Monthly Archives: October 2014

සුළු වැරදි සඳහා දඩ කොළයක් ලබාදිමට සැලසුම්

(VIDEO) වාහන ධාවනයේදී ජංගම දුරකතනය භාවිත කිරිම, අාසන පටි නොපැළද වාහනයක් ධාවනය, වාහනයේ ඉදිරිපස වීදුරු අඳුරු කිරීම, පදික මාරුවකින් තොරව වෙනස් ස්ථානයකින් මාරු වීම, රතු එළිය තිබියදි ධාවනය කිරීම, ඉරි කැපිම වැනි වරැදි සඳහා අධිකරණයට ඉදිරිපත් විමෙන් තොරව දඩකොළයක් ලබාදීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳව අදළ බලධාරීන් සමග සඳුදා දිනයේදී සාකච්ඡාවක් සිඳුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

මෙම වරැදි සුළු වැරදි වුවත් වර්තමානයේ පවතින නිති අනුව ඒ සඳහා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් විය යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය. ඒ හරහා ජනතාවට සිදුවන පීඩාව අවම කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

වීඩියෝ දර්ශන සනත් ඩෙස්මන්ඩ්

නැවත ජනාධිපති සටනට ඉඩ නෑ – බුර්කිනා ෆාසෝ ජනපති ධුරයෙන් ඉවතට

වසර 27ක තම ජනපති ධුර කාලය තවත් වැඩි කරගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇති වූ ජනතා උද්ඝෝෂණ හමුවේ බුර්කිනා ෆාසෝ ජනාධිපති බ්ලෙයාසේ කොම්පැඕරේ තම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

තම නිවේදනයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති කොම්පැඕරේ කියා සිටියේ දැන් ජනපති ධුරය වෙනුවෙන් පුරප්පාඩුවක් ඇති බවය.

මේ අතර බුර්කිනා ෆාසෝ හමුදා ප්‍රධානී හොනෝරේ ට්‍රඕරේ එරට පාලනය භාරගෙන තිබේ.

මෙසේ රටේ පාලනයෙන් හිටපු ජනාධිපතිවරයා ඉවත්වීමත් සමග එරට අගනුවර වන ඔවාගාඩොව්ගොව් හි ජනතාව වීදි බැස ඔල්වරසන් නගන බව වාර්තා වෙයි.

වසර 27ක කාලයක් බුර්කිනා ෆාසෝ හි ජනපති ධුරය හොබවා ඇති ඔහු ව්‍යවස්ථා සංශෝධනයකින් තම ධුර කාලය වැඩිකිරීමට උත්සාහ කිරීමේදී ජනතාව කුපිත වී පසුගියදා එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීය.

එහිදී, ජනතා උද්ඝෝෂණවලට එරට හමුදාවගේද සහාය ලැබී ඇති බව කියවුණු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බටහිර අප්‍රිකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොහොමඩ් ඉබ්න් චම්බාස් අද බුර්කිනා ෆාසෝ වෙත ගමන් කරමින් එරට ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය සමනයකට පත් කිරීමට කටයුතු කරනු ඇති බව කියවුණි.

කෙසේ වෙතත්, ජනපති ධුරයෙන් ඉවත් වන ලෙසට දැඩි විරෝධතාවක් රට තුළින් පැන නැගුණත්, තමන් තාවකාලික රජයක් යටතේ වසරක කාලයක් බලයේ සිටින බව බුර්කිනා ෆාසෝ ජනපති බ්ලෙයාසේ කොම්පැඕරේ ඊයේ (30දා) පවසා සිටියේය.

 

 

 

රතුපස්වල ජල දූෂණ නඩුවෙන් වෙනිග්‍රොස් නිදහස්

රතුපස්වල ජල දූෂණය සම්බන්ධයෙන් පවරා තිබුණ නඩුවේ ප්‍රධාන විත්ති පාර්ශවයක් වූ වෙනිග්‍රොස් කර්මාන්තශාලාව එම නඩුවෙන් මුදාහැරීමට අභියාචනාධිකරණය අද (31දා) තීන්දු කොට තිබේ.

සිය නෑ ජලය සුරැකීමේ සංවිධානය විසින් පවරා තිබුණ නඩුව මගින් කියා සිටියේ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරකම් රතුපස්වල ජල දූෂණයට හේතු වූ බවයි.

අදාළ පෙත්සම විභාගයට කැඳ වූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් දැනුම් දුන්නේ කර්මාන්ත ශාලාව වසා දමන බවට සමාගමේ නීතිවේදීන් අධිකරණයට ප්‍රතිඥාවක් දී ඇති බවයි.

වෙනිග්‍රොස් සමාගම රජයේ ආයතනයක් නොවන බැවින් එම ආයතනයට එරෙහිව නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය ඒ අනුව අදාළ සමාගම නඩු විභාගයෙන් නිදහස් කරන බව දැනුම් දුන්නේය.

එමෙන්ම, මෙම නඩුව නොවැම්බර් මස 5 වැනිදා යළි කැඳවීමට අධිකරණය තීරණය කළ අතර, එම දිනයේ නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අභියාචනාධිකරණය නියම කළේය.

 

5 වැනි ආසියා ශාන්තිකර නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය සමුළුව 3 වැනිදා

5 වැනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව (APMCHUD) නොවැම්බර් මස 03 සිට 05 වැනිදා දක්වා දකුණු කොරියාවේ සෝල් නුවරදී ආරම්භ වීමට නියමිතය.

මෙම සමුළුවට රටවල් 30 කට ආසන්න සංඛ්‍යාවක අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු, නියෝජිතයෝ සහභාගී වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගි වීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙට (01දා) දින දකුණු කොරියාව බලා පිටත්ව යාමටද නියමිතය.

මෙවර සමුළුවේ තේමාව ‘තිරසාර සංවර්ධනය සඳහා සමාන අවස්ථා’ යන්නයි. ඒ අනුව පහත සඳහන් උප මාතෘකා යටතේ මෙම හමුවේදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

සමස්ත නාගරික සැලසුම්කරණය, වරප්‍රසාද රහිත පුද්ගලයන් සඳහා සමාන අවස්ථා ලබාදීමට නාගරික පැල්පත් නවීකරණය කිරීම, මූලික සේවාවන් ලබාදීමට සමස්ත තාක්ෂණය යෙදීම, නිවාසකරණය සඳහා සමාන මූල්‍ය පහසුකම් සහ සමාන අවස්ථාවන් ලබාදීම සඳහා නාගරික සංවර්ධනය.

මෙම සමුළුවේ එක් ප්‍රධන අරමුණක් වන්නේ මෙම කරුණු මත කරනු ලබන සාකච්ඡා පදනම් කරගෙන තිරසාර සංවර්ධනයක් සඳහා සමාන අවස්ථා ලබාදීම පිණිස ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීම බව කියැවෙයි. 

මේ අනුව මෙම 5 වැනි ආසියා ශාන්තිකර නාගරික සංවර්ධනය සහ නිවාසකරණය පිළිබඳ අමාත්‍ය සමුළුවේදී විවිධ සාමාජික රටවල ප්‍රතිපත්ති සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති අතර, මෙරට ජනසෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන මේ දක්වා  අත්පත් කරගෙන සිටින ප්‍රගතිය,  ජාතික නිවාස ප්‍රතිපත්තිය, ඉදිකිරීම් සංවර්ධන පනත පිළිබඳව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරයා සමුළුව ඇමතීමට නියමිතය.

ඊට අමතරව නාගරික පැල්පත් ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් සකස් කිරීම, මූලික පහසුකම් සැපයීම, නිවාස සැලසුම්කරණය, ස්වාභාවික  විපත් සහ පාරිසරික වෙනස්කම් පිළිබඳව වඩාත්  විධිමත්  ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා මෙම සමුළුවේදී සාමාජික රටවල් විවිධ යෝජනා ඉදිරිපත් කිරීමටද නියමිතව බව කියැවෙයි.

දෙවසරකට වරක් පැවැත්වෙන ආසියා ශාන්තිකර නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව (APMCHUD)  ආරම්භ වූයේ  2006 වසරේදී  ඉන්දියාවේදී ය. වසර 2 කට වරක් පැවැත්වෙන මෙම සමුළුව  ඉරානය, ඉන්දුනීසියාව සහ ජෝර්දානය යන රටවල මේ වන විට පවත්වා ඇත.

