Monthly Archives: September 2014

විපක්ෂ නායක කාර්යාලට මිලියන 58ක් රජයෙන් දෙයි

විපක්ෂයට සුවසේ සිටීමට විපක්ෂ නායකගේ කොළඹ කාර්යාල පරිශ්‍රය ඇතුළත රුපියල් 58,280,036.49 ක වියදමකින් විපක්ෂ නායක කාර්යාලයක් සඳහා අතිරේක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අද (30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා  මේ බව පැවසීය.

969 – BBS එක්වෙයි

ආසියානු කලාපය තුළ අන්තවාදයෙන් තොරව සාමකාමී ලෙස ජීවත්විය හැකි සාම කලාපයක් බවට පත්කිරීමට ආසියානු කලාපයේ සියලුම බෞද්ධ හා හින්දු සංවිධාන සමග එක්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එසේම යහපත් කතෝලික, මුස්ලිම් ජනතාව සමගත් අත්වැල් බැඳගනිමින් ජාත්‍යන්තරය තුළ බෞද්ධ ජනතාව සුරක්ෂිත කරන බව බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියෝ පැවසූහ.

අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූ අතර, මියන්මාරයේ 969 සංවිධානයේ නිර්මාතෘ අශාන් විරතු හිමියෝද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. එම සංවිධාන දෙක අතර ගිවිසුම් අත්සන් තැබීමක්ද එහිදී සිදුවිය.

ජනපති වතිකානු සංචාරයකට සැරසෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා මේ සතියේ වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

පාප් වහන්සේගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබඳ නිල ආරාධනාව ජනාධිපතිතුමා මේ සංචාරයේදී සිදුකරනු ඇති බව ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසා තිබේ.

ලබන වසරේ ජනවාරි 13 වැනිදා පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.

 

ධර්ම චක්‍රය සවිකළ සපත්තු බලංගොඩ වෙළෙඳ සැලක

ධර්ම චක්‍රය සවිකරන ලද සපත්තු විකිණීමට වෙළෙඳ සැලක තබාගෙන සිටි බලංගොඩ නගරයේ ව්‍යාපාරිකයෙකු  බලංගොඩ පොලීසිය විසින් ඊයේ (29දා) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පාවහන් වෙළෙඳ සැල බලංගොඩ ප්‍රධාන බස්නැවතුම් පොළ ඉහළ මහලේ පිහිටා තිබේ. සපත්තු මිලදී ගැනීමට ගිය තරුණයන් තිදෙනෙකු සපත්තු තෝරද්දී ධර්ම චක්‍ර ලාංඡනය යෙදූ සපත්තු දැක බලංගොඩ ශාසනා රක්ෂක බලමණ්ඩලයට දැනුම්දීමෙන් පසු මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.

රත්නපුර – මලිති පෙරේරා

දඩමස් කියා බලුමස් විකුණයි

දඩමස් යැයි පවසමින් සුනඛ මස් විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

නියඟය හේතුවෙන් දිය සොයා එන මුවන් ඇතුළු සතුන් මරා මස් පිණිස විකුණන ජාවාරම්කරුවන් වැටලීමේ විශේෂ මෙහෙයුමකින් පසුව මේ පිළිබඳව අනාවරණය වී ඇත.

එහිදී හම්බන්තොට බඳගිරියේ තම්මැන්නාව වැව් රක්ෂිතයේ සිදුකළ සෝදිසියකදී මෙසේ සුනඛයන් මැරූ ස්ථාන කිහිපයක් වනජීවී නිලධාරීන්ට හසුවී ඇති අතර, එහි තිබී සුනඛ ශරීර කොටස්ද හමුවී තිබේ.

මෙසේ දඩමස් ලෙසින් සැකසූ සුනඛ මස් හම්බන්තොට අවට ප්‍රදේශවලට හා ඇඹිලිපිටිය අම්බලන්තොට, තංගල්ල, ලුණුගම්වෙහෙර, තිස්ස ආදී ප්‍රදේශවලටද අලෙවිකර ඇති බවටද තොරතුරු සොයාගෙන තිබේ.  

 

රාහුල සමන්ත හම්බන්තොට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීනාත් සිල්වා දිවියෙන් සමුගනියි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ ශ්‍රීනාත් සිල්වා මහතා අභාවප්‍රාප්තවී තිබේ.

මියයන විට 66 වැනි වියේ පසු වූ ඒ මහතාඊයේ (30දා) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තවිය.

කැටමැරන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ශ්‍රීනාත් මහතා මොරටුව, කෝල්ට්ස් හා සැරසන් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩාකර තිබේ.

ඒ මහතාගේ දේහය 36/39, නව ගාලුපාර, මොරටුව යන ලිපිනයේ තැන්පත්කර ඇති අවසන් කටයුතු හෙට (02දා) මොරටුමුල්ල මෙතෝදිස්ත කනත්තේදී සිදුකිරීමට නියමිතය.

 

.


 

 

සැප්තැම්බර් උද්ධමනය නොවෙනස්

2014 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 3.5% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.5% අගයේම රැඳී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 අගෝස්තු මාසයේ 3.5% ක් ලෙස පැවති අතර, එය සැප්තැම්බර් මාසයේදීද 3.5% ක් ලෙස මෙසේ නොවෙනස්ව පවතී.

කෙසේ වෙතත්, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය අගෝස්තු මාසයේ වාර්තා කළ 4.5% සිට සැප්තැම්බර් මාසයේදී 4.2% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

පහේ හපන්නු ජනපති හමුවට

2014 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනැමීය.ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් දිවයිනේ, පළමුවැනි, දෙවැනි, තෙවැනි ස්ථාන ලබාගත් සිසුන් අද (30 දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

දක්ෂතා ඇගයූ ජනාධිපතිතුමා ඒ සඳහා කැපවූ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දෙමාපියන්ටද තම ස්තූතිය පුදකර සිටියේය. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ 2005 වසරේදී  39.7% ක් වූ ශිෂ්‍යත්ව සමත්වන සිසුන්ගේ ප්‍රතිශතය අද වනවිට සියයට 78.9% දක්වා වර්ධනය වී ඇති බවයි. 

 

චරිත දෙකකින් සිටි භික්ෂුව රිමාන්ඩ්

ෆේස්බුක් සමාජ ජාලය හරහා හඳුනාගත් තරුණියකට පෙම් කළ බව කියල හිිමිනමක එළැඹෙන 7දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කොට තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී හිමිනම ගිහිවෙස් ගෙන තිබුණි.

මාතලේ විල්ගමුවේ පදිංචි සමන් පුෂ්පකුමාර නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වරද යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

අවුරුදු 18ක් වන තරුණිය හමුවීම සඳහා සැකකරු කිහිපවිටක් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගොස් තිබේ. කෙසේ වෙතත් සිද්ධිය හෙළිවීමෙන් පසුව සැකකරු සිවුර හැරගොස් තිබේ.  

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත ජයක් ලබයි

(UPDATE)  දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී මේ දිනවල පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි කණ්ඩායම අද (30දා) සහභාගී වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් සත්කාරක දකුණු කොරියානු කණ්ඩායම පරාජය කර ලකුණු 117 ක දැවැන්ත ජයක් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් තරග වටයට නැතහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 172/8 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු කොරියානු කණ්ඩායමට පන්දුවාර 16.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 55 ක් පමණි. 


ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර ආසියානු තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ට ලකුණු 172ක් ලබාගත්තේය.

දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් පන්දුවාර 14කදී ලකුණු 127ක් රැස්කළේය. ඔවුන් දෙදෙනා හැරෙන්න කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

Sri Lanka 172/8 (20/20 ov)
South Korea 55 (16.4/20 ov)
Sri Lanka won by 117 runs

 

 

 

 

 

  SRI LANKA innings (20 overs maximum) R B 4s 6s SR
View dismissal DSNFG Jayasuriya c Soochan Park b Taekwan Park 0 5 0 0 0.00
View dismissal WU Tharanga c Taekwan Park b Kyungsik Kim 54 41 8 0 131.70
View dismissal LD Chandimal c Ilhwan Seo b Jiwon Choi 83 51 6 3 162.74
View dismissal HDRL Thirimanne* c Sunghoon Cho b Kyungsik Kim 5 6 0 0 83.33
View dismissal BMAJ Mendis b Jiwon Choi 7 6 0 0 116.66
View dismissal LHD Dilhara b Taekwan Park 8 6 1 0 133.33
View dismissal RLB Rambukwella c Hwanhee Lee b Taekwan Park 4 2 1 0 200.00
View dismissal CKB Kulasekara b Taekwan Park 0 2 0 0 0.00
  KDK Vithanage not out 0 0 0 0 -
  I Udana not out 1 1 0 0 100.00
  Extras (lb 1, w 9) 10        
  Total (8 wickets; 20 overs) 172 (8.60 runs per over)
  Bowling O M R W Econ  
View wickets Taekwan Park 4 0 16 4 4.00 (2w)
  Inho Cha 4 0 34 0 8.50 (1w)
View wickets Kyungsik Kim 4 0 38 2 9.50 (1w)
View wickets Jiwon Choi 4 0 39 2 9.75 (4w)
  Hwanhee Lee 4 0 44 0 11.00 (1w)
  SOUTH KOREA innings (target: 173 runs from 20 overs) R B 4s 6s SR
View dismissal Sunghoon Cho b Kulasekara 8 18 0 0 44.44
View dismissal Ilhwan Seo c Kulasekara b Udana 6 10 1 0 60.00
View dismissal Sangwook Lee st †Chandimal b Mendis 9 22 0 0 40.90
View dismissal Daesik Sung b Mendis 6 3 0 1 200.00
View dismissal Taekwan Park b Kulasekara 0 5 0 0 0.00
View dismissal Jiwon Choi c Thirimanne b de Silva 3 8 0 0 37.50
View dismissal Soochan Park run out (Rambukwella) 0 1 0 0 0.00
View dismissal Suin Bang lbw b de Silva 0 1 0 0 0.00
View dismissal Kyungsik Kim* b Udana 12 10 0 0 120.00
  Hwanhee Lee not out 4 12 0 0 33.33
View dismissal Inho Cha c & b de Silva 0 10 0 0 0.00
  Extras (b 2, lb 1, w 4) 7        
  Total (all out; 16.4 overs) 55 (3.30 runs per over)
  Bowling O M R W Econ  
  LHD Dilhara 3 0 7 0 2.33 (2w)
View wickets I Udana 3 0 13 2 4.33  
View wickets CKB Kulasekara 3 0 3 2 1.00  
View wickets BMAJ Mendis 3 0 13 2 4.33 (1w)
View wickets PC de Silva 2.4 0 8 3 3.00 (1w)
  RLB Rambukwella 2 0 8 0 4.00  

 

Toss - South Korea, who chose to field