Monthly Archives: June 2014

ජනපති අලුත්ගම හා බේරුවල සංචාරයක

අලුත්ගම සහ බේරුවල පසුගියදා ඇතිවූ සිදුවීමෙන් විනාශයට පත් නිවාස හා දේපළ යළි ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුකරමින් පවතින අතර, එම කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30 දා) පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවක එක්විය.

පතිරාජගොඩ, දර්ගා නගරය, මීරච්චිකන්ද, වරාපිටිය, සීනවත්ත, සහ අලුත්ගම යන ප්‍රදේශවලදී එම කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීය.

ඡායාරූප – ජනපති මාධ්‍ය අංශය

ජනපති අලුත්ගම යයි

අලුත්ගම සහ බේරුවල පසුගියදා ඇතිවූ සිදුවීමෙන් විනාශයට පත් නිවාස හා දේපළ යළි ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුකරමින් පවතින අතර, එම කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30 දා) පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවක එක්විය.

ඡායාරූප ජනපති මාධ්‍ය අංශය

මින්නේරියේ ගින්නක්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හදිසියේ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න අද පස්වරු 3.00 ට පමණ හටගෙන ඇති බවත්,  මේ වනවිට වනාන්තරයේ අක්කර දෙකක් පමණ දැවී ඇති බවත් වනජිවී නිලධාරීහු පවසති. 

දැඩි සුළං නිසා ගින්න පාලනය කළ නොහැකි වී ඇති අතර, ගින්න නිවීමට යුද හමුදාව, පොලීසිය සහ වනජීවී නිලධාරීහු කටයුතු කරති.

 

ඉන්දුනීසියාවේ වනාන්තර විනාශය වේගවත් වෙලා

පසුගිය වසර 12ක කාලය තුළ ඉන්දුනීසියාවේ වනාන්තර වර්ග කිලෝමීටර් 60,000ක් පමණ විනාශයට පත්ව ඇති බවත්, එය අයර්ලන්තය තරම් විශාල ප්‍රදේශයක් බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ඒ අනුව, ඉන්දුනීසියාවේ වනාන්තර විනාශ කිරීම වඩාත් වේගවත් වී ඇති බව මෙමගින් හෙළිවන අතර, ප්‍රථම වරට බ්‍රසීලයේ වනාන්තර විනාශ වීමේ වේගය අභිභවා යෑමට ඉන්දුනීසියාව සමත්ව ඇත්තේ මහා වන විනාශයක පෙර නිමිති පෙන්වමින් බව එමගින් අවධාරණය කර තිබේ.

නේචර් ක්ලයිමේට් චේන්ජ් නමැති ජර්නලය මගින් මේ වාර්තාව හෙළි කර තිබේ.

එහිදී, 2000 වසරේ සහ 2012 වසරේ චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කරගනිමින් වනාන්තර හෙළි වී ඇති ආකාරය එහි වඩාත් පැහැදිලිව පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම පාම් තෙල් වගාව වෙනුවෙන් ඉන්දුනීසියාවේ දැවැන්ත වන විනාශයක් සිදුවන බවත්, ඊට අමතරව තවත් වනාන්තර විනාශයන් වෙනුවෙන් මෙසේ වනාන්තර හෙළි පෙහෙළි කිරීම සිදුවන බවත් කියැවෙයි.

ඉතාලිය බලා පැමිණි අනවසර බෝට්ටුවක මළ සිරුරු 30ක්

සිසිලි හා උතුරු අප්‍රිකාව ආශ්‍රිත කලාපයේ අනවසර සංක්‍රමණිකයන් සිය ගණනක් රැගෙන යමින් තිබූ බෝට්ටුවක තිබී මළ සිරුරු 30ක් සොයාගත් බව ඉතාලි නාවික හමුදාව පවසයි.

හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් මොවුන් මරණයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මෙම සිදුවීම මහා ඛේදවාචකයක් ලෙස හඳුන්වන අතර, විපතට පත්වූවන් මුදාගැනීමේදී ගර්භිනී කාන්තාවන් දෙදෙනෙකුද ඒ අතර සිටි බව කියැවෙයි.

ඉතාලි නාවික හමුදාව පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ මේ ආකාරයෙන් උතුරු අප්‍රිකාවේ සිට ඉතාලිය වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණිකයන් පිරිස 5,000කට අධික වූ බවයි.

මෙම නවතම ඛේදවාචකයත් සමග එම දත්තයන් ඉතාලි නාවික හමුදාව විසින් ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවේ ගොඩනැගිලි කඩා වැටීමෙන් මියගිය පිරිස තවත් ඉහළට

දකුණුදිග ඉන්දීය නගරයක් වූ චෙන්නායි නුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය පිරිස 17 දක්වා වැඩිවී ඇති බව ඉන්දීය පුවත් වාර්තා පෙන්වා දෙයි.

ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 22 දෙනෙකු මේ වනවිට මුදාගැනීමට සහන කණ්ඩායම් පසමත් ව ඇති අතර, තවත් 40ක් පමණ ඒ අතර සිරිවී සිටිනු ඇති බව විශ්වාස කෙරෙයි.

තට්ටු 11ක් ලෙස ඉදිකෙරිමින් පැවති මෙම ගොඩනැගිල්ලේ ඒ වනවිට පුද්ගලයන් 70ක් පමණ සේවය කරමින් සිට ඇති අතර, ඒ ප්‍රදේශයට බලපෑ දරුණු වර්ෂාවත් සමග ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව කියැවෙයි.

ඉන්දියාව තුළ මේ ආකාරයේ ගොඩනැගිලි කඩා වැටීම් පසුගිය කාලයේ වාර්තා වූ අතර, නිසි ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය භාවිත කිරීම හා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම මීට හේතුව බව කියවුණි.

ඉරාකයේ හා සිරියාවේ මුස්ලිම් රාජ්‍යයක් බිහිකළා – ISIS

ඉරාකය සහ සිරියාව තුළ මුස්ලිම් රාජ්‍යයක් බිහිකළ බව ඉරාක ආක්‍රමණය සිදුකරන ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් නිවේදනය කර ඇතැයි බී.බි.සී.ය පවසයි.

එමෙන්ම, එම සංවිධානයේ නායක අබු බකර් අල්-බඝ්ඩාඩි ඒ සියලුම මුස්ලිම්වරුන්ගේ නායකයා බවද නිවේදනය කර ඇති බව පැවසෙයි.

මේ ආකාරයේ මුස්ලිම් රාජ්‍යයක් බිහි කිරීම ලොව පුරා සිටින සියලු ජිහාඩ් සාමාජිකයන්ගේ ඉලක්කය වී ඇති බවද‍ බී.බී.සී.ය පෙන්වා දෙයි.

මේ අතර, ඉරාක හමුදා උතුරුදිග ටික්රිට් නගරය යළි ත්‍රස්තවාදීන්ගෙන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරමින් සිටියි.

ජුනි උද්ධමනය තවත් පහළට

2014 ජුනි මාසයේ උද්ධමනය 2.8% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.2% සිට ශීඝ්‍ර පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 මැයි මාසයේ 3.2% ක් ලෙස පැවති අතර, එය ජුනි මාසයේදී 2.8% ක් ලෙස ශීඝ්‍ර පහළ යෑමක් පෙන්නුම් කරයි.

මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය මැයි මාසයේ වාර්තා කළ 5.3% සිට ජුනි මාසයේදී 4.9% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

ආසියානු ක්‍රිකට් මුල් පුටුව ජයන්ත ධර්මදාසට

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පත්වී ඇත.

ආසියානු ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සම්මේලනය මැලේසියාවේදී පැවැති අවස්ථාවේ මෙම පත්කිරීම සිදුකර තිබේ.

 

මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් කැමරන් අනතුරු අඟවයි

ඉරාකය, සිරියාව, සුඩානය, නයිජීරියාව, සෝමාලියාව ඇතුළු රටවල් රාශියක මේවනවිට ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් නුදුරු අනාගතයේ කිසියම් හෝ මොහොතක බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරන බවට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීමක් කළේය.

අගමැතිවරයා එහිදී අවධාරණය කර සිටියේ මැදපෙරදිග ක්‍රියාත්මක වන අයි.එස්.අයි.එස්. , ජිහාඩ් සහ තලේබාන් වැනි අන්තවාදී ත්‍රස්ත කල්ලි එම මුස්ලිම් ප්‍රදේශවලට පමණක් සිමානොවී අනාගතයේදී යුරෝපයේ නොයෙකුත් රටවලටද තර්ජනයක් එල්ලකරන බවත්, ආරක්ෂක බුද්ධි අංශ රහස් වාර්තාවලට අනුව බ්‍රිතාන්‍යය ඔවුන්ගේ අංක එකේ ඉලක්කයක් බවත්ය.

එබැවින් බ්‍රිතාන්‍යයට එම තර්ජනය විශාල වශයෙන් බලපාන බවද ඔහු සඳහන් කළේය. පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවට මෙම හෙළිදරව්ව සිදුකළේ හිටපු ආරක්ෂක රහස් ඔත්තු නිලධාරිනියක මෙන්ම හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරියකද වන නෙවිල් ජෝන්ස් සාමිවරිය බ්‍රිතාන්‍ය රජයට අනතුරු අඟවමින් ලබාදුන් රහස් වාර්තාවකට අනුවය.

මැදපෙරදිග රෝස වසන්තය ලෙසින් පසුගිය වකවානුව තුළ මැදපෙරදිග ආණ්ඩු පෙරළමින් ගෙනගිය ක්‍රියාදාමය පිටුපස අන්තවාදී ජිහාඩ්, තලේබාන්, අයි.එස්.අයි.එස්. වැනි මුස්ලිම් ත්‍රස්ත කල්ලි සිටින බවත්, එතුළින් අන්තවාදී රාජ්‍ය බිහිවීමේ ප්‍රවණතාවක් මෙන්ම එම ප්‍රදේශවල අස්ථාවරභාවයක් ඇතිවෙමින් පවතින බැවින් වහාම එම රටවලට සහාය ලබාදී අන්තවාදී ග්‍රහණයෙන් මුදවාගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට