Monthly Archives: February 2015

නව ජෝන්ද සිල්වා රඟහල පිළිබඳ සොයයි

කලා භවන සංකීර්ණයට පසුපසින් ඉදිකෙරෙන නව ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳව සෙයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.

මෙම රඟහල ඉදිකිරීම පිළිබඳව කලාකරුවන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සලකා බලා කමිටුවක් පත්කිරීමට අගමැතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.

 නව රඟහල ඉදිකිරීමට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇති බව පවසන අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ හරහා නාට්‍ය පෙන්වීමට අයකරන මුදල නාට්‍යකරුවන්ට දැරිය නොහැකි මට්ටමට ඉහළ යා හැකි බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ  රංග ශාලා කිහිපයක් පවතින හෙයින් තවත් රඟහලක් ඉදිකිරීමෙන් කලාවට සේවයක් සිදු නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

ශ්‍රී ලංකා සරණාගතයින් පමිණේ

ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැදී සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් ඊයේ (27දා) නැවතත් දිවයිනට පැමිණියේය.

එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පිරිස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මේ පිළිබ ඳව අදහස් දක්වා සිටින චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සබාරුල්ලා ඛාන් මහතා සඳහන් කරන්නේ සරණාගතයින් නැවතත් ශ්‍රී ලංකාවට පිටත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.

දේශපාලන කටයුතු පිළිබඳ UN මහ ලේකම් පැමිණේ

එක්සත් ජාතීන්ලේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය බාර මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා දින හතරක සංචාරයක් සඳහා අද (28දා) අලුයම දිවයිනට පැමිණියේය. 

ෆෙල්ට්මන් මහතාලේ ප‍්‍රථම ශ‍්‍රී ලංකා සංචාරයද මෙය වෙයි. ඔහු අද පස්වරුවේ වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ඔහු ඉදිර දිනවලදි ශ්‍රී ලංකාවේ දේශපාන නායකයන් හා සිවිල් ක්‍රියාකාරින් හා අදහස් හුවමාරු කර ගැනීමටත් නියමිතය. 

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම්

අම්පාර උහන ප‍්‍රදේශයේ රාති‍්‍ර අවන්හලක සේවකයින්ට පහරදුන් බව කියන අම්පාර සහ උහන පොලිස් ස්ථාන දෙකේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව මැදවත්ත මහතා කටයුතු කර තිබේ.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අම්පාර පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක .පී.ඩී. චාමින්ද සහ උහන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ඩී.එමි.විජේසුන්දර යන නිළධාරීන්ය.

ඉකුත් 22 වැනි දින රාත්‍රියේදී උහන ප‍්‍රදේශයේ අවන්හලක දී මෙම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සිවිල් ආරක්ෂක බලකායේ භටයකු සමග මත්පැන් පානය කර ඇති අතර රාති‍්‍ර 11ට පමණ අවන්හල වැසීමට අවශ්‍ය බව සේවකයින් පවසා ඇත. මෙයට උරණ වු මෙම පිරිස හෝටලයේ පිගන් විදුරු පොලවේ ගසා මුදල්  නොගෙවා  යෑමට සුදානම් වන විට හෝටලයේ සේවකයින් ගේට්ටුව වසා පොලිස් හදිසි ඇමතුමි ඒකකයට දැනුමි දීමට කටයුතු කරන අවස්ථාවෙිදී සේවකයින් දෙදෙනෙකුට පහරදී පැන ගොස් තිබේ.

 

චීනය ශේෂ්ඨ මිත්‍රයෙක්

චීනය ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ මිත්‍රයෙක් වන බවත් ඉන්දියාව අසල්වැසියෙක් මෙන්ම ඥාතියෙක් වන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කරයි.  චීන සංචාරයක නිරතවි සිටින අමාත්‍යවරයා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව අදහස් දක්වමින් මෙම අදහස් දැක්වීය.

ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ චින විදේශ අමාත්‍ය වැන්ග් යේ හා මංගල සමරවීර මහතා ඊයේ (27දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම අදහස් දක්වා තිබේ.

එසේම මෙහිදී අදහස් දැක්වූ චින විදේශ අමාත්‍යවරයා සඳහන් කළේථ චීන, ඉන්දියා හා ශ්‍රී ලංකාව අතර ත්‍රෛපාර්ශ්වීය සබඳතා පිළිබඳව චිනයේ අවධානය යොමුව ඇති බවත්, එයට සහාය දක්වන බවත්ය.

එසේම ඉන්දියාව මෙන්ම චීනය ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවත් චීන විදේඹ අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනයක් පිළිබඳව චීනයේ අවධානය යොමුව ඇති බවත් ඒ හරහා දකුණු ආසියාවේ ස්ථාවරත්වයක් ඇතිවිය හැකි බවත් චින විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 

2015 පෙබරවාරි උද්ධමනය දශම අගයකට එයි

2015 පෙබරවාරි මාසයේ උද්ධමනය 0.6% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.2% සිට සැලකිය යුතු පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 ජනවාරි මාසයේ 3.2% ක් ලෙස පැවති අතර, එය 2015 පෙබරවාරි මාසයේදී 0.6% ක් ලෙස මෙසේ ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

2015 ජනවාරි මස ඉන්ධන මිල ගණන් පහළ දැමීම සහ 2015 අතුරු අයවැය යෝජනා අනුව ආහාර සහ ආහාර නොවන අයිතමයන්ගේ මිල ගණන්, ආනයන බදු අඩු කිරීම දර්ශකයේ මාසික පහළ යෑමට හේතු වී ඇති බවද මහ බැංකුව පවසයි.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය ජනවාරි මාසයේ වාර්තා කළ 3.2% සිට නව වසරේ පෙබරවාරි මාසයේදී 2.9% දක්වා පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

 

මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

පුද්ගලයින්ට අගරු චෙක්පත් ලබාදී රු. 1,127,000/- මුදලක් වංචා කළ බව කියන අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 

පෙරේදා (26දා) දකුණු කළුතර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට කරනු ලැබූ විමර්ශනයකින් පසුව සැකකාර අඹුසැමි යුවළ ඊයේ (27දා) ගණේමුල්ල ප්‍ර දේශයේදී සැඟවී සිටියදි සොයාගෙන තිබේ. 

 

මාතර ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කරයි

මාතර වල්ගම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මාතර පොලීසිය කියයි.

අද (27දා) රාත්‍රියේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝටලයක හිමිකරුවෙක් වන සමරදිවාකර මොහොට්ටිගේ රංග ඉඳුනිල් (40) නැමැති පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ

වෛරක්කාරි දේශපාලනය අවසන් කළ යුතු බවත්, තමන් එවැනි දේශපාලනයක් සිදු නොකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ සුව දුක් විමසීම සඳහා පැමිණීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

"දේශපාලඥයන් විතරක් නෙමෙයි ඔවුන්ගේ නෝනලා හා දරුවනුත් ‍මේ රජයෙන් පරිස්සම් කරගන්න සිදුවෙලා තියෙනවා. මේක හොඳ නැ. මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන. මම කළේ නෑ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ." යැයි හෙතෙම පැවැසීය.

බැංකු කළමනාකරුගේ සිරුර හික්කඩුව වෙරළේ

හික්කඩුව පොලිස් වසමේ නාරිගම මුහුදු වෙරළේ තිබී රජයේ බැංකු කළමනාකරුවෙකුගේ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. අද (27දා) පස්වරුවේදී සිරුර සොයාගෙන තිබෙන අතර අද පෙරවරුවේදී ඔහු නිවසින් අතුරුදන්ව සිට ඇත. 

බිරිඳ විසින් සිරුර හඳුනාගෙන තිබෙන අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරයි.