Monthly Archives: January 2015

අගවිනිසුරු ඉවත්කිරීම ගැන විවාදයට ඉඩ

නව අගවිනිසුරු පත්කිරීම, හිටපු අගවිනිසුරු ඉවත්කිරීම පිළිබඳව විපක්ෂය ඉල්ලූ විවාදයට ඉඩ ලබාදිමට තීරණය කර බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

උපුල් සාන්ත සන්නස්ගල මහතා හා පැවැති මෛත්‍රී පිළිසඳරට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

එසේම වැරදි කළ අයට ඉදිරි කාලයේදී දඩුවම් ලබා දෙන බවත් එය නිවරදි ක්‍රම වේදයක් අනුව සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.

දින 100 වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අව්‍යශ බවද එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව අඩුම තරමේ වසර දෙකක්වත් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.

මෛත්‍රී පිළිසඳර අද

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන ප්‍රථම රූපවාහීනි සාකච්ඡාව මෛත්‍රී පිළිසඳර අද (31දා) රාත්‍රී 8.30ට විකාශය වීමට නියමිතය.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලක්හඩ ගුවන් විදුලිය, එස්.එල්.බී.සී. හරහා විකාශය වීමට නියමිතය.

ඛණිජ වැලි වලිනුත් ගැහුවා – උප ඇමති චම්පිකා

පසුගිය රජයේ හිටපු ප්‍රබලතම දේශපාලඥයෙකුගේ පුතෙක් විසින් ඉන්දියාවට ඛණිජ වැලි අපනයනය කිරිමේදී එයින් විශාල මුදල් කොල්ල කෑ බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වරකාපොළදී පැවැති රැස්වීමක් අමතමින්  හෙතෙම මේ බව අද (31දා) සඳහන් කළේය.

එසේම කර්මාන්ත අංශය අලලා ප්‍රදර්ශනයක් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම තමන්ට පසුගිය ආණ්ඩුවට එක්වීම සඳහා පොල් අක්කර 100, කෝටි 16ක් හා නියෝජ්‍ය ඇමතිකමක් හෝ ඇමතිකමක් ලබාදිමට පොරොන්දු වූ බවත් හෙතෙම කීවේය.

 

ශිරාණි නැවත පිහිටුවීම ගැන කැනඩාවේ ප්‍රසාදය

හිටපු අගවිනිසුරුවරිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවතවරක් එම ධුරයේ පිහිටුවීම පිළිබඳව කැනඩා රජයේ ප්‍රසාදය හිමිව තිබේ.

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් සඳහන් කරන්නේ 2013 වසරේදි ඇය එම ධුරයෙන් ඉවත්කිරීම පිළිබඳව තමන් දැඩි අවදානයෙන් පසුවු බවත් එය දේශපාලනික ස්වරූපයක් ගත් බවත්ය.

බදාදා දිනයේදී නැවතත් අගවිනිසුරු ධුරයට පත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බ්‍රහස්පතින්දා දිනයේදී එයින් විශ්‍රාම ගත්තාය.

එසේම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සිවිල් පුද්ගලයෙක් පත්කිරීම පිළිබඳවද කැනඩා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රෙසාදය හිමිව තිබේ.

‍ෙ

ලංගම බසයකට ප්‍රහාරයක්

කැකිරාව ඩිපෝවට අයත් බස් රථයකට ඊයේ (30දා) අලුයම කිසියම් පිරිසක් පොලු වලින් පහරදී අලාභහානි සිදුකර ඇත.

කැකිරාව ලබුනොරුව ප්‍රදේශයේ රාත්‍රී නවතා තිබියදී මෙම විනාශය සිදුකර ඇතැයි පොලිසිය කියයි. 

පුද්ගලික බස්රථ හිමිකරුවකු සමග මාර්ග කාලසටහන නිසා ඇතිවූ බහින් බස් වීමක් මත මෙය සිදුකරන්නට ඇතැයි කැකිරාව ඩිපෝව කැකිරාව පොලිසියට කල පැමිණිල්ලේ සදහන්වෙයි.

