හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ්

Mahindananda-Aluthgamage

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම හේතුවෙන් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
 
හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබුණි. 
 
හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට ඒ මහතා අපහොසත්වීම හේතුවෙන් ඔහු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.  
 
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද අධිකරණයේදී හෙළි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>