Monthly Archives: June 2014

නුවරඑළියේ නායයෑමේ අවදානමක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ වැඩිම අවදානම් තත්ත්වය පවතින්නේ වලපනේ ප්‍රාදේශීය, බලප්‍රදේශය තුළ බවත්, කොත්මලේ හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලද මෙම අවදානම පවතින බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

වැඩිවන ජනගහනය අනුව ඇල, දොළ, ගංගා රජයේ රක්ෂිතවල කරනු ලබන ඉදිකිරීම් හා අක්‍රමවත් වගාක්‍රම අනුගමනය කිරීම් මෙන්ම වැසි ජලය රිසි සේ ගලායාමට බාධා පැමිණවීම ඇතුළු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් උක්ත ප්‍රදේශවල මෙසේ නායයෑමේ අවදානමක් හටගෙන ඇති බවත්, එකී ප්‍රදේශ දැනටමත් බොහෝමයක් හඳුනාගෙන ඇති බවත් භූ විද්‍යාඥ නුවන් අමරතුංග මහතා සඳහන් කරයි.

කසළ තේ තොගයක් අත්අඩංගුවට

පානදුර  ප්‍රදේශයේදී කසළ තේ කිලෝ 2080ක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වී තිබේ.

මෙම කසළ තේ තොගය අම්බලන්ගොඩ සිට ගම්පොළට ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ සිටි සැකකරු රෝහලින් පැන යයි

රාගම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකු අද (30දා) අලුයම බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සැකකරු දේවකගේ තුසිත චාමර නොහොත් දිලාන් නැමැති වයස අවුරුදු 29ක් වු අංක63 / 17 මැගසින් පාර, බොරැල්ල ලිපිනයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

හෙරෝයින් කිලෝ 01 1/2 ක් තබා ගැනීමේ චෝදනාව යටතේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සොයාගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලයි.

සැකකරුගේ දකුණු අතේ ඉහළ සිට පහළ දක්වා පච්චයක් කොටා ඇති බවත් පොලීසිය කියයි. සැකකරු පිළිබඳව තොරතුරක් දන්නා අයෙක් වෙයි නම් 0112957197 යන දුරකථන අංකයට රාගම පොලිස් ස්ථානාධිපති අමතන ලෙසද පොලිස් මූලස්ථානය පවසයි.

ඉතාලියේදී ශ්‍රී ලංකා යුවළක් ජීවිතක්ෂයට

සාදයකට සහභාගි වී ඊයේ (29 දා) අලුයම් කාලයේ ආපසු සිය නිවෙස් කරා යමින් සිටියදී ඉතාලියේ තකානියා අධිවේගී මාර්ගයේ  දරුණු අනතුරකට භාජනයවු මෝටර් රථයක සිටි ශ්‍රී ලාංකික යුවලක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි එරටින් ලැබෙන තොරතුරුවලින් වාර්තාවෙයි.

මෙසේ මියගොස් ඇත්තේ චතුර රසාංග නමැති 27 හැවිරිදි අයෙකු හා ඔහුගේ බිරියයි.මියගිය රසාංගමීට වසර හතරකට පමණ කලින් ඉතාලියේ සේවයට ගොස් ඇත.පසුව ඔහු මෙරට තරුණියක විවාහ කරගෙන ඇයවද ඉතාලියට ගෙන ගොස් තිබේ.

අනතුර සිදුවූ සැණින් එරට පොලීසිය හා ගිනි නිවන අංශවල නිලධාරීන් පැමිණ රථයේ සිර වී සිටි යුවළ පිටතට ගෙන ඇතත්, ඒ වන විටත් ඔවුන් මියගොස් තිබූ බව වාර්තාවෙයි. අනතුරටහේතුව රථයේ අධික වේගය බව සඳහන්වෙයි. 

හලාවත සුපුන් හංසන

චීන්නුන්ට ඇප වූ ශ්‍රී ලාංකිකයන්ට ඇප නැති වේ

කොල්ලුපිටිය ප්‍රදේශයේදී 2010 වසරේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට සහාය වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගැණුනු චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු අධිකරණයේදී ඇප ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ ඇපකරුවන් ලෙස පෙනී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක කරමින් ඔවුන්ට රුපියල් 50,000 බැගින් වූ දඩ මුදල් ගෙවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

එසේ ඇපකරුවන්ගේ මුදල් රාජසන්තක කොට එම මුදල් දඩයක් වශයෙන් අය කරගැනීමට නියෝග කෙරුණේ ලාංකිකයන් ඇප වූ චීන ජාතික කාන්තාවන් සැලකිය යුතු කාලයක් තිස්සේ අධිකරණයේ පෙනී නොසිට අධිකරණය මගහැරීම හේතුවෙනි.

අභ්‍යවකාශ තාක්ෂණයේ නියෝජිත රටවල වැඩමුළුව හෙට ඇරඹේ

අභ්‍යවකාශ තාක්ෂණයේ නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකතනය කරන නියෝජිත රටවල වැඩමුළුව හෙට (ජූලි 01දා) ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථීක හා සමාජ කොමිසම (UNESCAP) මගින් කලාපීය රටවල ධරණීය සංවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක්ෂණ භාවිතයන් යොදාගැනීමේ පස් අවුරුදු සැලැස්මක් (2012-2017) ක්‍රියාත්මක අතර, එහි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනය ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය කටයුතු කරයි.

මේ යටතේ චන්ද්‍රිකා තාක්ෂණයන් භාවිතයෙන් නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකතන වැඩපිළිවෙල ක්‍රියාත්මක කලාපීය රටවල නියෝජිතයන් සඳහා වූ දෙදින වැඩමුළුව හෙට (01දා) සහ අනිද්දා (02දා) පැවැත්වෙනු ඇත.

මෙම කලාපීය රටවල නියෝජිත දෙවැනි වැඩමුළුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එම අවස්ථාවට දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගීවීමට නියමිතය.

IT හා BPM වෘත්තීය සුදුසුකම් ලැබීම ගැන සම්මන්ත්‍රණයක්

තොරතුරු තාක්‍ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) වෘත්තීයකට සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම්වත් කෙරෙන සම්මන්ත්‍රණයක් ජුලි මස 4දා පස්වරු 1.30 ට ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මේ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් මෙහිදී දේශන පවත්වනු ලබන අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබයි..

නොමිලේ පැවත්වෙන මෙම සම්මන්ත්‍රණය සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මෘදුකාංග බාහිරකරණ සේවා සැපයුම්කරුවන්ගේ සංවිධානයේ සහයෝගයද ලැබී තිබේ. වැඩිදුර විස්තර  011-2369099 දුරකතන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.

නෙදර්ලන්තය කොස්ටා රිකා අවසන් 8 අතරට

නෙදර්ලන්තය 21 මෙක්සිකෝව 

මෙක්සිකෝ කණ්ඩායම පරාජය කර ඊයේ (29දා) ෆො‍ර්ටලේසාහි කැස්ටෙලාඕ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1 තරගයෙන් තියුණු ජයක් ලැබීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකෙ‍න්ම ඉතා තියුණු සටනක් දැකගත හැකිවූ අතර, ඒ හේතුවෙන් පළමු අර්ධය නිමාවන විට කිසිවෙකුටත් ගෝල ලබාගැනීමට නොහැකිවිය.

දෙවැනි අර්ධයේ 48 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජියෝවානි ඩොස් සැන්ටෝස් මෙක්සිකානු කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය. ඉන් අනතුරුව අවසන් මිනිත්තු දෙක එළඹෙන තෙක් ගෝල 1-0 ලෙස සමස්ත පාලනය ඔවුහු සතුවූහ.

88 වැනි මිනිත්තුවේදී සියලු අණසක බිඳදමින් මෙක්සිකෝ දැල ආක්‍රමණය කළ වෙස්ලේ ස්වෙයිජඩර් නෙදර්ලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය කණ්ඩායම් දෙකටම නැවත වරක් විවෘත කළ අතර, 90+4 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ක්ලාස් ජැන් හන්ටන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

කොස්ටා රිකා 1-1 (5-3)  ග්‍රීසිය

ප්‍රබල ග්‍රීසිය කණ්ඩායම පරාජය කර අවසන් අටදෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට කොස්ටා රිකා කණ්ඩායම සමත්විය.

රෙසිෆිහි පර්නම්බුකෝ ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) පැවැති තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 1-1 බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවිය.

ඉන් අනතුරුව අතිරේක කාලයක් ලබාදුන්නද කිසිඳු කණ්ඩායමකට ගෝල ලබාගැනීමට නොහැකිවූ අතර, ඉන් අනතරුව ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී ගෝල 5-3 ලෙස සාර්ථක කරගත් කොස්ටා රිකා කණ්ඩායම ජය තමන් සතු කරගත්තේය. 

 

අලුත්ගම වැසියන්ට රතු නිවේදනයක්

අලුත්ගම පොලිස් බල ප්‍ර‘දේශය තුළ සිටින යම් අයෙකු සතුව කැරලි කෝලහාල සඳහා යොදාගන්නා නීති විරෝධී ආයුධ, පෙට්‍රල් බෝම්බ, කඩු, කිණිසි ආදිය තිබේ නම් තමන්ට සමීප පොදු පිට්ටනියකට ගෙනැවිත් දමන ලෙස ඉල්ලා සිටියත්, එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නිසා එම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කැරලි කෝලාහල සඳහා යොදාගන්නා නීති විරෝධී ද්‍රව්‍ය සතු පුද්ගලයන් පිළිබඳව මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බවත්, මේ අනුව මෙහෙයුම් සිදුකර නීති විරෝධී අවි ආයුධ සහ ඒවා භාවිත කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

විද්‍යුත් හැඳුනුම්පතට ගෙනා තීන්ත පෑඩ් 15000 ක් බාල වර්ගයේ ?

රුපියල් කෝටි හතරකට අධික මුදලක් වියදම් කර මෙරටට ගෙන්වූ, විද්‍යුත් හැඳුනුම්පත් සැකසීම සඳහා අවශ්‍ය ඇඟිලි සලකුණු ගන්නා තීන්ත ආලේපිත පෑඩ් 15,000ක් බාල වර්ගයේ ඒවා බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.