Monthly Archives: July 2014

රුහුණේ කිරි ගොවීන් දැනුම්වත් කෙරේ

කිරියෙන් සපිරුණු රටක් වැඩසටහනට රුහුණේ දායකත්වය ලබාදීමේ අරමුණින් එහි කිරි ගොවීන් හා කිරි ආශ්‍රිත කර්මාන්තරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් අරඹා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දැයට කිරුළ ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී වානිජ මට්ටමෙන් කිරි කර්මාන්ත ඇති කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණය, මූල්‍ය සහයෝගය ඇතුළු සේවා පිළිබඳ කිරි ගොවීන් හා ඒ ආශ්‍රිත කරුමාන්තකරුවන් දැනුම්වත් කෙරේ.

නීත්‍යනුකූල මූල්‍ය ගනුදෙනු හා මුදල් කළමනාකරණය ගැන දැනුම්වත් කරනු ලබන මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳ පොළ අවස්ථා ඇතිකර ගැනීම සඳහා අලෙවි හා ගැනුම්කරුවන් සඳහා ප්‍රදර්ශන ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහන යටතේ මේ වනවිට ආරම්භ කර ඇති බව පැවසෙයි.

කිරි ගව පාලනය සම්බන්ධව බෙන්තර, බලපිටිය හා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද, මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දෙවිනුවර හා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන්වලට සම්බන්ධ වීමට කැමති ව්‍යවසායකයින්, ගොවීන් හා ආයෝජකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් මගින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව පැවසෙයි.

විශ්වවිද්‍යාල නායකත්ව පුහුණුව සැප් 7දා

අගෝස්තු මාසයේ අග හෝ සැප්තැම්බර් මුල විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු නිකුත්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවාය.

එසේම ඊළඟ ශිෂ්‍ය කණ්ඩායම සඳහා නායකත්ව පුහුණු වැඩසටහන ආරම්භ කරනුයේ සැප්තැම්බර් 07 වැනිදා බවද සභාපතිවරිය සඳහන් කළාය.

උත්තර පත්‍ර ඇගයීමට පාසල් වැසෙයි

2014 අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ පළමු අදියර අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ඒ වෙනුවෙන් පාසල් කිහිපයක් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.

එම කාලය තුළ සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් ගණන 10 ක් වන අතර, පංති කාමර කිහිපයක් පමණක් වසා තැබෙන පාසල් ගණන 11 කි.  උත්තර පත්‍ර ඇගයීම් සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙනන පාසල් 15 ක් සැප්තැම්බර් 15 වැනිදා නැවත ආරම්භ කිරීමට නියමිතය. වසා තැබෙන පාසල් පහත දැක්වේ.

සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල්

කො/ රාජකීය විද්‍යාලගය – කොළඹ 07 (අංක 01), කො/ විශාඛා විද්‍යාලය – කොළඹ 05 (අංක 01), කළු/ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – කළුතර, ර/ෆර්ගසන් උසස් විද්‍යාලය – රත්නපුරය, කු/මලියදේව බාලිකා විද්‍යාලය – කුරුණෑගල (අංක 01), කුලි/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය – කුලියාපිටිය, කෑ/කෑගලු බාලිකා විද්‍යාලය – කෑගල්ල, මහ/කිංස්වුඩ් විද්‍යාලය – මහනුවර (අංක 01), ගා/විද්‍යාලෝක විද්‍යාලය – ගාල්ල (අංක 01), බ/විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලය – බදුල්ල

කොටසක් වසා තැබෙන පාසල්

කො/හින්දු විද්‍යාලය – කොළඹ 04, මීග/ශාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය – මීගමුව, ගම්/බණ්ඩාරනායක මහා විද්‍යාලය – ගම්පහ (අංක 01), මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය – මහනුවර (අංක 01), අනු/අනුරාධපුර ම.ම. විද්‍යාලය – අනුරාධපුර, මා/සුජාතා බාලිකා විද්‍යාලය – මාතර (අංක 01), බ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය – බණ්ඩාරවෙල, කල්/මහමුද් බාලිකා විද්‍යාලය – කල්මුණේ, මඩ/වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය – මඩකලපුව, වවු/ වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය – වවුනියාව, යා/ හින්දු විද්‍යාලය – යාපනය  

ශ්‍රී ලංකා සරණාගතයන් නාවුරු දූපතට

ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට ගමන් ගත් ශ්‍රී ලංකා සරණාගතයන් 157 දෙනා ඉන්දියාවට ගමන් නොකරන්නේ නම් හෝ වැඩි කලක් ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීමට සිදුවුවහොත් ඔවුන්ව නාවුරු දූපත්වෙත පිටත් කිරීමට ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබේ.

ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුල්වන විදෙස් සරණාගතයන් නාවුරු දූපතට පිටත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය මීට ඉහතදී තීරණය කර තිබේ.

 

ව්‍යාපාරිකයා පැහැරගෙන මංකොල්ලකෑමට කළ තැතක් වරදී

කිරිබත්ගොඩ හැටන් නැෂනල් බැංකුවේ මුදල් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු සැකසහිත ලෙස හැසිරීම හේතුවෙන් බැංකු කළමනාකරුගේ දැනුම්දීම මත කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ  කහවත්ත ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පෙරේදා (29දා) බලංගොඩ නගරයේදී ඔහුගේ ජිප් රථයත් සමග පැහැරගෙන ගොස් ඇති බවත්, ඉන්පසුව කොල්ලකෑම සදහා පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් ව්‍යාපාරිකයා ඊයේ (30දා) දින බැංකුවට රැගෙන විත් ඔහුගේ ගිණුමෙන් ලක්‍ෂ 12 ක පමණ මුදලක් ලබාගැනීම පැමිණ තිබෙන බවත්ය.

 ව්‍යාපාරිකයාට අයත් ජීප් රථය සහ සැකකරුවන් පැමිණි  මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා බියන්විල සහ දෙල්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

පුද්ගල ඝාතනයකට හත් දෙනෙකුට මරණ දඩුවම

2006 වසරේදී පානදුර ප්‍රදේශයෙදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙක්ට මරණ දඩුවම නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු සුරුෆිකා රහීම් මහතා අද (31දා) නියෝග කළේය.

මෙම සකකරුවෝ පාතාල කල්ලි සාමාජිකයන් බවද පැවැසෙයි.

 

 

අඹගමුව ප්‍රා සභා මන්ත්‍රී වහලට නැග විරෝධතාවක්

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මාසික සභාවේ රැස්වීම එම සභාපති වෙල්ලයන් දිනේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) උදෑසන 10.30 ට ආරම්භ වීමෙන් පසුව දැඩි වචන හුවමාරුවකින් අනතුරුව ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්‍ෂයේ නන්දරාජ් මන්ත්‍රීවරයා සභාවෙන් පිටතට පැමිණ සභාවේ වහලට නැග විරෝධතාවක නිරත විය.

න්‍යාය පත‍්‍රයට අනුව පන්සිල් සමාදන්වීමෙන් පසුව පසුගිය මාසික සභා වාර්තා ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩු පක්‍ෂයේ සන්ධාන මන්ත‍්‍රී වී.ජී. හෙළප්‍රිය නන්දරාජ් මහතා සභාව අමතමින් කියා සිටියේ තමන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම ගැන ලැජ්ජා වන බවයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ චක‍්‍රලේඛවලට පටහැනිව සභාවේ ඇතැම් නිලධාරීන් හා ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය ආකරයේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුවන බවත්, ජනතා අවශ්‍යතා ග්‍රාමීය මට්ටමින් මෙම සභාව තුළ සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගම සභාපතිවරයා හා මෙම මන්ත්‍රීවරයා අතර දැඩි වචන හුවමාරුවත් සමගම නොසන්සුන්තාවක් ඇති විය. මෙහිදී සභාපති දිනේෂ් මහතා ප්‍රකාශ කළේ න්‍යාය පත්‍රයට පටහැනිව කිසිදු ප්‍රකාශයක් සභාව තුළ කළ නොහැකි බවයි. 

 

 

ප්‍රේමකීර්ති අල්විස් නමින් මාර්ගයක් නම් කරයි

ප්‍රේමකීර්තිද අල්විස් කලාකරුවා දැයෙන් සමුගෙන වසර විසිපහක් පිරීම නිමිතිකොට ගෙන ඔහු නමින් මාර්ගයක් විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (31 දා) උදෑසන සිදුකළේය.

ප්‍රේමකීර්ති ගුණ සමරු සංසදයේ ඉල්ලීමක් අනුව මෙම මාර්ගය ඔහු නමින් නම් කළ අතර, කොළඹ බෞද්ධාලෝක මාවත සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා රූපවාහිනී සංස්ථාවට පිවිසුම් මාර්ගය මෙසේ ඔහු නමින් නම් කරන ලදී.

මෙයට සමගාමීව 80 දශකයේ සිදුවූ භීෂණ සමය විදහා දැක්වෙන හා ඉන් ජීවිත අහිමිවූවන් පිළිබඳ තොරතුරු දැක්වෙන ප්‍රදර්ශනයක්ද එම පරිශ්‍ර‘යේ සංවිධානය කොට තිබූ අතර, ජනාධිපතිතුමා එයද නැරඹීය.

ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකුට කුඩම්මාගේ සැලකිලි

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වූ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් පිරිමි කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තුවක් තබාසිටි  ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගෙන් කුඩම්‍මාගේ සැලකිලි ලැබී ඇතැයි වාර්තා වේ. මෙම කණ්ඩායමට සහභාගීවූ එක් පුහුණුකරුවෙකුගේ පුතෙකුද මෙම සංචිතයේ සිටින බැවින් ඔහුගේ දක්‍ෂතාවන් ඉහළින් ඔසවා තැබීමේ අරමුණින් මෙම ක්‍රීඩකයාව නොසලකා හැර ඇති අතර, ඔහුගේ මානසිකත්වය බිඳවැටෙන ප්‍රකාශ පවා නිකුත් කර ඇති බව සඳහන් වෙයි. කෙසේ නමුත් මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුට හිතවත් විදෙස් පුහුණුකරුවන්ගේ සහයෝගයෙන් තරගවලට මුහුණදී ඇත.

මේ සම්බන්ධයෙන් අප ජාතික ජිම්නාස්ටික් සංගමයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, තමන්ට එවැනි තොරතුරක් වාර්තා නොවු බවත්, එවැන්නක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයාබලා වහාම කටයුතු කරන බවත්ය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන්  දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගීවූ අතර, පුහුණුකරුවන් දෙදෙනෙක්ද සහභාගී වූහ. 

 

කල් ඉකුත් වූ තිරුඟුපිටි තොගයක් සොයා ගනී

වතු කම්කරුවන්ට බෙදාහැරීමට කොළඹ සිට ගෙනවිත් ගබඩාකර තිබූ පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි පිටිකිලෝ 10500 ක් මහජන සෞඛ්‍ය පරීෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හැටන් දික්ඔය ඉන්ජස්ටී‍්‍ර වතුයායේ වතු ගබඩාවේ ගබඩා කර තිබූ මෙම පිටි තොගයෙහි ඇසුරුම් කළ දිනය ,කල් ඉකුත්වීමේ දිනය හෝ නිෂ්පාදන සමාගමේ නාමයද නොමැති බව මෙම වැටලීම සිදුකළ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පැවැසූහ.