Monthly Archives: February 2015

අලුගෝසුවනේ එල්ලාපන්

තමා හෝ තම පුතා වරදක් කර තිබේ නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කීවේය.

"දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්" යැයි හෙතෙම සඳහන් කළේය.

බලය දුන්නොත් මාස 6න් කුඩු නිල් කරනවා

තම අධිකාරියට අවශ්‍ය බලය දුන්නොත් මාස හයක් ඇතුළත මත්කුඩු ජාවාරම අතුළු මත්ජාවාරම නිමාකරන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතා පැවැසීය.

එ් සඳහා තමන්ට 300 දෙනෙකුගෙන් සමන්විත බළකායක් අවශ්‍ය බවත් හෙතෙම කිවේය. එසේම බලය ලබාදීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසත් හෙතෙම පැවැසීය.

සිරස ආයතනයේ සටන සංවාදමය වැඩසටහනේදී ඔහු මෙම අදහස් දැක්වීය.

එසේම මත්ද්‍රව්‍ය පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් 1984 අංකයට දැනුම් දෙන ලෙසත් හෙතෙම කීවේය.

 

අරලිය මැදුර ඉදිරිපිට සැරසිලි ඉවතට

 අරලිය ගහ මන්දිරිය ඉදිරිපිට තාප්ප සැරසිල්ලක් ලෙස තබා තිබූ මල් පෝච්චි 45000ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත ලබා දෙන ලෙස අගමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළ බව අගමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

එම මල් පෝච්චි පොදුරජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂයක් වැය කරමින් සකස් තිබේ.

එම මල් පැල නඩත්තුවට මසකට ලක්ෂ ගණනක් මහජන මුදල් වියදම් කිරීම සිදුවන නිසා මේ පියවර ගත් බවද හෙතෙම පැවසීය

ළඟදීම තල්මසෙක් අල්ලනවා – රංජන්

අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

"බයවෙන්න එපා. ළඟදීම තල්මසෙක් අල්ලවා. ඒක ඔයාලගේ රූපවාහිනියෙන්ම කියන්න වෙනවා. තල්මසෙක් නෙමෙයි තල්මස්සු ගොඩක් අල්ලනවා." යැයි ඔහු පැවැසිය.

සටන වැඩසටහනේ අද මාතෘකා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අරගෙන තිබේද යන්නයි.

අගමැති වීමේ සිහිනයක් නැහැ

අගමැති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන මාතෘකාව ඉදිරියට ගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන ලෙසත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

 විපක්ෂ නායක කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය.

හොරෙන් ඉතාලි යන්න ලක්ෂ 25

නීති විරෝධී ලෙස ශ්‍රී  ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සාහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා  ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම තරුණයන් ඉතාලි යාම සඳහා එක් අයෙකුට ලක්ෂ 25ක් ගෙවිය යුතු අතර තරුණයන් ඉතාලියට ගිය පසු එම මුදල තරැව්කරුවන්ට ගෙවිය යුතු බව වාර්තා වෙයි. 

අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරු‍වන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 

UN දේශපාලන මහ ලේකම් ජනපති හමුවෙයි

සිවුදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

අද (28දා) ඔහු  දිවයිනට පැමිණි අතර එළැඹෙන 3 දා ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ෆෙල්ට්මන් මහතා ඉදිරියේදී දේශපාලන නායකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සාකච්ඡා කිරිමටද නියමිතය.

 

SSP නාගහමුල්ල නව CID අධ්‍යක්ෂ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. නාගහමුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්කොට තිබේ. ඔහු මීට ඉහතදී ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. 

හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එල්. ආර්. රණවීර මහතා පරික්ෂණ හා පුණරික්ෂණ කොට්ඨාසයට මාරු කර තිබේ. සැලසුම් අධ්‍යක්ෂ පත්කොට තිබේ.  මාරු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. එස්. පතිනායක මහතා සැපයුම් කොට්ඨාසයේ සිට ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් මූලස්ථානයේ සිට සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් මාරු කර තිබේ.

එංගලන්තය සමබරයි – අතපත්තු

ඒංගලන්තය සමබර කණ්ඩායමක් බවත්,ඔවුන්ව අඩුවෙන් තක්සේරු කළ නොහැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කරයි.

හෙට (01දා) ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා හා එංගලන්ත තරගය පළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව නවසීලන්තයේ වෙලින්ටන්හිදී අද (28දා) පැවැසීය.

ඒංගලන්තය මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේදි ජය‍ගෙන ඇත්තේ ස්කොට්ලන්තයට එරෙහි තරගය පමණකි. ඔහුන් ඔස්ට්‍රේලියා හා නවසීලන්තය හමුවේ පරාජයට පත්ව තිබේ.

"ඔවුන්ට හොඳ වේග පන්දු යවන බළඇණියක් ඉන්නවා. එංගලන්තය සමබර කණ්ඩායමක්. හොඳ කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ජයග්‍රහණයක් දක්ෂතා ඉහළ නංවාගැනීමට හොඳ අවස්ථාවක්. පළමු පිතිකරුවන් හත් දෙනා ඇතුළේ ඔවුන්ට හොඳ පිතිකරුවන් ඉන්නවා." යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

අපි වර්ධනයක් ලබනවා – සංගා

ශ්‍රී ලංකා කණ්ඩායම වර්ධයක්ළඟාකර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

එසේම සියල්ලන්ම ප්‍රවර්තනයක් කරා එක්වෙමින් සිටින බවත් ඔහු සඳහන් කරයි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණයෙන් පසුව සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

එසේම සිය 400 වැනි තරගය සඳහා සුබ පැතුම් එක්කළ සියලු දෙනාටත්, බංග්ලාදේශ තරගය සඳහා මෙල්බර්න් පිටියට පැමිණි සියලු දෙනාටත් ස්තූතිවන්ත බවත් සංගා වැඩිදුරටත් සඳහන් කරයි.