 

විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනපති සම්මාන පිරිනැමේ

විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය විද්‍යාඥයන්ගේ පර්යේෂණ ප්‍රකාශන ඇගයීම සහ එම ප්‍රකාශන අන්තර්ජාතික තලයේ පර්යේෂණ සංග්‍රහවල ප්‍රකාශයට පත්කිරීම දිරිගැන්වීමේ අරමුණ ඇතිව 2001 වසරේදී මෙම සම්මාන උලෙළ ආරම්භ කර ඇත.

මෙවර සම්මාන උලෙළේදී 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා විද්‍යාඥයන් 300කට ආසන්න පිරිසක් සම්මාන ලැබූහ.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යාංශ ලේකම් ධාරා විජේතිලක, ජාතික පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ජානක ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියැටල් චිත්‍රපට උළෙලට ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක්

9 වැනි වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක් තිරගත කිරීමට නියමිතය.

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ (With you Without you) චිත්‍රපටය නොවැම්බර් 9 වැනිදා සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙලේදී තිරගත කරයි. 

සීග්‍රයෙන් වෙනස් වන ගැමි ජීවිතය ස්පර්ශ කරමින් තුන් ඈඳුණු ආදර කතාවක් පාදක කරගත් විසාකේස චන්ද්‍රසේකරම් මහතා අධ්‍යක්ෂණය කළ 'Frangi pani' චිත්‍රපටය නොවැම්බර් 08 තිරගත කෙරේ.

සුමුදු අතුකෝරාල අධ්‍යක්ෂණය කළ 'Hole in the Wall' කෙටි චිත්‍රපටය ද නොවැම්බර් 9 චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට නියමිතය.

ආනදෝලනාත්මක සත්‍ය සිදුවීමක් වූ අරාබි රජයේ සාහසික දඬුවමකට ලක් වූ බාල වයස්කාර ගෘහ සේවිකාවක් වූ රිසානා නාෆීක් තරුණියගේ කතාව පාදක කර නිර්මාණය කරන ලද නාද්‍යා පෙරේරා මහත්මිය අධ්‍යක්ෂණය කළ ‘පෙබරවාරි 04‘ ('4th of February') වාර්තා චිත්‍රපටය ද නොවැම්බර් 3 තිරගත කිරීමට නියමිතය.

 

චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා 9 වැනි වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙල නියෝජනය කරයි. චිත්‍රපට උළෙලේ අවසාන දිනයේ විතානගේ මහතා එහි ජූරි මණ්ඩල සාකච්ඡාවකටද සහභාගී වීමට නියමිතය.

 

දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කරයි

අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගිය දැදුරු ඔයේ වාන් දොරටු 8 ම මේ වනවිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

 හලාවත සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බිංගිරිය, කොබෙයිගනේ, නිකවැරටිය යන ප‍්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි, කළු, වළවේ සහ නිල්වලා යන ගංඟාවල මෙන්ම අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත්ලාල් කුමාර පැවසීය. මේ හේතුවෙන් එම ගංඟා අවට පහත්බිම්වල ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

යුද හමුදාපති මීරියබැද්දට යයි

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ  නාය යෑමෙන් විපතට පත් වුවන් පිළිබඳව  සොයා බැලීමට  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක  අද (31)  එම ප්‍රදේශයෙහි සංචාරයක නිරත වෙමින් අනතුරට ලක් වු ප්‍රදේශවාසීන්  සමඟ ද  කථා බහ කළේය.

 යුද හමුදාපතිතුමා  සහන සේවා සඳහා උපරිම  දායකත්වය ලබා දීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස  අදාළ අංශ භාර යුද හමුදා  නිළධාරීවරුන්ට  උපදෙස් ද ලබා දී තිබේ

මෙම අවස්ථාව සඳහා  ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ  අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති  හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගි වුහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුත් හාදයෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මිලදී ගැනීමට නියමිත එයර් බස් ගුවන් යානා හතෙන් පළමු ගුවන් යානය ප්‍රංශයේ සිට අද (31දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළගාවීය.