​භික්ෂූන් වහන්සේලාගේ බලය බිඳිමට ආණ්ඩුව කටයුතු කරනවා

බෞද්ධ භික්ෂූන් වහන්සේලා අන්තවාදීන් හා ජාතිවාදීන් යැයි පෙන්වා උන්වහන්සේලාගේ බලය බිඳ දැමීට ආණ්ඩුවට සහ ජාත්‍යන්තරයට උවමනාවී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද (11දා) පැවසීය.

මෙරටට විරුද්ධව බටහිරින් පැමිණෙන ආක්‍රමණ මැඩ පැවැත්වීම සඳහා පසුගිය කාලයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත් බවත්, ඒ සම්බන්ධව ආණ්ඩුව උරණ වී සිටින බවත් ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා,

“ව්‍යවස්ථාව සම්මත කරන්න ආවත්, රටට අහිතරකරව එන ඕනෑම දෙයකදී උන්වහන්සේලා පෙරමුණ ගෙන විරුද්ධව කටයුතු කළා.ඒ  නිසා භික්ෂුන් වහන්සේලා සතු බලය හීන කිරීමේ උවමනාවක් මේ ආණ්ඩුවටත්,බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තරයටත් තියෙනවා.පසුගියදා මහනුවරදී මුස්ලිම් ජනතාවට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කර තිබුණේ භික්ෂූන් වහන්සේලා අපකීර්තියට ලක්කරලා.

උන්වහන්සේලා සතු බලය දුර්වල කරලා, ජාතිවාදීන් ලෙස හඳුන්වමින් ජාත්‍යන්තරය සතු බලය පාවිච්චි කරලා ජාත්‍යන්තර මාධ්‍ය විසින් සැලැස්මක් දියත් කළා. ඒ නිසා මේක වාසි සහගත වන්නේ සිංහල හෝ මුස්ලිම් සාමාන්‍ය මිනිසුන්ට නෙවෙයි. මේකේ වාසිය ලැබෙන්නේ මව්බිම තම ග්‍රහණයට ගන්න බලාගෙන ඉන්න අන්තවාදී කණ්ඩායම්වලට.ආණ්ඩුව සැලසුම් සහගතව මෙම වැඩපිළිවෙළ දියත් කරමින් ඉන්නවා’”යනුවෙන් පවසා සිටියේය.

2018-03-11 01 copy

 

 

5 thoughts on “​භික්ෂූන් වහන්සේලාගේ බලය බිඳිමට ආණ්ඩුව කටයුතු කරනවා

  1. champikat

    Any one can be monk. But Buddhist monks following lord Buddhas teachings. Real Buddhist monk cannot be a political puppet or racist. Other who pretend as Buddhist monk are destroying Buddhism.

    Reply
  2. Dhamma

    If you are bikkhu why do need power. You give up every thing including Jealousy hatred and power to become a bikkies.

    Reply
  3. Fernandez

    I appreciate your statement Mr. Mohamed Musammil. Sri Lankans worldwide enjoy attacking their own Buddhist monks. In Christianity, we don't do that. Sri Lanka is a Buddhist country so that we non-Buddhists live here in Sri Lanka happily. Thank you, Mr. Mohamed.

    Reply
  4. Sanath

    Just because somebody adorns a Buddhist robe won't make him a Buddist Monk. Therefore we should properly no for sure who the true Buddist Monks are as there are so many fake ones, only just wearing the robe.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>