කටාර් අනතුරින් ශ්‍රි ලංකන් ගුවන් සේවිකාවක ජිවිතක්ෂයට

කාන්තාරයක සෆාරි චාරිකාවක නිරතවූ ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඊයේ කටාර්හිදී ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් තිදෙනෙක් තුවාල ලබා සිටිති.

කටාර් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුව අවස්ථාවේ එහි හයදෙනෙක් ගමන් කර තිබේ. ඊයේ රාත්‍රියේදි මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ බවත් කටාර් මාධ්‍ය වාර්තා කරයි.

 

ශ්‍රී ලංකා සාම සාධක සෙබළා හයිටියේදී ජිවිතක්ෂයට

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනියුක්තව හයිටි රාජ්‍යයේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකා සෙබළෙක් හෘද්‍යාබාධයක් හේතුවෙන් පෙරේදා (29දා) ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ බලලත් නිලධාරී ඒ.පි.එස්. පුෂ්පකුමාර නැමැති 39 හැවැරිදි අයෙකි.

රණ ශූර පදක්කමෙන් මෙන්ම උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇති පුෂ්පකුමාර මහතා විශේෂ බලකා 17 වැනි පාඨමාලාව සම්පූර්ණ කළ අයෙක්ද වෙයි.

 

 

 

ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නිලධාරීන් 6ක්

ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවෙන් නිළධාරීන් 6ක් එක්වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ඒ නඅව රංජන් මඩුගල්ල හ රොෂාන් මහානාම තරග තිරකවරු වශයෙන්ද, කුමාර් ධර්මසේන, රන්මෝ මාටිනස්, හා රුචිර පල්ලියගුරුගේ තරග විනිසුරන් වශයෙන්ද එක්වෙති.

විනිසුරු අධ්‍යාපනඥයෙක් ලෙස පීටර් මැනුවෙන් එක්විමට නියමිතය.

 

 

පෙබරවාරි 28 තවත් ඡන්දයක්

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු සහ පුදුකුඩිඉරිප්පු පළාත් පාලන ආයතන වල මැතිවරණය 2015 පෙබරවාරි 28 වැනදා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි. 

2011 පැවැති  පළාත් පාලන ඡන්ද විමසීමේ දී  මුහුදුබඩපත්තු සහ පුදුකුඩිඉරිප්පු පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීම අධිකරණය  විසින් රිට් ආඥාවක් මගින් තහනම් කළේය.

මෙම  ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සම්පුර්ණ කර නොමැති වීම සහ බිම් බෝම්බ ඉවත් කර නොතිබීම යන කරුණු නිසා  එම ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සමක්  මෙම රිට් ආඥාවට හේතු විය.

නමුත්  පසුගිය  නැගෙනහිර පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මෙම ඡන්ද බල ‍ප්‍රදේශවල පැවැත්වීම නිසා  2015 ජනවාරි 28 වන දින පෙත්සම්කරුවන් විසින් තමන් ගොනුකර තිබු පෙත්සම් ඉල්ලා අස්කරගෙන තිබේ.

මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගැනිමත් සමඟ  2015 පෙබරවාරි 28 වන දින මෙම පළාත් පාලන ආයතන වල මැතිවරණය පැවැත්වීමට  මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඊයේ (30දා) වන දින තීරණය කර ඇත. 

දේශපාලන පක්ෂ 5කින් සහ එක් ස්වාධීන කණ්ඩායමකින්  අපේක්ෂකයින්  72 දෙදෙනෙක්  පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභාව සඳහා නාම යොජනා භාර දී තිබු අතර,  මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව සඳහා  දේශපාලන පක්ෂ 6කින් අපේක්ෂකයින් 90දෙනෙක්  නාම යෝජනා භාරදී තිබිණ.

විශ්‍රාමිකයන්ට CSE වෙතින් දැනුම

දිවයින පුරා සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය පිළිබඳව සන්නද්ධ කිරීමේ වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළ හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එකඟතාවකට පැමිණ තිබේ.

එමගින්, ශ්‍රී ලංකාවේ විශ්‍රාමික පරපුරට විවිධ වූ ආයෝජන අවස්ථා පිළිබඳව දැනුම ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.