Monthly Archives: November 2014

ප‍්‍රවීන මාධ්‍යවේදී සුජිව දිසානායක අභාවප‍්‍රාප්ත වෙයි

හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (29දා) රාත‍්‍රීයේදි සිළුමිණ හා නවෝදය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.වාමාංශික පුවත්පත්වලින් පත්‍ර කලාවට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක්ද වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(01දා) සිදුකිරීමට නියමිතය.

ලෙදර් පන්දුව විනිසුරුටත් මරණය ගෙනෙයි

ඊශායෙලයේ ක්‍රිකට් තරගයකදී පන්දුව පපුවේ වැදීමෙන් විනිසුරුවරයෙකු ජීවතික්ෂයට පත්ව තිබේ.

වේගයෙන් යොමුකළ පන්දුවකට පිතිකරු එල්ල කළ පහරක් පළමුව විකට්ටුවේ වැදී දෙවනුව විනිසුරුගේ පපුවේ හා බෙල්ල ප්‍ර දේශයේ වැදිමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශායෙලය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙසද කටයුතු කර තිබෙන 55 හැවැරිදි හිල්ලෙල් ඔස්කාර් නම් විනිසුරු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.  

ඊයේ (29දා) මෙම අනතුර සිදුව තිබේ. එය ඊශ්‍රායෙල ලීග තරගාවලියේ අවසන් තරගයද වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව පිල් හියුස්ගේ මරණයෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවිය.

 

මෛත්‍රීට සහය දෙන්න ඇමති නවීන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඊයේ (29දා) රාත්‍රියේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කර තිබේ.

එි පිළිබඳව කළ විමසුමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාල සීමාවේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු වූ දේවල් පිළිබඳව තමන් කළකිරීමෙන් පසු වූ බවයි.

එසේම ඉදිරි ජනපතිවරණයේදි පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර නවීන් දිසානායක මහතා සංවිධායක ධුරය හෙබ වූ නුවරඑළිය ආසනයේ සංවිධායක ධුරයට මීට සතියකට පමණ ඉහතදි අමාත්‍ය සී.බී. රත්නායක මහතා පත්කොට තිබුණි.

 

යතුරුපැදියට තිදෙනෙකු බිලි

ස්ථාන තුනකදී ඊයේ (29දා) සිදුවූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය කියයි.

වාරියපොළදී වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ අවුරුදු 75ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලුණුගම්වෙහෙරේදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පිටත තිබූ කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 49ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පානදුරදී යුද හමුදා කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 32ක් වූ යතුරුපැදිය පැදවූ පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

මෛත්‍රීට ආශීර්වාද කිරීමට සැකසූ ආවරණය ගලවයි

විපක්යේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආශීවාර්ද කිරීම සඳහා පොළොන්නරුව ඓතිහාසික වටදාගෙයට වැඩමවන මහා සංඝරත්නයට වැඩ සිටීම සඳහා සකස් කරන ලද අවාරණය අද (29දා) පස්වරුවේ හදිස්සියෙන්ම ඉවත් කරගෙන තිබේ.
 
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළිය හෙට (30දා) පොළොන්නරුවේ පැවැත්වීමට නියමිත අතර ඊට ප්‍රථමව ඔහුට මහා සංඝරත්නය 500කගේ ප්‍රධානත්වයෙන් අාශීර්වාද පිරිත් දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ.                                          
 
මේ පිළිබඳව පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමකගෙන් විමසු විට උන්වහන්සේ පැවැසුවේ ඊට ආවරණය ලබාදුන් ආයතනයේ නියෝගයක් මත ආවරණය ගලවාගෙන ගිය බවය.
 

බණ්ඩාරවෙල රෙජිස්ටාර්ට ගංජා චෝදනාවක්

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා (ලේඛකාධිකාරී) කංසා කිලෝ දෙකක ගෝනියක් අස්ථානගත වීම හේතුවෙන් පොලීසිය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

බණ්ඩාරවෙල පොලීසිය විසින් ප්‍රශ්න කිරීම සිදුකරයි.

අද පැවැති නඩු භාණ්ඩ වෙන්දේසියකදී මෙම කංසා තොගය අස්ථානගතවී තිබෙන අතර පසුව එය ත්‍රිරෝද රථයක තිබී සොයාගෙන තිබේ. 

එස්.පී. නානායක්කාර

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

වර්ශාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා විය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් මුලින්ම පන්දුවට පහර දුන්නේය.

ඔවුන්ට සියලු දෙනාම දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 185ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.2කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

සංගා හා මහේල තෙවැනි කඩුල්ලට ලකුණු 149ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැංවීය.

තරගයේ විරයා ලෙස මහේල ජයවර්ධන සම්මාන ලැබීය.

 

ඡායාරූප ශාන්ත රත්නායක

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එජාපයට

ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන රාජා කුගනේෂ්වරන් මහතා අද (29) එක්සත් ජාතික පක්ෂයට එක් විය.

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවති දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු විය.

 

ඔහු 1989 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.

මිරියබැද්ද විරෝධතාවය නිම වෙයි

තමන්ට වියළි ආහාර වෙනුවට පිසූ ආහාර ලබා දෙන ලෙස ඉල්ලමින් මීරියබැද්ද අවතැන්වූ ජනතාව ආරම්භ කර තිබූ උපවාසය නිම විය.

ඊයේ සිට පිසූ ආහාර වෙනුවට වියළි ආහාර ලබාදීමට සහන කණ්ඩායම් තීරණය කිරිමත් සමග අවතැන් වූ ජනතාව උපවාසයක් ආරම්භ කළේය.

එම ස්ථානයට පැමිණි සෙන්දීල් තොණ්ඩමන් මහතා අවතැන් වූ ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන්ගේ කණ්ඩායමක් ආහාර පිසිමට එකඟ කර ගැනිමත් සමග උපවාසය අවසන් විය.

එසේම මීරියබැද්ද නාය යෑම සිදුවී අදට මාසයක් ගත වූ අතර මිය ගිය පුද්ගයන් වෙනුවෙන් ආශිර්වාද කිරීමක්ද මීරියබැද්ද නාය ගිය ස්ථානයේ සිදුකළේය.

 

එස්.පී. නානායක්කාර

දඹුලු ගොවීන්ට ජනපතිගෙන් විසඳුම්

දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් විසින් සකරනු ලැබූ උද්ඝෝෂණය ජනපති මැදිහත්වීමෙන් අවසන් විය.

ලොකු ලූනු සඳහා සහතික මිලක් ඉල්ලමින් ගොවීහු ආර්ථික මධ්‍යස්ථානයේ වහළයට නැගි විරෝධතාවක නිරතවිය.

එම ස්ථානයට ආ ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනපතිට කතා කර ලොකු ලූනු සඳහා රුපියල් 90ක මිලක් ලබාදෙන බවට පැවැසීමත් සමග විරෝධතාව අවසන් විය.