හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ බව පැවසෙන කාන්තාවක හා පුද්ගලයෙකු ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 870ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා අවිස්සාවේල්ල, පූගොඩ හා කිරිඳිවැල ප්‍රදේශවල බෙදාහැරීම සඳහා ප්‍රවාහනය කරන්නට ඇතැයි සැකකෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ත්‍රිරෝද රථය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදීමට විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>