙල් කීගන් Michelle Keegan

2. කෙන්ඩල් ජෙනර්  Kendall Jenner

3. ජෙනිෆර් ලෝරන්ස් Jennifer Lawrence (last year 1)

4. කේට් අප්ටන් Kate Upton (last year 18)

5. කැරොලින් ෆ්ලැක්

6. අරියානා ග්‍රැන්ඩි

7. මාර්ගට් රොබී

8. ලුසී මැක්ලෙන්බර්ග්

9. එමිලියා ක්ලාර්ක්

10. කෙලී බ_ක්


 

 

 

සීගිරියේ කුරුටු ගී ලියූ තරුණිය නිදහස්

සීගිරියේ කැපත් පවුර කොණ්ඩකටුවකින් කටුගෑ තරුණිය ජනපති සමාව යටතේ අද නිදහස ලැබ තිබේ. එම වරදට ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම වූ අතර ඇය අනුරාධපුර බන්ධනාගාරයේ සිටියේය. 

 

 

රත්ගම සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

රත්ගම ප‍්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මහතා වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීමේ සිදුවීමට අව්‍යශව සිටි තවත් සැකකරුවෙකු ඊයේ (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.  

හික්කඩුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර සැකකරු අවුරුදු 21ක තරුණයෙක් වන අතර ඔහු සන්තකයේ තිබී මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී අත්අඩංගුවට පත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. ඊයේ අත්අඩංගුවට පත් සැකකරු අද (30දා) ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

වෙලේ සුදා හා සිද්ධික් සතුව බැංකු ගිණුම් 60ක්

අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේසුදා නොහොත් සමන්ත කුමාරගේ සහ සිද්ධික් මොහොමඩ් නමැත්තා විසින් පවත්වාගෙන යනු ලැබූ ගිණුම් පිළිබඳ මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබන පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා බැංකු ගිණුම් 60කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම ගිණුම් ඔවුන්ගේ නම්වලින් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සහ ළඟම හිතවතුන්ගේ නම්වලින් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළිවී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් ක‍ළේය.

බැංකු ගිණුම් පිළිබඳව සොයා බැලීමට මූල්‍ය ආයතන තුළ සිදුකරන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් මොවුන් සතුව තවත් බැංකු ගිණුම් තිබිය හැකි බවද පවසා සිටියේය.

කුසල්ගේ ශතකය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

නැවත වරක් ක්‍රියාත්මක වූ කුසල් ජනිත්ගේ ශතක ඉනිම හේතුවෙන් සංචාරක පාකිස්තානු ඒ කණ්ඩායම පරාජය කර සූරියවැවදී ඊයේ (29දා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 07ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම නිලනොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලිය නිමාවීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකිවිය.

පාකිස්තානු ඒ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 265/9 ක් රැස්කිරීමට සමත්විය. පාකිස්තානු ඒ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර, ඒ වනවිට ඔවුන් ලකුණු 213/7 ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් ඒ වනවිට ඔවුන් ජය ලැබීමට නම් රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව 221 ක් බැවින් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ශ්‍රී ලංකා ඒ 265/9 (පන්දුවාර 50)

කුසල් පෙරේරා 110 (110), ධනුෂ්ක ගුණතිලක 33 (50), අශාන් ප්‍රියන්ජන් 25 (36), අසේල ගුණරත්න 23 (15), ශෙහාන් ජයසූරිය 21 (43), කිත්රුවන් විතානගේ 18 (15), මිලින්ද සිරිවර්ධන 18 (19)

පාකිස්තාන ඒ පන්දු යැවීම

සියා උල් හක් 3/63 (10), ටබිෂ් ඛාන් 3/53 (10), මිර් හම්සා 2/49 (10), සාෆර් ගොහාර් 1/49 (10)

පාකිස්තාන ඒ 213/7 (පන්දුවාර 40)

කුරාම් මන්සූර් 69 (90), ෆාවඩ් අලාම් 65 (74), ඉසරුල්ලාහ් 29 (18), මුක්තාර් අහමඩ් 20 (19)

ශ්‍රී ලංකා ඒ පන්දු යැවීම

තරිඳු කෞෂාල් 3/44 (8), ශෙහාන් ජයසූරිය 2/31 (8), දුෂ්මන්ත චමීර 2/36 (7)